මට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනෑම බූරුවෙකුට අයිතියක් කෙසේ වෙතත් නිදහසක් තිබෙනවා. අන්න ඒකට තමයි වල්බූරු නිදහස කියන්නේ. සමහර ඊනියා උගතුන් ඉන්නවා උගත්කම ගණිකා සේවයේ යොදවන. සුභාෂ් කියන බූරුවාට ගණිකා සේවයේ යොදවන්නවත් දැනුමක් නැති නිසා ඌ උගේ වල්බූරු නිදහසයි ගණිකා සේවයේ යොදවා තිබෙන්නේ. සුභාෂ්ගේ වල්බූරු නිදහසෙන් මා විවේචනය කරණු ලැබුවත්, මගේ දරුවන් හෝ මගේ බිරිඳ ගැන කතා කරන්නට මේ තිරිසනාට අයිතියක් නැහැ. මාගේ බිරිඳ විශේෂඥ වෛද්‍යවරියක්. ලෙඩුන් දහස් ගණන් සුවපත් කළ අයෙක්. 1987 ඉන්දු ලංකා ගිවිසුමට මා විරෝධය පළ කළ නිසා, වෙඩි තබා මා මරා දමන්නට ගත් උත්සාහයත්, පොලිස් සිර බාරයේ සිටියදී මා මරා දැමීමට එහි සිටි ඇතැම් නිලධාරීන් උත්සාහ කළ බවත් දැන සිටි ඈ තදබල මානසික ආතතියකට ගොදුරු වුණා. ඇය සාමාන්‍යයෙන් නීරෝගී ජීවිතයක් ගත කළත් ශ්‍රී ලංකාවේ ගත කළ ජීවිතය මතක් වන විටත්, මාංශ භක්ෂික නොවන නිසා ඇය කැමති අන්දමේ ආහාර ලබා ගැනීමට යුරෝපයේ ඇති අපහසුතාවයන් නිසාත්, අධික ශීතයට ඇය අකමැති නිසාත් වරින් වර අසනීප වෙන බව මා ඇසුරු කළ හැමදෙනාටම මම කියා තිබෙනවා. මා එසේ කීවේ මා රට වෙනුවෙන් කරන කටයුතුවලදී ඇගේ වෙනස්වන සෞඛ්‍ය තත්ත්වය මට බාධාවක් වන බව පහදා දීම සඳහායි. ජර්මනියේ වාසය කරන සුභාෂිනි කියන ස්ත්‍රියට ද මම ඒ තත්ත්වය දන්වා තිබෙනවා. ඒ පව්කාර ස්ත්‍රිය සමාජ මාධ්‍ය ජාලාවට වරක් ලියා තිබුණා “එඩ්වඩ්ගේ ගෑණිට පිස්සු, එක පුතෙකුටත් පිස්සු” කියා. මෙවැනි සැහැසි ප්‍රකාශයක් කරන්න ඇය මොන තරම් පහත් තත්ත්වයකට ඇද වැටි ඇත්ද. මිනිසුන්ට ගරහන්න නින්දා අපහාස කරන්න සුභාෂිණි කියන ගැහැණියට ඇත්තේ නොතිත් ආශාවක්. ඒ වගේම පුදුම හැකියාවක්. ඒ දුෂ්ඨ ස්ත්රියම තමයි මගේ ලොකු පුතාටත් පිස්සු කියා සමාජ මාධ්‍ය ජාලාවල පතුරවා හැර තිබුණේ. මගේ එක පුතෙක් මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවක් කොඩිකාරයා ලියන්නේ උගේ ස්වාමිදුව වූ සුභාෂනීව පිනවා ගානක් කඩා ගන්න. ඉතාලියේ මිලානෝ වල ඉන්න මහන්සි වී වැඩ කරන මිනිසුන්ටත් පුදුමයි කොඩිකාරයා රස්සාවක් නොකර ජීවත් වෙන්නේ කොහොමද කියලා. බලු බෙට්ටේ ඇති සතය දිවෙන් ගන්න හැකි කොඩිකාරයා කාගේ හෝ පස්සක් ලෙවකා සොයා ගන්නා සොච්චමෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ ලොකු පුතා රෝහලකට සම්බන්ධ වන්නේ ඔහු