අද දහවල් තලාව නගරයේ සිට  411-  ගම්මානය  දක්වා ගමන් කළ මඟී ප්ර.වාහන බස් රථයක් ජයගඟ මංසන්ධියේ දී  බස් රථය පැවති වැහිබර කාලගුණයත්  සමඟ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන  අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවීමත් සමඟ බස් රථය අසළ මාර ගස් දෙකක් අතර සිරවීම නිසා මෙම බරපතල අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පහළ කරයි.

මෙම  බස් රථයේ පැමිණි  පාසල් දරුවන් පස් දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ දී පා පුවරුවේ ගමන් කර ඇති අතර එම අනතුර සිදු වූ අවස්ථාවේදී ම තලාව ඥානෝදය පිරිවෙනේ විහාරාධිපති හා පරිවේනාධිපති මැණික්හින්නේ ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ ඇතුලු ප්රිදේශවාසීන් විසින් බස් රථයේ අනතුරට පත් පිරිස කඩිනමින් මුදා ගැනීමට කටයුතු කර ඇත.

මෙම මාර්ගය දෙපස ඇති විශාල මාර ගස් මේ වන විට අනතුරු විශාල ප්ර්මාණයකට  අතවනමින් තිබෙන බව ප්රිදේශවාසීහූ පෙන්වා දෙති.

අනතුරින් පුද්ගලයින් 25කට ආසන්න ප්රිමාණයක් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් මේ වනවිට තලාව සහ තඹුත්තේගම මූලික රෝහල වෙත යොමුකර ඇති අතර, ඔවුන් අතරින් අසාධ්ය  තත්ත්වයේ පසුවන අය  කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව පොලීසිය සඳහන් කළේය.

බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමුන් පිරිසක්  බස් රථය තුළ  සිට ඇත.

බස් රථය ගමන් කර ඇති ඉතා පටු මාර්ගයේ දී යතුරුපැදියකට ඉඩ ලබාදීමට යෑමෙන් මෙලෙස බසය පෙරළී ගොස් ඇතැයි සිදුවීම ඇසින් දුටුවන් පැවසීය.

කලාප කාර්යාලය මඟින් සංවිධානය කළ සාමාන්ය් පෙළ සම්මන්ත්රීණයකට සහභාගී වීමට ගිය සිසුන් සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් තුවාල ලැබූ පිරිස අතර  සිටී.

මේ වනවිට  අවුරුදු 17ක පාසල් දරුවෙකු අනතුරින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී මියගිය බව රෝහල් අධ්යෙක්ෂ වෛද්ය් සුනිල් ආරියරත්න මහතා පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මඟීන් 40කට ආසන්න පිරිසක් ගමන් කර ඇත.

සිද්ධිය සිදු වූ අවස්ථාවේ දීම එම ස්ථානයට උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැමිණි අතර  අනතුරින් විපතට පත් වූවන්ට වහාම අවශ්ය් පහසුකම් සලසන ලෙසට ආණ්ඩුකාරතුමන් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය මඟින් සිදු කරනු ලබයි.

Share.
Leave A Reply