මෙවර ඔහු කවි විනිස සඳහා තෝරාගෙන තිබෙන්නේ ඉන්ද්‍රා ලියනගේ කිවිඳියගේ ‘ස්නේහයේ කඳු හිස කරා’ නම් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ එන ‘පුතේ නුඔ නිදොස් කොට නිදහස්’ නම් කවිය යි.
එය මේ සමඟ ඔබ වෙත.෴
* කවිමිහිර
✍️ බුද්ධදාස ගලප්පත්ති 💎 නිදොස් කොට නිදහස් පුතේ නුඹ ඉන්ද්‍රා ලියනගේ
අවාරෙට පොල් වැටෙනවා වගෙයි එන්නෙම
කිසි දෙයක් කියන්නෑ හේතුවක් ඇහුවම
ඒ නිසයි එන්න කීවේ අම්ම එක්කම
කියන්නකො අම්මෙ මේකට හේතු කාරණ
ආපු දවසට හදයි සතියක ම පැවරුම
අස අසා මග හැරුණු තැන් හොයයි තනියම
තිබූ හිස් තැන් පොතේ පුරවගෙන ඔක්කොම
ඒත් ඇයි මෙහෙම නෑවිත් ඉන්නෙ තිස්සෙම
ඇහුවහම මොනවත්ම කියන්නැති හින්දම
හෙට අම්මවත් එක්ක ගෙන එන්න කීවම කඳුළු පුරවන් ඇහේ බිම බලා ගත්තම
දුක හිතුන වුණත්, ඒක ම නෙවේ විසඳුම
අනේ නෝනේ මමත් බැලුවෙ හැම තිස්සෙම
ඉස්කෝලෙ එවන්නයි ඌ දස්ස හින්දම
මට විපැත්තියක් වෙයි කියල ඌ නැතුවම
එන්නෙ නෑ නෝනෙ අර මිනිහ ගෙයි උන්නම
ඌට ලැජ්ජයි නෝනෙ මේව මම කිව්වම
අපෙ මිනිහ මළ යකෙක් තමයි බීගත්තම
බී ගත්තෙ නැති වෙලාවක් තමයි නැත්තෙම
තඩිබාන තරම් මට දනී මුළු වත්තම
රෑට වැඩ මුර වැටෙන සතියෙ හැම දවසෙම
ගෙට එන්නෙ බීගෙනයි හැම උදැහැනැක්කෙම
පොත පැත්තකින් තියල වැටෙයි මගෙ පස්සෙම
ඔන්න ඕකයි නෝනෙ විස්තරේ ඔක්කොම
මෙච්චරක් ඉවසුවෙත් මම මේක (අ) හින්දම
ගෙවන්නට එපෑ කරුමයක් අපි කෙරුවම බෙල්ලෙ වැල ලා ගන්න හිතුනාට නිතරම
වැලලෙන්න බෑ නෝනෙ අම්මෙකුට තනියම
සරසවි ප්රකාශනයක් ලෙස 2022 දී පළවන ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය විරචිත ‘ස්නේහයේ කඳු හිස කරා’ කාව්‍ය සංග්‍රහය ඇගේ කුළුඳුල් පද්‍ය කාව්‍ය නිර්මාණ සංග්‍රහය යි. අඩ සියයක් පමණ නිර්මාණවලින් සැදි මේ කෘතියේ කවි පිළිබඳ කිවිඳිය විසින් ම කළ හැඳින්වීම මෙසේ ය.
මතක මං පෙත් පුරා පිපුණ පොඩි මල්පෙතී
හිතක උණුසුම යටින් එළා වියළාගතී
පොතක අලවමි මහරු හැඩක් නම් නැතුවැතී
අතක බර දැනුණෙ නැති ජීවිතය මෙහි ඇතී
කිවිඳිය පවසන පරිද්දෙන් ම ඇගේ බොහෝ කවි තුළින් ජීවිතය දකින්නට කළ උත්සාහයක් පෙනේ. නිර්මාණකාරිය ජීවත්වන අවට ලෝකය හා සමාජය තුළ ම ඈ දුටු ඈ විඳි අනුභූතීන් විෂය කොට ගෙන ඒවා කාව්‍ය රචනා බවට පත්කොට ඉදිරිපත් කිරීමේ ව්‍යායාමයෙහි සාර්ථක ඵලයක් ලෙස ‘නිදොස් කොට නිදහස් පුතේ නුඹ’ නිර්මාණය හැඳින්වීමට කැමැත්තෙමි.
