ධර්ම සංඝායනාවක් පැවැත්වීම යනු බුද්ධ ඥාණ පද හතර විග්රහ කරමින් යලි සංදේශණාවක් අංග සම්පූර්ණ ලෙසින් දේශණා කිරීමයි. ”සං”පද හතර විග්රහ කරන්නටම මුළු සංයුක්ත නිකායම උපයෝගී කරගෙන ඇත. සත්තිස්බෝධි පාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ කරගත හැකිවන්නේ සංවර, සංසිඳීම, සංමා යන ත්රිසික්ඛා තේරුම් ගැනීමෙන්මය. සංඛාර, විසංකාර කරන්නට සමුදයන් නිරෝධ කරන්නට උපකාර වන සංදේශණාව සියලූම ලොව්තුරා බුදුන් වහන්සේලා විසින් දෙව් මිනිසුන්ගේ නිවන, විමුක්තිය, යහපත පිණිසම දේශනා කර වදාරන සේක.එදා අතීතයේ මෙන්ම, මෙදා වර්තමානයේත් ,මතු අනාගතයේත් සංදේශණාවක් යථාපරිදි දේශණාකර විග්රහ කරන්නට ධර්ම ඥාණයක් ලැබූ උත්තමයෙකු විසින්ම පටි ඉච්ච සං උප්පාද ධර්මය ලෝකයාට දේශණාකර නිවන් මඟ විවෘත කර දෙනු ලබයි. මේ අනුව පසුගිය වසර 1800කට අධික දිගු කලක් තුල සංදේශණාව යටපත් වී අභාවිතයට පත්ව තිබීම නිසා බොහෝ පිංවත් දෙව් මිනිසුන්ට නිවන් මඟ සාක්ෂාත් කර ගන්නට නොහැකි විය. දැන් ඉතා දිගු කාල පරාසයකට පසුව යලිත් සංදේශනාව විග්රහ කර දේශනා කර පින්වත් දෙව් මිනිසුන්ගේ නිවන් මඟ, ”මාර්ග චරියාව ” විවෘත කර දෙන්නට අවශ්‍ය සියළුම කරුණු කාරණාද සපුරා ඇත. දේශණාකර පෙන්වා දී ඇත…
– සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ෴
The post මහතෙරුණ් වහන්සේ විසින් මෙහෙයවනු ලබන 2024 ඉල් මස සමණ අරණ විහරණ මාසික සත්දින බුද්ධ භාවනා වැඩසටහන පරම නිබ්බාන ධම්මායතනය මීරිගම ( නොවැම්බර් මස 23 සිට 29 දින දක්වා )ලියාපදිංචි වීම සඳහා ලින්කුව : 🗂️https://docs.google.com/forms/d/e/1FAIpQLSdbuWFu_OlwkS_W_sXx8ixPBVT5pqDLxStWCdFvyYnJx88Ofw/viewform?usp=sf_link appeared first on PFP News.