(01) විදුලි වේගයෙන් ගොස් විද්‍යුත් දුම්වැටි ගොයක් කටුනායකින් අල්ලයි!
රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු 03/01 දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු ජා – ඇළ ප්‍රදෙශයෙ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
මොහු 03/01 දින අලුයම 12.00 ට ඩුබායි සිට ,එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විද්‍යුත් දුම්වැටි 100 ක් සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මො මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක මධුෂාන් පොලිස් කොස්තාපල්වරුන් වන 70055 ප්‍රෙමකුමාර සහ 22690 බණ්ඩාර යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .
පසුව මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
@2) ජල රකුෂා ගිල ගත් මිනිසුන් මිනිසුන් 35 බේරාගනී !
බලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරකකලාපයට අයත් හිරිකටුඔයේ ජල මට්ටම හදිසියේම ඉහළ යැමත් සමග එම ගංවතුරට කොටු විි සිටි පුද්ගලයන් 35දෙනෙකු නිරැපද්‍රිතව බෙරා ගැනිමට ගැමුණුහේවා බලකායේ නන්පෙරියල් කඳවුරේ නිළධාරිහු ඊයේ (01) දා සවස සමත්වී තිබේ.
කොලොන්නාව ප්‍රදේශයේසිට පැමිණි දේශිය සංචාරකයන් පිරිසක් මෙලෙස ගංවතුරට කොට වි සිට තිබෙි. එම කණ්ඩායමෙි සංචාරකයින් 75 දෙනෙකු පමණ පැමිණි තිබේ.
ඉන් තිස්පස් දෙනෙකු හිරැකටු ඔයේ එගොඩට ගොස් තිබෙන අතර හිරිකටු ඔය ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පැවැති අධික වර්ෂාවත් සමග හිරිකටුඔයේ ඔයේ පහළ කොටසේ ජල මටිටම හදිසියේම අනපෙක්ෂිත ලෙස ඉහළ යැමත් සමග මෙම පිරිස නැවත මෙගොඩට ඒමට නොහැකිව කොටු වි සිට තිබේ.
මෙිි සමිබන්දයෙන් නන්පෙරියල් යුද්ධ හමුදා කඳවුරේ නිළධාරිහු සහ සමනල වැව පොලිසිය දැනුවත් කිරිමෙන් පසු ගැමුණු හේවා බලකායේ නන්පෙරියල් කඳවුරේ ස්ථානගතප ආපදා සහන සේවා භට පිරිස් විසින්මෙම මෙහෙයුම දියත් කර ඔවුන් නිරැපද්‍රිතව හිරැකටුඔයෙන් මෙගොඩට රැගෙන ඒමට කටයුතු කරනු ලැබුහ.
@3) ලොරිය හොරකම් කළ හොරා ටයර් වලට වෙඩි තබා අඩුවෙල දී අල්ලයි!
වත්තල මාබෝල ප්‍රදේශයේ දී ලොරි රථයක් පැහැරගෙන පලා යමින් සිටි පුද්ගලයෙකු,කඩුවෙල උසාවිය ඉදිරිපිට දී මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොළිසිය සහ පොළිස් යතරුපැදි ඒකකයේ නිලධාරීන් ට හැකිවී තිබේ.
එම අවස්ථාවේ පොළිස් නිලධාරීන් විසින් ලොරි රථයේ රෝදවලට වෙඩි තැබීම නිසා එය ධාවනය කිරීමට නොහැකි වී ඇත.
මෙම සිදුවීම පෙරේරා (සෙනසුරාදා ) අලුයම් කාලයේ සිදුවී ඇති අතර ජීව අත් බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසිපහක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම ලොරිරථය නොරෙච්චෝලේ සිට සුපිරි වෙළෙඳ සැලකට එලවලු රැගෙන පැමින ඇති අතර එහි රියදුරු තේ පානය කිරීම සඳහා මාබෝල ප්‍රදේශයේ රථය නතරකොට තිබූ අවස්ථාවේ සැකකරු මෙම පැහැරගැනීම සිදුකොට තිබේ. රියදුරු ත්‍රීරෝද රථයකින් සැකකරු ලුහු බැඳ ගියද ඔහුට ලොරි රථය මගහැරීම නිසා වත්තල පොළිසිය ට පැමිනිලි කිරීමට කටයුතු කොට ඇත.පොළිසිය වාහනයේ සවිකරතිබූ ජී.පී.එස්. තාක්ෂණය මගින් ලොරි රථයේ ගමන් මග නිරීක්ෂණය කොට අවට පොළිසි දැනුවත්කොට තිබේ. ඒ අනුව වැල්ලම්පිටිය පොළිසිය මෙම රථය නතරකිරීමට උත්සහ කළද එය සාර්ථක වී නැත. පසුව සැකකරු කඩුවෙල පොළිස් බාධකයද මග හරිමින් කඩුවෙල නගරය හරහා තලාහේන දෙසට රථය ධාවනය කොට තිබේ. මේ වනවිට පොළිස් යතුරුපැදි ඒකකයද සැකකරු ලුහුබැඳ ගොස් තිබේ.
