කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලයේ රංජිත් සේනානායක , රජිත නාමසිංහ විසින් සම්පාදිත දේශීය වෙදකම හා බැදුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෘතියේ හයවන පරිච්ජේදයේ සමාලෝචනය හා නිගමනය යටතේ මෙසේ සඳහන් වෙනවා .
යක්ෂ , ප්‍රේත , දේව , භූත ආදීන්ගේ විවිධ රෝගාබාධ ඇති වෙන බව අතීතයේ පටන් සමාජය විසින් පිළි ගැනුණකි.
අතීතයේ පටන් බුද්ධ කාලීන භාරතයේ ද අමනුෂ්‍ය බලපෑමෙන් විවිධ රෝගාබාධ ඇති වූ බව බුද්ධ දේශනාවේ සඳහන් වේ.
ආඨානාටිය , බොජ්ඣංග , ගිරිමානන්ද ආදී සූත්‍රවල ඇතුළත් කරුණුවලින් පැහැදිලි වේ .
මේ නිසා අමනුෂ්‍ය බලපෑම්වලින් රෝගාබාධ ඇති වූ බවත් ශ්‍රී ලංකාවේ අතීත සමාජය දෙස විමසිල්ලෙන් බලන්නෙකුට පෙනී යන කරුණකි .
මේ පර්යේෂණ කෘතිය තුළ දැන් ඉහත සඳහන් කරන ලද නිගමන අතර එක් නිගමනයක් .
අපි මේ පිළිබඳව යම් විචාරයක් කිරීම සුදුසුයි , කියලා හිතනවා .
ලංකාවේ අවසාන යුගය වන්නේ මහනුවර යුගය .
මේ මහනුවර යුගයේ හිටපු රජවරුන් ද්‍රවිඩ සම්භවයක් ඇති ඉන්දියානුවන් යැයි , කීම වඩාත් නිවැරදියි.
දකුණු ඉන්දියානුවන් බුරුතු පිටින් ලක්දිවට එකතු වුනේ මේ කාලවකවානුවේ දී .
මහනුවර පැරණි නගරයේ මලබාර් වීදිය යනුවෙන් වීදියක් ද ලංකාව තුළ ඇති වුණේ මේ ඉන්දියානු රාජ පරම්පරාව එකතුව සමග.
දකුණු ඉන්දීය ද්‍රවිඩයන් බොහෝ ප්‍රමාණයක් මෙරටට සංක්‍රමණය වීමත් බොහෝ දකුණු ඉන්දීය දෙවි දේවතාවන් ද ඒ සමග සංක්‍රමණය වෙන්න පටන් ගත්තා.
ඇත්තටම මෙහි සත්‍යතාවය මේ රජවරු මර බියේ තමයි බොහෝ විට සිටියේ.
ස්වදේශීය ලාංකික ජනතාව කොයි මොහොතේ ඔවුන්ට එරෙහිව නැගී සිටීවි ද කියලා විශාල ගැටළුවක් තිබුණා.
මේ සදහා ඔවුන්ට මුල් වූ ප්‍රධාන ම සාධකය තමයි , මල හිරු බැස යන සවස් යාමයේ මේ ස්වදේශීය ජනයන් විහාරස්ථාන ආශ්‍රිතව එකතු වී වැද නමස්කාර කර , මල් පහන් පූජා කරන පන්සල් සංස්කෘතිය තුළින් ඔවුන් යම් ප්‍රයෝජනයක් ගන්න සමත් වුණා.
හින්දු පුරවැසියන් වන ද්‍රවිඩ රජවරු සිංහල ප්‍රෞඩත්වය තියෙන නම් ස්වදේශීය ප්‍රජාව නමට එකතු කරගෙන , රජකම් කළා පමණක් නොවෙයි , ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය සිය පහර දීම සිදු වීම වලක්වාගන්නට විහාරස්ථානය ආශ්රිත මහනායක භික්ෂූන්ගේ අවශ්‍ය අනුග්රහයන් ලබා ගැනීම .
මේ රටේ සිටි ඒ ද්‍රවිඩ රජවරු බොහෝ විට ඔවුන්ට ලංකාවේ කුමාරිකවෙන් හෝ භාර්යයන්ගෙන් සෑහීමට පත් වුණේ නැහැ .
