මෙය හෑලී කිහිපයක් ලෙස එක්කරනුයේ පුලුල් සංවාදයකටය. සාදනීය විවේචන වලට පමනක් ප්‍රතිචාර දක්වනු ලැබේ.
Clean Sri Lanka යනු පරිසරය පිරිසිදු කිරීමක් නොව සමාජයම පිරිසිදු කරන්නක් බව අනුර ජනපතිගේ වචනයයි. ඒක ඇත්තය. ඒක වෙන්නම ඕනය. මෙතරම් කාලයක් රට ආපස්සට ගියේ ඔය අපිරිසිදු සමාජය නිසාය. මේ clean කිරීමට එහි ආරම්භය හා විකාශනය දැන ගත යුතුය. Enterence එක ගන්න ඕන Exit එක දැන ගෙනයැයි දේශපාලන කියමනක් ඇත. අද Clean s Sri Lanka ගේන්න වෙලා තියෙන්නේ exit නොදැන ගත් enterence එකක් නිසාය. එකිනෙක හෑලී කිහිපයකින් විමසන්නේ Clean Sri Lanka ප්‍රතිපල අත්පත් කරගැනීම ඊලගට රට කරන අයටත් වැදගත් නිසාය.
තීරනාත්මක හැරවුම –
1948 නිදහස් ලංකාවේ එජාපය,සමසමාජ -කොමියුනිස්ට් යන කදවුරු දෙක විය. නායකත්ව අනුප්‍රාප්තිය සම්බන්ධ කාරනයක් නිසා 56 එජාප කදවුරෙන් විතැන්ව බන්ඩාරනායක ආන්ඩුව හැදෙන්නේ වාම ජාතිකවාදයක් එක්කය. සාමාන්‍යයෙන් වම ජාතික වාදයට එරෙහිය. එහෙත් රාජ්‍ය භාෂා කාරනය හා පංච මහා බලවේගයේ සග බලවේගය එක්කරමින් ලොවේ කොහෙත් නැති වාම ජාතිකවාදයක් 56 ලංකාවේ හැදීය. ඒකත් එක්ක සම සමාජ කොමියුනිස්ට් වමේ පක්ෂ විය. බන්ඩාරනායක වමෙක් හෝ ජාතික වාදියෙක් නොවූ බව අමතක නොකල යුතුය.
මේ අතරේදී 1965 ආරම්භ කල දේශපාලන ව්‍යාපාරය ජවිපෙය. විප්ලවය විශ්වාස කරමින් විප්ලවයක් මගින් බලය ගැනීමට ජවිපෙ පිහිටුවා ඇත.සමාජවාදය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති ඒ යුගයේ ලංකාව තුලද සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ ප්‍රබල වී තිබිනි.ජවිපෙ බිහි වෙන්නෙ එවන් පසුබිමකය.
ජවිපෙ ආරම්භයත් එක්කම අනෙක් සමාජවාදී ව්‍යාපාර අභිබවා ජවිපෙ ඉස්මතු විය. එයට ලංකාවෙ සමාජය එලිපිට කතා නොකරන ග්‍රාම්‍ය දෑද ජවිපෙ භාවිතා කලේය.
- කුල වාදය -කුල පීඩනය දේශපාලන අවියක් කරගැනීම – එවක ලංකාවේ කුලවාදය උග්‍ර විය. ගොවිගම,කරාව,සලාගම,වහුම්පුර , වැනි වැඩි ජනගහනයක් සහිත කුල කිහිපයක් හැරුනු විට බොහෝ කුල වර්ගවල ජනයා පීඩාවක් වින්දහ.
1943 දී CWW කන්නන්ගර ශ්‍රීමතානන් නිදහස් අධ්‍යාපනය හදුන්වාදෙමින් එම කුල ගැටලුවට දිගුකාලීන විසදුම දෙද්දී එහි ප්‍රතිපල එමින් තිබියදී පීඩීත කුල ජනයා අවුස්සමින් (අභ්‍යන්තර පෙලඹවීම) විප්ලවයකින් තොර ජයක් නැති බව හුවා දක්වමින් සමාජයේ බෙදීම කලේ ඔවුන් ය.