මෙයින් කලබලයටපත් සැකකරු නැවත ලොරි රථය හරවාගෙන කඩුවෙල දෙසට පැමිනීමේදී මාර්ගය හරස්කල කඩුවෙල පොළිසිය වාහනයේ රෝදවලට වෙඩිතබා එය නතර කොට සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙම පලායෑමේදී මෝටර් රථ තුනකට සහ ත්‍රී රෝද රථයකට ද හප්පා අලාභහානි කොට තිබේ. ඉසුරුපාය අධ්‍යාපන කාර්‍යාලයේ ගේට්ටුවකටද අලාභ කොට තිබේ.
කඩුවෙල පොළිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් සැකකරු කඩුවෙල අධිකරණය ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
@ 5) යකඩ යකාට හාලි ඇලදී කරදරයක් !
පවතින අයහපත් කාලගුණය සමගින් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන දෙක අතර මහවත්තේගම ප්‍රදේශයෙන් විශාල ගල් සමගින් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් 01වන දින උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවිණ.
මෙම පස් කන්ද කඩා වැටීම දැක තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සරත් කුමාර මහතායි.
බදුල්ල දුම්රිය ස්ථානයේ රාජකාරියේ යෙදී සිටින සරත් කුමාර මහතාගේ කාර්යභාරය වී තිබුණේ බදුල්ල සිට හාලිඇල දෙසට වන්නට කිලෝ මීටර් 3ක දුර ප්‍රමාණයක් දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීමයි. පුරුදු පරිදි 01වන දින අලුයම 3.00ට පමණ බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාජකාරී ආරම්භකොට දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට පැමිණෙන විට මෙම පස් කන්ද කඩා වැටී ඇති ආකාරය දැක තිබෙනවා.
පසුව ඒ බව දුම්රිය ස්ථානය දැනුවත් කිරීමෙන් පසුව දුම්රිය ධාවනය නැවතීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සහ බදුල්ල එළදලුව යුධ හමුදා කදවුරේ නිළදාරීන් එක්ව දුම්රිය මාර්ගයට වැටී තිබුණු ගල් සහ පස් කන්ද ඉවත් කර දුම්රිය ධාවනයට මාර්ගය සැකසීමට කටයුතු කර තිබේ.
@ 6) මෙන්න බොලේ බෝතල් මූඩියෙන් සූර් කතාවක්! මූඩියක් පෑගුගුණ ගමන් සූර් වෙනවා! ලංකාවටම තනි මූඩියයි!
ඉවතලන පැණි බීම බෝතල් මූඩි තුළ අසුරා මරදන්කඩවල සහ කැකිරාව ඇතුළු තදාසන්න ප්‍රදේශ අවට ගැනුම්කරුවන්හට ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කළ පුද්ගලයකු හෙරොයින් මතුකුඩු පැකට් 104 ක් සමග පෙරේදා (01) සවස මරදන්කඩවල නගරයේදී මරදන්කඩවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලද තොරතුරක් මත මරදන්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංඛ දිසානායක මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (01) සවස සිදු කළ වැටලීමකදී මරදන්කඩවල ප්‍රාදේශිය රෝහල අසලදී සැකකරු මත්කුඩු සමග මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සමග අත්අඩංගුවට ගත් මුළු මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් දෙසිය පනහක්වේ.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන සැකකරු පැණිබීම බෝතල් මූඩි තුළ මත්කුඩු අසුරා ස්ථානීය සලකුණු ක්‍රම භාවිතා කරමින් ඊසි කෑෂ් කෑෂ් ක්‍රමයට එම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවට මරදන්කඩවල පොලීසිය සිදු කළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මරදන්කඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංඛ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක හේමපාල,සැරයන්වරුන්වන බණ්ඩාර (31453)ධර්මසේන (47972) කොස්තාපල්වරුන්වන හේරත් (48484) සහ විපුල(67441) ය නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.
