(ලංකා ඊ නිව්ස් -2024.ඔක්.02, ප.ව.11.30) “තොටලග මාටියා” ඒ වසර 1972 නොවැම්බර් 27 වන දා “සියරට” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයයි. “සියරට” යනු එක්සත් ජාතික පක්ෂයේ නිළ පුවත්පතයි. මේ ප්‍රධාන ශීර්ෂ පාඨය පල වූයේ ආචාර්ය එන්. එම්. පෙරේරා සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් අයවැය ඉදිරිපත් කළ දිනට පසුදා ය. එදින උදෑසන “සියරට” පුවත්පත ද රැගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ආචාර්ය එන්. එම්. පෙරේරා කථානායකවරයාගේ අවසරය ලබාගෙන විශේෂ ප්‍රකාශ කළේ ය.
“මාටින්” කියන එක මට නම්බුවක්…
“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් අබරන් කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණතාලෙ මිනිහෙක්. සතෙන් ආරම්භ කර බොහොම අමාරුවෙන් තමයි දියුණු වෙන්න උත්සාහ කළේ. ඔහු සමසමාජවාදියෙක් නොවෙයි. තාත්තා මැරෙන තුරාම කොණ්ඩෙ බැන්දා. පනාවකුත් ගැහුවා. මා පිටරට සිටින කාලයේදි කටුකුරුන්දේ විශාල දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදි පනාවක් ඔළුවෙ ගැසූ මිනිහෙක් අනතුරට පත්වූ නිසා අපේ තාත්තා පනා ගැසීම නතර කළා. ඉතින් මම ඔය විදියේ දුප්පත් පවුලකින් පැවත එන මිනිහෙක්. ඒ නිසා “මාටින්” කියන එක මට නම්බුවක්. මම රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුන මිනිහෙක් නෙමෙයි. දැදිගම මන්ත්රීතුමාත් ඉගෙන ගත්තේ එංගලන්තයේ. උන්නැහේ “පෝලෝ” වලින් සමත් වුණා. පෝලෝ කියන්නේ ධනපතියන් අස්සයෝ පිට නැඟලා කරන සෙල්ලමක්. මම පී.එච්.ඩී විභාගය සමත් වුණා. අපි දෙන්න අතර වෙනස ඒකයි” යැයි කලකිරුණු වේදනාත්මක ස්වරයෙන් පැවසූවේ සමස්ත පාර්ලිමේන්තුවම නිහඬ කරමිනි.
එන්. එම් කියන්නේ අපිට සිටින බුද්ධිමතෙක්. ඔහුට මඩ ගහන්න එපා…
ආචාර්ය එන්. එම්. පෙරේරා සිය ප්රකාශයේදී දැදිගම මන්ත්‍රීවරයා වශයෙන් හැඳින්වූයේ එජාප නායක ඩඩ්ලි සේනානායකය. ලැජ්ජාවෙන් ඔළුව පහතට යොමු කරගෙන සිටි ඔහු, මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ස්වල්ප වේලාවකින් පසුව පාර්ලිමේන්තු සභාගර්භයෙන් නික්ම ගියේ ය. ඩඩ්ලිගේ ගමනාත්තය වූයේ එජාප මූලස්ථානය වූ සිරිකොතය. ඔහු වහාම “සියරට” පුවත්පතේ කර්තෘවරයා කැඳවීය. එදින “සියරට” පෙන්වමින් ඔහුට දැඩිව චෝදනා කළ ඩඩ්ලි “මේ විදිහට මිනිස්සුන්ගේ චරිතය ඝාතනය කරන්න එපා. එන්. එම් කියන්නේ අපිට සිටින බුද්ධිමතෙක්. එයා එංගලන්තයේ මුදල් ඇමැතිකමටත් සුදුසුකම් තියෙන කෙනෙක්.
අපි එන්. එම් ඉදිරිපත් කළ අයවැයට විරුද්ධයි. හැබැයි මෙහෙම මඩ ගහන්න බැහැ. ඔහුගෙයි අපේ ප්‍රතිපත්ති වෙනස්. ප්‍රතිපත්ති විවේචනය කරන්න. මඩ ගහන්න එපා. ඒ විදිහට පත්තරය ගෙනියන්න බැරි නම් දැන්ම අස්වෙලා යන්න” කෝපයෙන් කියා සිටියේ ය.
විශිෂ්ටතම පැරණි පාසැලේ ලිබරල්වාදියා…..
ඩඩ්ලි සේනානායක යනු ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පැරණි පාසැලේ (old school) ලිබරල්වාදියාය. ඔහුට දේශපාලන සතුරන් සිටියේ නැති තරම්ය. ඔහු එකිනෙකට විරුද්ධ දේශපාලන බලවේග කළමනාකරණය කිරීමේ දක්ෂයෙකි. ඩඩ්ලිගේ 1965-70 “හත් හවුල්” ආණ්ඩුව එයට නිදසුනකි. චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය, කේ. එම්. පී රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණ මෙන්ම පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ ඩඩ්ලිගේ හවුල් ආණ්ඩුවේ සාමාජිකයෝ වූහ.
