ගම්පහ දිස්ත්‍රික්කය පුරා පෙර පාසල් වෙත ප්‍රදේශයේ හිටපු දේශපාලකයින් මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ මුදල් වෙන්කරවාගෙන බර කිරීමේ උපකරණ බෙදා දී ඇතැයි වාර්තා වේ.එහෙත් ඒවා සෞඛ්‍ය පද්ධතියේ භාවිත කිරීමට සුදුසු නැත.සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සහ යුනිසෙෆ් උපමාන අනුව ඒවා නොගැලපේ.ඒ බර කිරන උපකරණ කලින් ලබා ගන්නා දත්ත දෝෂ සහිත බවද වාර්තා වේ..එබැවින් පෙර පාසැල් දරුවන්ගේ බර කිරීමේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් සුපුරුදු පරිදි පවුල් සෞඛ්‍ය කාර්යාංශය අනුමත කරන ලද ප්‍රමිතියෙන් යුතු බර කිරීමේ උපකරණම භාවිත කරති. පෙර පාසැල් සංවර්ධනය කරන බව පවසා මෙසේ අනවශ්‍ය හා ප්‍රමිතිගත නොවන භාණ්ඩ මන්ත්‍රී ප්‍රතිපාදන එනම් මහජන මුදල් වැයකර ගම්පහ දිස්ත්‍රික්කයේ බෙදා හැර ඇති බර කිරීමේ උපකරණ සම්බන්ධව සොයා බලන මෙන් මහ ජනතාව වත්මන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.එසේම මෙම කරුණ පාඩමකට (A case study) ගෙන ඉදිරියෙදි සෞඛ්‍ය සේවා වෙනුවෙන් මුදල් වියදම්.කරන සෑම විටම සෞඛ්‍ය අංශවල උපමාන හා මග පෙන්වීම් අනුවම එම කාර්යයන් ඉටු කරන මෙන් මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ..
උපුටා ගැනීම අවසන්..
…………………………………….
පසු සටහන : සෞඛ්‍ය මුවාවෙන් තව දුරටත් මහජන මුදල් නිකරුණේ වියදම් කිරීම දැන්වත් නැවැත්විය යුතු නොවේද ? සෞඛ්‍ය බලධාරීනි..මේ ඔබේ අවධානය පිණිසයි.
Team ASP
The post ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව හා දේශපාලකයින් සෞඛ්‍ය සේවාවට මුවාවී අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්ති කිරීමේ සිදුවීමක් වී ඇතැයි කියනු ලබන සිද්ධියක් අද සමාජ මාධ්‍යයේ වාර්තා විය එම වාර්තාව මෙසේය.කරුණාකර අදාල අංශ කලින් නිල වශයෙන් විමසා බලා මේ ප්රවත්තිය තහවුරු කර ගන්න…Team Admin Aluth Suwa Puwathඋපුටා ගැනීම සමාජ මාධ්‍යයෙන්…. appeared first on PFP News.