🔴 “මැණික් කුළුණෙහි” අපේක්ෂාවන් සපල කරනු පිණිසයි! අප මෙරට කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වන්නේ 2019 අග භාගයේදී ය. කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉතා කඩිනමින් කර්මාන්ත අමාත්‍යාංශයට සුවිශේෂී ප්‍රමුඛතා 9ක් හඳුන්වාදීමට අපට හැකි විය. ඉන් 8වැන්න භූගත සම්පත් යොදාගනිමින් කර්මාන්ත ගොඩනැගීම ය. ඒ අනුව මැණික් කර්මාන්තය මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින මිනිරන්, ඛනිජ වැලි, පොස්පේට් හාබැඳුණු රාජ්‍ය සමාගම් මගින් එම ඛනිජ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස අපනයනය නොකර වටිනාකම් එකතු කර ඒ වන විට ලැබූ ආදායම මෙන් කිහිපගුණයක ආදායමක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට අපි පියවර ගත්තෙමු. 2019 අගභාගයේ එසේ ඇරඹුණු භූගත සම්පත් හාබැඳුණු “කර්මාන්ත පුනරුදයක පිය සටහන්” අතර වඩාත් ප්රමුඛ වන්නේ මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානය ලෙස “මැණික් කුළුණ” නමින් ජාත්‍යන්තර මැණික් වෙළඳ හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ගත් තීරණය ය. 2021 ජනවාරි 15 වන දින, මහල් 19කින් යුත් ජාත්‍යන්තර මැණික් කුළුණේ මහල් 5ක් ඉදිකිරීමේ පළමු අදියර සඳහා අප අතින් මුල්ගල් තැබීණි. වසර එකහමාරකින් එම ඉදිකිරීම් අවසන් කිරීම අපගේ ඉලක්කය වුවත් රට මුහුණ දුන් අර්බුදකාරී වාතාවරණය සහ අප කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ආදී සියල්ල විසින් පළමු අදියරේ වැඩ කටයුතු ද අවසන් වන්නේ 2024 අප්‍රේල් 4 වැනිදා ය. එදින එය වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත. එවන් වටපිටාවක් තුළ මෙම කෙටි සටහන තැබෙනුයේ මැණික් කුළුණ හා සබැඳුණු රත්නපුර සහෘද ජනතාවගේ කාරුණික ඉල්ලීම පරිදි ය. ඔවුන් ඉල්ලා සිටින්නේ සැබෑ ලෙසම මෙම “මැණික් කුළුණ” මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානයේ වීමට නම් එහි ඉදිකිරීම් අවසාන අදියර දක්වා කඩිනමින් සිදුකරන ලෙස ය; එසේම සැලසුම් කරන ලද ආකාරයට මැණික් කුළුණෙහි ඉදිකිරීම් හා සමගාමීව රත්නපුර දෙමුවාවක ප්‍රදේශය සංචාරක ආකර්ෂණයට තුඩු දෙන ආකාරයට සංවර්ධනය කරන ලෙස ය. මෙම ඉල්ලීම් දැනට වත්මන් බලධාරීන් ඉදිරියේ තබන අතර ඉදිරියේදී අපට ලැබෙන පළමු පැයේදීම අපේක්ෂිත ඉලක්කයන් සියල්ලම සපුරාදීමට කැපවන බව රත්නපුර දිස්ත්‍රික් මැණික් කර්මාන්තය හා සබැඳුණු සහෘදයන් වෙත දැනුම් දීමට කැමැත්තෙමු. මේ වගට, විමල් වීරවංශ(පා.ම.) හිටපු කර්මාන්ත අමාත්‍ය 2024.04.07
Previous Articleවරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
Next Article මල්වැන්නගේ මල් වැනි සමුගැන්ම…