රිදී හැන්ද කටේ රඳවාගෙන ඉපැදුණු ඩඩ්ලි….
ඩඩ්ලි යනු රිදී හැන්ද කටේ රඳවාගෙන ඉපැදුණු චරිතයකි. ඔහු ප්‍රධාන ප්‍රභූ පවුලක සාමාජිකයෙකු විය. ඩඩ්ලි බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන සමයේ ජීවත් වූයේ කුමාරයෙකු ලෙසිනි. ඔහු ඒ දිනවල තාරුණ්‍යයේ චමත්කාරය රසවිඳීය. ඒ වකවානුවේම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ ආචාර්ය එන්. එම්. පෙරේරාට ඒ වාසනාව නොතිබුණි. ඔහු ශිෂ්‍ය ජීවිතය ගැටගසා ගත්තේ දැඩි මූල්‍ය දුෂ්කරතා යටතේ ය. තම ජීවිතය ජය ගැනීමට තිබෙන එකම මග අධ්‍යාපනය බව අවබෝධකරගත් එන්. එම් , ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ ය.
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමතිකමට සුදුසු අපේ “ඩබල් ඩොක්ටර්”….
ඔහු වසර 1927 දී බ්‍රිතාන්‍යයේ “ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්” (London School of Economics) එක්වූ අතර එතැන් සිට වසර පහක් මහාචාර්ය හැරල්ඩ් ජේ ලැස්කි යටතේ අධ්‍යයන කටයුතු කළේ ය. එහි දී ඔහු ආචාර්ය උපාධියක් (Doctor of Philosophy – Phd) ලබා ගත්තේ ය. ඔහු “Constitution of the German Weimar Republic” යටතේ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කළේය. එයින් නොනැවතුන එන්. එම් “Comparative study, of the Constitutions of the UK, United States, France and Germany” යන පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් තවත් ආචාර්ය උපාධියක් (Doctor of Science – DSc) ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් හිමි කර ගත්තේ ය. පී.එච්.ඩී. හා ඩී.එස්.සී. උපාධි දෙකම ලබාගත් ඔහුට බොහෝ දෙනෙක් “ඩබල් ඩොක්ටර්” යැයි කීහ. ආචාර්ය එන්.එම් පෙරේරා වසර 1932 දී යළි සියරට බලා පිටත්වීමට තීරණය කළ අවස්ථාවේ මහාචාර්ය හැරල්ඩ් ජේ ලැස්කි කියා සිටියේ සිය ශිෂ්‍යයා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ ආණ්ඩුවක මුදල් ඇමතිධූරය (Chancellor of the Exchequer) දැරීමට අවශ්‍ය සියළු සුදුසුකම් සපුරා ඇති බවයි.
ඩඩ්ලි “හාමු”ට වඩා “සියරට” පුවත්පතේ කර්තෘ සැර වූයේ ඇයි?
ප්‍රභූ පංතිය නියෝජනය කළ ඩඩ්ලි, මධ්‍යම පංති පසුබිමකින් පැමිණි එන්. එම්ට ගරු කළේ ය. ඒ වකවානුවේ රටේ සිටි ප්‍රමුඛතම බුද්ධිමතෙකු වශයෙන් පිළිගත්තේ ය. අන්ත දෙකක දේශපාලන මතවාද නියෝජනය කළ ද දෙදෙනා එකිනෙකාට වෛර නොකළහ. එහෙත් ගෙදර හාමුට වඩා කටුකන බල්ලා සැර යැයි කථාවක් තිබේ. ඩඩ්ලි “හාමු”ට වඩා “සියරට” පුවත්පතේ කර්තෘ සැර වූයේ ඇයි? මඩ කරියෙකු වූයේ ඇයි? එන්. එම්ගේ පවුලේ දිළිඳුකම සහ පහළ පංති ඉතිහාසය ගෙනහැර දැක් වූයේ ඇයි? “තොටලග මාටියා” යනුවෙන් මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරාට අපහාස කළේ මන්ද?
සම පංතික කුහකත්වය…
“සියරට” පුවත්පතේ කර්තෘවරයා ප්‍රභූ පංතියට අයත් වූවෙක් නොවෙයි. ඔහු එන්. එම් මෙන්ම මධ්‍යම පංති පසුබිමකින් පැවැත එන්නෙකි. ආර්ථික මට්ටමින් එන්. එම්ටත් වඩා පහළ මට්ටමක සිටි චරිතයකි. එහෙත් එජාපයේ ප්‍රභූ නායකයන් වන ඩඩ්ලි සේනානායකට, ජේ. ආර් ජයවර්ධනට නැති වෛරයක් කෝපයක්, “සියරට” පුවත්පතේ කර්තෘවරයා තුළ පැවැතියේ මන්ද? මේ තත්ත්වය අර්ථ දැක්විය හැක්කේ සම පංතික කුහකත්වය වශයෙනි.