පිළිවෙළකට පාසල් නො එන ශිෂ්‍යයකු පිළිබඳ ගුරුතුමිය විසින් කරන ලද පැමිණිල්ලකට ශිෂ්‍යයා තම මව සමග පාසලට එයි. පැමිණ ගුරුතුමිය හමු වෙයි. පළමුව අප දකින්නේ කතානායක ශිෂ්‍යයා කෙබඳු දරුවෙක් ද කියායි. ගුරුතුමියගේ දෘෂ්ටි කෝණයෙන් අපට දරුවා දැක ගන්නට ලැබේ. ඔහු ඉගෙනුමට අදක්ෂ දුර්වල ශිෂ්‍යයකු නොවේ. එහෙත්, ඔහු පාසල් එන්නේ අවාරෙට පොල් වැටෙන අයුරිනි. අවාරෙට පොල් වැටෙනවා යන කාව්‍යොක්තිය මතු කෙරෙන අර්ථ ධ්වනිය ශිෂ්‍යයා පිළිබඳ පුළුල් චිත්‍රයක් පාඨකයන් ඉදිරියේ තැබීමකි. ඉගෙනීම් කටයුතුවල දී ඔහු දක්ෂයකු බව ගුරුතුමිය පවසන්නී ඔහු පිළිබඳ ආඩම්බරයකින් මෙන් ම, ඔහු කෙරෙහි උපන් අනුකම්පාවකින් ද බව හැඟේ. ඉඳහිට පැමිණිය ද, සතියක ම පැවරුම හදන්නට ඔහුට වෙලාවක් ගත නොවේ. පාසලට පිළිවෙළට නො එන්නේ කිමද කියා ගුරුතුමිය නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු නොදෙයි. පිළිතුරක් නොලැබෙන කල ගුරුතුමිය දරුවාට පවසන්නී, පසු දා මව කැටුව පාසලට එන ලෙසයි. සිසුවා නිහඬව බිම බලා සිටින කල ගුරුතුමිය දරුවාගේ ඇසක කඳුළක් දකී. ඒ දකින ඇගේ සිත උණුවෙයි. සිතැඟිවලට ඉඩ හැරීමෙන් ප්රශ්නය නොවිසඳෙන බව දන්නා නිසා ය ගුරුතුමී ඔහුට පවසන්නී මව කැටුව පාසලට එන ලෙස.
ආපු දවසට හදයි සතියකම පැවරුම
අස අසා මඟ හැරුණු තැන් සොයයි තනියම
ඇහුවහම මොනවත්ම කියන්නැති හින්දම
හෙට අම්මවත් එක්ක ගෙන එන්න කීවම
කඳුළු පුරවන් ඇහේ බිම බලා ගත්තම
දුක හිතුන උනත්, ඒකම නොවේ විසඳුම..
කවියේ දෙවන භාගය මගින් තම පුතු පාසල් නොඑන කාරණය මව ලවා ගුරුතුමිය හමුවේ හෙළිදරව් කරවන්නේ ලංකාවේ කුමන හෝ ප්‍රදේශයක, ගමක, ජීවත්වන පවුලක සැබෑ ස්වභාවයයි. දරුවාගේ හැකියාවන් පිළිබඳ මව හොඳින් දැන සිටිය ද පුතුට පාසල් ගමනට වඩා වැදගත් රාජකාරියක් නිවස තුළ වන බවයි මව ගුරුතුමියට පවසන්නී.
