ත්‍රිකුණාමලය, පේදුරු කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ඉදිකිරිම් සම්බන්දයෙන් ඇති වු සිද්ධිය සමතයකයට පත්ව විසදුමකින් අවසන් වු බව විහාරස්ථා දායක සභාව පැවසුහ.
ඒ අනුව රාජ්‍ය ආයතන සියල්ම මෙන්ම දේශපාලන අධිකරය එක්ව තිරණය කර ඇත්තේ විහාරස්ථානයේ කිසිදු ඉදිකිරීමක් කඩා ඉවත් නොකිරීමටත් විහාරය අංග සම්පුරණ ආකාරයට සකස් කිරීමට පියවර ගන්ට කටයුතු කරන්නට එකඟතාවයකට පත් වු බව ද දායක සභාව පැවසුහ.
සිවිල් ඇදුමෙන් සැරසී සිටි ආරක්ෂක අංශයේ බව කියන පිරිසක් විනාශ කළ දහම් පාසල් ගොඩනැගිල්ල නැවත සකස් කර දෙන්නට පියවර ගත ගෙන තිබිණි. පැහැරගෙන ගිය බුදු පිළිමයද නැවත වරක් පොලිසියේ නිලධාරින් විසින් රැගෙන විත් ස්ථාන ගත කරන්නටද ඊයේ (17) සවස කටයුතු කර තිබිණි.
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ (16) රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වූහ.
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.
එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව තිබු අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණයක් ගෙන තිබුණි.
(16) උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය. නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට පොලිසිය ස්වාමීන් වහන්සේට දැනුවත් කර තිබිණි.
ඒ අනුව එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලිසිය (16) රාත්‍රියේ කටයුතු කර ඇති අතර එහිදී මෙසේ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට විරෝධතා එල්ල කළහ.
සිද්ධියෙන් තුවාල ලැබූ බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද ද වාර්තා වේ.
කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානියක් සිදුකරන බවට ලද යම් තොරතුරක් අනුව ප්‍රතිමා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ ක්‍රියාමාර්ගය ගත් බවයි.
ත්‍රිකුණාමල, පේදුරු කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ඉදිකිරීම් නැවැත්වීම සඳහා පොලීසිය බලපෑම් සිදු කරන බව සිංහල සංවිධාන එකමුතු සංවිධානයේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා පවසයි. (076 6483664)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දී ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ ප්‍රථම දහම් පාසල නැවත ආරම්භ කිරීම සඳහා මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම 2025.11.16 වන ඉරු දින පෙරවරු 09.09 ට යෙදුණු සුභ මොහොතින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ පූජනීය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කළ බවද ඒ මහතා කීය.
මෙහිදි මෙම ස්ථානයට පැමිනී ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ඇතුළු කණ්ඩායමක් පැමිණ (17) දිනයේ විහාරස්ථානය කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (16) දින විහාරස්ථාන භූමියේ සිද්ධ කළ, මුල්ගල තිබීමේ උත්සවය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවත්, සඳහන් කර ස්වාමීන් වහන්සේලාටත් තර්ජනය කරමින් පිටව ගොස් ඇති බවද ඒ මහතා කීය.
1951 වසරේ මෙම විහාරස්ථානය පිහිටුවන ලැබු තිබේ. වෙරළ තර්යට සමගාමීව මෙම පූජා භූමිය පිහි ඇති අතර 2014 වසරේ දි මෙම විහාරයට ආසන්නයේ පූජා ඔප්පුවක් මගින් සඟසතු කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විසිනි.
මෙම විහාරස්ථානයේ දහම් පාසලක් ඉදිකරිම සඳහා අනුමැතිය බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ද අවසරය හිමිව තිබේ. ඒ සියලුම ලිඛිත තොරතුරැ විහාරය සතුව ඇත.
