-ධීවර, ජලජ භා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කොරියානු රජයෙන් ඉල්ලයි –
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම, පුහුණු අවස්ථා වැඩි කිරීම සභ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිම්න් කොරියානු රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ධීවරයින්ට රැකියා අවස්ථා හළ නැංවීම පිළිබඳව කොරියානු රජයේ අවධානය යොමු කරන ලෙස ධීවර, ජලජ භා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කොරියානු රජයෙන් ඉල්ලීමක් කළේය.
ධීවර, ජලජ භා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සෘ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ම්යොන් ලී මහත්මිය අතර අද (30) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ධීවර භා සාගර සම්පත් කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සබඳතා සභ සභයෝගීතාව තව දුරටත් වැඩි දියුණු කිරීම කෙරෙඹි මෙම සාකච්ඡවේදී අවධානය යොමු කෙරිණ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කොරියානු ජනරජය ලබා දෙන අඛණ්ඩ සභයෝගය ස ශක්තිමත් සබඳතාව පිළිබඳ අමාත්‍ය වරයා මෙහිදී සිය ප්‍රසාදය පළ කළ අතර පසුගියදා දකුණු කොරියාවේ සිදුවූ ඛේදනීය ගුවන් අනතුර සම්බන්ධයෙන් සිය ශෝකයද ප්‍රකාශ කර සිටියේය.
මෙරට මාළු දැල් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම වෙනුවෙන්, රජය සූ [Northsea Ltd| 4 ආයතනයේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා දකුණු කොරියානු පෞද්ගලික සමාගම් සමඟ හවුල් කාරීත්වයෙන් කටයුතු කිරීමේ අවස්ථා පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කොරියානු තනාපතිවරියගේ අවධනයට යොමු කළේය.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ භා සංවර්ධන නියෝජිතායතනය (NARA) තුළ උසස් දත්ත මධ්‍යස්ථානයක් ආරමිභ කිරීමේ වැදගත්කම තානාපති ම්යොන් ලී මභත්මිය මෙඹිදී අවධාරණය කළ අතර කොරියානු සාගර විනා ඟා තාක්ෂණ ආයතනය (KIOST) සමඟ සභයෝගයෙන් සංවර්ධනය කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනය තව දුරටත් ශක්තිමත් කිරීම සාර්ථක වනු ඇති බවට තානාපතිවරිය විශ්වාසය පළ කළාය.
පසුගිය රජය විසින් නවතා දමා ඇති කොළඹ මෟ නගර සභාව සඳහභා ඩිජිටල් බදුකරණ ක්‍රම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කරන ලෙස තානාපති ලී මහත්මිය මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Sohngyee Jung, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ කෝලිත කමල් ජිනදාස යන මභඝත්වරුද සහභාගී වූහ.
The post කොරියානු රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ධීවරයින්ට රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරඹි අවධානය යොමු කරන්න appeared first on PFP News.