නායක්කාර වංශිකයින් බොහෝ විට ඉන්දියානු කාන්තාවන්ගෙන් තමයි , තමන්ගේ අග රැජන පත් කරගත්තේ.
පාසල්වල ඉතිහාස පොතට සැබෑ කරුණු වසා දමා නායක්කර් වංශිකයින් පිළිබද මතුපිට කරුණු කිහිපයක් පමණක් ගලපා තිබීම කනගාටුවට කරුණක්.
මේ නිසා ලංකාවේ ඓතිහාසික භික්ෂු සමාජයේ චේතනාත්මක වැරදි යටපත් වී තිබේ.
ඉන්දියානු නායක්කාර වංශිකයින්ගේ ඥාතීන් විසින් නුවර දළදා මාලිගාව ආශ්‍රිතව ඉදි කළ දේවාල මුල් කරගෙන ඇරඹුන දේව පෙරහැර පසුකාලීනව වංචනිකව දළදා පෙරහැර ලෙස නම් කර ගත්තේ නුවර යුගයේ ඓතිහාසික භික්ෂු සමාජයයි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට මුවා වී මහානායක ධූරාවලියේ වංචනික මූල ධර්ම හෙලි දරව් කිරීම පසුවට තබා ගැනේ.
මේ කාන්තාවන් සමග ඔවුන්ගේ මාමලා , අයියලා , ඥාතීන් ආවා.
ඒ අය මේ විහාරස්ථානවලට එකතු වුන ජනතාව තමන්ගේ පැත්තට නැඹුරු කර ගැනීම සඳහා ගත්තු එක ක්‍රියා මාර්ගයක් තමයි , දේවාල සංස්කෘතිය බිහි කර ගැනීම .
ඒ පන්සල් ආශ්‍රිතව විහාරස්ථාන භික්ෂූන් වහන්සේලාට රජවරුන් බෙර හඬ ඇසෙන දුරට අක්කර ගණන් ඉඩකඩම් ප්රදානය කරමින් තමයි , මේ තත්ත්වය වර්ධනය කර ගත්තේ .
අදටත් ලංකාවේ බොහෝ විහාරස්ථාන ආශ්‍රිතව තිබෙන ඉඩකඩම් ද්‍රවිඩ රජවරුන්ගේ පැවැත්ම උදෙසා ලබාගත් අල්ලස් විදිහට විවරණය කිරීම සදහා එය වෙනම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් .
කුමාරිකාවන් සමඟ පැමිණි අයියලා , මල්ලිලා , මාමලා මේ විහාරස්ථාන ආශ්‍රිතව දේවාල බිහි කරගත්තා.
ඒ දේවාලවලින් බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ ලැදියාව රජු කෙරෙහි ඇති කර ගැනීමටත් , ඒ සඳහා මූලික අනුග්‍රහයෙන් සහ දායකත්වය ලබා දුන්නේ මේ රටේ භික්ෂු සමාජය .
ඒ පිළිබඳව එයින් ඇති වූ විශාල ගැටලු පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්.
මේ පන්සල් ආශ්‍රිතව දේව මන්දිර බිහිවන විට ලාංකේය ස්වදේශීය ජනතාව ඊට වශී වෙන්න පටන් ගත්තා.
දෙවි දේවතාවන් හා යක්ෂයන් කෙරෙහි ආරූඪව පැවැති අධි බලය , ගුප්ත බව , ගාම්භීරත්වය උඩරට ජනතාව වශී කරන්නා වූ දිව්‍ය මන්ත්‍රයක් බවට පත්වුණා .
දෙවියන් කෙරෙහි පැවති අද්භූත හැකියාවන් අවුල් වියවුල්වලින් සැකයෙන් භීතියෙන් හා රෝග පීඩාදියෙන් පෙළෙන ජනතාව කුල්මත් කරන්නක් වුණා.
උඩරට ජනතාව සාගත දෙකකින් පහර කා හෙම්බත්ව සිටියා මේ වන විට.
