පෙත්සම් විභාගය අවසන් කල විනිසුරු මඬුල්ල තීන්දුව කතානායකවරයාට යොමු කිරීමට කටයුතු කරන බව දැනුම් දුන්නා.
පෙත්සම් විභාගය ශිරාන් ගුණරත්න, විජිත් මලල්ගොඩ, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දින තුනක් සිදු කෙරුණා.
පෙත්සම් වල වගඋත්තරකරුන් ලෙස නිතීපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කාමන්ත තුෂාර, ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, ලංකා විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල්, පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පාර්ශව 12ක් පෙත්සම් ගොනු කර තිබුණා.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් විදුලි බල පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස නියෝගයක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉඟලහේවා, ජනාධිපති නීතීඥ ශාන්ත ජයවර්ධන ඇතුළු නිතීඥ මඩුල්ලක් පෙනී සිටියා.