වෛරය, ඊර්ෂ්‍යාව නිසා හටගන්නා කුහකත්වය…
තම පංතියේ සාමාජිකයෙකු ඉහළට යෑම පිළිබඳව ඇතිවන වෛරය, ඊර්ෂ්‍යාව නිසා හටගන්නා කුහකත්වයයි. මේ කුහකත්වය හේතුවෙන් තමන්ට වඩා ඉහළයෑමට උත්සාහ කරන, එසේ ඉහළට ගිය පුද්ගලයන් දේශපාලන බලවේග ඉලක්ක කර ගනිමින් අවලාද, මඩ, බොරු ප්‍රචාර සහ චරිත ඝාතන සිදු කරයි. ඔවුන්ගේ පවුලේ ඉතිහාසය මතු කරමින් අපහාස කරයි. මේ කිසිවක් දේශපාලන විවේචන නොවෙයි. සම පංතික කුහකත්වය සමඟ ප්‍රවේණිදාස ලබැඳියාව ද එක්වෙයි. ඒ ප්‍රභූ දේශපාලන පංතියට ප්රවේණිදාසයන්සේ සේවය කිරීමේ කැමැත්ත සහ නොනවතින ආශාවයි.
වසර දහස් ගණනක් ප්රවේණිදාසයන් වශයෙන් ජීවත් වූ ජාතියක්…
ප්‍රවේණිදාසත්වය යනු අපේ ජාන සංචිතයේ දීර්ඝ කාලයයක් පුරා පවතින්නකි. වසර දහස් ගණනක් රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ජීවත් වූ අපි ඉන්පසුව බ්‍රිතාන්‍ය රජුගේ යටත්වැසියෝ වූහ. නිදහසින් පසුව ඉඩම්, ව්‍යාපාර, ධන සහ සමාජ බලය හිමිවූ ප්‍රභූ දේශපාලන නායකයෝ, නියෝජිතයෝ බහුතර නිර්ප්‍රභූ ජනතාව සිය දේශපාලන සහ ආර්ථික වහලුන් වශයෙන් තබා ගත්හ. මේ ප්‍රභූ දේශපාලන නායකයන්ගේ ආර්ථික අනුග්‍රහයෙන් එදා සිය ජීවිතය පවත්වාගත් ප්‍රවේණිදාසයෝ තම ප්රභූවරයාට, වලව්වේ හාමුට කුමන තත්ත්වය යටතේ හෝ ඡන්දය ලබාදීම තම රාජකාරි ක්රමයේ අංගයක් ලෙස සැළකූහ. එම ඡන්දය ප්‍රකාශ කිරීම් පිටු පස කිසිදු තාර්කික පදනමක් නොවීය. අදටත් මෙවැනි ප්‍රවේණිදාසයෝ ලක්ෂ ගණනක් අප අතර ජීවත්වෙති.
එදා එන්. එම් අද අනුර…
ප්‍රවේණිදාස සම පංතික කුහකත්වයට ගොදුරු වූයේ ආචාර්ය එන්.එම් පෙරේරා පමණක් නොවෙයි. වර්තමානයේ ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද එම ඉලක්කයට ගොදුරුවී සිටියි. පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, මැතිවරණ වේදිකාවේ සහ මැතිවරණය ප්රචාරක ව්‍යාපාරයේදී ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කරමින් මඩ, අවලාද සහ බොරු සමාජ ගත කළ චරිත ගැන මොහොතකට සිතන්න. මේ පිරිසෙන් අති බහුතරය නිදහස් අධ්‍යාපනය පිහිටින් ඉහළට පැමිණි පහළ මධ්‍යම පංතිකයන්ය. ඔවුහු රටේ ග්‍රාමීය ප්‍රදේශයන් ගෙන් බිහිවූවෝ වෙති.
අනුර කුමාර ජනාධිපතිධූරයට පත්වීම වැළැක්වීමේ එකම අරමුණ…
එහෙත් ඔවුහු අනුරාධපුර තඹුත්තේගමින් පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වීම වැළැක්වීම සඳහා හැකි සෑම දෙයක්ම කළහ. තමන් ද නියෝජනය කරන නිර්ප්‍රභූ ජනතාවට බලය ලබා ගැනීම වැළැක්වීම සඳහා සෑම කුපාඩිකමක්ම කළහ. රටේ පොදු ජනතාව නියෝජනය කරන ජාතික ජන බලවේගය ඉලක්ක කරමින් මඩ අවලාද එල්ල කළහ. ඒ කිසිවක් දේශපාලන විවේචන නොවෙයි. අවලාද, මඩ සහ වෛරීය ප්‍රකාශන පමණි.
රනිල්ට ගොට්ට අල්ලන නූතන “දාස”…
මොවුන්ගේ මානසිකත්වය අවබෝධ කර ගැනීමට එක් නිදසුනක් ගනිමු. රනිල් වික්‍රමසිංහ දිනවීම සඳහා පසුගිය කාලය පුරා දරදිය ඇද්ද අදටත් ඔහුගේ ගුණ ගායනා කරන “දාස”යෙක්, ඔහු අනුර කුමාර දිසානායකට එතරම් වෛර කරන්නේ මන්දැයි සමාජ මාධ්‍යයේ හෙළි කර තිබිණි. මේ නූතන “දාස”ට අනුව ගමකින් පැමිණි ජනාධිපතිවරයෙකු අතින් පාලනයවීමට ඔහු තුළ ඇති නොකමැත්තයි. එහෙත් මේ “දාසයා” ප්‍රභූ පංතිය නියෝජනය නොකරයි. ඔහු ද අනුර කුමාර දිසානායක මෙන් ග්‍රාමීය ප්‍රදේශයක ඉපදුන චරිතයකි.