1977 ජේ.ආර්. විවෘත වෙලදපොල ආර්තික ක්‍රමය ගෙන ඒමෙන් ඔය කුලවාදය සදහටම අතු ගෑවෙන්නටය. රෙදි සේදීමත්,බෙර වැයීමත්,නර්තනයත්, කොන්ඩා කැපීමත්, මැටි භාන්ඩ නිපැයුමත්,රා මැදීමත්, ස්වර්නාභරන සැපයීමත්, මාලු සැපයීමත්, කුරුදු තැලීමත්, ගොවිතැනත් වෙලද පොල මත තීරනය වන විට ධනවත් වීම සිදුවන්නේ කුලය අනුව නොවේ. එක් පසෙකින් 43 නිදහස් අධ්‍යාපනය සවිමත් කරමින් නොමිලේ පෙලපොත දෙමින් සරසවි හදමින් විද්‍යා පීඨ හදමින් ඉගෙන ගෙන උඩට එන්නට එක් කොටසකට පාර කපන ගමන් වෙලද පොල තරගකාරීත්වය තුලින් උඩට එන්න තවත් පිරිසකට පාර කැපීය. නාගරීකරණය වේගවත් කිරීම තුලද ජේ. ආර්. කලේ ඔය කුලවාදය සදහටම අතුගා දාන්නය. ඒක දැනගත් බමුනු පරපුරක් ජේ.ආර්. ද්‍රෝහීයෙක් කලේය. (ජේ.ආර්.ගෙ ඒකාධිපති බව හා සහචරවාදය මා කිසිසේත් අනුමත නොකරමි). විවෘත ආර්ථිකය රකුසෙක් කලේය. පුද්ගලික ව්‍යවසාය ගැන බිය ගැන්වීය. බහුජාතික සමාගම් රකුසෙක් කලේය. ගෝලීයකරනය මාරයෙක් බවට පත් කලේය. අද බලවත් ඉන්දියාවටත්,චීනයටත්,තායිලන්තයටත් පෙර ජේ.ආර්. ආසියාවෙ වෙලදපොල ආර්ථික ක්‍රමය පටන් ගත්තේය. එය කඩාකප්පල් කල හැමෝම ආන්ඩු අරන් ඒ පාරේම යන්නේ ජේ.ආර්.ට බනිමිනි. ඒ ඇත්ත දනිමිනි. ඒ අය එදා ජේ.ආර්.ට කොරන්න දුන්නා නම් අපි ආසියාවෙ පොහොසත්ම රටකි. අපිට ලස්සන ජීවිතයක් ඇත. ජේ.ආර්.ට ගහපු අය ගැහුවේ ජේ.ආර්.ගෙ නරක ටිකට වඩා හොද ටිකටය.
අද වෙද්දි අනුර දිසානායක ජවිපෙ නායකයා ව ජනපති වනවිට IMF යෝජනා එක්ක යා යුතු බව පිලිගෙන ඇත. එජාප හෝ සජබ එය වැරදි බව කියා නැත. එදා මොනව කිව්වත් අනුර JR පිලිගෙන ඇත. පුද්ගලීකරනය අවශ්‍ය බව අනුර පිලිගෙන ඇත. ලංවිම ඇතුලු රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කරමින් ලක්ෂ 7.5 රාජ්‍ය සේවක ප්‍රමානයක් ඉවත් කලයුතු බව අනුර පිලිගත් නිසා ඔහුගෙ ආර්ථික උපදේශක හුලංගමුව එය ප්‍රකාශ කලේය. පලාත් සභා තිබිය යුතු බව අනුර පිලිගෙන ඇති නිසා ටිල්වින් ඒ ගැන කියන්නේය.
