ආහාරයත් ප්රවෘත්ති වාගේ. නමුත් ආහාර පිළියෙල කරන අන්දමට ප්රවෘත්ති හදන්න බැහැ.
ප්රවෘත්ති යනු සැබැවින්ම පිසන ලද ආහාරයක් මිස පිසීමට සූදානම් කරන ලද දෙයක් නොවෙයි.
බතක් ඇට්ටකුණා වන්නේ නොදන්නා එවුන් බත් පිසින්න ගියහම.
කට බොරු කිව්වත් දිව් බොරු කියන්නේ නැති බව ඔප්පු කරමින් අගමැතිනි ආචාර්ය
හරිනි අමරසූරිය කෝට්ටේ අංගම්පිටියේ පැවති මාධ්‍යකරුවන්ගේ ක්රීඩාඋත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පවසා සිටියේ මාධ්‍ය වෘත්තිය ඉතාමත් දුෂ්කර කටයුත්තක් බවත්, ප්රවෘත්ති හැදීම මාධ්‍යකරුවන්ගේ කාර්යභාරය බවත්.
බළලා මල්ලෙන් එළියට පැන්නාක් මෙන් අගමැතිනියගේ ප්‍රකාශයත් වර්තමාන ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතියේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කර ඇත.
බලයට පත්වන හැම ආණ්ඩුවක්ම මාධ්‍යකරුවන්ට නොයෙක් අන්දමේ අල්ලස්දීම දීම අළුත් දෙයක් නොවේ.
දිවයිනේ ප්‍රධාන පෙළේ සිංහල පුවත්පතක ප්‍රධාන කර්තෘගේ දියණියට එංගලන්තේ ඉගෙන ගැනීමට (ඇය එංගලන්තයට ගොස් කළ අධ්‍යාපනයක් නැත) එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන්නේ එම කර්තෘ කිසිම හිරිකිතයකින් තොරව මහින්ද රාජපක්ෂගේ සියලුම වැරදි ජනතාවට වසන් කරමින් ප්රවෘත්ති හැදූ නිසයි.
සත්‍ය ප්‍රකාශ කළ හරිනි අමරසූරිය මහත්මියට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.
ප්රවෘත්ති හදන්නෝ, ප්රවෘත්ති මවන්නෝ
ආණ්ඩුව තිබෙන තාක් දිනන්නෝය.
-තෙවැනි ඇස-
27.01.2025
ආහාර කියන දෙය උණු උණුවේ රසයි. වළඳන විට සතුට දනවයි.

The post ආහාර කියන දෙය උණු උණුවේ රසයි. වළඳන විට සතුට දනවයි. appeared first on PFP News.