#
හැම දේටම මිනිස්සුන්ට කෙළින් ම සම්බන්ධ වෙන්න ක්‍රම හදනවා.
#
මන්ත්‍රීලා ප්රභූවරු ලු…? අපි ප්‍රභූලා තොග පිට්ං ඉන්දියන් සාගරයට ම තල්ලු කරා…..
අපි ඔබව බලාගන්නවා.
- ඇමති බිමල්
#
අද සවස ජාතික ගමනාගමන කොම්සමේ දී (NTC) නිලධාරින් හා සියලු සේවකයන් හමුවූ ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ විමසුමක් කලේ ය.
ඒ අතර,
- මගීන්ගේ ගැටලු
- බලපත්‍ර ගැටලු
- සේවක ගැටලු
- අවසරපත්‍ර ගැටලු
- සමාගම් වලට ආදායම් බෙදීයාම පිලිබඳ ගැටලු
- බස් සහ අනෙකුත් වාහන වල අමතර අලංකරණ ගැටලු
- ආසන පටි පැළඳීම හා අනතුරු
ආදී වශයෙන් බොහෝ විය.
එම බොහෝ ගැටලු විසඳීමට අවශ්‍ය පියවර පිලිබඳව ද සාකච්ඡා කළ ඇමතිවරයා නැවත හමු වී ප්‍රගතිය
ව්මසන බවත් ප්‍රකාශ කලේ සියලු සේවකයන් හමුවේ කෙටි කතාවක් ද කරමිනි.
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති දිලීප විතාරණ මහතා ද මේ අවස්ථාවේ සියලු සාකච්ඡාවන්ට මැදිහත් විය.
The post ගමනාගමන ප්‍රශ්න ව්‍යුහාත්මකවත් තාක්ෂණිකවත් විසඳන්න තීරණ. appeared first on PFP News.