විහාරයේ දහම් පාසල ඉදිකර ඇත්තේ 1962 අගෝස්තු 26 වන දින බව ලිඛිතව සටහන්වල ඇත. මෙම විහාරයේ අදාළ දහම් පාසල ඉදි කරන බිම වෙරළ සංරක්ෂන දෙපාර්තුමේන්තුවට අයත් බව පවසමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ද මෙම් ගොඩ නැගිලි ඉදිකරිම්ට විරෝධය දක්වා ඇත. මේ සම්බනධයෙන් පොලිසියට කළ පැමිණිලක් මත පොලීසියද පැමිණ මේවන විට විමර්ශනයක් පවත්වා ඇත.
කෙසේ නමුත් මෙම විමර්ශනය සිදුවන විට ගරුකටයුතු හිමිවරු හා පොලිසිය අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුව තිබිණි.
ත්‍රිකුණාමලයේ බුදු පිළිමේ ඉවත් කිරීම සිද්ධිය සම්බන්ධව දේශ ප්‍රේමි ජාතික පෙරමුණේ නායක නිතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා මෙසේ පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පැරණිතම දහම් පාසල පවත්වාගෙන ගිය ස්ථානයට විරුද්ධව තමයි මෙම විරෝධතාවය හට ගෙනතිබෙන්නේ යැයි නුවන් බෙල්ලන්තුඩාව මහතා පැවසීය.
මේ සිද්ධිය රටේ බෞද්ධ ජනතාව විශාල කලකිරීමෙන් හා පිළිකුලෙන් මෙම සිද්ධිය හෙළා දකිනවා.
ආගමික කටයුතු අමාත්‍යංශය ලියා පදිංචි වෙච්ච බෞද්ධ මධ්‍යස්ථානයක් මේක.මේ විහාරස්ථානයට ඇති වෙච්ච මූලිකම ගැටලුව තමයි. රොෂාන් අක්මීමට මන්ත්‍රීවරය හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන් ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් මැදිහත් වෙලා.නිල ඇඳුමෙන් සැරසුන් නැති එස්.එස්.පී.වරයෙක් සමඟ එක්ව මේ පන්සල සහ ගොඩනැගිලි ඉවත් කරන්න සිදු වෙනවා කියා තර්ජනය කරනවා. ස්වාමීන් වහන්සේලාට. මේක තමයි තත්ත්වය.
මේ පිහිටලා තියෙන්නේ වෙරළ සීමා වෙසර මීටර් 60 ක් හැත්තෑවක් ඈතට වෙන්න මීට වඩා වෙරළට කිට්ටුව සිද්ධස්ථාන තිබෙනවා.ඒවට අතක්වත් තියන්නේ නැතුව තමයි මේ බෝධි රාජවිහාරයට.හා දහම් පාසලට,රජයේ අවසර ඇතිව ඉදි කරපු පුංචි අවන්හලට කඩා බිඳ දැමීමේ කටයුතු සිදු කරන්නේ. අද මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා බුදු පිළිමය ආරක්ෂාවටයි ඒ ඉවත් කළේයලා. ඊට මැදිහත් වුණු ස්වාමීන් වහන්සේලා දෙන්නම අද රෝහල් ගත වෙලා. ආනන්ද විජය පහළ මන්ත්‍රීවරයාට අපි කියනවා. කරුණාකරලා බොරු කියන්න එපා. ඔබ තුමා ළා මේ බුදු පිළිම ඉවත් කළේ දෙමළ චන්ද ටික රැක ගන්න. මේ රටේ අනෙකුත් බෞද්ධ ස්ථානවලටත්.දැන් තර්ජන එල්ල වෙලා තියෙනවා.ආණ්ඩුවේ අවසානය ලං වෙන්න කරපු පළමුව වෙඩි මුරය තමයි මේක.
ඇමැතිවරයා බුදුපිළිමය ආරක්ෂාව ගැන කියනකොට අපිට.පේනවා දැන් එම විහාරස්ථානයේ තිබුණු තැනට බැකෝ යන්ත්‍ර පවා යවලා තියෙනවා සුද්ද කරලා දාන්න රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවා කොන්දක් මේවට මැදිහත් වෙන්න.
