කොළඹ නෙළුම් පොකුණ රඟහලේ නොවැම්බර් 11 වැනිදා පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2025 උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  මේ බව ප්‍රකාශ කළා ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මෙසේ ද කීවා ය.

ජන මාධ්‍ය වේදීන්ට සම්මාන ලබා දෙන්නට ලැබීම අප රජයට සතුටක් ආඩම්බරයක් වෙනව. ජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙන්නට රජය පියවර ගෙන තිබෙනව.ජන මාධ්‍ය පොදු දේපොළක් වෙන බව අපි සියලු දෙනා අවබෝධ කර ගෙන තිබෙනව. රටේහි ලොවෙහි  මානවවාදී මාධ්‍ය කලාවක් අප ඇති කරන්නට පියවර ගන්නා අතර මාධ්‍ය නිදහස ද මාධ්‍ය සදාචාර ඇති කිරීමට කටයුතු කරන බව ද ඇය කීවා ය.

මාධ්‍යවේදී  වෘත්තීය භාවය ඉහළ නංවන්න අපි රජයක් ලෙස කටයුතු කරනව. මාධ්‍ය වෘත්තීය භාවය ඉහළ නංවන්න අපි රජයක් ලෙස කටයුතු කරනව. මාධ්‍ය වෘත්තීය භාවය ඉහළ නැංවීමට රජයක් ලෙස කටයුතු කරන බව ද මාධ්‍ය වෙනුවෙන් නව ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජනමාධ්‍ය අවකාශය පොදු දේපළක් ලෙස සලකමින් මානවවාදී මාධ්‍ය කර්මාන්තයක් රට තුළ නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ද පැවසූ අගමැතිනිය ස්වාධීන හා අපක්ෂපාතී මාධ්‍ය කරණයක නියැලෙමින් විශිෂ්ට සේවාවක් ඉටු කරන සියලු මාධ්‍යවේදීන්ට රජයේ ගෞරවය පිරිනමන බව ද ඇය පැවසුවාය.

2025 ජනාධිපති මාධ්‍ය සම්මානයේ පිදුම් ලැබු අපේ රැහැණේ මාධ්‍ය සඟයෝ මෙසේ ය.

පුවත්පත් අංශයෙන් වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාකරණය (සිංහල මාධ්‍ය) එෆ්. අස්ලම් ද (දෙමළ මාධ්‍ය) ලෝරන්ස් සෙල්වනායගම් ද (ඉංග්‍රීසි මාධ්‍ය) එල්.බී. සේනාරත්න ද සම්මාන ලබා ගත්හ.

වසරේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය ක්‍රිෂාන් කාරියවසම් විසින් ලබා ගත් අතර වසරේ හොඳම තීරු ලිපිය (දෙමළ මාධ්‍ය) සිවලිංගම් සිවකුමාර් දිනාගත්තේ ය.

වසරේ හොඳම තීරු ලිපිය (ඉංග්‍රීසි මාධ්‍ය) ගගනී වීරකෝන් දිනා ගත් අතර වසරේ හොඳම කාටූනය නාමල් අමරසිංහ විසින් ලබා ගන්නා ලදි.

වසරේ හොඳම පිටු සැකසුම වෙනුවෙන් දේශය පුවත්පත සම්මාන ලබා ගත්තේ ය.

ජූරියේ විශේෂ සම්මානය හසිත ඩී. රත්නායකට හිමි විය.

වසරේ හොඳම විශේෂාංග ලිපිය (සිංහල) සුභද්‍රා දේශප්‍රිය (දෙමළ මාධ්‍ය) රොබට් ඇන්තනී (ඉංග්‍රීසි මාධ්‍ය) ප්‍රගීත් සම්පත් කරුණාතිලක විසින් සම්මාන ලබාගනු ලැබූහ.

වසරේ හොඳම ගවේෂණාත්මක ලිපිය (සිංහල මාධ්‍ය) රාහුල් සමන්ත හෙට්ටිආරච්චි (දෙමළ මාධ්‍ය) ඒ.ඒ.එම්. රිෆ්ති අලි (ඉංග්‍රීසි මාධ්‍ය) ප්‍රගීත් සම්පත් කරුණාතිලක ආදීහු සම්මාන ලබා ගත්හ.

සිත ගත සවන සුවපත් කරමින් ගුවන්විදුලි ක්ෂේත්‍රය – සම්මානලාභීන් මෙසේ ය.