මෙවන් අවස්ථාවක බුදුන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය සරණ මදි බවක් හැඟී ගියා .
ඔවුන්ට ඕන වුනේ අධි බලයකින් ගලා එන අද්භුතකාරී පිළිසරණ නිසා ඒ පිළිබදව දැඩි සමාජ ප්‍රතිරූපයක් වර්ධනය වුණේ රාජ අනුග්‍රහය යටතේ ය .
දෙවියන්ට අධි බලයක් ඇතැයි ජනතාව විශ්වාස කරන්න පුරුදු වුණා.
උඩරට ජනතාව බුදුන්ගේ සරණ සොයා යනවා වෙනුවට , දෙවියන්ගේ සරණ සොයා යන්න පුරුදු වුණා.
කෙසේ වුව ද බුදුන් වහවහන්සේ අමතක කරේ නෑ .
නුවර යුගය වන විට බුදුන් වහන්සේගේ පිළිම ඉදි වුණේ බුදුන් වහන්සේගේ පිළිමයට දෙපැත්තෙන් කතරගම කඳ සුරිදු දෙවියන් හා විෂ්ණු දෙවියන් .
මේ දෙවිවරුන් දෙදෙනා ම හින්දු දෙවිවරුන් .
එම දෙවිවරුන් ස්වදේශීය දෙවිවරුන් නොවන බවත් , නමුත් කතරගම දේව නාමය ඊට ඈදා ඇති නිසා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධිය ඒ පිළිබදව නිවැරදිව හිතන්න පුරුදු වෙලා නෑ.
අත්භූතකාරී පිළිසරණ සොයා බුදුන්වහන්සේගේ සත් ගුණවත් ධර්මය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමට එදා සංඝරත්නය සමත් වුණේ නෑ.
ඒ වෙනුවට ධර්ම දේශනා තුළත් දේවත්වය එක්තරා ආකාරයකට අන්තර්ගත කළා.
මේ වෙනස තුළින් බුදුන් වහන්සේ උපශාන්ත ස්වරූපය සහමුලින් ම අතුරුදහන් වුණේ එදා නුවර යුගයේ ඉදිවුණ පිළිමවලින් .
මෙත් කරුණා ගුණය විදහා පෙන්වන මානුෂික හා දයා හරිත ස්වරූපය , නුවර යුගයේ බුදුන් වහන්සේගේ ඉදි වූ පිළිමවලින් නැති වී ගියා යැයි කීම වඩාත් නිවැරදියි.
දෙවියන් කෙරෙහි පවතින අත්භූත බව , ගූඩ බව , ගාම්භීරත්වය බුද්ධ ප්‍රතිමාවට එක් කළේ නුවර යුගයේ දී යැයි කියන්න පුළුවන් .
දේව සංකල්පය පොළොන්නරු යුගයේ දී ඇති වුවත් දැඩිව ගැඹුරට දේව සංකල්පය ඇති වූයේ නුවර යුගයේ දී .
අඩවන් දෙඇස වෙනුවට අද්භූතකාරී විවෘත දෙඇසක් බුදුන් වහන්සේගේ නිවුණු ස්වරූපයට එක් වුණා.
මේ දෙඇස ජන අභ්‍යන්තරය විනිවිද බව දැක්වීම ගම්‍ය කරන සුළුයි.
බුදුන් වහන්සේගේ නිවුණු ස්වරූපයට අත්භූතකාරී දිව්‍යමය බවක් එක් කිරීමට , වෑයම් කිරීමේ ප්‍රතිඵලය ස්වදේශීය ජනතාව දැඩිව දේව විශ්වාසයට තල්ලු කිරීමක්.
මෙවැනි අද්භූතකාරී අස්වාභාවික පරිසරය තුළින් ගොනු වූ දේවතා සමාජ පඨිතය සමාජය උමතුවට තල්ලු කිරීමක් කියලා කීම වඩාත් නිවැරදියි.
අද්භූත වෙස්ගත් බුදුන් වහන්සේගේ සමීපයේ සිටින දෙවිවරු බිහිවීම , ඒ සඳහා පිළිම ඉදි වීම , නුවර යුගයේ දී බහුලව දකින්නට සිදුවුණා.