ප්‍රභූ දේශපාලන පංතිය වෙනුවෙන් අඛණ්ඩව සට්ටැඹි සේවය…
අනුර ජනාධිපතිවීම වැළැක්වීමට මඩ, අවලාද, චරිත ඝාතන කරමින් ඔහු විශාල මෙහෙයුමක් දියත් කිරීමේ රහස පැහැදිලිය. එය සම පංතික කුහකත්වයයි. මෙය තමා මෙන් ගමින් පැමිණි, තම පංතියේ සාමාජිකයෙකු ජනාධිපතිවීම පිළිබඳව ඇතිවන වෛරය, ඊර්ෂ්‍යාව නිසා හටගන්නා කුහකත්වයයි. දෙවනුව තමන් තුළ තිබෙන ප්‍රවේණිදාස ජානයන්ගේ ශක්තියයි. ඔහුගේ ඒකායන අරමුණ තම පරම්පරාව සිදු කළ ආකාරයට තවදුරටත් ප්‍රභූ දේශපාලන පංතියට අඛණ්ඩව සට්ටැඹි සේවය කිරීමය. එහි නියෝජනයක් වන රනිල් “හාමු”ට දාසකම් කිරීමය.
පෙරටුගාමීන්ගේ වාම කුහකත්වය සහ පාඨලී චම්පික…
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, විමල් වීරවංශ ඇතුළු කාලයක් ජවිපෙ ඉහළ නායකත්වයට සම්බන්ධ වූවන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවීම වැළැක්වීමට ගෙන ගිය මඩ, චරිත ඝාතන, අවලාද මෙහෙයුම ද අයත් වන්නේ මේ සම පංතික කුහකත්වයටය. එය වාම කුහකත්වය නම් අනු කාණ්ඩයට අයත්ය. පාඨලී චම්පික රණවක පසු ජනාධිපතිවරණයේදී හැසුරුණු ආකාරය ද පෙරටුගාමීන් මෙන්ම ගුජුප්සාජනකය. ඔහු වසර 1988-89 භීෂණ සමය මතක්කරමින් ජවිපෙට, ජාතික ජන බලවේගයට ඔහු මඩ ගැසුවේය. එහෙත් එම භීෂණ නිර්මාණය කිරීමට ඔහු ද එදා අඩු වැඩි වශයෙන් හවුල් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයෙකු වශයෙන් ඔහුගේ මැදිහත්වීම් ගැන අමුතුවෙන් කරුණු ඉදිරිපත් කළ යුතු නැත. ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රදර්ශනය වූයේ චම්පිකගේ සම පංතික කුහකත්වය මිස දේශපාලන විවේචන නොවෙයි.
ඉංග්‍රීසි දැනුම ගැන වදවීමේ රහස…
අනුර කුමාර දිසානායක ජනාධිපතිවීමෙන් පසුව මේ සම පංතික කුහකත් ප්‍රහාර තීව්ර වී තිබේ. නිදසුනකට නව ජනාධිපතිවරයාට ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැතිවීමේ අඩුපාඩුව ගැන සමාජ මාධ්‍යයන්හි වැලපෙන විශාල පිරිස ගැන මොහොතකට අවධානය යොමුකරන්න. මේ පිරිසෙන් අති බහුතරයකට ද ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැත. ජාත්‍යන්තරයට විවෘත වූ ඉංග්‍රීසි භාෂාව හසුරුවන කිසිවෙකු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉංග්‍රීසි දැනුම ගැන වද වන්නේ නැත. එයට හේතුව රාජ්‍ය පාලනයට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ඔවුන් දන්නා බැවිනි.
ජාතික ජන බලවේගයේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ගමන වැළැක්වීමට මේ මොහොතේ ද කුමන්ත්‍රණ කරන සම පංති කුහක ප්රවේණිදාසයන් නොදැනීම අකුල් හෙලන්නේ තම ඉදිරි ගමනටය. ඔවුන් විනාශ කරන්නේ තම දරුවන්ගේ වටිනා අනාගතයයි. එබැවින් මේ මොහොතේ සම පංති කුහක ප්රවේණිදාසයන් තීරණාත්මකව පරාජය කිරීම සමාජ ප්රගමනය සඳහා වන මූලික කොන්දේසියක් බව අවධාරණය කරමු.
