(GMOA)
වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම හා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම අත්‍යවශ්‍ය නම් මෙවර අයවැය තුළ මෙම අරමුණු සනාථ කරන ක්‍රියාත්මක වැඩපිළිවෙලක් පැහැදිලිව ප්‍රකාශයට පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ය.
අද ඉදරිපත් කරන අයවැයෙන් වෛද්‍යවරුන්ට සහන හා වරප්‍රසාද ලබා නොදුන හොත් දැඩි තීන්දු ගන්න බව ද ඒ මහතා කීය.
වෛද්‍යවරුන් විදෙස් රැකියා අවස්ථා සොයා රට හැර යෑම දැඩි ගැටලුවක් වී ඇති බවත් එම තත්ත්වය පාලනය කර ගැනීමට ආ ර් ථික හා වෘත්තීය දිරිගැන්වීම් අයවැය මගින් ලබා දිය යුතු බව ද ඒ මහතා පැවසීය.
ඒ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තිරණය කළ බව ද එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
ඒ බවට අදහස් දැක්වූයේ ඊයේ (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.
වෛද්‍ය සුගතදාස මහතා පැවසුවේ, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන වටිනාම ආයෝජනයක් වන අතර, එය කිසිදු රජයකට අත්හැරිය නොහැකි වගකීමක් බවයි.
තවද, මේ වන විට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදය වන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මානව සම්පත රටින් පිටවීම බවද ඔහු අවධාරණය කළේ ය.
රටේ ආ ර් ථික හා මූල්‍ය ස්ථාවරත්වය නැවත තහවුරු වෙමින් පවතින මෙම අවස්ථාවේ දී ඉදිරිපත් වන අයවැය තුළ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු හඳුනාගෙන ප්‍රමුඛතාවයන් සහිත විසඳුම් ලබාදීම අත්‍යවශ්‍යය යැයි GMOA ලේකම්වරයා සදහන් කළා ය.
ඒ අනුව වෛද්‍යවරුන් විදෙස්ගත වීමට ප්‍රධාන හේතු ලෙස ආර්ථික අස්ථාවරත්වය සහ යහපත් වෘත්තීය පරිසරයක් නොමැතිවීම හෙළිවන බවද ඔහු කීය.
ඉදිරි අයවැය ලේඛනය තුළ එම ගැටලු විසඳීමට කෙටිකාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සපයා නොමැති නම්, නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම වැළැක්විය නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.
සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් වෙනුවෙන් කාර්යසාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ විශේෂ සේවා කාණ්ඩයක් හා වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, DAT දීමනාව යාවත්කාලීන කිරීම සහ ප්‍රවාහන ගැටලු විසඳීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/99 යටතේ සියලු වෛද්‍ය නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම.,අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පරිවර්තනය කිරීම, විදේශ පශ්චාත් උපාධි අධ්‍යයන ලබන වෛද්‍යවරුන්ට Foreign Living Allowance යාවත්කාලීන කිරීම, සාධාරණ බදු ක්‍රමවේදයක් හඳුන්වාදීම, වෘත්තීය පරිසරය තෘප්තිමත් කිරීම සඳහා, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව යාවත්කාලීන කිරීම, ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරදි කිරීම,රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික ක්‍රමවේදයක් හඳුන්වාදීම,ඖෂධ සහ උපකරණ හිඟය විසඳීම,නිල නිවාස පහසුකම් හා යටිතල පහසුකම් යාවත්කාලීන කිරීම,මෙම යෝජනා සමඟ අයවැය යෝජනාපත්‍රය ජනාධිපතිතුමාට සහ මුදල් අමාත්‍යාංශයට භාර දී ඇති බව GMOA ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ ය.
රෝහල් පද්ධතියේ ගැටලු විසඳීමට තිරසාර වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචක තත්ත්වයකට පත්විය හැකි බව ද ඔහු රජයට අවධාරණය කළේ ය.
ඉදිරි අයවැය ලේඛනය අතිශයින් තීරණාත්මක වන අතර, ජනාධිපතිතුමා එම අවශ්‍යතාව හඳුනාගෙන ක්‍රියාත්මක වනු ඇතැයි අපි විශ්වාස කරමු යැයි වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් පැවසීය.

