මධු සම්පත්. ඔබ වැනි පුද්ගලයෙක් ඇත්තටම ලංකාවට සම්පතක්. මම එහෙම කියන්නේ ඔබ මා වෙනුවෙන් කතා කිරීම නිසාම නොවේ. ගඳ සුවඳ දැනෙන හොඳ නහයක් ඇති පුද්ගලයෙක්ව ඔබගේ ආදරණීය දෙමව්පියන් විසින් ලංකා සමාජයට දායාද කර ඇති නිසයි. නහයක් කියා දෙයක් තිබෙන්නේ සත්වයාගේ පැවැත්මට අවශ්‍ය ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියට එය අවශ්‍ය නිසයි. ඒ අතරට ඒ නාසයට ගඳ සුවඳ දැනගන්නට හැකි වන්නේ ආග්‍රහණය කුමක්ද කියා මොළයේ පිහිටා ඇති සියුම් අවයවය නිසියාකාර ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. සමහර මිනිසුන් ඉපදුනාට ජීවත් වෙනවා මිස, පහන් කඳ මුල අඳුර නොහැරන්නාසේ අඳුරේම අතපත ගාමින් තමන්ගේ නාසයේ වරද අන් අයට පවරමින් කාලකන්ණි සතුටක් ලබමින් සිටිති. සමාජ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේදී උගත්කමට වඩා බලපාන්නේ සංවේදී බවයි. මෙම සංවේදී බව මිනිසුන්ට පමණක් නොව සතුන්ට පවා ජීව විද්‍යාත්මකව ලැබී තිබෙන්නේ තනි තනි සත්වයාගේ පැවැත්මට එය අවශ්‍ය වන නිසාත්, ඒ සංවේදී බවම උපයෝගී කරගනිමින් සියලුම සතුන්ටද පරිසරයටද යම් මෙහෙවරක් ඉටු කිරීම පිණිසයි. තමන්ගේ ගෙදර එළිපත්තේ සිදුවන දෙය නොදන්නා එකා ලෝකය ගැන දැන ගන්නේ කොහොමද කියන ප්රශ්නය මම නොඅසමි. මන්ද පිළිතුර ඔබ සැම ළඟ තිබෙන නිසා. ලෝකයේ බහුතර රටවල් දන්නා මිනිසුන් විසින් පාලනය කරද්දී, අපේ පුංචි ලංකාවට කණකොකුන් බහුලව හඩලන්නේ ඇයිද යන්න යුගයේ අවාසනාවට වඩා එහා ගිය සමාජ සංසිද්ධියක්. මේක නොදන්නා මිනිසුන්ගේ, තක්කඩින්ගේ හා දූෂිතයින්ගේ යුගයක් යන්න ප්රතිනිර්වචනය විය යුතු නැහැ. පුහු මිනිසුන්ගේ බොල් හඬ දෝංකාර දෙමින් දසත පැතිරෙද්දී අපට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණයි. දූෂකයන්ගේ නොසන්ඩාලකම් තවදුරටත් ඉවසනවාද, එසේත් නැත්නම් අපට අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම වුණු රටත් ජනතාවත් ආරක්ෂා කර දීම සඳහා ඉදිරියට එනවාද යන්නයි. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මෙම සටහන තැබුවෙමි.
Previous ArticleWhatsApp-Video-2024-04-03-at-05.33.07_45f49a07_424x240.mp4
Next Article කට වරද්දගත්තට පස්සෙ පිට පෙරළන්න එපා