දෙමළ-මුස්ලිම් භාෂා මිශ්‍රණයකින් අද කතා කරන ප්‍රජාව කවුද?
ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසින්ට,
බ්‍රිතාන්‍යයන් පළමුවෙන්ම මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වුණේ කොහොමද?
යාපනය, මන්නාරම, කල්පිටිය, කොළඹ, ගාල්ල බ්‍රිතාන්‍යයන් අතට පත්වුණා.
එය ආරම්භයක් පමණයි.
සටනකින් තොරව ලන්දේසීන් ඉංග්‍රීසින්ට යටත් වුණාද? කොහොමද වුණේ?
කොළඹ කොටුවේ ලන්දේසීන් යටතේ සේවය කළ ම්‍යුරන් සේනාංකය සිදුකළ පාවාදීම.
ඒ තත්ත්වය හමුවේ සටනකින් තොරවම ලන්දේසි ආණ්ඩුකාරවරයාට යටත් වීමට සිදුවුණා.
ලන්දේසීන් සතුව පැවැති ලංකාවේ මුහුදු ප්‍රදේශ සියල්ල ඉංග්‍රීසින්ට අත්පත් වූයේ කුමන වර්ෂයේද?
භෞතිකව සියල්ල අත්පත් වුණේ 1796දී.
බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම ශ්‍රී ලංකාව වසර කීයක් පාලනය කළාද කියලා ඔබ දන්නවාද?
උපරිම වසර දෙකයි.
සමාගම් සම්මුතියක් ඇති කළාද?
ඔව්, ලන්දේසි වෙළඳ සමාගම සමඟ ඇතිවූ සම්මුතිය යටතේ ලන්දේසි වෙළඳ සමාගමට වන්දියක් ලෙස බ්‍රිතාන්‍ය සමාගම විසින් පවුම් පනස්දාහක් එදා ගෙවා තිබේ.
ගිවිසුමේ අන්තර්ගතය දැනගන්න කැමතිද?
- එතෙක් ලන්දේසි පාලනය යටතේ පැවති නිලධාරීන්ට තමන් කැමති රැකියාවල නිරත වීමට අවසර ලැබීම.
- ලන්දේසි අධිකරණවල සේවය කළ නඩුකාරවරුන්ට එම උසාවි වල දිගටම සේවය කිරීමට අවකාශය ලබාදීම.
- ලන්දේසි පූජකවරුන්ට සිය ආගම දිගටම කරගෙන යාමට අවසර ලැබීම.
- ලන්දේසි පුරවැසියන්ට, සිය රට, ඕලන්දයට යාමට කැමති අයට දේපළ වස්තුව රැගෙන යෑමට අවසර ලැබීම.
අපේ රට, අපේ කම අයුතු ලෙස අත්පත් කරගත් ලන්දේසීන්ට බලය හුවමාරු වී තිබුණේ දෙපාර්ශවයටම වාසි සහගත ලෙසයි.
එදත් සවදේශකයින්ට බින්දුව.
ඉන්පසු, කළු සුද්දන් වසර හැත්තෑ හයක් පුරා සිදුකළේත් ඉච්ඡාබංගත්ව දේශපාලන රටාවකි.
අද මුළුමනින්ම රට බංකොලොත්.
සේනානායකලාගේ සිට මහින්ද, රනිල් දක්වා, දේශපාලන ධූරාවලිය තුළින් සිදුකළ හානිය සුළු පටු නොවේ.
ලන්දේසි පාලනය අවසානය තුළින් සියලුම ලන්දේසීන් ලංකාවෙන් ඉවත්ව ගියේද?
රටේ භෞතික වටිනාකම දැනගත් බහුතරයක් රට තුළම නැවතුණා.
මහා කළු සිංහල සමාජය තුළ කහ සහ සුදු වර්ණවලින් සමන්විත ලන්සි හෙවත් බර්ග නම් කරන ලද්දේ අන්න ඒ පිරිසයි.
මුහුදුබඩ ප්‍රදේශ පාලනයට යටත් කරගත් වෙළඳ සමාගමේ ප්‍රධාන අරමුණ කුමක් වූවාද?
මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීමේදී කිසියම් වියදමක් දැරීමට ඉංග්‍රීසි වෙළඳ සමාගමට එදා සිදුවුණා.
පෞද්ගලික සමාගම්වල, එදත් අදත්, අරමුණ ලාභය ඉලක්කයයි.
මේ සඳහා මධුරාසියෙන් ගෙන්වූයේ කවුරුන්ද?
ඒ වන විටත්, ඉන්දියාවේ අමිල් දාවරුන් මෙම සමාගම සමඟ සමීපව ක්‍රියාකර තිබුණා.
පෙර, ඔවුන්ගේ රාජකාරියත් බදු එකතු කිරීමක් වීම සමාගමට වාසිදායක තත්ත්වයක් වුණා.
මේ වන විට ලංකාවේ පැවැතියේ රාජකාරි ක්‍රමයයි.
රාජාණ්ඩු ක්‍රමය යටතේ, ලංකාවේ පැවැතියේ රජුට කිසියම් රාජකාරි සේවයක් ලබාදීමයි.
ඒ පිළිබඳ විග්‍රහයක් පසුවට.
මෙම ඉන්දියාවෙන් පැමිණි අයට ලංකාවේ භාෂාව, සංස්කෘතිය, එතෙක් පැවැති බදු ගැන කිසිම දැනුමක් තිබුනේ නැහැ.