සැකකරු ඊයේ (02) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
@ 7) පහසු ක්‍රමයට ඊෂි කෑස් හරහා මධුවිත පානේ…හද පානේ ගන්න ඒන්න දඹුල්ලට
ඊෂි කෑෂ් මගීන් ගෙවීම් කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක් සීගිරිය දඹුල්ල සහ මාතලේ නගර කේන්ද්‍රකර ගෙන සිදුවන බවට තොරතුරු අනාවරණය වී ඇති බව මාතලේ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ.වික්‍රමනායක මහතා පවසයි . ආර්ථික දරිද්‍රතාව හා නොදැනුවත්කම නිසා දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතිි බවත් මෙම මත් ජාවාරම මර්ධනය සඳහා උපයමාර්ගීක සැලසුම් සකස් කර ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්.කේ.වික්‍රමනායක මහතා පැවසීය.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 28 දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය විර මොනරවිල කැප්පෙටිපොළ ශ්‍රවනාගාරයේදී පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක මහතා පැවසුවේ නගරයේ පාසල් ආක්‍රමණය කර තිබූ මත් ජාවාරම මේ වනවිට ග්‍රාමීය පාසල් දක්වා ද ව්‍යාප්තව ඇති බවයි . මත් අපරාද අවම කිරීමේ වැටලීම් පුලුල් කිරීමත් සමඟ ජාවාරම්කරුවන් ඊසි ක්‍රෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට පටන් ගෙන ඇතිබවට තොරතුරු ඇති බැවින් වැටලීම් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවද ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාරයා පැවසීය.
@ 8) ගස් උඩ යන සතුන් ගණන් කරන්නට රිලා වඳුරු මොනර ගණින්නෝ ගම් මට්ටමින්මින් දෙරින් දොර පත් කරයි!
රිලා භාෂාවට දක්ෂ අය සියඹලාණ්ඩුවෙන් සොයයි!
ලබන 15වනදා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්රිවතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්යි අමාත්යි නාමල් කරුණාරත්න පවසයි.
එහිදි සිය ගෙවත්ත ආශ්රිඅතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු 05ක කාල සීමාවක් ලබාදෙන බව නියෝජ්ය අමාත්යයවරයා පවසයි.
ඒ අනුව ග්රාදම නිලධාරී වසම්වල සිටින සියලුම නිලධාරීන් මීට සම්බන්ධ වන අතර ඔවුන් විසින් ජනතාව දැනුවත් කරන බවද නියෝජ්යි අමාත්යාවරයා කීය.
ඊට විනාඩි 05 ඇතුළත තම වත්තේ, ගොවිපොළේ රිළවුන් කීයක් දඬුලේනුන්, මොණරුන් හෝ වෙනත් සතුන් කොපමණ ප්රතමාණයක් සිටියේදැයි ගණන් බැලිය යුතු බවත් ඉන් අනතුරුව අයිතිකාරයෙක් නොමැති ඉඩමක් තිබෙනවා නම් නිලධාරීන් හරහා ඊට අල්ලපු වත්තේ කවුරුන් හෝ යොදවා ඒ වත්තේද අදාළ සමීක්ෂණය කළ යුතු බව කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.
@ 9) දියවන්නාවේ ඇත්තන්ගේ කාරක සභා 07ක් පත් කරයී!
දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟත්වය පළ වෙයි.
එමෙන්ම පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්රදජාව වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
පාර්ලිමේන්තු මන්ත්රී වරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්යර පත්මනාදන් සත්යලලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ඒ අනුව කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමටත් ඉන් 3 ක සභාපතිධුර විපක්ෂයටත් 4ක සභාපතිධුර ආණ්ඩු පක්ෂයටත් ලබා දීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.
@ 10) රැල්ල බොර වෙයි! බොරැල්ලට කොළඹ මහ නගර සභාවේන් මල් ශාලාවක්
1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

මෙම නීති විරෝධී ක්රි යාවලිය ප්රබසිද්ධියේ සිදුවන ක්රි යාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ එකී ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිතා කිරීම වෙනුවෙන් මිලියන 41ක අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නාය.
එහිදීඅදහස් දැක්වූ කෝපා කමිටු සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල්ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසූ අතර ඊට කරුණු දැක්වූ නිලධාරීහූ එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූහ.
ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.
@ 11 11) පාසල් සිසුවාට අරියාදු කළ මැරයන්ට තෙවන ඇස හරහා විම ර් ශ න අරඹයි!
මිනුවන්ගොඩ පොලිස් වසමේ පත්තඬුවන හන්දියේදී ත්රීයරෝද රථයක සිටි කෙහෙල්බද්දර පත්මසිරිගේ පාසල් මිතුරෙකු හට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට අදාළව CCTV දර්ශන ඔස්සේ ගම්පහ අපරාධ විමර්ශන කාර්යංබශය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව වෙඩි තැබීමට පැමිණි හොණ්ඩා ඩියෝ වර්ගයේ නිල් හා සුදු පැහැති යතුරු පැදියේ ලියාපදිංචි අංකය තහවුරු කරගැනීමෙන් පසු පළමු අයිතිකරුගේ නම හා ලිපිනය ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේදී මනුෂ්යෙ ඝාතනයට තැත් කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ එම යතුරු පැදිය ලග තබාගත් පුද්ගලයකු යතුරු පැදිය සමග අත් අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංයශයේ නිලධාරීන් සමත් විය.
