පෙබරවාරි 08 ඔබේ කාලසටහනේ ඉඩ වෙන් කර ගන්න…
හිතවත් මාධ්‍ය සහෘදයනි,
“ ඔබටත් මටත් හුස්මට නිදහසක් ” ස්වසන සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුව:Respire 2025
ස්වසන සෞඛ්‍ය පිළිබඳව ප්‍රධාන ජාත්‍යන්තර ශාස්ත්‍රිය සමුළුවක් වන “Respire 2025” , පෙබරවාරි මස 08 වැනිදා සිට 12 වන දින දක්වා කොළඹදි පැවැත්විමට සියලු විදි විදාන යොදා ඇත.
15 වන වතාවටත් පෙනහලු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ සමුළුව සංවිධාන කරයි.
ශ්‍රි ලංකාවට ස්වසන සෞඛ්‍ය වැදගත් වන්නේ ඇයි:
ස්වසන රෝගාබාධ හා ආසදන නිවාරණය සඳහා ශ්‍රි ලංකා රජය විශාල පිරිවැයක් දරයි.
ඇදුම රෝගය:
ශ්‍රි ලංකාව ගෝලීය වශයෙන් ඇදුම රෝගය ඉහල ව්‍යාප්තියක් සහිත රටවල් වලින් ඒකක් වන අතර ඇදුම රෝගයෙන් වැඩිම රෝගීන් පිරිසක් මිය යන රටවල් වලින් එකකි.
විශේෂයෙන්ම රෝගය නිසි ලෙස විනිශ්චය කර තිබියදිත් ගර්භනි මවුවරුන්, දරුවන් ඇතුලු බොහෝ පිරිසකගේ ඇදුම රෝගයේ පාලනය ප්‍රශස්ථ මට්ටමක නොමැති බව සමික්ෂණ වලින් හෙලිවි ඇත.
කාලීන නිදන්ගත පුප්ඵුසීය රෝගය. (COPD):
මෙම රෝගය අපගේ ජනගහනයෙන් 10% – 15% ත් අතර ප්‍රමාණයකට බලපාන ස්වසන පද්ධතිය හා ශරිරය දුර්වල කරන නිදන්ගත රෝගී තත්ත්වයකි. මෙය ප්‍රධාන වශයෙන් දුම්බිම නිසා ඇතිවන තත්ත්වයක් බව පෙර උපකල්පනය කලද, මෑත කාලිනව කරන ලද පරික්ෂණ වලට අනුව ගෘහස්ත කාබනික ද්‍රව්‍ය දහනය (දර ලිප්), වායු ගෝලිය දුෂණය හා රැකියාවේදි ආශ්වාස කරන හානි දායක සංඝටක ශ්‍රි ලංකාව වැනි රටවල මේ සඳහා බලපාන බව සොයා ගෙන ඇත.
ක්ෂය රෝගය හා අනෙකුත් ස්වසන ආාසදන:
ක්ෂය රෝගය ශ්‍රි ලංකාවට බලපාන ප්‍රධාන ආසාධනයක් වන අතර, එම නිසා වාර්ෂිකව ජිවිත 750 ක් පමණ අපට අහිමි වේ. ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන වල ව්‍යාප්තිය නිසා විශේෂයෙන්ම වැඩිහිටියන්, නිදන්ගත රෝග සහිත පිරිස් හා ගැබිනි මවුවරුන් විවිධ සංකූලතා වලට ලක්විම තුලින් ඹවුන්ගේ ජිවිත පවා අහිමි විමේ වැඩි අවධානමක් ඇත.
Respire 2025 “ඔබටත් මටත් හුස්මට නිදහසක් “:
“Equity in respiratory health: For the right to breathe free”
සමුළුවේ අරමුණු සහ අභිප්රායන්:
- ස්වසන සෞඛ්‍ය හා නිවාරණය සම්බන්ධ නවතම අභිවරධනයන් පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයන් සහ වෘත්තිකයන් යාවත්කාලීන කිරිම.
- මෙම දැනුම ඒ් තුලින් අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන් වෙත බෙදා හැරිම.
- ස්වසන රෝග, නිවාරණය සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරිම.
- ස්වසන රෝග පාලනය පිළිබඳ අදාල සියලු ආයතනයන් සමඟ අවබෝධය සහ සම්බන්ධතාවය වැඩි දියුණු කිරිම.
Respire 2025 “ඔබටත් මටත් හුස්මට නිදහසක්” සමුළුවේ අදියරයන් :
- සමුළුවට පෙර හා පසු ප්‍රයෝගික වැඩසටහන් මඟින් වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම හා හැකියාව යාවත්කාලීන කිරිම.
- විෂය පිළිබඳ ජාත්‍යන්තරව හසල දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැනුම ශ්‍රි ලාංකික වෛද්‍ය වරුන් හා වෛද්‍ය වෘත්තිකයන්ට ලබා දිම.
මෙම මාධ්‍ය හමුවේ ප්‍රධාන අරමුණ වනුයේ මෙම ජාත්‍යන්තර සමුළුව පිළිබඳව ඔබ ආයතනය දැනුවත් කිරිම හා එමඟින් ස්වසන සෞඛ්‍ය පිළිබඳ සහ එහි අභියෝග වලට මුහුණ දිමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරිමයි.
Respire 2025 “ඔබටත් මටත් හුස්මට නිදහසක්” ප්‍රධාන සමුළුව 2025 පෙබරවාරි 08 වෙනිදා සිට 12 වෙනිදා දක්වා පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති අතර ශ්‍රි ලංකාවට බලපාන ස්වසන සෞඛ්‍ය අභියෝග පිළිබඳව දැනුවත් කිරිම සහ ඒ්වාට මුහුණ දිම සඳහා වන අපගේ නොසැලෙන කැපවිම මෙමගින් සංකේතවත් කරයි. නවෝත්පාදනය, සහයෝගිතාවය සහ දැනුම ව්‍යාප්ත කිරිම තුලින් ස්වසන සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරිම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ මහජනතාව සවිබල ගැනිවිමේ වේදිකාවක් ලෙස මෙම උත්සවය පැවැත්වෙනු ඇත.
පෙබරවාරි මාසයේ පැවැත්වෙන අදාල උත්සවය සඳහා මාධ්‍ය ආවරණය සැපයිම මඟින්, ඒම සමුළුව විශාල පිරිසක් වෙත ලගා කරවිම සඳහා මජහන සහභාගීත්වය සහ දැනුවත් භාවය උපරිම ලෙස ඉහළ නැංවිමේ ලා ඔබ ආයතනය විසින් ලබා දෙන සහයෝගය බෙහෙවින් අගය කර සලකමි.
සහභාගීත්වය තහවුරු කිරිම සඳහා විස්තර :
- සම්බන්ධතා නිලධාරිණි :සොනාලි ලක්මා මිය
- දුරකථන අංකය:076 8045666
ඔබගේ සහභාගීත්වය අප ගෞරවයෙන් අපේක්ෂා කරන අතර, මෙම වැදගත් අවස්ථාවට ඔබව සාදරයෙන් පිළිගැනිමට බලාපොරෝත්තු වෙමි.
මිට,
විශ්වාසි,
විශේෂඥවෛද්‍ය නෙරංජන් දිසානායක
සභාපති
ශ්‍රි ලංකා පෙනහළු රෝග විශේෂඥ වෛද්‍ය සංගමය
The post මාධ්‍ය ආවරණ ඇරයුම appeared first on PFP News.