ගෞතම බුදුන් වහන්සේ යනු ප්‍රිය උපදවන තර්කාන්විත බවකින් හෙබි ,ශ්‍රේෂ්ඨයකු වුවත් මහනුවර යුගයේදී ඒ ගාම්භීරත්වය ප්‍රතිමාව තුළින් ගිලිහි ගියේ ද්‍රවිඩ බලපෑම බුදුන් වහන්සේගේ ප්‍රතිමාව තුළින්
මනසේ ඇති කරන ගැඹුරු සම්බන්ධතාවය බොහෝ විට ඓතිහාසික සමාජ ප්‍රමාද දෝෂයන් නිසා සමස්ත ලංකාවේ පුරවැසියන් තුළ අවිඥානිකව සංවර්ධනය කරලා තියෙනවා .
මේ නිසා ඓතිහාසික හා පෞරාණික ලැදියාවන් නිසා පුරවැසියන් දිවයින පුරා ඇති විහාරස්ථාන දේවාල කරා යනවා.
ඓතිහාසික ප්‍රවාද මුඛ පරම්පරාගත ප්රවාදයන් එදත් අදත් ලාංකික ජනතාවට ආත්ම ගතව තිබෙනවා.
ජනමාධ්‍ය ඔසවා තැබීම නිසා දිවයින පුරා හා කොළඹ ආශ්‍රිතව කඩුවෙල , නවගමුව , මුන්නේශ්වරම් , බෙල්ලන්විල , කතරගම ආදී දේවාල සංස්කෘතියක් දිවයින පුරා සංවර්ධනය වෙලා තියෙනවා .
“ කතරගම යන විට කට වරද්ද ගන්න එපා. ”
ශ්‍රී පාදයේ යන විට ඇති කර ඇති තහංචි , කොණ්ඩාදෙණිය හාමුදුරුවන් කෝච්චි සේවා සිය මන්ත්‍ර බලයෙන් අවශ්‍ය තැන දී අවශ්‍ය විට නවතා තැබූ බවට ඇති සමාජ ප්රවාදයන් මීට හොඳ උදාහරණ .
සමාජය තුළ ගොඩනැගෙන ඉහත සඳහන් යථෝක්ත ඓතිහාසික සමාජ ප්‍රයෝගවල ප්‍රතිඵලය ඉතාම ගැඹුරින් සමාජ විවරණය සඳහා යොමු නොවීමත් ගැටලු සහගත තත්ත්වයක් .
කට වැරදීම් , අතපසු වීම් , අමතක වීම් , මුලා වීම් වෙනත් සමාජ පුරවැසියන්ගේ දුර්වලකම් නිසා දෝෂ අවිඥානික මනස අනාවරණය කර ගැනීම තුළින් මතුවන රෝග පීඩාවන් මේ වන විට සමාජයේ බහුල කරල තියෙනවා .
නොවැදගත් සහ අප්‍රධාන සංසිද්ධීන් රාශියක් ප්‍රමාද දෝෂ තුළ ගොනු වී තිබෙනවා .
ප්‍රමාද දෝෂ විග්රහ කරන්නට තරම් විද්‍යාව පොහොසත් නොවීමත් තවත් ගැටළුවක් .
දෝෂ විග්රහ කරන්නට සමාජයේ විද්වතුන් මැදිහත් නොවීමත්, විකල්ප සමාජ පරිවර්තනයක් සඳහා උගතුන් යොමු නොවීමත් ගැටලු සහගතයි .
මේ සදහා මනෝ විශ්ලේෂණාත්මක කරුණු අප්රමාණවත්ව තිබෙනවා.
ප්‍රමාද දෝෂ සඳහා ස්වයං පෙළඹවීම තුළ ඒ චර්යාවන් තුළ හටගන්නා රෝග නිදන්ගතව පසුකාලීනව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආශ්‍රිතව පසුකාලීනව මන්ත්රාචාර්යවරුන් කරා යන සමාජ සංස්කෘතියක් අපට දකින්නට ලැබෙනවා.
නමුත් මේ ප්‍රමාද දෝෂයන් හුදෙක්ම අහම්බයක් නොවේ.
