225 තුනෙන් බෙදුවම 75 යි , ඒ වගේ දෙගුණයක් යනු 150 යි. මාලිමාවට පාර්ලිමේන්තුවේ “තුනෙන් දෙකක්” යනු මන්ත්‍රීධූර 150 ක්!
nnnnමේ සමීක්ෂණ වාර්තා සහ පුරෝකථන ඇත්තක් විය හැකි ද?
nnnnසමහරවිට මේ පඬිවරු විසින් “තුනෙන් දෙකක් ” යනුවෙන් අදහස් කරනු ලබන්නේ දැනට මාලිමාවට තිබෙන “මන්ත්‍රී ධූර තුනෙන්, දෙකක්” යැයි කොලොප්පමට හිතන්නත් එපා!
nnnnපහත දැක්වෙන ඇත්ත මැතිවරණ දත්ත සහ තොරතුරු ඇසුරෙන් විචාරාශීලීව හිතන්න.
nnnnඒ වගේම, “දේශපාලන වෙනස්වීම් අංක ගණිතයෙන් පමණක් විග්රහ කරන්න එපා, එය සමාජ විද්‍යාත්මක කාරණයක්” යැයි අනුරලා කියන නිසාම අපි සමාජ විද්‍යා හේතු සාධක ද පහත දක්වා ඇත.
nnnn2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 6,853,690 ක් ලැබුන පොහොට්ටුවට මන්ත්‍රී ධූර 145 යි.( දිස්ත්‍රික් මට්ටමින් 128 යි.ජාතික ලැයිස්තුවෙන් 17 යි )
nnnnපොහොට්ටුවේ ඡන්ද හැට අට ලක්ෂයක් සඳහා ලැබුනේ මන්ත්‍රී ධූර 145 යි.
nnnn2020 පාර්ලිමේන්තු මැතිවරණය අදට අදාළව හිතුවොත් මන්ත්‍රී ධූර 150 ක් ගන්න මාලිමාව ඡන්ද ලක්ෂ 70 ක් ඉක්මවා යන්න ඕන බව ඔබට පැහැදිලි නේද?
nnnnලංකාවේ මැතිවරණ දිස්ත්‍රික් 22 යි.
ලක්ෂ 70 ව 22 න් බෙදමු. ඒ අනුව එක දිස්ත්‍රික්කයකින් ඡන්ද 318,181 ක් අනිවාර්යයෙන් මාලිමාව ගන්න ඕන.
උතුරේ යාපනය, වන්නි,නැගෙනහිර මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල ( අම්පාර ) මැතිවරණ දිස්ත්‍රික් පහෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්
එක දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 03 ක් ඉක්මවා මාලිමාවට ඡන්ද ලැබෙනවා ද? කිසිසේත්ම නැත.
2020 දී යාපනය, ලියාපදිංචි ඡන්ද 571,848 යි. මාලිමාවට ඡන්ද 853 යි!
වන්නි, ලියාපදිංචි ඡන්ද 567,762 යි.මාලිමාවට ඡන්ද 662 යි!
මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල ( අම්පාර ) දිස්ත්‍රික්ක තුළ පිළිවෙලින් මාලිමාවට ඡන්ද 198 යි ,2226 යි,3447 යි!
nnnnනුවරඑළිය මැතිවරණ දිස්ත්‍රික්කයේ මාලිමාවට ඡන්ද 5,043 යි!
nnnnඉහත දිස්ත්‍රික්ක 06 න් ලබාගන්න ඕන ඡන්ද ලක්ෂ 18 ක මදි පාඩුව හිඟය පුරවන්න වෙන්නේ ඉතිරි දිස්ත්‍රික්ක 16 න් නේද?
nnnnඑසේනම් ලබාගත යුතු ඡන්ද ලක්ෂ 70 බෙදන්න ඕන 16 න්.
nnnnඑවිට ඉතිරි දිස්ත්‍රික්ක 16 තුළ එක දිස්ත්‍රික්කයකින් ඡන්ද 437,500 බැගින් මාලිමාව ගන්න ඕන.
nnnnඑය, ඇත්ත මහපොළොවේ සිදුවිය හැකිද?
nnnnඒ වගේම බදුල්ල, මාතලේ, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ මාලිමාව ඡන්ද පදනම හම්බන්තොට, මාතරට සාපේක්ෂව ඉතා අඩු බව ද සඳහන් කළයුතුය.
nnnnමාලිමාවට උපරිම වාසිසහගත හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2020 ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 499,586 යි.