ප්‍රවෘත්ති වාර්තාකරණය – තරංග රුක්ෂන් ජයසේකර (සිංහල මාධ්‍ය)

එස්. නිලෝසන් (දෙමළ මාධ්‍ය)

වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම – භද්‍රජිත් සෞම්‍ය කුමාර (සිංහල මාධ්‍ය)

යූ.එල්. යකූබ් (දෙමළ මාධ්‍ය)

මාග්‍රට් ඉන්ද්‍රාණි (ඉංග්‍රීසි මාධ්‍ය)

විශේෂ ජූරි සම්මානය – නාගපූෂිනී කරුපායි

වසරේ ප්‍රශස්ත වැඩසටහන – ප්‍රසන්න ජයම්පති ජයතිලක

විශේෂ ජූරි සම්මානය (ගුවන්විදුලි වැඩසටහන්) – සිවාජි ගනේෂ්

වසරේ හොඳම ළමා වැඩසටහන – අජිත් වසන්ත ඈපා

වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන -ඒ. ජී. ලක්ෂිකා කාවින්දි ගමගේ ඩී. එලෙක්චන්

වසරේ හොඳම අධ්‍යාපනික වැඩසටහන – ප්‍රසන්න ජයම්පති ජයතිලක

රූපවාහිනී ක්ෂේත්‍රයේ සම්මානලාභීන්

හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය -මලින්ද තිරිමාන්න (සිංහල මාධ්‍ය) ඒ.එම්. අස්කර් (දෙමළ මාධ්‍ය)

වසරේ හොඳම ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම – (සිංහල මාධ්‍ය) චමින්ද ගුණරත්න, ශිරෝමි ධම්මිකා (දෙමළ මාධ්‍ය) ජී. ධනුෂියා, ජෙෆ්‍රි දෙබදාසන් (ඉංග්‍රීසි මාධ්‍ය) චරිත මිණිපුරආරච්චි

වසරේ හොඳම වැඩසටහන් ඉදිරිපත් කිරීම – වජිර ජයවර්ධන (සිංහල මාධ්‍ය) ෂර්මිලා තිරුනාවුක්කරසු (දෙමළ මාධ්‍ය) සොනාලි වනිගබදුගේ (ඉංග්‍රීසි මාධ්‍ය)

ජූරියේ විශේෂ සම්මාන – රාජේන්ද්‍ර කෝගුල්නාත් හා පුලේන්ද්‍රන් සුලක්ෂන් විසින් දිනා ගන්නා ලදි.

වසරේ හොඳම ගවේෂණාත්මක වාර්තාකරණය – ලක්මාල් කිරිදිගල

වසරේ හොඳම වාර්තා වැඩසටහන – චන්දන සෙනෙවිරත්න

වසරේ වාර්තා වැඩසටහන (ජූරියේ සම්මානය) – ලසන්ත රුමේෂාන් තිලකසිරි

වසරේ හොඳම සාකච්ඡාමය වැඩසටහන – එරන්ත රුක්මාල් බණ්ඩාර

වසරේ හොඳම අධ්‍යාපන වැඩසටහන – නිලූෆා මොහොට්ටි

වෙබ් අඩවි සහ අනෙකුත් අංශ අතරේ ගත් කළ වසරේ ප්‍රශස්ත වෙබ් අඩවිය – Virakesari.lk

වසරේ හොඳම වෙබ් වාර්තාකරණය – ඒ.ඒ.එම්. රිෆ්ති අලි

වසරේ හොඳම බහු මාධ්‍ය භාවිතය -පවිත්‍රා කේෂානී නානායක්කාර (සිංහල මාධ්‍ය) මස්කරස් ලුසියස් (දෙමළ මාධ්‍ය)

වසරේ හොඳම පාසල් මාධ්‍ය ඒකකය – මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය (සිංහල මාධ්‍ය) හෙම්මාතගම බද්දියන් මහා විද්‍යාලය (දෙමළ මාධ්‍ය)

මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදු කරන ලද ප්‍රාමාණික මෙහෙවර අගය කරමින් දිවියේ එක් වරක් පමණක් පිදෙන ‘මාධ්‍යාභිමානී’ සම්මාන හා මුදල් ත්‍යාග මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශාන් වික්‍රමසිංහ, සිරි රණසිංහ, ලලිතා සිරිබද්දන සහ අබ්දුල් හමීඩ් යන මහත්ම මහත්මීහු මෙහි දී අගමැතිනිය අතින් හිමි කර ගත්හ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හන්සක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන පිරිස ද එක්ව සම්මානනීය සැමරුමට එක්ව සිටියහ.

රංගන වාදන ගායන සමගින් අපේ මාධ්‍ය සඟයන්ගේ ජනාධිපති සම්මාන උළෙල රසවත්ව තිබිණි.

Share.
Leave A Reply