මහවැලි සී කලාපයේ මහවනාවෙල ග්‍රාමයේ වප් මඟුල් උත්සවය අද (06) දින පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා  මෙසේ ද කීය.

අස්වැන්න නෙලීමේ දී අපේ ගොවිජනතාව මුහුණ දෙන ගැටළුවලට විසඳුම් අවශ්‍ය වෙලා තියෙනවා. මේ සියල්ල ඉලක්ක කරගෙන ලෝකයේ නවීන තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය විප්ලවීය වෙනසක් කරා යා යුතුව තිබෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් අපි සාම්ප්‍රදායික දෛනික ජීවන අරගලයක යෙදෙනවා. ඒ අතර වප් මඟුල වගේ අවස්ථාවක අපි සංස්කෘතික ජීවිතයේ විවිධ අවස්ථා අත්විඳිනවා.

අපි රටක් විදිහට සමාජයක් විදිහට මීට වඩා සිය දහස් ගුණයක් සංවර්ධන මට්ටමක සිටිය යුතු රාජ්‍යයක්. කිසිවකින් අඩුවක් නැති. හැම පැත්තකින්ම සම්පත්වලින් පිරි රාජ්‍යයක්.

අද වෙන කොට 70%ක 75% පවුල් ප්‍රමාණයක් ඉතාම දුගී දුප්පත් බවට පත්වෙලා තියෙනවා. මෙය වෙනස් කළ යුතුව තියෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම, නාගරික දුප්පත්භාවය තුරන් කිරීම, ඒ වගේම සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය කිරීම කළ යුතුව තිබෙනවා.

ඒ පරම පවිත්‍ර අරමුණෙන් යුක්තව ජනාධිපතිතුමාගේ සිට ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා. මේ රට ඉහළට ඔසවා තැබීමේ කාර්යයට අප හා එක්වන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.   

Share.
Leave A Reply