🛑 ශ්‍රී ලංකන් හිටපු සභාපති ඇන්තනී වික්‍රමසිංහ දූෂණ චෝදනාවලට අත්අඩංගුවට!

📍 නාවල | 2025.06.27 | ප.ව. 12.18

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව – CIABOC

🔍 දූෂණ චෝදනා ත්‍රිත්වයක්:

1️⃣ 2014.01.22 – 🇲🇾 මැලේසියාව සිට 🇱🇰 කටුනායක දක්වා UL319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කර USD 4,512 ක පාඩුවක් රජයට.

2️⃣ 2014.01.26 – 🇲🇻 මාලදිවයිනේ සිට එලියවූ මගීන් 75 දෙනෙකු පිළිබඳව USD 19,160 ක් පාඩු කිරීම.

3️⃣ 2014.12.19 – ජනාධිපතිවරණ ප්‍රචාරයක් සඳහා රු. 1,250,000/- රජයේ මුදල් අවභාවිතය.

⚖️ අත්අඩංගුව – අධිකරණයට!

👉 හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ මහතා, නාවල ප්‍රදේශයේදී CIABOC නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

🗣️ CIABOC මාධ්‍ය ඒකකය කියයි:

“රජයේ සම්පත් අවිධිමත්ව භාවිතා කිරීම – එය සෙවීම සහ විනයාත්මකව පියවර ගැනීම අපගේ වගකීමයි.”

📞 තොරතුරු: CIABOC – 0112502672

🌐 www.ciaboc.gov.lk

journalist Nuwan Prasanna Sumanarathna with Yohan Rasindu Uthpala traning journalist www.ewoledu.com

Share.
Leave A Reply