මෙම අත් අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 46 ක් වයසැති ජාඇල නැගෙනහිර තුඩැල්ල ප්ර දේශයේ පදිංචිකාරියක බවත් අනෙක් සැකකරු අවුරුදු 30 ක් වයසැති ජාඇල පාරිස් පෙරේරා මාවතේ පදිංචිකරුවකු බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා හා අත් අඩංගුවට ගත් යතුරු පැදිය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී ඇත.
@ 12) බද්දුන් ගම ඝාතනයේ බත් බැලයෝ හදුනා ගනී!
බද්දේගම, මද්දේවිල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ඉකුත් 27 දි රාත්‍රී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හදුනාගෙන තිබෙන බව බද්දේගම පොලීසිය ඊයේ (02) ප්‍රකාශ කළේය.
බද්දේගම, දොරල, කොණ්ඩාගල කඩු කල්ලිය නමින් ප්‍රකට කණ්ඩායමක් විසින් මෙම ද්විත්ව ඝාතනයන් සිදු කර තිබෙන බවත් කොණ්ඩාගල චුට්ටේ නමින් ප්‍රකට පුද්ගලයා සහ ඔහුගේ කණ්ඩායමේ තිදෙනෙකු අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම කඩු කල්ලිය බටපොළ, ඊරියගහදොල, දෙල්ගහබැද්ද, මානන්ගොඩ, කහටපිටිය, අළුත්වත්ත යන ප්‍රදේශයන් කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක බවත් පියාගෙන් දරුවන්ට ආදී වශයෙන් මෙම මැර කණ්ඩායම දිගු කාලීනව ක්‍රියාත්මක වන බවත් මෙම ප්‍රදේශයන්හි ජනතාව ප්‍රකාශ කරයි.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා බද්දේගම පොලිසිය, ගාල්ල අපරාධ කොට්ඨාශය හා ගාල්ල නියෝජ්‍ය පොලිස් පතිවරයා විසින් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවද බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
බද්දේගම, මද්දාවිල පදිංචිව සිටි හල්ඔලුව කංකානම්ගේ උපුල් කුමාර (36) සහ හල්ඔලුව කංකානම්ගේ අජිත් කුමාර (32) යන එකම පවුලේ අයිය මලෝ දෙදෙනා මෙසේ ඝාතනය කර තිබුණි.
මියගිය දෙදෙනාගේ අවසන් කටයුතු පෙරේදා (01) සිදු කෙරුණ අතර ඒ සදහා පවුලේ කිහිප දෙනෙකු හැර වෙනත් කිසිවෙකු සහභාගී වි නොසිටියේය. අවසන් කටයුතු සදහා සැරසිලි හෝ සුදු කොඩි දැමීමක්ද සිදුකර නොතිබුණ අතර මිහිදන් කටයුතු සදහා වල කපන ලද්දේද ස්කැවේටර් යන්ත්‍රයක් උපයෝගි කර ගනිමිනි. ඝාතකයින්ගේ දැනුම් දීම මත ප්‍රදේශවාසීන් සහභාගි නොවූ බවත් සුදු කොඩි සැරසිලි නොකල බවත් දැන ගන්නට තිබුණි. මියගිය අයිය මලෝ දෙදෙනාගේ බාල සහෝදරයාද ඝාතනය කරන බවට ඝාතකයින් විසින් කරන ලද දැනුම් දීමක් හේතුවෙන් මියගිය දෙදෙනාගේ පවුලේ අයත් ප්‍රදේශයත් දැඩි භීතියෙන් ඇලලී ගොස් තිබෙන බවද මේ සම්බන්ධයෙන් සිදුකරන ලද සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකි විය. මෙම තොරතුරු බද්දේගම පොලීසියද ප්‍රතික්ශේප නොකල අතර ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බවද පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මීට පෙර මල ගෙදරකදී බූරු පිටියකදි ඇති වූ මත ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුකර තිබෙන බවත් ඊට මුදල් ප්‍රශ්ණයක් හේතු වි තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. ඝාතනයට ලක් වූ දෙදෙනාද නිතර නිතර ප්‍රදේශයේ ගැටුම් ඇතිකර ගත් දෙදෙනෙක් බවද බද්දේගම පොලීසිය කියයි.
ඝාතනයට ලක් වු දෙදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය බද්දේගම මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් සිකුරාදා (28) දින පවත්වන ලදී. ප්‍රහාරයේදී තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඇල්පිටිය මූලික රෝහලේත් අනෙක් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබන බව බද්දේගම පොලිසිය කියයි.
බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බද්ධුල පද්ම කුමාර, ගාල්ල අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂන ජන ශ්‍රී යන මහත්වරුන් සහ ගාල්ල නියෝජ්‍ය පොලිස් පතිවරයා විසින් යොදවන ලද පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
@ 15) රංගිරි දඹුළු සමුපයේ මීයෝ සොයන්නට බලා බබා ලොක්කා උගුලක් අටවයි!
රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුවීඇතැයි කියන වංචා රැසක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුව මඟින්ඔවුන්ට පැවරී ඇති බලතල අනුව 46 (1) පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි මධ්‍යම පළාත් සමූපකාරසංවර්ධන දෙපාර්තමේන්තුවන් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කොට තිබේ
ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේග්‍රාමීය බැංකුවලපලකොට ඇති දැන්වීමක සඳහන්කොට ඇත්තේමධ්‍යම පළාත් සභාවේ 1993 අංක හතරදරන සමූපකාර සමිති සංශෝධන ඥප්තියේ සංශෝධිත 1990 අංක 10 දරණ සමූපකාර සමිති ප්‍රඥප්තියේහතළිස් හය එක වගන්තිය යටතේ සීමා සහිත රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතිය පිළිබඳවපහත කරුණු සම්බන්ධයෙන් විභාගයක් හා පොත්පත් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මධ්‍යම පළාත්සභාවේ සමූපකාර සංවර්ධන කොමසාරිස් විසින් 2025 පෙබරවාරි 19 වැනි දා ලිඛිතව අප වෙත බලය පවරා ඇතැයි සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේසඳහන් කොට තිබේ
ඒ අනුව පරීක්ෂණයට භාජනය කරනු ලබන්නේද්ධීන් දොළහක් බව ප්‍රදර්ශනය කොට තිබේ , 01 ,ග්‍රාමීයබැංකු අංශණය නිකුත් කිරීම ,02 දිරි දීමනාගෙවීම 03 ග්‍රාමීය බැංකු අංශ මුදල් ආයෝජනය 04 ග්‍රාමීය බැංකු අංශ ඉදිකිරීම් 05 සමිතියසිදුකරන ලද නියෝජිත අලවිසේවා සම්බන්ධව ඕලේ නියෝජිත ධුරය 06 පාරිභෝගික අංශයේ සිදුවන අප්‍රමිකතා 07 ඩබල් කැබ්රථය 08 පිරවුම් පල අංශයේ සිදුවන අක්‍රමිකතා 09 අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහ සභා නියෝජිත වෙනුවෙන්කරන ලද වියදම් 10 සේවක මණ්ඩලයේ සේවා අත්හිටුවීම් සේවය ඉවත් කිරීම් සේවා තත්ත්වයන් පහළදැමීම සම්බන්ධව 11 සාමාජික නාම ලේඛන යාවත්කාලීනසම්බන්ධව 12 2025 ප්‍රාදේශික මහ සභා ස්ථාපනකටයුතු යන කරුණු දොළහ යටතේ මෙම පරීක්ෂණ පවත්වන බව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනයනිකුත් කොට තිබේ .
@ 17) වැහි දෙවියෝ කුඹුරු අක්කර ලක්ෂ 2කකට වින කටිති!
පොලොන්නරුවට හා මහවැලි බී,සී කලාපවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශවල කුඹුරු අක්කර 191000 ක පමණ පැසුණු ගොයම විනාශ වෙමින් පවතින බව එම ප්‍රදේශ වල ගොවිහු පවසති.
මෙම ප්‍රදේශවල මෙවර මහ කන්නයේ වී අස්වැනු නෙලීම ඉකුත් 20 වෙනිදා ආරම්භ කළ අතර ඉකුත් 25 වෙනිදා ආරම්භ වූ අධික වර්ෂාව අදවන විටත් එම ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙමින් පවතියි.
පොලොන්නරුව බල ප්‍රදේශයේ අක්කර90000ක්, මහවැලි බී කලාපයේ අක්කර 50000 ක් හා මහවැලි සී කලාපයේ අක්කර 51000 ක් පමණ මෙම වියසනයට ලක්ව ඇත.
මහවැලි සී කලාපයේ ගොවි නියෝජිතයෝ කීපදෙනෙකු මෙසේ පැවසූහ.”2024/25 මහ කන්නයේ වී අස්වැනු නෙලීම පසුගිය 20 අපි ආරම්භ කළා. පොලොන්නරුවේ හා මහවැලි බී, කලාපයේත් ගොයම් කපන්න පටන් ගත්තා.
නමුත් මේ වනවිට 2%ක පමණවත් අස්වැන්න නෙලාගන්න බැරිවුණා. පසුගිය 25 වෙනිදා වැස්ස පටන්ගත්තා.අද වනවිටත් වර්ෂාව නොකඩවා ඇදහැලෙමින් පවතිනවා. ගොයම් ඔක්කෝම වැටිලා, ලියදිවල වතුර පිරිලා, ගොයම් කුණුවෙලා,වී පැලවෙලා මහා විනාශයක් වෙලා තියෙනවා.
