ඇමෙරිකානු ඉන්දියානු ඔත්තුසේවා විසින් ලක් දෙරනේ “ප්ලන්ට් ” කරපු මපට් සමාජවාදී ජේවීපීය අදටත් සේවය කරන්නේ ඔවුන්ට. දසක දෙකකට වරක් රටේ සිටින ජවසම්පන්නම සිංහල බෞද්ධ දේශප්‍රේමි තරුණයින් තෝරා විනාශ කරන ව්‍යාපෘතියේ අසහාය නියමුවා වූ ජේවීපීය මෙතෙක් සිරිලක තුළ බිහිවූ සමාජවාදීම ආණ්ඩුව වූ සිරිමා එන් එම් පිලිප් කොල්වින් පීටර් කෙනමන් ආණ්ඩුව පෙරලන්න කැරලි ගැහුවේ කුමන ඍඅමුණකින්ද යන්නට අදටත් ජෙප්පන්ට පිළිතුරක් නෑ. ජුලී චෑන්ගේ තුරුලේ සුරතල් වෙමින් ඉන්දියානු ඩැහැගැනීමේ ව්‍යාපෘතීන් වලට කුමන්ත්රනකාරීව සහය දෙමින් සිටින දේශද්‍රෝහී මපට් සමාජවාදී NPP (No Proper Plan) දමිතාටත් රැවටුණු නව තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් “අපි බොරුවට විරුද්ධ වෙඤ්ඤං ,ඔයැයිලා කොරං යන්ට ” (රතන න්‍යාය) පන්නයේ විරෝදතා මාලාවක් අවසන් මොහොතේ සංවිධානය කරනු ඇත. රටේ ජවසම්පන්නම දේශප්‍රේමී සිංහල බෞද්ධ තරුණ්ස් ජීවිත සංහාරය සදහා ගාල් කරවා දීමේ කරට අතදාගෙන හෙලට දැක්කීමේ කූට න්‍යායට අනුව කෙරෙන කුමන්ත්රන හදුනාගෙන රට වනසන සියලු කුමන්ත්රන පැරදවීමට ජාතිකවාදී කදවුරට ඇති හැකියාව මත රටේ අනාගතය තීරණය වනු ඇත. ඒ සදහා කොතෙක් දුරට අප සූදානම්ද?