උඩරට දුම්රිය මාර්-ගයේ පට්ටිපොල හා හපුතලේ අතර බිම් ගෙවල් වල තිබෙන වැහිලිහිණි කූඩු කැඩීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව ප්‍රදේශවාසිහු පවසයි.ආරක්ෂිත සත්වයෙකු වන වැහිලිහිණියා මෙම බිංගෙවල් වල විශාල ලෙස කූඩු සාදා ඇති අතර ජාවාරම් කරුවන් මෙම කූඩු රහසේ කඩා අලෙවි කරන බැව් වාර-ථා වෙයි.උඩරට දුම්රිය මාර්-ගයේ විශාල ලෙස බිංගෙවල් පිහිටා අත්තේ මෙම කොටසේ වන අතර මෙසේ කඩා ගන්නා වැහිලිහිණි කූඩු සංචාරක හොටල් ආදියට ඉහල මිළ ගණන් වලට අලෙවි කරති.මෙම වැහිලිහිණි කූඩු වලින් පුරුෂ ශක්තිය වැඩි කරන සුප් වර්-ග ආදිය සාදන බව වාර්-ථා වෙයි.වැහිලිහිණියායෝ ජීවන පැවැත්මට තර්-ජනයක්ව ඇති මෙම ජාවාරම මැඩ ලීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇතැයි පරිසරවේදිහු පෙන්වා දෙති.කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් වෛද්‍ය මතය පුරුෂ ශක්තිය වැඩි වන්නට මෙම සිද්ධිය හා කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් මිත්‍යමත පිහිටා මේවැනි අපරාධ සිදුකරන්න පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගත් යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
Previous Articleලග්න පලාපල – 2025/02/27
Next Article ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මාධ්‍ය හමුව