@ 18) තුන් රෝද රථයේ ගමන් කරමින් සිටි ගිනි අවියා පිටබැද්දර දී අල්ලයි!
2025 මාර් තු (01) දින අළුයම එකට පමණ මාර්ග මුර සංචාරයේ යෙදීසිටි පිටබැද්දර පොලීසියේ පොලිස් කණ්ඩායමක් විසින් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කුඩගලහේන ප්‍රදේශයේදි SP QH 1233 දරණ රතු පැහැති ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත බද කොටසේ GP.M75 ලෙස හා හැඩලයේ CP- 06 සදහන්ව ඇති සෙලෝ ටේප් කරන ලද ජීව අත්බෝම්බයක් රථයේ කැබියේ තිබී සොයාගෙන ඇත.තව දුරටත් රථය පරීක්ෂා කිරීමේදී ඉතා සූක්ෂම ලෙස රථයේ ෂිට් අතර ඉතාමත් හිංසා කාරී ලෙස රදවාගෙන යමින් සිටි කළු පැහැති එළගවයෙක්ද සොයාගෙන ඇත. මොරවක ප්‍රදේශයේ සිට අකුරැස්ස ගොඩපිටිය දක්වා මෙම ගවයා මස් පිනිස ප්‍රවාහනය කිරීම අපේක්ෂාවූ බව සැකකරුවන් සදහන් කර ඇත.
දීර්ඝ කාලීනව මෙම ජවාරම සිදු කර ඇති,අකුරැස්ස ගොඩපිටිය පාසල පාරේ පදිංචි තිස් එක් හැවිරිදි අයෙකු, අකුරැස්ස ගොඩපිටිය ගොඩවත්ත පාරේ පදිංචි හතලිස් හැවිරිදි අයෙකු සහ මොරවක,අලපලාදෙනිය,තලපේකුඹුර පදිංචි හතලිස් දෙහැවිරිදි සැකකරුවකූ අත්අඩංගුවට ගෙන ඇත.
අන්තරායාකාර පුපුරණ ද්‍රව්‍යක් ලෙස ජීව අත්බෝම්බයක් ලග තබාගැනීම සහ සත්ව හිංසාව සිදුවන ලෙස ගවයෙකු ප්‍රවාහනය කිරීම යන වරදවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාල නඩු හාණ්ඩ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කල අතර සැකකරුවන් වැඩි දුර විභාගය සදහා මාර්තු දහ හත්වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමටද එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද නියෝග කර ඇත.
@ 21) කොළඹ හුණුපිටිය පාතාලයා නාහේනේ දී අල්ලයි!
මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ඝාතනයක් සිදුකිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කීපයක සැකකරු වෙකු කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ප්‍රදේශයේ සැකකරු ගේ නිවස අසළදී සිදුකල වැටලීමකදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අගම්පොඩි දිනේෂ් කැලුම් කුමාර ද සොයිසා නැමති අංක කේ/07,නාහේන වත්ත,හුණුපිටිය,වත්තල යන ලිපිනයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සංතකයේ තිබීඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනහක් රුපියල් එක් ලක්ෂ 137,000ක මුදලක් ජංගම දුරකථන අටක් රුපියල් ලක්ෂ තුනහමාරකටඅධික වටිනා කමින් යුතු රං ආභරණ සහ අයිස් බෙදාහැරීම සදහා යොදාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියද අන්සතු වාහන වල පොත්පත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පෙර වැරදි කීපයක් මහර අධිකරණයේ පවතින අතර නාහේනේ සුදුවා ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා ගොණුකර ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
@ 22) හදිසි මරණවලට අසාධ්‍ය යි! අධිකරණය ඇවිත් යන්න ! ගාල්ලේ මරණයක්!
ගාල්ලේ හදිසි මරණ පරීක්ෂණ නීති විරෝධී සහ අයථා ලෙස සිදුකරමින් තිබුණ ද, අධිකරණ අමාත්යාංණශය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි.
හදිසි මරණ පරීක්ෂකවරු විධිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ග්රාිම නිලධාරී වසම් 50කට අඩු ප්රාුදේශීය ලේකම් කොට්ඨාස සඳහා එක් හදිසි මරණ පරීක්ෂකවරයෙක් පමණක් පත්කිරීමේ ප්රුතිපත්තිමය තීරණයක් ගෙන තිබිණි. ඒ අනුව 2023-08-01 වැනි දින බද්දේගම ස්ථිර හදිසි මරණ පරීක්ෂකවරයා ලෙස සිරංගිකා ලොකුකරවිට මහත්මිය පත්කර ඇත. ඇය පත්කර සිටිය දී ම අමාත්යාං ශය සිය ප්රතතිපත්තිය උල්ලංඝනය කරමින් හේමසිරි විජේනායක මහතා ද එම ධූරයට ම පත්කර තිබේ.