මෙය සමාජීය ගැටුමක් හා අර්බුදකාරී තත්ත්වයක් දක්වා දිගු වුණා.
අලුත්ම බදු වර්ග කීපයක් හඳුන්වා දී තිබුණා:
- පොල් ගස් වලින් අය කළ බද්ද වඩාත් පීඩාකාරී විය.
- පොල් ගස් දහයකට වඩා හිමිව සිටි අයගෙන් බද්දක් අය කෙරුණා.
- ගස්වල ඵලදාව ගැන නොසලකා කරන ලද අය කිරීම ජනයාට වඩාත් අසාධාරණ සේ පෙනුණා.
මුදල් භාවිතයක් නොතිබූ ලංකාවේ වපසරිය තුළ මෙම බදු ක්‍රමය නුහුරු විය.
අස්වැන්නෙන් හෝ ඵලදාවෙන් කොටසක් ගෙවීමේ පැවති ක්‍රමය වෙනුවට, මුදලින්ම බදු ගෙවීමට නියම කිරීම ප්‍රධාන සාධකයක් විය.
රාජකාරි ක්‍රමය අවලංගු කර, ඒ වෙනුවට බදු ගෙවන ලෙස ජනතාවට බලහත්කාරය එදා දිගු වුණා.
ලංකාවේ එදා පැවැති කුලය අනුව ප්‍රභූ පන්තිය නොසලකා හරින ලද තත්ත්වයක් උද්ගත වුණා.
කුලයෙන් අගතැන් වූ ඔවුහු, බලයෙන් හා සමාජ තත්ත්වයෙන් පිරිහී, බදු ගෙවන්නන්ගේ තත්ත්වයට ඇද වැටුණා.
මුහුදුබඩ ජනතාව හුදකලාව සිටියාද?
ලන්දේසීන්ට වඩා බ්‍රිතාන්‍ය ජාතිකයින් දරුණු බව පැහැදිලිව මෙරට ජනතාවට ක්‍රියාවෙන්ම ඔප්පු වුණා.
මහාජන අමනාපය කැරැල්ලක් බවට පත්වී තත්ත්වය දරුණු වුණා.
ලන්දේසි ආණ්ඩුව යටතේ වරප්‍රසාද නිලතල ලබා සිට පසුව ඒවායින් පිරිහුණු සිංහල බර්ග නායකයෝ මෙම කැරැල්ලට සහාය දැක්වූවා.
ඒ වන විටත් උඩරට රාජ්‍ය පාලනයක් තිබුණා.
මේ කැරැල්ල සඳහා රජු දකුණු ඉන්දියාවෙන් කුලී හමුදා ස්වල්පයක් ගෙන්වා කැරැලිකරුවන්ට සහයෝගය ලබාදී තිබුණා.
උද්ඝෝෂණ වලට මොකද උනේ?
ඉංග්‍රීසි සමාගම ජනයාට වෙඩි තබා උද්ඝෝෂණය අඩපණ කළා.
මහජන විරෝධය සමාගම මැඩ පැවැත්වූ ආකාරය එංගලන්තය ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
ම්‍යුරන් කොමිසම එංගලන්තය විසින් පත්කර එවීම.
කොමිසමේ වාර්තාව අනුව:
- පොල් බද්ද අහෝසි කිරීම,
- රාජකාරිය නැවත වලංගු කිරීම,
- අමිල් දාවරුන් ආපසු මදුරාසියට යැවීම,
- කලින් සේවය කළ නිලධාරීන් නැවත සේවයේ පිහිටවීම වැනි සංශෝධන ගණනාවක් සිදු වුණා.
අමිල් දාවරුන් සියලු දෙනාම එදා ඉන්දියාවට ගියාද?
නැහැ.
ලංකාවේ රැඳුනු අය අද ඔවුන්ගේ භාෂාව මුස්ලිම් හා දමිළ භාෂාවේ මිශ්‍රණයකින් කතා කිරීමෙන්ම හඳුනාගත හැක.
වැඩිදුරටත් ඉංග්‍රීසි මදුරාසි සමාගමට මොකද වුණේ?
ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය සමාගමේ තනි අයිතිය යටතේ තබා ගැනීමට නොහැකි වුණා.
1797 කැරැල්ලෙන් පසුව කොමිසමේ යෝජනා අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඊට ඉඩ තැබුවේ නැහැ.
ඉතින් ඊට පසුව මොකද වෙන්නේ?
ඉංග්‍රීසි සමාගමේ අසීමිත බලය පාලනය කිරීමට පටන් ගත්තා.
මහා බ්‍රිතාන්‍ය විසින් ලංකාවට ආණ්ඩුකාරයෙක් පත්කර එවන ලද්දක් සිදුවුණා.
මේ තුළ, ද්විත්ව පාලනයක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා.
- ආණ්ඩුකාර පරිපාලන කටයුතු මෙහෙයවූවා.
- සමාගමට වෙළඳ කටයුතු පවත්වාගෙන යන්න අවසර දුන්නා.
මේ දෙයංසය “ද්විත්ව පාලනය” යනුවෙන් එදා හඳුන්වනු ලැබුවා.
කළු සුද්දාගේ පාලනයත් එසේම වූවාද?
ඉදිරියට අපි සැබෑ තතු විමසමු.
විචාරය ලිව්වේ:
සුමිත් කොඩිතුවක්කු