පැහැදිලිවම ප්‍රමාද දෝෂ යනු අවිඥානික මනසේ ඇති ගැඹුරු සම්බන්ධතාවය කිසිවිටකත් ලඝු කළ යුතු නැහැ .
ප්‍රමාද දෝෂ විශ්ලේෂණය අවිඥානික මනස අනාවරණය කර ගැනීමේ එක් ආකාරය පිළිබඳව පළල් වූ සමාජ සංවාදයක් නැතිකම මීට ගැටලු සහගත තත්ත්වයක් .
ඒ වගේම ප්‍රමාද දෝෂ අනර්ථ සහගතයි .
එවන් අවස්ථාවන්හී ප්‍රමාද දෝෂ ඉතා ඵලදායි මානසික ක්‍රියාවන් බවට පත්කිරීම පිළිබඳව වගකීම ඇත්තේ සමාජ විද්වත් උගත් පංතියට.
අවිඥානික මනස ආවරණය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව විවර කරලා දෝෂවල අනර්ථය කෙරෙහි අවධානය යොමු කරන සමාජ සංස්කෘතියක් බිහි නොවීම , මෙහි නිමිත්ත කියල කිව්වොත් වඩාත් නිවැරදියි .
අවිඥානික මනස සමග සමාජානුයෝජනයකට හෝ එහි අන්තර්ගතය අවිඥානික මනසේ සංදර්භය පිළිබද පුළුල් විවරණයක් සදහා සමාජය විවිධ පැතිකඩවලින් සංවාදයට ලක් කළ යුතු අවස්ථාවක , එවැනි සංවාදයකට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මෙහෙය වීමෙන් නිකුත් වූ මේ කෘතිය තුළින් ස්වකීය අර්ථාන්විතව එම කාර්යය සඳහා මැදිහත් නොවීම පිළිබඳව කනගාටුවට කරුණක් .
එකිනෙකට වෙනස් අභිප්රායන් තුළ ප්‍රති විරුද්ධ ගැටුමක ප්‍රතිඵලයක් තුළින් පුරවැසියන් තුළ ප්‍රමාද දෝෂයන් හට ගන්න පුළුවන් .
එය ප්‍රධාන වශයෙන් ඓතිහාසික ආගමික වටපිටාවක් තුළ ලංකාවේ භික්ෂු සමාජය විසින් චේතනාත්මකව ගොඩ නැගූ ප්‍රවාද විය හැකියි.
නැතිනම් අහිංසක ප්‍රජාව මුලා කිරීමේ අරමුණින් සමාජය තුළ ඇති කරන යම් සංසිද්ධීන් විය හැකියි.
අසනීප , වෙහෙස , කැළඹීම , ප්‍රමාද දෝෂ සඳහා විෂය වූ කරුණු මනෝ විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීම තුළින් මීට ප්රතිවිකල්ප සමාජ සංස්කෘතියක් ගොඩ නගන්න බුද්ධිමතුන්ට පුළුවන්.
අමතක වීම සඳහා මානසික යාන්ත්රනයක් බලපැවැත්වෙන අතර ම අමතක වීම ද මානසික ක්‍රියාවලියක් ලෙස අර්ථ ගැන් වෙලා තියෙනවා .
ඒ පිළිබඳව පුද්ගල චිත්ත සන්තානයේ අතෘප්තිකර හැගීම් සහ අතෘප්තිකර කළු මතකයන් පිළිබඳව නැවත ඒ පිළිබඳව සමාලෝචනය කරන තර්කානුකූලව කරුණු පැහැදිලි කරන කෘතියක් බවට මේ පොත පත්වුණා නම් ඉතාම වැදගත්.
මෙවැනි කෘති තුළින් පුරවැසියන් අතෘප්තිකර අත්දැකීම් මගහැරීමටත් ඒවායෙන් පලා යෑමටත් මානසිකව උත්සහ කිරීම සඳහා යම් දැනුම කාන්දු කිරීමක් කර තිබුණ නම් ඉතාම වැදගත්.