ලොවට බිහිවූ දිනයේදී පමණයි. එදා මෙදා තුර ඔහු හෝ ඔහුගේ බාල සොහොයුරා රෝහලක දිනක් තබා එක පැයක් ගතකර නැත. සුභාෂිනිව පිනවන්න සුභාෂ් බූරුවා මගේ පුතුන්ට මඩ ගහන්න උත්සාහ කළත් එය හුදු නිශ්ඵල ව්‍යායාමයක් බවට පත්වී තිබෙනවා. මාගේ පුතුන් දෙදෙනාම ඉංජිනේරුවරු. ලොකු පුතා විශ්ව විද්‍යාලයේදී ඔහුගේ M.A උපාධි පර්යේෂණ සඳහා යොදාගත් මාතෘකාව වූයේ පරිගණක ක්ෂේත්රයේ vertual reality සංකල්පයයි. අවසාන විභාගයේදී පන්තියේ සියලුම සිසුන් පරදවා වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශිෂ්‍යයා වීමේ ගෞරවය දෙමව්පියන් වූ අපට පමණක් නොව ශ්‍රී ලංකාවටත් ගෞරවයක්. දැනට වසර 15කට පමණ ඉහතදී ඔහු බර්ලිනයේ ඇති ගෘහ නිර්මාණ ශිල්ප ආයතනයකට සේවය කරන අවධියේ මුළු යුරෝපයටම බලපාන අන්දමින් පැවැත්වූ නිර්මාණාත්මක සැලසුම් ඉදිරිපත් කිරීමේ තරඟ දෙකකදීම මුළු යුරෝපයේම පළවෙනි ස්ථානයට තේරී පත්වුණා. එක් තරඟයක තෑගි මුදල වූ 30,000€ බැගින් අවස්ථා දෙකකදීම ඒ ත්‍යාග දිනා ගැනීමට තරම් වාසනාවන්ත වුණා. සහතික වලින්ද පිදුම් ලැබුවා. ඒත් අපි කිසි දිනක එය ලෝකයාට දැන්වීම සඳහා ප්‍රවෘත්තියක් කර ගත්තේ නැහැ. මා දේශපාලනයට සම්බන්ධ නිසා මට විරුද්ධවාදින් සිටීම පුදුමයක් නොවෙයි. ඒත් මගේ පවුලේ අය මේ වගේ පාදඩයන්ගේ විවේචන වල මාතෘකා නොවිය යුතුයි. මේ ආකල්ප ඇතුව කොඩිකාරයා දිනක තමාගේම පුතෙක් හැදුවහොත් ඌ සමාජයට අනිවාර්යෙන්ම දායාද කරන්නේ තවත් බූරුවෙක්. මගේ දෙවන පුතා ද ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කරමින් තම ආයතනයටත් දරුවන් තිදෙනකු සහිත පවුලටත් විශාල කැපවීමකින් සේවය ලබා දෙනවා. ඔහු බොහෝ කටයුතුවලදී මටත් වඩා ඉදිරියෙන් සිටිනවා. මම මගේ දරුවන් දෙදෙනා ගැන නිහතමානිව ආඩම්බර වෙනවා. මගේ දෙවන පුතා විශාල වැටුපකට හිමිකම ලබා තිබියදීත් දැනට වසර 15ක පමණ කාලයක සිට ශීත ඍතුවේ පවා වැඩට යන්නේ පා පැදියෙන්. ඒ ඔහු දැඩි ලෙස පරිසරයට ආදරය කරන නිසා. මෙවැනි දරුවන්ට අපහාස කරන සුභාෂිනී වැනි සැබෑ මානසික රෝගියෙක් හා ඇයට දාසකම් කරන සුභාෂ් කොඩිකාරටත් ඉදිරියේදී සිදුවිය හැකි දේ මට හිතාගන්නවත් බෑ. මිනිසුන් වශයෙන් ඉපදුනත් තිරිසනුන් මෙන් ජීවත්වෙන පුද්ගලයින් විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාව පාලනය කරණු ලබන්නේ නම් එය මනුෂ්‍ය වාසයෙන් තොර සාප ලත් දිවයිනක් බවට පත්වීම නොවැළැක්විය හැකියි.