-ආනුභාවනන්ද
anubhawananda1@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
by (2024-10-02 20:21:15)
M තොටලඟ මාටියා, තඹුත්තේගම අනුර කුමාර සහ සම පංතික කුහකයන්ගේ කථාව..! -ආනුභාවනන්ද ලියයි (ලංකා ඊ නිව්ස් -2024.ඔක්.02, ප.ව.11.30) “තොටලග මාටියා” ඒ වසර 1972 නොවැම්බර් 27 වන දා “සියරට” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයයි. “සියරට” යනු එක්සත් ජාතික පක්ෂයේ නිළ පුවත්පතයි. මේ ප්‍රධාන ශීර්ෂ පාඨය පල වූයේ ආචාර්ය එන්. එම්. පෙරේරා සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් අයවැය ඉදිරිපත් කළ දිනට පසුදා ය. එදින උදෑසන “සියරට” පුවත්පත ද රැගෙන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ආචාර්ය එන්. එම්. පෙරේරා කථානායකවරයාගේ අවසරය ලබාගෙන විශේෂ ප්‍රකාශ කළේ ය. “මාටින්” කියන එක මට නම්බුවක්… “මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් අබරන් කීවාම කවුරුත් දන්නවා. මා ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණතාලෙ මිනිහෙක්. සතෙන් ආරම්භ කර බොහොම අමාරුවෙන් තමයි දියුණු වෙන්න උත්සාහ කළේ. ඔහු සමසමාජවාදියෙක් නොවෙයි. තාත්තා මැරෙන තුරාම කොණ්ඩෙ බැන්දා. පනාවකුත් ගැහුවා. මා පිටරට සිටින කාලයේදි කටුකුරුන්දේ විශාල දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදි පනාවක් ඔළුවෙ ගැසූ මිනිහෙක් අනතුරට පත්වූ නිසා අපේ තාත්තා පනා ගැසීම නතර කළා. ඉතින් මම ඔය විදියේ දුප්පත් පවුලකින් පැවත එන මිනිහෙක්. ඒ නිසා “මාටින්” කියන එක මට නම්බුවක්. මම රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුන මිනිහෙක් නෙමෙයි. දැදිගම මන්ත්රීතුමාත් ඉගෙන ගත්තේ එංගලන්තයේ. උන්නැහේ “පෝලෝ” වලින් සමත් වුණා. පෝලෝ කියන්නේ ධනපතියන් අස්සයෝ පිට නැඟලා කරන සෙල්ලමක්. මම පී.එච්.ඩී විභාගය සමත් වුණා. අපි දෙන්න අතර වෙනස ඒකයි” යැයි කලකිරුණු වේදනාත්මක ස්වරයෙන් පැවසූවේ සමස්ත පාර්ලිමේන්තුවම නිහඬ කරමිනි. එන්. එම් කියන්නේ අපිට සිටින බුද්ධිමතෙක්. ඔහුට මඩ ගහන්න එපා… ආචාර්ය එන්. එම්. පෙරේරා සිය ප්රකාශයේදී දැදිගම මන්ත්‍රීවරයා වශයෙන් හැඳින්වූයේ එජාප නායක ඩඩ්ලි සේනානායකය. ලැජ්ජාවෙන් ඔළුව පහතට යොමු කරගෙන සිටි ඔහු, මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ස්වල්ප වේලාවකින් පසුව පාර්ලිමේන්තු සභාගර්භයෙන් නික්ම ගියේ ය. ඩඩ්ලිගේ ගමනාත්තය වූයේ එජාප මූලස්ථානය වූ සිරිකොතය. ඔහු වහාම “සියරට” පුවත්පතේ කර්තෘවරයා කැඳවීය. එදින “සියරට” පෙන්වමින් ඔහුට දැඩිව චෝදනා කළ ඩඩ්ලි “මේ විදිහට මිනිස්සුන්ගේ චරිතය ඝාතනය කරන්න එපා. එන්. එම් කියන්නේ අපිට සිටින බුද්ධිමතෙක්. එයා එංගලන්තයේ මුදල් ඇමැතිකමටත් සුදුසුකම් තියෙන කෙනෙක්. අපි එන්. එම් ඉදිරිපත් කළ අයවැයට විරුද්ධයි. හැබැයි මෙහෙම මඩ ගහන්න බැහැ. ඔහුගෙයි අපේ ප්‍රතිපත්ති වෙනස්. ප්‍රතිපත්ති විවේචනය කරන්න. මඩ ගහන්න එපා. ඒ විදිහට පත්තරය ගෙනියන්න බැරි නම් දැන්ම අස්වෙලා යන්න” කෝපයෙන් කියා සිටියේ ය. විශිෂ්ටතම පැරණි පාසැලේ ලිබරල්වාදියා….. ඩඩ්ලි සේනානායක යනු ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පැරණි පාසැලේ (old school) ලිබරල්වාදියාය. ඔහුට දේශපාලන සතුරන් සිටියේ නැති