පුතුට එක දිගට පාසල් ඒමට බාධා පමුණුවන හේතු කාරණා, මොනවාද ? පුතු නිතර නිවසෙහි සිටින්නේ මව පිළිබඳ බියෙනි. ඒ බිය ඔහු සිතට පිවිසෙන්නේ කෙලෙස ද, කිනම් මොහොතක ද? මව ගුරුතුමිය හමුවේ පවසන්නී පුතුගේ පාසල් ගමන අඩාලවන්නේ ඔහුට ඇගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන්නට සිදුවීම නිසා ය. ඈ ආරක්ෂා කොට ගත යුත්තේ කාගෙන් ද? දරුවාගේ පියාගෙන් මව ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ ඔහුගේ බීමත් චර්යාව නිසා ය. බී ගත් කළ යක්ෂාවේෂ වන පියා නොබී සිටින මොහොතක් නැති බවත්, එවන් මොහොතක මවට ඔහු සලකන ආකාරය මුළු වත්තම දන්නා බවත් මව ගුරුතුමිය හමුවේ පවසන්නී ය. පුතුට පොතපත කෙරෙහි ඇස තබනු වෙනුවට මවගේ රැකවරණය සලසන යුතුකම ඉටුකිරීමට සිදුවෙයි. ඔහු නිරතුරුව ම මව පසුපසින් සිට ඇයට පියාගෙන් සිදුවිය හැකි අතුරු ආන්තරාවලින් ඈ මුදවාගැනීමේ වගකීම ඉටුකරන්නේ පාසල් කටයුතුවලට දෙවන තැන දෙමිනි.
රෑට වැඩ මුර වැටෙන සතියෙ හැම දවසෙම
ගෙට එන්නෙ බීගෙනයි හැමඋදැහැනැක්කෙම
පොත පැත්තකින් තියල වැටෙයි මගෙ පස්සෙම
ඔන්න ඕකයි නෝනෙ විස්තරේ .ඔක්කොම
බීමත්කම, මැද පෙරදිග රැකියා සොයා ගිය මව්වරුන් නොමැති පවුල්වල තමන්ගේ ම දරුවන් හා අපචාරයන්ට පෙළඹෙන පියවරු බහුල සමාජයක් ඈත ගම් බොහොමයක ම දකින්නට ලැබෙන බව පවසන මාධ්‍ය වාර්තා එමට ය. එය සැබැවින් ම අතිශය ශෝකජනක තත්ත්වයකි. කාලයක් තිස්සේ ඈත ගම්වල සිදුවන මෙබඳු සමාජ ඛේදවාචකවලට ගොදුරුවන දූ පුතුන්ගේ ජීවිත අඳුරින් අඳුරට පත්වන බවට අපූරු නිදසුනකි, මේ කිවිඳිය තම අත්දැකීම මගින් අප හමුවෙහි තබන්නී. ඈ සියල්ල විඳ දරා සිටින්නී කර්මය නිසා මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදුව ඇතැයි යන විශ්වාසයෙනි. ආගම විසින් මෙහෙයවනු ලබන ගැමි ජීවිත යථාර්ථය වටහා නොගනී. අවසාන විසඳුම සේ ජීවිතයෙන් පලා යන්නට සිතුන ද, ඇයට එය තනිව කළ නොහැක්කේ දරු සෙනෙහස දැඩි බැවිනි. කිවිඳිය ප්රස්තුත මවගේ ශෝකාලාපය කවියට නගන්නී හෘද සංවේදී භාෂා භාවිතයකින් හා ප්‍රබල සංකල්ප රූප නිර්මාණයක් තුළිනි. ජීවිතයෙන් පලා යෑමෙන් ඇගේ ප්‍රශ්නයට විසඳුමක් වූව ද, ඇගේ පුතුගේ ප්රශ්නය ඉන් නොවිසඳෙන බව දන්නා මව තම තීරණය වෙනස් කරන්නී ය.