ඔය ssp සිද්ධිය වීඩියෝ කරනවා.පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කළා.ඕනම සිද්ධියකදී මේක වීඩියෝ කරන්න අයිතියක් ඔහුට තියෙනවා කියලා.ඒකවත් නොදන්න එස් එස් වී වරයෙක් මේකට මැදිහත් වෙලා තියෙන්නේ.
සියල්ල අවසානයේ දී රාජ්‍ය ආයතන සියල්ම මෙන්ම දේශපාලන අධිකරය එක්ව තිරණය කර ඇත්තේ විහාරස්ථානයේ කිසිදු ඉදිකිරීමක් කඩා ඉවත් නොකිරීමටත් විහාරය අංග සම්පුරණ ආකාරයට සකස් කිරීමට පියවර ගන්ට කටයුතු කරන්නට එකඟතාවය බලකර ඇති බවයි.
දහම් පාසල් ගොඩනැගිල්ල කඩා දැමු පොලිසියේ නිලධාරින් පසුදා පැමිණ යළිත් ගොඩනැගිල්ල සකස් කර තිබෙනවා. බුදු පිළිමය යළිත් තිබුනු ස්ථානයේ තම්පත් කන්නට ද නිලධාරිහු පියවරගෙන තිබිණි. විහාරවාසි හිමිවරු පැවසුවේ ප්‍රහාරය හෙළ දකින බවයි. මෙයට ඈත අතීතයේ විහාරයක ඉතිහාසයක් තිබුන බව ද උන් වහන්සේලා පැවසුහ. මෙම ආගමික ස්ථානය විනාශ කරන්නට කටයුතු කරන්නට අනු දැනුම ලබා දුන්නේ කව්ද උපදෙස් ලබා දුන්නේ කව්ද පොලිසිය හා හිමිවරු අතර ආරවුලක් ඇති කරන්නට කටයුතු කලේ කව්ද යන්න අපට සිතාගත නොහැකි බවද අන් වහන්සේලා පැවසුහ.
ඡාතික සමගිය විනාශ කර ගැටුම් ඇතිකරන්නට කටයුතු කරන්නෙ කව්ද යන්න සොයා ගත යුතුයි. ආයුධ සන්නද්ධව අප විහාරයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව ද උන් වහ්සේනා ලා අප සමඟ පැවසුහ.
අන්තවාදියෙකුගේ බොරුවකට යටවී ස්වාමීන්වහන්සේලාට පහර දී තුවාල කර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයෙන් පැහැරගෙන යන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේව ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් විසින් නැවත රැගෙනවිත් විහාරස්ථාන භූමියේ තැන්පත් කළ දායක සභාව අප සමඟ පැවසුහ.
තමන් පංසලට සිදු කළ අලාභහානිවලට පොලීසිය සංඝරත්නයෙන් සමාව ඉල්ලුවාද යන්න ප්‍රකාශ කර නැහැ. නමුත් වෙනත් ආගමික සිද්ධස්ථානයක මෙහෙම සිදුවීමක් වුනානම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදාළ ආගමිකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලනවා.
මේ වෙනුවෙන් අභීතව හඬ නැගූ සෑම දෙනාටම, විශේෂයෙන් මේ වෙනුවෙන් හඬ අවදි කළ නිර්භීත සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සියළුම දෙනාටම මාගේ ශීර්ෂ ප්‍රණාමය සහ ගෞරවය පුද කරන බවද දායක සභාව පැවසුහ.
මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීට ත්‍රිකුණාමලයේ දී දැඩි විරෝධයක්
උඹලට බෑ එහෙම කරන්න…පලයන්
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ ඊයේ (16) රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවනු ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි ආරක්ෂාව සහතික කිරීමට පොලීසිය අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.
කෙසේවෙතත් ඉවත්කෙරුණු බුද්ධ ප්‍රතිමාව යළි තිබූ ස්ථානයේම තැන්පත් කිරීමට පොලීසිය ඊයේ (17) පියවර ගත්තේය.
මේ අතර සිද්ධිය වූ ස්ථානයට අද පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසගෙන් මෙලෙස දැඩි විරෝධයක් එල්ලවුණි.