nnnnදැන් මේ හම්බන්තොට ඡන්ද ලක්ෂ පහෙන්, ලක්ෂ හතර හමාරක්ම මාලිමාවට ද?
nnnnසජිත්ගේ දේශපාලනයේ ආරම්භයවූ හම්බන්තොට දැනටත් මන්ත්‍රී, හිටපු ඇමති දිලිප් වෙදආරච්චි ට ඉතිරි වෙන්නේ ඡන්ද 50 දාහක් පමණ ද?
nnnnදැනටත් ඇමතිකම කරන මහින්ද අමරවීරට ඡන්ද බිංදුව ද? නාමල් රාජපක්ෂට, ඩී. වී. චානක,චමල් රාජපක්ෂ, අජිත් රාජපක්ෂ, කපිල දිසානායක මේ ඔක්කොටම ඡන්ද බිංදුව ද?
nnnnදැන් ඔබට පැහැදිලි වෙන්න ඕන හම්බන්තොටින් වත් මාලිමාවට ඡන්ද ලක්ෂ හතර හමාරක් ගන්න බැරි බව.
nnnnඉතිං කොහොමද රටෙන්ම මන්ත්‍රී ධූර තුනෙන් දෙකක් ගන්නේ?
nnnnඊළඟට පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ වෙන වෙනම ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවත් ලක්ෂ හතරට අඩුයි. ඉතිං කොහොමද එක දිස්ත්‍රික්කයකින් ලක්ෂ හතර හමාරක් ගන්නේ?
nnnn2020 දී පොළොන්නරුවේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව =331,109
nnnn2020 දී මොනරාගල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව =
372,155
දිස්ත්‍රික්ක දෙකේම ඔක්කොම ඡන්ද මාලිමාවට දුන්නත් රටෙන් තුනෙන් දෙකේ මන්ත්‍රී ඉලක්කයට යන්න බෑ.
nnnnඒ මදි පාඩු සහ උතුරු නැගෙනහිර, කඳුකර මදිපාඩු ඔක්කොම පුරවන්න වෙන්නේ ගම්පහ, කොළඹ සහ කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්ක තුනේ ලියාපදිංචි ඡන්ද පිළිවෙලින් ලක්ෂ 17, ලක්ෂ 16 සහ ලක්ෂ 13 න් ය.
nnnnඑහෙම බැලුවම ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පමණක් ලක්ෂ 10 ක් ඉක්මවා මාලිමාවට ඡන්දගතයුතුය.
nnnnඑය මහ පොළොවේ ඇත්තක් වෙන්න පුළුවන් ද?
nnnnතීරණය ඔබේ අතේ!
nnnnඉහත ඇත්ත දත්ත සහ ගණිතය පැත්තකින් තියලා සමාජ විද්‍යා කෝණයෙන් දැන් සලකා බලමු.
nnnnපොහොට්ටුව ලක්ෂ හැට අටහමාරක් ගන්න බලපෑ සමාජ දේශපාලන හේතු මෙන්න.
nnnnයහපලානේ දින සියය චොරි වෙලා, හොරු ඇල්ලීම පච වෙලා, බැඳුම්කර වංචාව නිසා කුජීත වෙලා, ජනාධිපති, අගමැති කඹ ඇදිල්ල නිසා විගඩමක් වෙලා, බුද්ධි අංශ නිලධාරින් හිරේ විලංගුවේ දැමීම නිසා ජනතාව කෝපවෙලා, ලංකාව නමැති ඒකීය රාජ්‍යය වෙනුවට එක්සත් රාජ්‍යයක් ලෙස නව ව්‍යවස්ථා යෝජනා නිසා ජනතාව කම්පාවෙලා, කී නොකී යහපලානේ පජාති වැඩ ගොඩාරියක් එක්ක රාජපක්ෂලා නුගේගොඩින් අළු ගසා නැගිටීම යන සමාජ විද්‍යා හේතු සාධක ඔක්කොම එකතුව තමයි පොහොට්ටුව 2018 පළාත් පාලන මැතිවරයෙන් ඡන්ද ලක්ෂ 50 ක් (5,06,832) 40.47% අරගෙන දිනුවේ.
nnnnඊට පසුව 2019 තමයි පාස්කුදා ප්‍රහාරය සිදුවුනේ.
nnnnජාතික ආරක්ෂාව නැතෝ! කියලා සමාජය බියට නොසන්සුන් බවට පත්වීම තමයි ප්‍රබලම සමාජ විද්‍යාත්මක බලපෑම!