මෙච්චරක් ඉවසුවෙත් මම මේක (අ) හින්දම
ගෙවන්නට එපෑ කරුමයක් අපි කෙරුවම
බෙල්ලෙ වැල ලා ගන්න හිතුනාට නිතරම
වැලලෙන්න බෑ නෝනෙ අම්මෙකුට තනියම
‘වැලලෙන්න බෑ නෝනෙ අම්මෙකුට තනියම’ යන්නෙහි යටි පෙළ මතු කරන දාරක ස්නේහය පිළිබඳ ගැමි ගැහැනියකගේ චින්තාව කිවිඳිය මනාව ග්‍රහණය කොට සිටින්නී ය. ✍️ බුද්ධදාස ගලප්පත්ති bgalaps@gmail.com
පුවත්පත් කලාවේදී උදේශ සංජීව ගමගේ ප්‍රධාන කර්තෘත්වය දරන දිවයින ඉරිදා සංග්‍රහයට පුවත්පත් කලාවේදී නිලුපුල් තුතිසෝම සංස්කරණය කරන ‘කව්මුතු’ කවිපිටුව සැරසූ ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති සොහොයුරාණන් සම්පාදනය කරන ‘කවි මිහිර’ මේ සමඟ ඔබ වෙත. මෙවර ඔහු කවි විනිස සඳහා තෝරාගෙන තිබෙන්නේ ඉන්ද්‍රා ලියනගේ කිවිඳියගේ ‘ස්නේහයේ කඳු හිස කරා’ නම් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ එන ‘පුතේ නුඔ නිදොස් කොට නිදහස්’ නම් කවිය යි. එය මේ සමඟ ඔබ වෙත.෴ =============================== ***************** කවිමිහිර **************** ✍️ බුද්ධදාස ගලප්පත්ති 💎 නිදොස් කොට නිදහස් පුතේ නුඹ ඉන්ද්‍රා ලියනගේ අවාරෙට පොල් වැටෙනවා වගෙයි එන්නෙම කිසි දෙයක් කියන්නෑ හේතුවක් ඇහුවම ඒ නිසයි එන්න කීවේ අම්ම එක්කම කියන්නකො අම්මෙ මේකට හේතු කාරණ ආපු දවසට හදයි සතියක ම පැවරුම අස අසා මග හැරුණු තැන් හොයයි තනියම තිබූ හිස් තැන් පොතේ පුරවගෙන ඔක්කොම ඒත් ඇයි මෙහෙම නෑවිත් ඉන්නෙ තිස්සෙම ඇහුවහම මොනවත්ම කියන්නැති හින්දම හෙට අම්මවත් එක්ක ගෙන එන්න කීවම කඳුළු පුරවන් ඇහේ බිම බලා ගත්තම දුක හිතුන වුණත්, ඒක ම නෙවේ විසඳුම අනේ නෝනේ මමත් බැලුවෙ හැම තිස්සෙම ඉස්කෝලෙ එවන්නයි ඌ දස්ස හින්දම මට විපැත්තියක් වෙයි කියල ඌ නැතුවම එන්නෙ නෑ නෝනෙ අර මිනිහ ගෙයි උන්නම ඌට ලැජ්ජයි නෝනෙ මේව මම කිව්වම අපෙ මිනිහ මළ යකෙක් තමයි බීගත්තම බී ගත්තෙ නැති වෙලාවක් තමයි නැත්තෙම තඩිබාන තරම් මට දනී මුළු වත්තම රෑට වැඩ මුර වැටෙන සතියෙ හැම දවසෙම ගෙට එන්නෙ බීගෙනයි හැම උදැහැනැක්කෙම පොත පැත්තකින් තියල වැටෙයි මගෙ පස්සෙම ඔන්න ඕකයි නෝනෙ විස්තරේ ඔක්කොම මෙච්චරක් ඉවසුවෙත් මම මේක (අ) හින්දම ගෙවන්නට එපෑ කරුමයක් අපි කෙරුවම බෙල්ලෙ වැල ලා ගන්න හිතුනාට නිතරම වැලලෙන්න බෑ නෝනෙ අම්මෙකුට තනියම සරසවි ප්රකාශනයක් ලෙස 2022 දී පළවන ඉන්ද්‍රා ලියනගේ කිවිඳිය විරචිත ‘ස්නේහයේ කඳු හිස කරා’ කාව්‍ය සංග්‍රහය ඇගේ කුළුඳුල් පද්‍ය කාව්‍ය නිර්මාණ සංග්‍රහය යි. අඩ සියයක් පමණ නිර්මාණවලින් සැදි මේ කෘතියේ කවි පිළිබඳ කිවිඳිය විසින් ම කළ හැඳින්වීම මෙසේ ය. මතක මං පෙත් පුරා පිපුණ පොඩි මල්පෙතී හිතක උණුසුම යටින් එළා වියළාගතී පොතක අලවමි මහරු හැඩක් නම් නැතුවැතී අතක බර දැනුණෙ නැති ජීවිතය මෙහි ඇතී කිවිඳිය පවසන පරිද්දෙන් ම ඇගේ බොහෝ කවි තුළින් ජීවිතය දකින්නට කළ උත්සාහයක් පෙනේ. නිර්මාණකාරිය ජීවත්වන අවට ලෝකය හා සමාජය තුළ ම ඈ දුටු ඈ විඳි අනුභූතීන් විෂය කොට ගෙන ඒවා කාව්‍ය රචනා බවට පත්කොට ඉදිරිපත් කිරීමේ ව්‍යායාමයෙහි සාර්ථක ඵලයක් ලෙස ‘නිදොස් කොට නිදහස් පුතේ නුඹ’ නිර්මාණය හැඳින්වීමට කැමැත්තෙමි. පිළිවෙළකට පාසල් නො එන ශිෂ්‍යයකු පිළිබඳ ගුරුතුමිය විසින් කරන ලද පැමිණිල්ලකට ශිෂ්‍යයා තම මව සමග පාසලට එයි. පැමිණ ගුරුතුමිය හමු වෙයි. පළමුව අප දකින්නේ කතානායක ශිෂ්‍යයා කෙබඳු දරුවෙක් ද කියායි. ගුරුතුමියගේ දෘෂ්ටි කෝණයෙන් අපට දරුවා දැක ගන්නට ලැබේ. ඔහු ඉගෙනුමට අදක්ෂ දුර්වල ශිෂ්‍යයකු නොවේ. එහෙත්, ඔහු පාසල් එන්නේ අවාරෙට පොල් වැටෙන අයුරිනි. අවාරෙට පොල් වැටෙනවා යන කාව්‍යොක්තිය මතු කෙරෙන අර්ථ ධ්වනිය ශිෂ්‍යයා පිළිබඳ පුළුල් චිත්‍රයක් පාඨකයන් ඉදිරියේ තැබීමකි. ඉගෙනීම් කටයුතුවල දී ඔහු දක්ෂයකු බව ගුරුතුමිය පවසන්නී ඔහු පිළිබඳ ආඩම්බරයකින් මෙන් ම, ඔහු කෙරෙහි උපන් අනුකම්පාවකින් ද බව හැඟේ. ඉඳහිට පැමිණිය ද, සතියක ම පැවරුම හදන්නට ඔහුට වෙලාවක් ගත නොවේ. පාසලට පිළිවෙළට නො එන්නේ කිමද කියා ගුරුතුමිය නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු නොදෙයි. පිළිතුරක් නොලැබෙන කල ගුරුතුමිය දරුවාට පවසන්නී, පසු දා මව කැටුව පාසලට එන ලෙසයි. සිසුවා නිහඬව බිම බලා සිටින කල ගුරුතුමිය දරුවාගේ ඇසක කඳුළක් දකී. ඒ දකින ඇගේ සිත උණුවෙයි. සිතැඟිවලට ඉඩ හැරීමෙන් ප්රශ්නය නොවිසඳෙන බව දන්නා නිසා ය ගුරුතුමී ඔහුට පවසන්නී මව කැටුව පාසලට එන ලෙස. ආපු දවසට හදයි සතියකම පැවරුම අස අසා මඟ හැරුණු තැන් සොයයි තනියම ඇහුවහම මොනවත්ම කියන්නැති හින්දම හෙට අම්මවත් එක්ක ගෙන එන්න කීවම කඳුළු පුරවන් ඇහේ බිම බලා ගත්තම දුක හිතුන උනත්, ඒකම නොවේ විසඳුම.. කවියේ දෙවන භාගය මගින් තම පුතු පාසල් නොඑන කාරණය මව ලවා ගුරුතුමිය හමුවේ හෙළිදරව් කරවන්නේ ලංකාවේ කුමන හෝ ප්‍රදේශයක, ගමක, ජීවත්වන පවුලක සැබෑ ස්වභාවයයි. දරුවාගේ හැකියාවන් පිළිබඳ මව හොඳින් දැන සිටිය ද පුතුට පාසල් ගමනට වඩා වැදගත් රාජකාරියක් නිවස තුළ වන බවයි මව ගුරුතුමියට පවසන්නී. පුතුට එක දිගට පාසල් ඒමට බාධා පමුණුවන හේතු කාරණා, මොනවාද ? පුතු නිතර නිවසෙහි සිටින්නේ මව පිළිබඳ බියෙනි. ඒ බිය ඔහු සිතට පිවිසෙන්නේ කෙලෙස ද, කිනම් මොහොතක ද? මව ගුරුතුමිය හමුවේ පවසන්නී පුතුගේ පාසල් ගමන අඩාලවන්නේ ඔහුට ඇගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන්නට සිදුවීම නිසා ය. ඈ ආරක්ෂා කොට ගත යුත්තේ කාගෙන් ද? දරුවාගේ පියාගෙන් මව ආරක්ෂා කර ගැනීමට සිදුව ඇත්තේ ඔහුගේ බීමත් චර්යාව නිසා ය. බී ගත් කළ යක්ෂාවේෂ වන පියා නොබී සිටින මොහොතක් නැති බවත්, එවන් මොහොතක මවට ඔහු සලකන ආකාරය මුළු වත්තම දන්නා බවත් මව ගුරුතුමිය හමුවේ පවසන්නී ය. පුතුට පොතපත කෙරෙහි ඇස තබනු වෙනුවට මවගේ රැකවරණය සලසන යුතුකම ඉටුකිරීමට සිදුවෙයි. ඔහු නිරතුරුව ම මව පසුපසින් සිට ඇයට පියාගෙන් සිදුවිය හැකි අතුරු ආන්තරාවලින් ඈ මුදවාගැනීමේ වගකීම ඉටුකරන්නේ පාසල් කටයුතුවලට දෙවන තැන දෙමිනි. රෑට වැඩ මුර වැටෙන සතියෙ හැම දවසෙම ගෙට එන්නෙ බීගෙනයි හැමඋදැහැනැක්කෙම පොත පැත්තකින් තියල වැටෙයි මගෙ පස්සෙම ඔන්න ඕකයි නෝනෙ විස්තරේ .ඔක්කොම බීමත්කම, මැද පෙරදිග රැකියා සොයා ගිය මව්වරුන් නොමැති පවුල්වල තමන්ගේ ම දරුවන් හා අපචාරයන්ට පෙළඹෙන පියවරු බහුල සමාජයක් ඈත ගම් බොහොමයක ම දකින්නට ලැබෙන බව පවසන මාධ්‍ය වාර්තා එමට ය. එය සැබැවින් ම අතිශය ශෝකජනක තත්ත්වයකි. කාලයක් තිස්සේ ඈත ගම්වල සිදුවන මෙබඳු සමාජ ඛේදවාචකවලට ගොදුරුවන දූ පුතුන්ගේ ජීවිත අඳුරින් අඳුරට පත්වන බවට අපූරු නිදසුනකි, මේ කිවිඳිය තම අත්දැකීම මගින් අප හමුවෙහි තබන්නී. ඈ සියල්ල විඳ දරා සිටින්නී කර්මය නිසා මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදුව ඇතැයි යන විශ්වාසයෙනි. ආගම විසින් මෙහෙයවනු ලබන ගැමි ජීවිත යථාර්ථය වටහා නොගනී. අවසාන විසඳුම සේ ජීවිතයෙන් පලා යන්නට සිතුන ද, ඇයට එය තනිව කළ නොහැක්කේ දරු සෙනෙහස දැඩි බැවිනි. කිවිඳිය ප්රස්තුත මවගේ ශෝකාලාපය කවියට නගන්නී හෘද සංවේදී භාෂා භාවිතයකින් හා ප්‍රබල සංකල්ප රූප නිර්මාණයක් තුළිනි. ජීවිතයෙන් පලා යෑමෙන් ඇගේ ප්‍රශ්නයට විසඳුමක් වූව ද, ඇගේ පුතුගේ ප්රශ්නය ඉන් නොවිසඳෙන බව දන්නා මව තම තීරණය වෙනස් කරන්නී ය. මෙච්චරක් ඉවසුවෙත් මම මේක (අ) හින්දම ගෙවන්නට එපෑ කරුමයක් අපි කෙරුවම බෙල්ලෙ වැල ලා ගන්න හිතුනාට නිතරම වැලලෙන්න බෑ නෝනෙ අම්මෙකුට තනියම ‘වැලලෙන්න බෑ නෝනෙ අම්මෙකුට තනියම’ යන්නෙහි යටි පෙළ මතු කරන දාරක ස්නේහය පිළිබඳ ගැමි ගැහැනියකගේ චින්තාව කිවිඳිය මනාව ග්‍රහණය කොට සිටින්නී ය. ✍️ බුද්ධදාස ගලප්පත්ති bgalaps@gmail.com