අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර පෙර රජ දරුවන් විසින් ඉදිකර තිබූ මිහිදු මහ සෑය මුලුමනින්ම ගරාවැටී නටබුන්ව තිබූ අතර මිහින්තලා රජමහා විහාරාධිපති අති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනනැවේ ධම්මරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මහමෙව්නා අසපු සංකීර්ණයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් රු. මිලියන 230 ක පමණ මුදලක් වැය කොට නැවත ඉදිකර මිහින්තලා නායක හිමිපාණන් වහන්සේට භාරදීමේ පුණ්‍ය උත්සවය, ඉහල ධාතුගර්බයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම, බද ගර්බයේ රත්තරන් කිලෝ හතක් යොදා සාදන ලද කරඩුන් වහන්සේ තැන්පත් කිරීම අද (21) පොසොන් පොහෝ දින අලුයම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ අති පුජනීය මහා සංඝ රත්නය ඇතුළු සහ දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
The post අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර පෙර රජ දරුවන් විසින් ඉදිකර තිබූ මිහිදු මහ සෑය ප්‍රතිසංස්කරණ උත්සවය. appeared first on PFP News.