තරම්ය. ඔහු එකිනෙකට විරුද්ධ දේශපාලන බලවේග කළමනාකරණය කිරීමේ දක්ෂයෙකි. ඩඩ්ලිගේ 1965-70 “හත් හවුල්” ආණ්ඩුව එයට නිදසුනකි. චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂය, කේ. එම්. පී රාජරත්නගේ ජාතික විමුක්ති පෙරමුණ මෙන්ම පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ ඩඩ්ලිගේ හවුල් ආණ්ඩුවේ සාමාජිකයෝ වූහ. රිදී හැන්ද කටේ රඳවාගෙන ඉපැදුණු ඩඩ්ලි…. ඩඩ්ලි යනු රිදී හැන්ද කටේ රඳවාගෙන ඉපැදුණු චරිතයකි. ඔහු ප්‍රධාන ප්‍රභූ පවුලක සාමාජිකයෙකු විය. ඩඩ්ලි බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන සමයේ ජීවත් වූයේ කුමාරයෙකු ලෙසිනි. ඔහු ඒ දිනවල තාරුණ්‍යයේ චමත්කාරය රසවිඳීය. ඒ වකවානුවේම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ ආචාර්ය එන්. එම්. පෙරේරාට ඒ වාසනාව නොතිබුණි. ඔහු ශිෂ්‍ය ජීවිතය ගැටගසා ගත්තේ දැඩි මූල්‍ය දුෂ්කරතා යටතේ ය. තම ජීවිතය ජය ගැනීමට තිබෙන එකම මග අධ්‍යාපනය බව අවබෝධකරගත් එන්. එම් , ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ ය. බ්‍රිතාන්‍යයේ මුදල් ඇමතිකමට සුදුසු අපේ “ඩබල් ඩොක්ටර්”…. ඔහු වසර 1927 දී බ්‍රිතාන්‍යයේ “ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්” (London School of Economics) එක්වූ අතර එතැන් සිට වසර පහක් මහාචාර්ය හැරල්ඩ් ජේ ලැස්කි යටතේ අධ්‍යයන කටයුතු කළේ ය. එහි දී ඔහු ආචාර්ය උපාධියක් (Doctor of Philosophy – Phd) ලබා ගත්තේ ය. ඔහු “Constitution of the German Weimar Republic” යටතේ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කළේය. එයින් නොනැවතුන එන්. එම් “Comparative study, of the Constitutions of the UK, United States, France and Germany” යන පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් තවත් ආචාර්ය උපාධියක් (Doctor of Science – DSc) ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් හිමි කර ගත්තේ ය. පී.එච්.ඩී. හා ඩී.එස්.සී. උපාධි දෙකම ලබාගත් ඔහුට බොහෝ දෙනෙක් “ඩබල් ඩොක්ටර්” යැයි කීහ. ආචාර්ය එන්.එම් පෙරේරා වසර 1932 දී යළි සියරට බලා පිටත්වීමට තීරණය කළ අවස්ථාවේ මහාචාර්ය හැරල්ඩ් ජේ ලැස්කි කියා සිටියේ සිය ශිෂ්‍යයා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ ආණ්ඩුවක මුදල් ඇමතිධූරය (Chancellor of the Exchequer) දැරීමට අවශ්‍ය සියළු සුදුසුකම් සපුරා ඇති බවයි. ඩඩ්ලි “හාමු”ට වඩා “සියරට” පුවත්පතේ කර්තෘ සැර වූයේ ඇයි? ප්‍රභූ පංතිය නියෝජනය කළ ඩඩ්ලි, මධ්‍යම පංති පසුබිමකින් පැමිණි එන්. එම්ට ගරු කළේ ය. ඒ වකවානුවේ රටේ සිටි ප්‍රමුඛතම බුද්ධිමතෙකු වශයෙන් පිළිගත්තේ ය. අන්ත දෙකක දේශපාලන මතවාද නියෝජනය කළ ද දෙදෙනා එකිනෙකාට වෛර නොකළහ. එහෙත් ගෙදර හාමුට වඩා කටුකන බල්ලා සැර යැයි කථාවක් තිබේ. ඩඩ්ලි “හාමු”ට වඩා “සියරට” පුවත්පතේ කර්තෘ සැර වූයේ ඇයි? මඩ කරියෙකු වූයේ ඇයි? එන්. එම්ගේ පවුලේ දිළිඳුකම සහ පහළ පංති ඉතිහාසය ගෙනහැර දැක් වූයේ ඇයි? “තොටලග මාටියා” යනුවෙන් මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරාට අපහාස කළේ මන්ද? සම පංතික කුහකත්වය… “සියරට” පුවත්පතේ කර්තෘවරයා ප්‍රභූ පංතියට අයත් වූවෙක් නොවෙයි. ඔහු එන්. එම් මෙන්ම