අද දින 2024 මාර්තු 17 වන ඉරුදින… සී/ ස,ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ගාලුමුවදොර ශාඛාවේ, සාමාජික ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදී. එම සාකච්ඡාවෙන් පසුව, ගාලුමුවදොර පිටියේ ඇති ස්වයං රැකියා වෙළඳකුටි නිරීක්ෂණ චාරිකාවකටද සහාභාගි වීය.එහිදී සාකච්ඡාවට භාජනය වූ කරුණ අතර ප්‍රධාන ගැටලු වූයේ …. # ගාලුමුවදොර පිටියේ වෙළඳුන් වෙනුවෙන් ඉදිකරන ලද වෙළඳකුටි ,වරාය හා සංචාරක අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාගේ හිතවත් (පක්කලි)නිළධාරීන් දෙදෙනෙකුටද,ඇමතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් (ගෙවලයන් ) දෙදෙනෙකුට හා ඇමතිතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, සාමාජිකයෙකු වන විශ්‍රාම වැටුප් ලබන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය නියුක්තව සිට විශ්‍රාම ගිය ඇමතිතුමාට “කඩේ යන” ඩයස් නැමැත්තාටද ප්‍රධාන තැනක වෙළඳකුටි පහක් ලබාදිමට එරෙහිව හා වෙළඳකුටි ලබාදීය යුතු පාරම්පරික සුලු වයාපාරිකයන්ට එය ලබා නොදීම සම්බන්ධයෙන් වෙළඳුන් විසින් දැක්වූ විරෝධය.,,,,,, #. සුලු කෑම, වඩේ විකුණන වෙළඳ කරත්ත සඳහා සුදුසු ස්ථායක්වු වෙරළ ආසන්න (පහල කොටසෙන්) වෙළඳුන් ඉවත්කර එය ගාලුමුවදොර පිටියේ ගාලුපාර ( උඩ කොටසට) ගෙනයෑම හේතුවෙන් ස්වකීය වයාපාර කරගෙන යෑමට නොහැකිවීම… #.ගාලුමුවදොර පිටියේ වෙළඳකුටි වලින් වරාය අධිකාරිය වෙනුවෙන් පුද්ගලික සමාගමකට බදුගෙවමින් විකිණුම් කෙරෙන ආහාර වතුර බෝතල් ,පැණි බීමවර්ග, ඇතුලු දේ, ගාලුපාරේ වාහන නැවතුම් පොලේ රඳවා ඇති පුද්ගලික වාහන වලට නගර සභාවෙන් ලබා දී ඇති වෙළඳ බලපත්‍ර හේතුවෙන් ස්වයං රැකියා වෙළඳුන්ට සිදුවී ඇති වෙළඳ පාඩුව වැළැක්වීම යන ප්‍රධාන කරුණුය. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට දින ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක ජෙනරාල් ගරු තුෂිත හල්ලොලුව මැතුතුමා සමග සිදුකිරීමට නියමිතය. තවදුරටත් අපේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකළ වෙළඳකුටි අමාත්‍ය තුමාගේ හිතවතුන්ට හා පාක්ෂික පක්කලියන්ට ලබාදීමට එරෙහිව,අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ජනාධිපති ජේෂ්ඨ ආරක්ෂක උපදේශක හා කාර්යමණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමාටත්,පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමටත්,මානව හිමිකම් කොමිසමට පැමිනිලි කිරීමටත්,අවසාන වශයෙන් විසඳුම් ලැබෙන තුරු බළධාරීන්ට,නිළධාරීන්ට දැනෙන ,නොනවතින විරෝධතා වයාපාරයක් දියත් කිරීමට අද ගාලුමුවදොර පිටියේ පැවැතී රැස්වීමේදී තීරනය විය. —— කහඳගම ——–