මෙම වට්ස්ඇප් සමුහයේ සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරුන්ගෙන් දැනගැනීමට කැමතියි ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින අතහැර දැමු වල් බිහි වුණු ඉඩම් සම්බන්ධයෙන් මෙම දිනවල සොයා බැලීමක් කරනවද කියල .දන්න එවැනි ඉඩම්.සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ විට සොයා බැලීමක් කර ඒවායේ අයිතිකරුවන්ට අවවාදාත්මක ලිපි දුන්නත් නැවත පසු විපරමක් සිදු නොවන තත්ත්වයක් තමයි දකින්නට තිබෙන්නෙ.එවැනි ඉඩම් නිසා අවදානමට ලක් වෙන්නෙ ඒ අවට ඉන්න නිවැසියන් නොවේද? දැන් පවතින තත්ත්වය අනුව එම ඉඩම්වල වල් බිහි වන වාරයක් පාසා පැමිණිලි කරන්න සිදු වන තත්ත්වයක් තියෙන්නෙ ඒවායේ අයිතිකරුවන් ට විරුද්ධව පියවර නොගැනීම නිසා.මේ සම්බන්ධයෙන් කඩිනම්.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.24 November 2024