මධ්‍යම පංති පසුබිමකින් පැවැත එන්නෙකි. ආර්ථික මට්ටමින් එන්. එම්ටත් වඩා පහළ මට්ටමක සිටි චරිතයකි. එහෙත් එජාපයේ ප්‍රභූ නායකයන් වන ඩඩ්ලි සේනානායකට, ජේ. ආර් ජයවර්ධනට නැති වෛරයක් කෝපයක්, “සියරට” පුවත්පතේ කර්තෘවරයා තුළ පැවැතියේ මන්ද? මේ තත්ත්වය අර්ථ දැක්විය හැක්කේ සම පංතික කුහකත්වය වශයෙනි. වෛරය, ඊර්ෂ්‍යාව නිසා හටගන්නා කුහකත්වය… තම පංතියේ සාමාජිකයෙකු ඉහළට යෑම පිළිබඳව ඇතිවන වෛරය, ඊර්ෂ්‍යාව නිසා හටගන්නා කුහකත්වයයි. මේ කුහකත්වය හේතුවෙන් තමන්ට වඩා ඉහළයෑමට උත්සාහ කරන, එසේ ඉහළට ගිය පුද්ගලයන් දේශපාලන බලවේග ඉලක්ක කර ගනිමින් අවලාද, මඩ, බොරු ප්‍රචාර සහ චරිත ඝාතන සිදු කරයි. ඔවුන්ගේ පවුලේ ඉතිහාසය මතු කරමින් අපහාස කරයි. මේ කිසිවක් දේශපාලන විවේචන නොවෙයි. සම පංතික කුහකත්වය සමඟ ප්‍රවේණිදාස ලබැඳියාව ද එක්වෙයි. ඒ ප්‍රභූ දේශපාලන පංතියට ප්රවේණිදාසයන්සේ සේවය කිරීමේ කැමැත්ත සහ නොනවතින ආශාවයි. වසර දහස් ගණනක් ප්රවේණිදාසයන් වශයෙන් ජීවත් වූ ජාතියක්… ප්‍රවේණිදාසත්වය යනු අපේ ජාන සංචිතයේ දීර්ඝ කාලයයක් පුරා පවතින්නකි. වසර දහස් ගණනක් රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ජීවත් වූ අපි ඉන්පසුව බ්‍රිතාන්‍ය රජුගේ යටත්වැසියෝ වූහ. නිදහසින් පසුව ඉඩම්, ව්‍යාපාර, ධන සහ සමාජ බලය හිමිවූ ප්‍රභූ දේශපාලන නායකයෝ, නියෝජිතයෝ බහුතර නිර්ප්‍රභූ ජනතාව සිය දේශපාලන සහ ආර්ථික වහලුන් වශයෙන් තබා ගත්හ. මේ ප්‍රභූ දේශපාලන නායකයන්ගේ ආර්ථික අනුග්‍රහයෙන් එදා සිය ජීවිතය පවත්වාගත් ප්‍රවේණිදාසයෝ තම ප්රභූවරයාට, වලව්වේ හාමුට කුමන තත්ත්වය යටතේ හෝ ඡන්දය ලබාදීම තම රාජකාරි ක්රමයේ අංගයක් ලෙස සැළකූහ. එම ඡන්දය ප්‍රකාශ කිරීම් පිටු පස කිසිදු තාර්කික පදනමක් නොවීය. අදටත් මෙවැනි ප්‍රවේණිදාසයෝ ලක්ෂ ගණනක් අප අතර ජීවත්වෙති. එදා එන්. එම් අද අනුර… ප්‍රවේණිදාස සම පංතික කුහකත්වයට ගොදුරු වූයේ ආචාර්ය එන්.එම් පෙරේරා පමණක් නොවෙයි. වර්තමානයේ ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද එම ඉලක්කයට ගොදුරුවී සිටියි. පසුගිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, මැතිවරණ වේදිකාවේ සහ මැතිවරණය ප්රචාරක ව්‍යාපාරයේදී ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කරමින් මඩ, අවලාද සහ බොරු සමාජ ගත කළ චරිත ගැන මොහොතකට සිතන්න. මේ පිරිසෙන් අති බහුතරය නිදහස් අධ්‍යාපනය පිහිටින් ඉහළට පැමිණි පහළ මධ්‍යම පංතිකයන්ය. ඔවුහු රටේ ග්‍රාමීය ප්‍රදේශයන් ගෙන් බිහිවූවෝ වෙති. අනුර කුමාර ජනාධිපතිධූරයට පත්වීම වැළැක්වීමේ එකම අරමුණ… එහෙත් ඔවුහු අනුරාධපුර තඹුත්තේගමින් පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වීම වැළැක්වීම සඳහා හැකි සෑම දෙයක්ම කළහ. තමන් ද නියෝජනය කරන නිර්ප්‍රභූ ජනතාවට බලය ලබා ගැනීම වැළැක්වීම සඳහා සෑම කුපාඩිකමක්ම කළහ. රටේ පොදු ජනතාව නියෝජනය කරන ජාතික ජන බලවේගය ඉලක්ක කරමින් මඩ අවලාද එල්ල කළහ. ඒ කිසිවක් දේශපාලන විවේචන නොවෙයි. අවලාද, මඩ සහ වෛරීය ප්‍රකාශන පමණි. රනිල්ට ගොට්ට අල්ලන නූතන “දාස”… මොවුන්ගේ මානසිකත්වය අවබෝධ කර ගැනීමට එක් නිදසුනක් ගනිමු. රනිල් වික්‍රමසිංහ දිනවීම සඳහා පසුගිය කාලය පුරා දරදිය ඇද්ද අදටත් ඔහුගේ ගුණ ගායනා කරන “දාස”යෙක්, ඔහු අනුර