පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් 2024 සැප්තැම්බර් 11 දින “සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතෙහි ද, 2024 සැප්තැම්බර් 13 දින “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” පනත් කෙටුම්පතෙහි සහ “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කර ඇති බව කථානායක ගරු අසෝක රන්වල මහතා අද (03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.3 December 2024