ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධ ප්‍රවණතාවය අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් 2050 වන විට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10 ක (10 000 000) ජනතාවක් මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය (AMR) යනු යනු බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වීම නිසා ඇතිවන තර්ජනකාරී සංසිද්ධියකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුව ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධ ප්‍රවණතාවය (AMR) යනු මිනිසා මුහුණ දෙන ප්රමුඛ ගෝලීය සෞඛ්‍ය තර්ජන 10ක් අතර එකකි.
මෙම රෝයෙහි ප්‍රධාන අවධානම් රැසක් ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව වසර 2019 දී ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධ ප්‍රවණතාවය හේතුවෙන් මරණ මරණ මිලියන 4.95 (අනුමාන වශයෙන් 1.27) සිදු වන බව ද සෞඛ්‍ය අංශ පවසයි.
2050 දක්වා ක්‍රියාමාර්ග නොගත්හොත් වාර්ෂිකව මිලියන 10ක් මරණයට පත්වේ.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධ ප්‍රවණතාවය (AMR) නිසා ආර්ථික හා සෞඛ්‍ය බලපෑම් අතර දිගුකාලීන රෝහල් ගතවීම්,මිල අධික ඖෂධ අවශ්‍යතාවය, 2030 වන විට මිලියන 24 ක් අන්ත දරිද්‍රතාවයට පත්වීමේ අවදානමක් ද ඇතිවන අතර වසර 2050 වන වට වසරකට ඩොලර් ට්‍රිලියන 1.2 අතිරේක සෞඛ්‍ය වියදම දැරිමට ලෝකයේ රටවල්ටලට සිදු කරේ.
මෙයට විසිදුම් වශයෙන් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ (ආසාදන වැලැක්වීම සහ ප්‍රතිකාර) ප්‍රධාන හේතු රැසකි. අනිසි සහ අධික ප්‍රතිජීවක භාවිතය, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ භාවිතය රජයේ අංශයට වඩා දෙගුණයකි.
ඒ නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යතු බවද ලොක් සෞඛ්‍ය සංවිධානය පවසයි. අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ භාවිතා කිරීම, අවශ්‍ය නොමැති ඖෂධ භාවිතයෙන් වැළකීම, හොඳ සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ආසාදන පැතිරීම අඩු කිරීම, සියලු අංශ සහභාගීත්වයෙන් ජාතික උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම කළ යුතුව තිබේ.
ජාතික සහභාගීත්වය,සෞඛ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ජාතික ජලජ සම්පත් සහ පර්යේෂණ නියෝජිතායතනය,පරිසර අමාත්‍යාංශය එක්ව මේ සඳහා කඩිනම් පියවර ගන්නාට මේරටට සෞඛ්‍ය අංශ මේවන විට පියවර ගෙන තිබේ.
ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධ දැනුවත් කිරීමේ සතියේ ජාතික උත්සවය අද (14) සිට මේ මස 24 දින දක්වා පැවැත් වේ.
ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 14 වන සිකුරාදා දින කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
සැ.යු @
@ “මිලියනය” යනු 1,000,000 (දහය ලක්ෂ) යන අගයයි. උදාහරණයක් ලෙස:
1 මිලියනය = 1,000,000
5 මිලියනය = 5,000,000
ඉතා සරලව කියනවා නම්, මිලියනය කියන්නේ ලක්ෂ 10ක් සමඟ සමාන අගයකි.

