“අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්රසූත්ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතුයි.” – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් …
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දෙනු ලැබුයේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.
මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී.
ජීවනී නිෂ්පාදන කරනු ලබන මෙරට එකම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන රත්මලාන නිෂ්පාදනාගාරය තුළ උපරිම ධාරිතාවය යටතේ මාසිකව 1000 ml පැකට් 33500 ක් අයත් වන කාණ්ඩ 25 ක් ද (33500 X 25), 200 ml පැකට් 165500 බැගින් වන කාණ්ඩ 8 ක් ද (165500 X 8) මාසිකව නිෂ්පාදනය කරනු ලබයි.
මේ වන විට ප්‍රමාණ දෙකකට අයත් ජීවනී නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන්නේ එකම යන්ත්‍රයක් බවත්, එම යන්ත්‍රය ද වසර 12 පැරණි බව ද මෙහි දී අනාවරණය විය. වර්තමානයේ වෙළදපොළ පවතින ඉල්ලුමට සරිලන නිෂ්පාදන ධාරිතාවය එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර වර්තමානය වන විට වෙළදපොළ තුළ ජීවනී නිෂ්පාදනවල අතිරික්තයක් නොවීම එයට හේතුවක් වී ඇති බව ද මෙහි දී හෙළි විය.
මෙම තත්ත්වය පිළිබඳ රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබීය. එමෙන් ම පවතින සේවක ගැටළු සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
රත්මලානේ පිහිටි මෙම නිෂ්පාදනාගාරය තුළ ජීවනී නිෂ්පාදනවලට අමතරව ග්ලූකෝස් සහ VG සමේ මතුපිට ආලේපනය ද නිෂ්පාදනය කරනු ලබයි. 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ නිරතව සිටිති.
මෙම අවස්ථාව සඳහා රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ වෙළද කළමණාකරු ෆ්රෑන්ක් පෙරේරා, වැඩබලන කළමණාකරු එස්.පී.ගුණතිලක, යන මහත්වරුන් මෙන් ම සේවක පිරිසක් ද එක්වු අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී වීරසිංහ මහතා කරුණු පැහැදිළි කිරීම සඳහා දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ විය.
![](https://pfpnews.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-01-at-13.02.45_dba63eb1-1024x678.jpg)
![](https://pfpnews.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-01-at-13.02.45_d602f6bf-1024x663.jpg)
The post පෙර දැනුම් දීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යවරයා ජීවනී නිෂ්පාදනාගාරයට appeared first on PFP News.