දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටියේත් වසර පහෙන් පහට උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයේත් ඇති ගැටළුව සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරු අරඹා ඇති වැඩ චර්ජනය නිසා මගීන්ට සිදු වන පීඩා ගැන කණගාටු වන ගරු අමාත්‍ය විජිත හේරත් මහතා එම ක්‍රියා මාර්ගය මෙවන් මැතිවරණ කාලසීමාවකදී සුදුසු නැති බවත් දුම්රිය ස්ථානාධිපතිවරු එයින් වැළකී සිටිතැයි තමා බලාපොරොත්තු වන බවත් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
මෙය නවදුරටත් පැහැදිලි කරන අමාත්‍යවරයා කියා සිටින්නේ වෘත්ත්ය සමිති සමහ කළ සාකච්ඡා වලදී ඔවුන්ගේ බොහො ගැටළු වලට විසඳුම් ලබා දුන් බවයි. මෙම බඳවා ගැනීම් භා උසස් වීම් ප්‍රශ්නයට ස්ථිර විසඳුම මේ මැනිවරණ කාල සීමාවේ ලබා දීමේදී ගැටළු මතුවන බව එතුමා ප්‍රකාශ කරන අතර එතෙක් මගී ජනයා අසීරුවට පත් නොකර සිටිතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කලේය.
The post දුම්රිය ස්ථානාධිපනිවරුන්ගේ වැඩ චර්ජනය සම්බන්ධයෙන් ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාතා්‍ය චිජිත හේරත් මහතාගෙන් නිවේදනයක් … appeared first on PFP News.