ඔළු ඇති මොළ නැති මහජන බැංකුව =============================== නුගේගොඩ ප්රධාන ශාඛාවේ ඇත්තේ ATM 2ක් හා CDM එකක් පමණය. ඉන් ATM එකක් දින ගණනාවක සිට අක්රීයව පවතී. දැන් සියල්ලට ඇත්තේ CDM එකක් හා ATM එකක් පමණි. ඒ දෙක ඇත්තේද පරිශ්ර දෙකකය. ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් සල්ලි ගන්නත් සල්ලි දාන්නත් CDM එක ලඟ පෝලිමේය. ඒ එක කතාවකි. මම අද රුපියල් 12200ක් ගන්නට ATM එකට ගියවිට, 500 ගුණාකාර වලින් හෝ ඊට වඩා ඉහළ අගයන්ගෙන් මුදල් ඇනවුම් කරනලෙස දැන්වීය. 12000ක් ඉල්ලු විට 500 නෝට්ටු 24ක් ලැබුණි. එය පසුම්බියේ දැමීම අපහසු නිසා කවුන්ටරයට ගියේ 5000ක් සහ 1000 නෝට්ටු 5ක් ඉල්ලා ගැනීමටය. එතන හිටපු නෝනාට 500 කොළ 20ක් දී 5000ක් හා 1000, 5ක් ඉල්ලන අතර නිස්කලංකව සිටි කවුන්ටර් බාර නිලධාරියායැයි සිතිය හැකි මහතාගෙන්, ATM එකෙන් 100 නෝට්ටු නොඑන්නේ දැයි ඇසීය. ඔහු කීවේ 100 නෝට්ටු දැමීමට කැපෑසිටි මදි බවය. කතාව ඇත්තය මගේ 12200, 100 නෝට්ටුවලින් දුන්නානම් නෝට්ටු 122ක් දියයුතුය. එයාලා කැපෑසිටි මදි නිසා 500 නෝට්ටු පුරවා 12000, නෝට්ටු 24කින් මට දෙන්නට කටයුතු කළාට ස්තූතිය. ඔළු ඇති මිනිසුන් වෙනුවට මොළ ඇති මිනිසුන් බැංකුවේ රාජකාරිවලට බඳවාගත්තානම්, 500 නෝට්ටු පුරවනවා වෙනුවට 5000, 1000, 500 සහ 100 නෝට්ටු වලින් තියෙන කැපෑසිටිය පුරවන්නට පුළුවන් බව සිතන්නට තිබුණි. එසේ කළානම් මට 5000, 2ක්, 1000, 2ක් හා 100, 2ක් වශයෙන් නෝට්ටු 6 කින් මම මුලින් ඉල්ලූ 12200 ක මුදල දිය හැකිව තිබුණි. 12000 දුන්නානම් නොට්ටු 4කින් දෙන්නට තිබුණි. මම ඒ ටික නොකියා මට දුන් 5000ත්, 1000, 5ත් අරගෙන, විනාඩියක දෙකක වැඩයට විනාඩි 10ක් විතර වැයකර, අනේ මේ නෝනා මහත්තුරුන්ගේ මොළවල කැපෑසිටි වැඩිවුණානම් කියා සිත සිත එළියට බැස්සෙමි. (මේසේ නොකරන නොකියන කිසිවෙකුහට මින් සිත් නොරිදේවා. වගකිවයුත්තන් දකීවා.) ඡායාරුපය People’s Bank පිටුවෙනි.