nnnnඒ ඔක්කොම පොහොට්ටුවේ වාසියට බලපෑ සමාජ හේතු නේද?
nnnnදැන් අනුරට සහ මාලිමාවට එහෙම වාසි සමාජ සාධක තිබේ ද? නැත!
nnnnගෝටාභය 69 ලක්ෂයක් අරගෙන ජනාධිපති වුනේ ඉහත කී සමාජ, දේශපාලන හේතු සාධක නිසා ය.
nnnnඑහෙම වාසි සාධක ඔක්කොම තිබිලත් ගෝටාභය ඡන්ද 69 ලක්ෂය(6,924,255) වුනාට රටෙන්ම ප්‍රතිශතය 52.25% බව අමතක කරන්න එපා.
nnnnරටෙන්ම 50% ඉක්මවා යන්න කොතරම් දුෂ්කරද කියලා එයින් ඔබට අවබෝධවෙන්න ඕන.
nnnnගෝටාභයගේ ජනාධිපති ජයග්‍රහණයේ උණුසුමේ වාසිය සමගම තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොහොට්ටුව ඡන්ද ලක්ෂ 68 ක්(6,853,690) ලබාගෙන මන්ත්‍රී ධූර 145 ක් වුනේ .
nnnnඅද අනුරට සහ මාලිමාවට එදා ගෝටාභයට සහ පොහොට්ටුවට වාසි දායකවූ ඉහත හේතු සාධක වැනි ප්‍රබල සමාජ, දේශපාලන,ජාතික ආරක්ෂාව බිඳ වැටීම වැනි ප්‍රබල වාසි ගෙනදෙන හේතු සාධක කිසිවක් තිබේ ද? නැත!
nnnnඑදා ගෝටාභය යනු රට බේරාගත් නායකයෙකි.රට බේරාගත් මහින්ද රාජපක්ෂගේ සහාය සහිත එක කුස උපන් සහෝදරයාය. කොළඹ ලස්සන කෙරූ වැඩකරුය. කෙළින් මින්හෙක්! දරුණු මිනිහෙක්! පාතාලය සුද්ද කරපු මිනිහා, සාටකය නොපළඳින බොරු සෝබන නැති සිම්පල් මිනිහා. එවැනි පෞද්ගලික
සාධක රාශියක් ද ගෝටාභයට
වාසියට තිබුනා.
ඒ මදිවට මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ ලේබල් එකත් වාසියට හේතු වුනා නේද?
nnnnඑහෙම වාසි අද අනුරට තිබේ ද? නැත.
nnnnඅනුරට ඉංග්‍රීසි බෑ, විදෙස් නායකයින් ඉදිරියේ බයාදු ලෙස හැසිරෙනවා වැනි විවේචන ඇතුළු විවාහය වැනි අති පෞද්ගලික දේවල් ගැන පවා විවේචන තමයි තියෙන්නේ.
nnnnඑහෙනම් කොහොමද අනුර සහ මාලිමාව රටෙන්ම ඡන්ද ලක්ෂ 70 ක් ගන්නේ?
nnnnමාලිමාව කොහොමද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්නේ?
වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ඉක්මවා එකවර අරගෙන ජනාධිපති වෙන්නේ?
මාලිමාව පුම්බන කවුරු හෝ පඬිවරයෙක් උත්තර දෙනවා ද?
nnnnඋතුර, නැගෙනහිර සහ කඳුකර ඡන්ද පදනම බිංදුවේ තියෙන අනුරට දකුණ තුළ ද වාසි සහගත ප්‍රබල සමාජ, දේශපාලන හේතු ඇත්තෙත් නෑ කියලා ඔබට පැහැදිලි ඇති.ඒ වගේම පෞද්ගලික චරිතය පදනමින් හෝ විශේෂ වාසි අනුරට නෑ.
nnnnඇත්තම කිව්වොත් අනුරට අද තරග පිටියේ සමාජ විද්‍යා සාධක අවාසියි.
nnnnතෙල් පෝලිමේ මිනිස්සු මැරිලා වැටුන රටක්, ගෑස් ටැංකි පුපරපු රටක්,බෙහෙත් ටිකක් නැති රටක්, කී නොකී කාරණා නිසා ආර්ථික ප්‍රපාතයකට වැටෙමින් තිබුන රටක් නැවත හුස්මක් ගන්න පුළුවන් මට්ටමට ගෙනාපු සමාජ වටපිටාවක් අද තියෙන්නේ.එහි ගෞරවය රනිල් ජනාධිපතිගේ ආණ්ඩුවට අයිතිවෙලා ඉවරයි.
