ඒ ක්ෂතිමය මොහොත අඳුරුතම මතකයන් තබා ගිය නමුදු එතෙක් මෙතෙක් විඳි මිහිරිතම අත්දැකීමක් විය. යුග ගණන් කළු දුමෙන් වැසී තිබූ අහස නැවුම් දීප්තිමත් බවකින් කෙමෙන් ප්‍රසන්න වෙමින් තිබුණි. සියවස් ගණනාවක් තිස්සේ දූෂිත අපජලය ගලාගිය ගංගාවන්හි පතුල දක්වා පැහැදිලිව ගොස් ප්‍රථම වරට හිරු රැස් පතිතව පැහැබරව දිස්විය. බියපත්ව වනයේ සැඟවී සිටි සතා සීපාවුන් එළිමහනට පැමිණ නිහඬ මහ මග හා නිසල නගර මධ්‍යයේ නොබියව නිදහසේ සැරිසැරූහ.
බිත්තියටම හේත්තු කෙරෙමින්, යන්නේ කොහේදැයි නොදැන, වනාන්තරය හකුළුවමින් හැල්මේ ලෝකාන්තය දෙසට දිවයමින් සිටි මිනිසා හිටි අඩියේ නැවතී, සාඩම්බර ව්‍යාජ සිනා පිසදමා, මුව වැසුම් පැළඳ, හැඬුම් ඉවසා, යන්තම් හුස්මක් කටක් ගෙන සිය ජීවිතය දෙස සන්සුන් සිතින් බැලීමට පටන් ගත්තා පමනි….
-අසංග සිසිරවි(fb)
පලි:
වසංගතය මැඩලීමට කැපවූ සෞඛ්‍යය ක්ෂේත්රය හැර අනෙකුත් පෞද්ගලික වෛද්‍ය සේවාවන් ලෙඩවූ මිනිසුන් නොමැතිව හූල්ලන්නට පටන් ගති.
චැනල් සේවයේ යෙදී සිටි කීර්තිමත් ප්රවීනයන්ට; නව ප්රවනතාවය හමුවේ, නීරෝගිමත් ජනතාව නැවත ලෙඩ මගට යොමු කරන්නේ කෙසේදැයි පිඹුරුපත් ඇදීමට සිදුවිය.
ඒ අතර පෞද්ගලික රෝහල් – සන්නද්ධ බලකා සමග එක්ව ‘නිරෝධායනය’ නැමති සළුපිළි හැද, විදේශයෙහි සිට පැමිණි තම දේශයෙහි අහිංසක සිසුන්-වැසියන් ප්‍රීතියෙන් පිළිගෙන, සත්කාරයට පිළිපන්ව, පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිත විය.
*’කෝවිඩ් වසංගතය’* ඒ ක්ෂතිමය මොහොත අඳුරුතම මතකයන් තබා ගිය නමුදු එතෙක් මෙතෙක් විඳි මිහිරිතම අත්දැකීමක් විය. යුග ගණන් කළු දුමෙන් වැසී තිබූ අහස නැවුම් දීප්තිමත් බවකින් කෙමෙන් ප්‍රසන්න වෙමින් තිබුණි. සියවස් ගණනාවක් තිස්සේ දූෂිත අපජලය ගලාගිය ගංගාවන්හි පතුල දක්වා පැහැදිලිව ගොස් ප්‍රථම වරට හිරු රැස් පතිතව පැහැබරව දිස්විය. බියපත්ව වනයේ සැඟවී සිටි සතා සීපාවුන් එළිමහනට පැමිණ නිහඬ මහ මග හා නිසල නගර මධ්‍යයේ නොබියව නිදහසේ සැරිසැරූහ. බිත්තියටම හේත්තු කෙරෙමින්, යන්නේ කොහේදැයි නොදැන, වනාන්තරය හකුළුවමින් හැල්මේ ලෝකාන්තය දෙසට දිවයමින් සිටි මිනිසා හිටි අඩියේ නැවතී, සාඩම්බර ව්‍යාජ සිනා පිසදමා, මුව වැසුම් පැළඳ, හැඬුම් ඉවසා, යන්තම් හුස්මක් කටක් ගෙන සිය ජීවිතය දෙස සන්සුන් සිතින් බැලීමට පටන් ගත්තා පමනි…. -අසංග සිසිරවි(fb) පලි: වසංගතය මැඩලීමට කැපවූ සෞඛ්‍යය ක්ෂේත්රය හැර අනෙකුත් පෞද්ගලික වෛද්‍ය සේවාවන් ලෙඩවූ මිනිසුන් නොමැතිව හූල්ලන්නට පටන් ගති. චැනල් සේවයේ යෙදී සිටි කීර්තිමත් ප්රවීනයන්ට; නව ප්රවනතාවය හමුවේ, නීරෝගිමත් ජනතාව නැවත ලෙඩ මගට යොමු කරන්නේ කෙසේදැයි පිඹුරුපත් ඇදීමට සිදුවිය. ඒ අතර පෞද්ගලික රෝහල් – සන්නද්ධ බලකා සමග එක්ව ‘නිරෝධායනය’ නැමති සළුපිළි හැද, විදේශයෙහි සිට පැමිණි තම දේශයෙහි අහිංසක සිසුන්-වැසියන් ප්‍රීතියෙන් පිළිගෙන, සත්කාරයට පිළිපන්ව, පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිත විය.