පොරොන්දු ඉටු නොකිරීම , වැරදි මුලා වීම් ආදී ප්‍රමාද දෝෂ තුළින් අප්‍රසන්න හැඟීමක් දැනවීම හේතුවෙන් අප්‍රසන්න හැඟීමක් මතක් කිරීම තුළින් මේ තත්ත්වය වර්ධනය වෙන සුළුයි.
ඒ පිළිබඳව විචාරශීලීව විශ්වවිද්‍යාල කණ්ඩායමට සිය ප්‍රශ්න යොමු කරගන්න තිබුණා.
මනුෂ්‍ය ස්වභාවය තුළ සිහින වටිනා අමුද්‍රව්‍ය සපයන වූ උල්පතක් .
මේ ශරීරය සම්බන්ධව සෙසු ක්‍රියාවලියට නිදාගැනීම අවදිවීම මොළය අණ කිරීමකට සිදුවන්නක් .
එය කාර්ය බහුල අවිවේකී සමාජය තුළ නැවත නැවත සැබෑ නින්දක් නොලැබුන බොහෝ විට නින්ද අතපසු වීම තුළත් පුරවැසියාට රෝගී තත්ත්වයන් වර්ධනය කරන්නට පුළුවන් .
ඒ පිළිබඳව ගැඹුරට සමීක්ෂණ කණ්ඩායම යොමු වෙලා නැති බව පොත අදාළ කෘතිය හැදෑරීම තුළින් පැහැදිලි වන සත්‍යයක්.
නින්ද මාර්ගයෙන් මිනිසාට කායික හා මානසික සහනය ගෙන දෙනවා.
සමහර කායික හා මානසික රෝග විෂයෙහි කදිම ඖෂධයක් ලෙස මිනිසාට නින්ද අත්‍යවශ්‍යම අංගයක්.
මේ ගැන අදාළ කෘතියෙහි පැහැදිලි විවරණයක් සිදු වෙලා නැහැ .
මනුෂ්‍යයෙකුට නින්දේ ඇති ජීව විද්‍යාත්මක අරමුණ කායික හා මානසික විවේකයයි.
අඩ නින්ද , සාමාන්‍ය නින්ද , ගැඹුරු නින්ද , ක්‍රියාකාරී නින්ද වශයෙන් පුරවැසියන් අවධි කිහිපයක් සිය ජීවිතයේ අත්විදිනවා.
නිදා සිටිය ද මනස ක්‍රියාත්මක වෙනවා.
උපතට පෙර ලැබූ අත්දැකීමට සමාන ස්වාභාවයක් නින්ද තුළ දී ලබා ගැනීමට හැකි බව පුරවැසියාට අවිඥානික ආශාවන් පවතින බව ප්‍රොයිඩ් පෙන්වා දී තිබෙනවා.
අඳුර , උණුසුම , වකුටු වීම වැනි අත්දැකීම් අප නින්ද යෙදී ලබන්නේ ඒ නිසයි.
උදෑසන සෑම අවදිවීමක් තුළ ම අළුත් උපතක් සිදු වන බව අපි අවබෝධ කරගත යුතු සැබෑ සත්‍යයක්.
කරුණු කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ විද්‍යාත්මකව මනෝ විද්‍යාත්මක නැඹුරුවකට හෝ ඓතිහාසික සංසිද්ධීන්වල බලපෑම කෘතිය තුළින් විවරණය කිරීමට අසමත් වෙලා තිබෙනවා.
හේතුව සමීක්ෂණයක දී තෝරාගත් කොටසකට පමණක් සීමා වීම.
එම සීමා වීම වෛද්‍ය විද්‍යාවට , ජීව විද්‍යාවට පොදු කළ හැකිය.
නමුත් සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් යනු පොදු සමාජ යහපත සදහා සමාජයේ අදුරු තැන් සොයා බලා සත්‍ය විවරණය කිරීමය.
නැවතත් මේ පිළිබඳව සිහිපත් කරන්නේ නම් මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාව තුළ තිබිය යුතු රූපකාය තුළින් වීතරාගී බව , උපශාන්ත ස්වරූපය , මෙත් කරුණා මහිමය වැනි ආධ්‍යාත්මික ලක්ෂණ දකින්නට නොලැබීමත් පුරවැසියන් තුළ ආත්ම ගත වුණු දේව විශ්වාසයන්වල ප්‍රතිඵලය මේ දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල හරය යැයි කිව්වොත් වඩාත් නිවැරදියි .