nnnnඉතිං ඒ රට නැවත අනුර ඇතුළු මාලිමාවට බාරදෙන්න ඕන ද?යන ප්රශ්නය ජනතාව තුළ තියෙනවා.
nnnnIMF යෝජනා සඳහා එකඟ මාලිමාවට , ආර්ථික අර්බුදයට කෙටිකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැති මාලිමාවට , ඒ සඳහා විකල්ප යෝජනා ඉදිරිපත්නොකර IMF යෝජනා, එහා මෙහා කරල පොලිෂ් කරලා හදලා ගන්නව කියන අනුරට රට බාර දෙන්නේ මොකටද?
nnnnආර්ථික අභියෝගය අවස්ථාවේ වගකීම අරගෙන රට බාරගත් රනිල් ගෙන් උදුරා අනුර ට රට බාරදෙන්නේ මොන හත්ඉලව්වටද? යන ප්රශ්නය පොදු ජනතාව තුළ තියෙනවා.
nnnnරනිල් කරන වැඩේම කරන්න අනුරට දෙන්නේ ඇයි?
nnnnඅත්දැකීම්, පළපුරුද්ද නැති අනුරට, ඉංග්‍රීසි බැරි අනුරට, කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිකම කරගන්න අසමත්නිසා බොරු හේතු දක්වා ඇමතිකම දාල ගිය අනුරට, තිස්ස ප්‍රාදේශීය සභාව කරන්න බැරිවුන අනුරට, නොමිලේ ජවිපෙට ලැබුන ” V. FM ගුවන් විදුලිය විකුණලා දැම්ම අනුරට මෙවැනි දුෂ්කර මොහොතක රට බාර දෙන්න ඕන ද?
nnnnඅපේ ඇත්ත දත්ත සහිත ගණිතය පමණක් නොව සමාජවිද්‍යා හේතු සාධක ද අපි ඉහත පැහැදිලිව ඔබට ඉදිරිපත් කළා.
nnnnඑහෙනම් මේ මාලිමාව රැස්වීමේ ඉන්න සෙනග කවුද?
nnnnඒ තමයි දේශපාලන මාකටින්.. ටිං ටිං!
nnnn“යූ ටියුබ් ” සහ ” fb ” ප්‍රචාරය සඳහා අතිවිශාල මුදලක් පොම්ප කරමින් තමයි මේ මවා පෙන්වීම කරන්නේ.
nnnnඅනුරාධපුර සිට ගාල්ලට කාන්තාවන් ගෙනාපු බස් රථය අනතුරට ලක්වෙලා සිදුවූ අකරතැබ්බය ඔබ රූපවාහිනියේ දකින්නට ඇත. එදා විජේවීරගේ රැස්වීම් තුළ හිටියේත් මේ වගේම විශාල සෙනඟ තමයි.
nnnnඉදිරියේදී අනිත් පක්ෂ සෙනග පිරුණු රැස්වීම් කරනකොට ඔබට පෙනෙයි ” සෙනඟ ඇදල ඔළු ගෙඩි පෙන්වීම ” මාකටින් ප්‍රෝඩාවක් කියලා.
nnnnබිමේ ඇත්ත නොතේරෙන, මවන රැල්ලට රැවටෙන, ඇතුළත හරය නොපෙනෙන පිටත පෙනුමට පමණක් රැවටෙන සැලකියයුතු පිරිසක් මාලිමාව වටා රැස්වීම අදට ඇත්තක් වුවද අනිත් තරග කරුවන් පිටියට පිවිසෙන විට හෙට දවසේ පිටත පෙනුම වෙනස්වීමට නියමිතය.එවිට ඇතුළතින් හරය ද වෙනස්වනු ඇත!
nnnnකියන්නා කෙසේ කීවත්, මවන්නා කොහොම මවලා පෙන්නුවත් ඉහත කරුණු කෙරෙහි ඔබගේ විචාර බුද්ධිය යොමු කරන්න.
nnnnඔබ වෙනුවෙන් මාලිමාව ප්‍රචාරකයින්ට හිතන්න දෙන්න එපා. ඔබ වෙනුවෙන් ඔබම හිතන්න.
nnnnමාලිමාවට කතිරය ගසා යහපලානේ අංක 02, වියත් මග අංක 02 දක්වා මේ රට නැවත පසුපසට තල්ලු කරමු ද?
nnnnතීරණය ඔබේ අතේ!
nnnn“තංගල්ලේ අපි” වෙනුවෙන් පුංචිහේවා.
nnnn- n
- මාර්තු.17 n