My Red Comrade : විචාරය 02 තමුන්ගේ චිත්‍රපටය හා සබැඳි එක්තරා සාකච්චාවක දී සුදත් කියනවා “…මට මේකේ ප්‍රධාන චරිතයට ඕන කරලා තිබුණේ Non-Actor කෙනෙක්…” කියලා. My Red Comrade චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා හැටියට ඔහුගේ කථා නායකයාගේ චරිතයට සැදැහැ සිතින් ඇයි රඟපෑම නොදන්නා විස එන්නත් කරපු බාල පළතුරක් ආයෝජනය කරන්නේ…? වඩා ප්‍රශස්ථ කෘතියක් අපේක්ෂාවෙන් ද…? අධ්‍යක්ෂක වරයා හිතා මතා විස එන්නත් කර ගැනීමේ හේතුව මම මේ විචාරයට එකතු කරන්නට කළින් සුදත් ඇතුළු අධ්‍යක්ෂකවරු Acting සහ Actorsලා ගැන සකස් කරගෙන ඉන්නා මතය ගැන කියන්නම ඕන. සුදත් Non-Actor කෙනෙක් තමුන්ගේ අර සා විසල් ගැඹුරක් තියෙන චරිතයට ගන්නකොටම ඔහු පෙන්නුම් කරනවා “…මගේ කේන්ද්‍රීය චරිතය රතු සහෝදරයා වුණාට මගේ චිත්‍රපටයේ වෙළඳ ප්‍රවර්ධන චරිතය රතු සහෝදරයා නෙවෙයි…!!” කියලා. මෙන්න මේ Marketing Promoted Character එකට ‘acting beauty’ එකක් යොදා ගැනීම මතම තමයි අධ්‍යක්ෂකවරු තමුන්ගේ කෘතියට දැන දැනම වස විස එන්නත් කරන්නේ වගේම තමනුත් ඒ වස විස සංකල්පනාවෙන් උමතුවට පත් වෙන්නේ. ලංකාවේ වෘත්තීයමය වසයෙන් කටයුතු කරණ නළු නිළියෝ නැහැ. ඔවුන් කරණ ‘හැසිරීමේ’ කාර්යයට වැටුපක් ලබනවා වුණත් ඒ ලබන වැටුපට තමන්ගේ චරිතයේ කලා කාර්ය ඉදිරිපත් කිරීමේ රීතිය හෝ දායකත්වය-Professional execution of character Actors දෙන්න ඔවුන් නොදන්නාකොට ඔවුන්ට වෘත්තීයමය නළු නිළියන් කියන්න බැහැ. ලංකාවේ අධ්‍යක්ෂකවරු සියල්ලම පාහේ ‘රඟපෑම’ගැන ප්‍රාමාණාත්මක ලෙස හෝ දැනුමක් නැති නිසාත් තත්ත්වය තවත් බරපතළ වෙනවා.අනෙක ශිල්පමය වසයෙන් ‘රඟපෑම’හදාරන ඉංග්‍රීසි නාට්‍ය කලාවේ නියැළෙන නළුවෙක් නිළියක් වැඩේට ගත්තොත් අහුවෙනවා තමුන්ගේ නො දැනුවත්කම්.එතකොට වෙන්නේ Director Seat එකේ තමුන්ට වාඩි වෙන්න බැරිවෙන එක. මෙන්න මේ වගේ වපසරියක තමයි සුදත් තමුන් විසින්ම සකස් කරගන්න කෙටුම්පතේ ප්‍රධාන දෘෂ්ඨිවාදී චරිතයට Non-Actor කෙනෙක්ව අරගෙන set එකේදීම තමුන්ගේම චරිතය අඩපණ කරලා මරලා දාන්නේ…එවිට Non-Actorට වෙන්නේ තමුන්ගේම චරිතයේ පෙළ-text නන් දොඩවන්න වෙන එක. Satyajit Ray වගේ සිනමා කරුවෙකුගේ ‘පාතෙර් පංචාලි’ඇතුළු බොහොමයක් කෘතීන් වල ඔහුගේ චරිත වලට අරගෙන තියෙන්නේ Non-Actors ලා තමයි. ඒත් ඒවා ගැඹුරින් පරිශීලනය කරණකොට අපිට වැටහෙන දේ තමයි Marketing Promoted Characters කියන තුච්ඡ නින්දිත අදහස ඔහු තුළ අහලකවත් නැති බව. මේ විචාරය අදට අවසන් කරන්නට කළින් ධර්මසිරි බණ්ඩාරනායක රඟ දක්වපු Jean Paul Sartre ගේ ‘Men Without Shadows-ධවල භීෂණ’නාට්‍යයේ වික්ටර් රාමනායක රඟපෑ චරිතයේ පෙළක් එකතු කරන්නට ඕන… නාට්‍යයේ භූමිකා සියල්ලම සිරගතව ඉන්නා අතරතුර විවිධ ප්‍රශ්ණ කිරීම් වලටත් වධ බන්ධන වලටත් රැගෙන ගොහින් නැවත ගෙනවිත් දමනවා.එහෙම වෙලාවක අනෙක් සිරකරුවෙක් මොහුගෙන් අහනවා “…වධ දුන්නු වෙලාවේ උඹට මොනවා ද හිතුණේ…??!!” කියලා. ඔහු කියනවා “…ඒ වෙලාවේ….මට ඒ වෙලාවේ මගේ අම්මාව වුණත් පාවලා දෙන්න හිතුණා…!!!!” කියලා. 70 න් පස්සේ ඇත්තටම අපේ සිනමාවට ඇතුළු වුණු තරුණයෝ තමුන්ගේ කැකෑරෙන හිතුවිළි පිට කරගැනීම සම්බන්ධව වධ කඳවුරක ජීවත් වෙන සිර කරුවෝ වගේ උමතුවෙන් හැසිරෙන්නේ…ඒ වෙනුවෙන් ඔවුන් තමුන්ගේ අම්මාව හෝ බිරිඳව අනිවාර්යයෙන් පාවලා දුන්නු ඉතිහාසයක් තිබෙන්නේ …ඉතිං සිනමාවේ චරිතාංග රූපණය කරන්න සැදී පැහැදී එන නිළිය Marketing Promoted Character එකක් හැටියට ඔවුන් අතින් අර්ථ රූපණය වෙනවා….ඉදිරියට පෙළ ගැහෙන Low budget films තමුන්ගේ කෘති අනේක ප්‍රකාර බහුශ්‍රුත නම් වලින් හැඳින්වුවත් අධ්‍යක්ෂකවරයා ගොඩ යන්න නියමිත නිළිය Marketing Promoted Character එකක් හැටියට පාවිච්චි කිරීමෙන්ම තමයි. – ධර්මජිත් පුණර්ජීව