අනුර ජවිපෙ නායකයා වුන එක හොදය. නැතිනම් 2010-2015 ලිබරල් කදවුර එක්ක හිටගන්නේ නැත. එහෙම නොහිටියානම් IMF දිහා බලන්නේත් නැත.ඇරත් තවමත් 60 දශකයේ මෙන් පීඩීත කුලවල ගැලවුම්කාරයාය. අනුර නායකයා වන තෙක්ම එහි නායකත්වය ගොවිගම කුලයට අත් නොවීය. එහි ආරම්භක නායක විජේවීර දකුනේ කරාව කුලය නියෝජනය කලේය. ආරම්භක ලේකම් ලයනල් බෝපගේ වෙනත් සුලු කුලයක් නියෝජනය කලේය. විජේවීරගෙන් පසු එම කුලයේම සෝමවංශ අමරසිංහට කොඩිය අත් විය. ටිල්වින් සිල්වා එහි දීර්ගතම ලේකම් සලාගම කුලය නියෝජනය කරයි. ගොවිගම කුලය නියෝජනය කල අනුර දිසානායක නායකත්වයට පත් වූ පසුව එහි කුලවාදී බව මදක් අඩුවී ඇති ආකාරය පෙනෙයි. අප එය සුබවාදීව දකිමු.
අද Clean Sri Lanka අවශ්‍යව ඇත්තේ 68 ලක්ෂයක තම අනුගාමිකයන්ගෙන් සැලකිය යුතු කොටසක ඔලු සුද්ද කිරීමට බව අනුර දනියි. රට ඉස්සරහට යන්න නම් පරන වාම සංකල්පයෙන් මිදී වෙලදපොල ආර්ථිකය සමග යා යුතු බව අනුර දනියි. අනුර පමන්ක් නොව ජවිපෙ උඩ ඇවරියත් දනියි. මුලින් IMF විරෝධය,වෙලදපොල ආර්ථික විරෝධය පා වමේ enterence එක ගත්තේ exit එක නොදැනය. දැන් තියෙන්නේ හානිය අවම කිරීමය. ඒකට තමන්ගේ 68 ලක්ෂයට Home wok දෙන්නට ඕනෑය. ඔවුන්ට ටික ටික මේක තේරුම් වෙන්න ඉඩහරින්න ඕනෑය.
ඒකට Tool එක Clean Sri Lanka ය. ඔය ගැන දන්නා අය ආන්ඩුව කොලේ වහලා ගහන එකට විරෝධය දැක්වීම සාධාරනය.ඇමතිල වැව්වල බැහැල ජපන් ජබර උගුලන්න වුවමනා නැත. ඒවාට වැටුප් ගෙවන රාජ්‍ය නිලධාරීන් සිටිති. කුනු අස් කරන්න ,නගර පිරිසිදු කරන්න පලාත් පාලන සේවකයින් සිටිති. සමාගම් වල CSR ව්‍යාපෘතිවලින් එක පෑන් පාරෙන් ඔය දේවල් කරගත හැකිය. ඒත් 68 ලක්ෂයක අනුගාමිකයන්ට එකපාර තිත්ත කසාය පොවන්න පෙර ඔවුන්ට දෙන්න ක්‍රියාකාරකමක් ඕනෑය. එය Clean Sri Lanka ය.
එය සාර්ථක වන්නට මම පතමි. Clean Sri Lanka යනු ජවිපෙ හෘද සාක්ෂියේ පාපොච්චාරණය ලෙස නම් කිරීමට මා මැලි නොවෙමි.හැබැයි ඉතින් ඒ ව්‍යාපෘතියට සම්මාදන් ගැනීමට පරිත්‍යාගශීලීන් සංස්කෘතිකමය හො ආගමික වශයෙන් විශ්වාස කරමින් හෝ සමාජ සේවා ලෙස කරන නිදහස් සෞඛ්‍ය අර්ථවත් වන කටයුතු අඩපන කිරීමනම් ආන්ඩුවකට නොගැලපෙයි.
දර්ශන තන්ත්‍රීගේ
2025.01.04
The post “Clean Sri Lanka හෙවත් හෘද සාක්ෂියේ පාපොච්චාරණය “කරන්නම ඕන වැඩකි (1) appeared first on PFP News.