මේ අනගි සටහන වෙනුවෙන් .මෙසේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙමින් මහජනතාව ගේ සෞඛ්‍ය සාක්ෂරතාව නංවාලීම සෞඛ්‍ය නිලධාරින් ගේ හා විද්වතුන් ගේ වගකීමක් හා රජයේ සෞඛ්‍ය සේවයේ නම් රාජකායේම කොටසක්.රාජ්‍ය ප්‍රතිපත්ති හා නොගැටෙන,අසත්‍ය නොවන විද්‍යාත්මක සත්‍ය කරුණු ඇසුරින් සත්භාවයෙන් මහ ජනතාව දැනුවත් කිරීම අනීතික වන්නේ නැහැ.එය ආයතන සංග්‍රහය මගින් වලක්වන්නේ නැති බවයි අපේ අදහස.එබැවින් මෙම සමූහයේ සිටින අති බහුතරයක් වන සෞඛ්‍ය නිලධාරින් ට ,විද්වතුන් ට.,අනෙකුත් ක්ෂේත්‍ර වල විද්වතුන් ට නිලධාරින් ට,තම තමන්ගේ විෂය පථයට අදාලව මෙම සමූහයේ අදහස් දැක්වීමට ,සටහන් තැබීමට හා තමන් වෙත ලැබෙන නවමු තොරතුරු හුවමාරු කර ගැනීමට ඇරයුම් කරමු.එය කඩිනමින් ශ්‍රී ලංකාවේ දස අත පැතිර යනු ඇත. ,