මේ වන විට සායනයන් වෙත පැමිණෙන රෝගීන්ට බොහෝ ඖෂධයන් නොමැති බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධයන් පිටතින් ලබා ගැනීමට වෛද්‍යවරුන් විසින් ඖෂධ වට්ටෝරුව ලියා දෙන නමුත් අද (17) සිට එවැනි නිරේදේශයන් නො කරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.
ඒත් සමඟම රෝහලේ සිදු නොකරන රසායනාගාර පරික්ෂණයන් පිටතින් සිදු කිරීමට නිරේදේශ නොකරන බව ද හෙතෙම පැවසීය.
මේ වන විටත් රෝහල් තුළ රසායනාගාර පරික්ෂණයන් සිදු කල ද ඒවා ප්‍රමාද වන බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයන් අවශ්‍ය රෝගීන් වෛද්‍ය නිර්දේශන් මත පෞද්ගලික අංශයෙන් පරික්ෂණයන් සිදු කරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විම බොහෝ විට සිදු වන්නක් යැයි ද එතෙම කීය.
කෙසේ නමුත් මින් ඉදිරියට පිටතින් රසායනාගාර පරික්ෂනයන් සඳහා වෛද්‍ය නිර්දේශයන් නොලැබෙන බැවින් නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමුවීමට නොහැකි වනු ඇති බව ද වෛද්‍ය වරයා පැවසීය.
තවද සහායකයෙකු නොමැතිව රෝගීන් පරික්ෂා කිරීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද සංගමය තීරණය කර තිබෙන බව ද ඒ මහතා පැවසීය.
රෝහල්වල මේ වන විට හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල උග්‍ර හිඟයක් පවතින බැවින් එවැනි සහයකයෙකු රෝගීන් පරික්ෂා කාරන ස්ථානයේ රඳවා ගැනිම අසීරු කටයුත්තක් වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
මෙවර අයවැය මගින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න නොසලකා හැර ඇති බැවින් තවදුරටත් අවදානම් සහගත රාජකාරිවල නොයෙදිය යුතු බව විධායක සභාව පසුගියදා ඒකමතිකව තීරණය කළ බවත් මේ අනුව රට පුරා වෛද්‍යවරු 23 000 කට අධික පිරිසක් මෙම වෘත්තිය තීරණාත්මක එකඟතාවයට එක්වන බවත් ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

