ඔහුගේ කලාව වේදිකාව මත/කැමරාව ඉදිරිපිට විද්‍යාමාන කිරීමට නළුවා/නිළිය එහි තේමාව පමණක් වටහා ගැනීම ප්‍රමාණවත් නොවේ. එයත් සමඟම එහි කලාත්මක වාචික අභින ද පුහුණු විය යුතු වේ. රචනයේ ‘වචන’ පාඩම් කිරීම නොව තම පංචස්කන්ධය එකී සියල්ල විනි විඳින තුරුම …ඒවා තමුන්ගේ වෙන තුරුම පුහුණු විය යුතු වේ.‘වචන’ සංයුක්ත වන්නේ ‘හැඟුම්’ ධාරාන්වන්ගෙන් පමණක් නොවේ. එසේ නොමැතිව අ සම්බන්ධිතව ඔහේ කියවා ගෙන යාමෙන් ද නොවේ. එවිට ඇසෙන්නේ හිස් ශබ්ද මාලාවකි. සාමාන්‍ය වචනයකින් දෙකකින් වුණත් සංකීර්ණ සිතුවිළි ප්‍රේක්ෂකයා තුළ පහළ වෙනවා නම් ජීවිතය පිලිබඳ අරුත් බර දර්ශනයක් අපට මතු කරන්නට පුළුවන්.‘වචන’ අපේ පංචස්කන්ධ අවුළුවන ගිණිදැල් බවට පත් කර ගන්න්නටත් පුළුවන්. කෙසේ වුණත් ‘වචන’ හැඟුම් ඛාදනය වෙන ආකාරයට නම් භාවිත නොකළ යුතුයි. අදහස්,ක්‍රියාවන් පිටපත් රචනයක් වඩාත් වැදගත් අන්තර්ගත. ඒ වාගේම එහි ‘යටි-පෙළ’ කෙතරම් වැදගත් ද…?-නාට්‍යවේදී ධර්මජිත් පුණර්ජීව