ගැටලුව ආරම්භ වන්නේ එතැනිනි. විජේනායක මහතා තමන්වෙත ලැබෙන මරණ පරීක්ෂණ වැඩි ප්රනමාණයක් ප්රපදේශයෙන් පිටස්තර ටී.ටී.එම්.සරත් නමැති අයකු වෙත යොමුකර ඇත්තේ තවත් ස්ථිර හදිසි මරණ පරීක්ෂකවරයෙක් බද්දේගම කොට්ඨාසයේ සිටිය දී ඒ බව නොතකමිනි.
මෛය නීති විරෝධී කටයුත්තක් බව ගාල්ලේ හදිසි මරණ පරීක්ෂකවරු කියති.
2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ 2023-09-01 සිට 2025-01-01 දක්වා බද්දේගම ප්රා දේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂණ සම්බන්ධ තොරතුරු ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයෙන් අපි ලබාගත්තෙමු.
එම ලේඛන අනුව බද්දේගම පොලිසිය මෙහෙවා ඇති හදිසි මරණ පරීක්ෂණ අතරින් සිරංගිකා ලොකුකරවිට මහත්මිය විසින් සිදුකර ඇත්තේ 09ක් පමණි. විජේනායක මහතා විසින් එම කාලයේ දී මරණ පරීක්ෂණ 13ක් සිදුකර ඇති අතර බද්දේරගම කොට්ඨාසයට අදාළ නොවන ටී.ටී.එම්.සරත් මහතා විසින් හදිසි මරණ පරීක්ෂණ 24ක් සිදුකර ඇත.
අප හේමසිරි විජේනායක මහතා අමතා මරණ පරීක්ෂණයකට පැමිණිය හැකිදැයි විමසූ විට ඔහු කියා සිටියේ තමන් වැලිවිටිය දිවිතුර පදිංචිව සිටින බැවින් ටී.ටී.එම්. සරත් මහතාට මරණ පරීක්ෂණයට පැමිණිය නොහැකිනම් පමණක් තමන් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන බවයි.
සරත් මහතා ආබාධිත තත්වයක් හේතුවෙන් තනිවම ඇවද යා නොහැකි අයෙකි. අමාත්යාං ශයෙන් පැවැත්වූ මරණ පරීක්ෂකවරු තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ දී ඔහු පවසා ඇත්තේ ලිස්සා වැටීමෙන් සති කිහිපයක ආබාධිත තත්වයකට පත්ව සිටින බවයි. තොරතුරු පනතින් භාවිතා කළ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලේඛන පරීක්ෂා කළ අතර, සරත් මහතාට පත්වීම දෙන්නේ නම් ශාරීරික යෝග්යලතාව පරීක්ෂා කළ යුතුයැයි එහි අමතර සටහනක් ද තබා තිබිණි. නමුත් අමාත්යාංෝශය එය නොතකා හැර ඇත.
රුහුණ විශ්වවිධ්යා ලයේ අධිකරණ වෛද්යු අශය විසින් අධිකරණ අමාත්යාංතශයේ ලේකම්වරයාට 2024-02-28 දිනැතිව සරත් මහතාගේ ක්රිායාකලාපය පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් යොමුකර ඇත.
තොරතුරු පනත යටතේ අපි එහි පිටපතක් ලබාගත්තෙමු. එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ ආබාධිත තත්වය හේතුවෙන්, සරත් මහතාට මරණ පරීක්ෂණවල දී ස්ථානීය පරීක්ෂණ සිදුකළ නොහැකි බවයි. ඔහු බීමත්ව මරණ පරික්ෂණ රාජකාරී සිදුකරන බවත්, මියගිය අයගේ ඥාතීන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් අයකරන බවත් එම පැමිණිල්ලේ පැහැදිළිව සඳහන් කර ඇත.
මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ගනු ලැබූ ක්රි යාමාර්ග පිළිබඳ අධිකරණ අමාත්යාං ශයෙන් විමසූ විට තොරතුරු නිලධාරී දන්වා ඇත්තේ එවැනි පැමිණිල්ලක් අමාත්යාං ශය වෙත ලැබී නොමැති බවයි.
නමුත් අධිකරණ අමාත්යාං ශයේ ලේඛන පරීක්ෂා කළ විට 2024-03-13 වැනි දින එම පැමිණිල්ල අමාත්යාංයශයට ලැබී ඇති බව තහවරු විය.
සරත් මහතා හදිසි මරණ පරීක්ෂණ සඳහා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් මුදල් ලබාගන්නා බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විවෘත විමර්ශන අංශය විසින් මේ වනවිට පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
ඔහු තම පුද්ගලික ගමන් බිමන් යන්නේ ද බද්දේගම පොලිසියේ මරණ පරීක්ෂණ භාවර කටයුතු කරන පොලිස් සැරයන් වරයා සමඟ බව ද ඔවුන් දෙදෙනාගේ සමීපතාව මෙවැනි අකටයුතුකම්වලට හේතුවක් බව ද අනාවරණය වී ඇත.
