සෑම සති අන්තයකම ඔබ වෙත සංග්‍රහ කෙරෙන ,“ඇසේ මධුර ජීවනයේ ගීතා” තේමාව සදහා පැරැණි ගීතයක් තෝරා ගැනීමට අන්තර්ජාලය පිරික්සීමෙහි නියැළී සිටියෙමේ. එම නිමේෂයේ ,ගැටවරයෝ චිත්‍රපටයේ, අමරදේව ශූරීන් ගයන,”ස්වර්ණ විමානෙට…” ගීතයට අනුගතව, රංගනයෙහි යෙදුණු ගාමිණී ෆොන්සේකා සමග ශෝභිනී අමරසිංහයන්ගේ සජීවී රූප රාමුවක් හමුවිය.ඊට පහලින් අන්තර්ජාලයට එක් කර තිබූ ශෝභිනී අමරසිංහ නිළියගේ ආකර්ශනීය සේයා රුවක් සහ ඇගේ මංගල ඡායාරූපයද මා නෙත් ගැටිණි. එම සේයාරූ, ඔබ දෙනෙත ද ,රසදුන් ගල්වනු නිසැකි . මෙම මංගල ඡායාරූපයේ ශෝභිනිය අත ගෙන සිටින්නේ ,ශ්‍රීලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨතම නිලධාරියෙක් හා ලේඛකයෙක් වූ, ලලිත් හීන්ගම මහතාය. _ GK
Previous Articleනාය යෑම් නිසා වසර ගණනක් අනාථ කඳවුරුවල සිටින ජනතාවට අලුතින් නිවාස
Next Article ජනහිතකාමි ඖෂධ ප්රතිපත්තියක පෙරගමන්කරු