ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යය ප්‍රධාන ප්‍රතිසංස්කරණය ඉදිරි වසර 5 තුළ මල් ඵල ගැන්වේ… Primary Health sector reforms A five year action plan will be in action from July 2024 සෞඛ්‍ය ලේකම් , විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුවිශේෂී සැළැස්ම පිළියෙල කිරීමේ අවසාන අදියර පළාත් නවයේ සෞඛ්‍ය නිළධාරීන් හා අනිකුත් අධ්යක්ෂවරුන් හා 200 කට අධික විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් අද හා හෙට කොළඹදී පැවැත්වේ. මෙහිදී සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය නැංවීම මෙන්ම නිවැරදිව සමපත් කළමනාකරණය තුළින් සෑම ආයතනයක්ම , රෝහලක්ම, ඇදක්ම නිසි ප්‍රයෝජන ගැනීමට පත්කිරීම හා ප්‍රාථමික සෞ ආයතන ග්‍රාමීය හා ප්‍රජාව තුළ ප්‍රචලිත කිරීම වැදගත් වන බව මෙහිදී අවධාරණය විය. ප්‍රාථමික සෞ ආයතන හා ප්‍රාදේශීය මට්ටමේ රෝහල් පහසුකම් හා ගුණාත්මක සේවා නැංවීම් මගින් තෘතීය මට්ටමේ රෝහල් වල තදබදය අඩුකිරීම මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ අතහැරෙන සම්පත් (bed capacity) යළිත් භාවිතයට ගැනෙනු ඇත. නිවාරණ මෙන්ම රෝහල් සත්කාරක සේවාවන්ද ඉහළ මට්ටමකට ගෙන එන ප්‍රතිසංස්කරණ හා සොයා බැලීමේ යාන්ත්‍රන මෙහිදී සාකඡ්ච්චා වින.
Previous Articleඅද මගේ උපන් දිනය 🎂 💕💕පුලුවන් හැමෝම සුභ පතාගෙන යමු ❤😘💟💟💟
Next Article Next Post