කුමාර දිසානායකට එතරම් වෛර කරන්නේ මන්දැයි සමාජ මාධ්‍යයේ හෙළි කර තිබිණි. මේ නූතන “දාස”ට අනුව ගමකින් පැමිණි ජනාධිපතිවරයෙකු අතින් පාලනයවීමට ඔහු තුළ ඇති නොකමැත්තයි. එහෙත් මේ “දාසයා” ප්‍රභූ පංතිය නියෝජනය නොකරයි. ඔහු ද අනුර කුමාර දිසානායක මෙන් ග්‍රාමීය ප්‍රදේශයක ඉපදුන චරිතයකි. ප්‍රභූ දේශපාලන පංතිය වෙනුවෙන් අඛණ්ඩව සට්ටැඹි සේවය… අනුර ජනාධිපතිවීම වැළැක්වීමට මඩ, අවලාද, චරිත ඝාතන කරමින් ඔහු විශාල මෙහෙයුමක් දියත් කිරීමේ රහස පැහැදිලිය. එය සම පංතික කුහකත්වයයි. මෙය තමා මෙන් ගමින් පැමිණි, තම පංතියේ සාමාජිකයෙකු ජනාධිපතිවීම පිළිබඳව ඇතිවන වෛරය, ඊර්ෂ්‍යාව නිසා හටගන්නා කුහකත්වයයි. දෙවනුව තමන් තුළ තිබෙන ප්‍රවේණිදාස ජානයන්ගේ ශක්තියයි. ඔහුගේ ඒකායන අරමුණ තම පරම්පරාව සිදු කළ ආකාරයට තවදුරටත් ප්‍රභූ දේශපාලන පංතියට අඛණ්ඩව සට්ටැඹි සේවය කිරීමය. එහි නියෝජනයක් වන රනිල් “හාමු”ට දාසකම් කිරීමය. පෙරටුගාමීන්ගේ වාම කුහකත්වය සහ පාඨලී චම්පික… පෙරටුගාමී සමාජවාදී පක්ෂය, විමල් වීරවංශ ඇතුළු කාලයක් ජවිපෙ ඉහළ නායකත්වයට සම්බන්ධ වූවන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවීම වැළැක්වීමට ගෙන ගිය මඩ, චරිත ඝාතන, අවලාද මෙහෙයුම ද අයත් වන්නේ මේ සම පංතික කුහකත්වයටය. එය වාම කුහකත්වය නම් අනු කාණ්ඩයට අයත්ය. පාඨලී චම්පික රණවක පසු ජනාධිපතිවරණයේදී හැසුරුණු ආකාරය ද පෙරටුගාමීන් මෙන්ම ගුජුප්සාජනකය. ඔහු වසර 1988-89 භීෂණ සමය මතක්කරමින් ජවිපෙට, ජාතික ජන බලවේගයට ඔහු මඩ ගැසුවේය. එහෙත් එම භීෂණ නිර්මාණය කිරීමට ඔහු ද එදා අඩු වැඩි වශයෙන් හවුල් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයෙකු වශයෙන් ඔහුගේ මැදිහත්වීම් ගැන අමුතුවෙන් කරුණු ඉදිරිපත් කළ යුතු නැත. ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රදර්ශනය වූයේ චම්පිකගේ සම පංතික කුහකත්වය මිස දේශපාලන විවේචන නොවෙයි. ඉංග්‍රීසි දැනුම ගැන වදවීමේ රහස… අනුර කුමාර දිසානායක ජනාධිපතිවීමෙන් පසුව මේ සම පංතික කුහකත් ප්‍රහාර තීව්ර වී තිබේ. නිදසුනකට නව ජනාධිපතිවරයාට ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැතිවීමේ අඩුපාඩුව ගැන සමාජ මාධ්‍යයන්හි වැලපෙන විශාල පිරිස ගැන මොහොතකට අවධානය යොමුකරන්න. මේ පිරිසෙන් අති බහුතරයකට ද ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැත. ජාත්‍යන්තරයට විවෘත වූ ඉංග්‍රීසි භාෂාව හසුරුවන කිසිවෙකු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඉංග්‍රීසි දැනුම ගැන වද වන්නේ නැත. එයට හේතුව රාජ්‍ය පාලනයට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ඔවුන් දන්නා බැවිනි. ජාතික ජන බලවේගයේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ගමන වැළැක්වීමට මේ මොහොතේ ද කුමන්ත්‍රණ කරන සම පංති කුහක ප්රවේණිදාසයන් නොදැනීම අකුල් හෙලන්නේ තම ඉදිරි ගමනටය. ඔවුන් විනාශ කරන්නේ තම දරුවන්ගේ වටිනා අනාගතයයි. එබැවින් මේ මොහොතේ සම පංති කුහක ප්රවේණිදාසයන් තීරණාත්මකව පරාජය කිරීම සමාජ ප්රගමනය සඳහා වන මූලික කොන්දේසියක් බව අවධාරණය කරමු. -ආනුභාවනන්ද anubhawananda1@gmail.com ලියුම්කරුගේ ලිපි එකතුව https://www.lankaenews.com/category/33 ————————— by (2024-10-02 20:21:15)