නමුත් අධිකරණ අමාත්යාං ශය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි.
@ 23) ටැංකිය පිරෙන්න තෙල් දෙන්නම් අපි ආණ්ඩුවට කරුණාවෙන් රාජකාරුණා කියයි!
රට තුළ කිසිසේත් ඉන්ධන ගැටලුවක් ඇතිවීමේ ඉඩක් නොමැති බවත්, ඉදිරියටත් අවශ්යළ තරම් ඉන්ධන සංචිත සංස්ථාව සතුව පවතින බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කරයි.
යම් හෙයකින් ඉන්ධන බෙදාහැරීම කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් රජය ඊට මැදිහත්ව අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීමට සූදානම් බවත්, ඊට අවශ්යක සැලසුම් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය
සංස්ථාව විසින් මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන තෙක් ඉන්ධන ඇණවුම් කර තිබෙන බවත් , සති තුනකටත් එහා අවශ්යත ඉන්ධන සංචිත තිබෙන බැවින් කිසිසේත් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් ඇතිවීමට ඉඩ නැතැයිද පැවසීය.
බෙදුම්කරුවන්ගේ ගැටලුවක් තිබේ නම් ඒ ගැන සාකච්ඡා කිරීමට එළඹෙන අඟහරුවාදා පෙරවරු 9.00ට ඔවුන්ට සාකච්ඡාවක් ලබා දී තිබෙන බවත් කීය.
@ 24) තෙල් නෑ පැටියෝ ඉන්ධන සැපයුම් කරුවෝ ආණඩුවට කියති!
ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු 3% කොමිස් මුදල අහිමි කිරීමට විරෝධය දක්වමින් ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීමට ඉකුත් සිකුරාදා ගත් තීරණයේ වෙනසක් නොමැති බව සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් ඇණවුම් කළ ඉන්ධන බොහෝ දුරට අද (3)දිනය වන විට අවසන් වියහැකි බවත් ,දුක අවසන් වනතෙක් ඉන්ධන බෙදා හරින බවත් හෙතෙම පැවසීය
මේ හේතුවෙන් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරුහුම්හල් අසල දිගු වාහන පෝලිම් ඊයේ උදෑසන කාලයේදීත් දක්නට ලැබුණි.
ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු සියයට තුනක කොමිස් මුදල අහෝසි කිරීමට විරෝධය පළ කරමින් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ඉකුත් සිකුරාදා (28)සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකීමට තීරණය කළේය.
සංස්ථාව විසින් විද්යාීත්මක ක්රවමයකට අනුව සකස් කරන ලද ක්ර)මයට අනුව මාසය අන්තිමට ඉතුරු වන්නේ රුපියල් 66330 ක් වැනි මුදලකි , මෙය කිසිසේත් ප්රනමාණවත් නොවන බවත් මෙම මුදලින් ,ව්යා0පාරයක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි සංගමය ප්රනශ්න කරයි.
@ 25) බැතිමතුන් දෙවියන්ට ගල්ගහලා
බලන්ගොඩ නගරයේ තුඔගොඩ කොටසේ ඉදිකර ඇති සුමන සමන්දේව ප්‍රතිමාවට ගල්වලින් පහර ඊයේ (01) දා රාත්‍රියේ අලාභ හානි සිදු කර තිබෙන බව නගරවාසීහු පැවැසුහ.
මෙම පහර දිම හේතුවෙන් සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ වටා ඉදිකර ඇති විිදුරැ බිදි කැබලි වලට කැඩි ගොස් දැඩි හානි සිදුව තිබෙන බව ජනතාව පෙන්වා දෙති.මේ අතර ඒ ආසන්නයේ ඇති බුදු මැදුරක විදුරැ වලටද පහර දි අලාභ හානි සිදු කර තිබෙන බව ඔවුහු කියති.
මේ සම්බන්දයෙන් බලන්ගොඩ පොලිසිය පැවැසුවෙි මන්ද මානසික රෝගිිතත්ත්වයකින් පෙළෙන කාන්තාවක විසින් සිදු කල ගල් ගැසිමකින් එම ප්‍රතිමාවට සහ බුදු මැදුරට හානි සිදුව තිබෙන බවට සිදු කල පරික්ෂණ වලදි අණාවරණය වි තිබෙන බවයි.
මේ සම්බන්දයෙන් එම කාන්තාව අත්අඩංගුවට ගෙන පරික්ෂණ සිදු කරමින් තිබෙන බවද බලන්ගොඩ පොලිසිය පැවැසීය

Share.
Leave A Reply