දේශීය වෙදකම පිළිබදව පසුව වෙනත් විචාරයක් කිරීම සුදුසු යැයි ලියුම්කරුට හැගෙන නිසා එය පසුවට විචාරය කිරීමට තැබේ.
නමුත් මෙහි දී දේශීය වෙදකම පිළිබඳව අප මීට වඩා ගැඹුරින් විග්රහ කළ යුතු නිසා එය වෙනම සාකච්ඡා කළ යුතු කරුණක් .
මහනුවර යුගයේ දී පුරවැසියා තුළ බුද්ධ ප්‍රතිමාව හා දේව ප්‍රතිමාව තුළින් බිය මුසු ගෞරවයක් හා බයක් , පක්ෂපාතී බවක් ඒ වඩාත් පැහැදිලිව කිව්වොත් දේව පක්ෂපාතී බවකට ජනතාව තල්ලු කරා යැයි , කියලා කිව්වොත් වඩාත් නිවැරදියි .
මේ සඳහා වඩාත් උර දී තිබෙන්නේ විහාරස්ථාන ආශ්රිත මහනායක හිමිවරුන්.
ඒ සමාජ ප්‍රපංචවල දිගුව මහජන දේශපාලන සංස්කෘතිය දක්වා දියත් වෙලා තිබෙනවා .
අනුරාධපුර සමාධි ප්‍රතිමාව හෝ අවුකන බුද්ධ ප්‍රතිමාව හෝ දකින විට සැදැවතුන්ගේ සිත තුළ ඇති කරන්නේ ඉමහත් ශ්‍රද්ධාවක් නොවේ ද?
මේ නුවර යුගයේ බුදු පිළිමයත් , අනුරාධපුර යුගයේ බුදු පිළිමයත් දෙස බැලීමේ දී හා සංසන්දනය කිරීමේ දී ඔබට වඩාත් පහසුවෙන් ඉහත කරුණු තහවුරු කරගන්න පුළුවන් .
නිවී සැනසුනු සිතුම් පැතුම් දාමයක් නිරාමිස ප්‍රීතියක් මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවක් තුළ දකින්නට ලැබෙන්නේ නෑ.
චෛතසිකය තුළ යහපත් සිතුවිලි ජනිත නොවන දේවත්වයට භය පක්ෂපාත බවක් හෝ බිය මුසු ගෞරවයක් දෙවියකු කෙරෙහි ඇති කරන සුළු සමාජ සංස්කෘතියක් නුවර යුගයේ දී එසේ නම් බිහි වී තිබෙනවා .
සැදැහැවතුන්ගේ සිත තුළ පහළ වන නිරූපිත බුද්ධ වචනය දිව්‍යමය බලවේගවලට හිමිකර දීමට දේව ඇවතුම් පැවතුම්වලට පුරවැසියන් යොමු කිරීමට වඩාත් ජනතාව හුරුපුරුදු කර ඇත්තේ නුවර යුගයේ භික්ෂූන් වහන්සේලා.
“ බුද්ධ ප්‍රතිමාව හුළං ගසා පුම්බන ලද ජපන් බෝනික්කෙක් වැනි යැයි” , මාර්ටින් වික්‍රමසිංහ නිවන් මුහුණුවර හා බමුණු විත්තිය කෘතිය තුළින් සඳහන් කර තිබෙනවා .
එය භාරතයේ සාරනාත් ප්‍රතිමාවට අර්ථකථනයක් දෙන විල්සන් ස්මිත් නම් පඩිවරයා එම බුද්ධ ප්‍රතිමාව හුළං ගසා පිම්බූ ජපන් බෝනික්කෙකු යැයි කිවූ බව තමයි මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ .
එසේ නම් මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාව ගැන අපට කියන්නට ඇත්තේ දෙවියකු මෙන් පුම්බන්නට කළ වෑයමක් ඉන් ගම්‍ය කරන බව නොවේ ද ?
මේ පිළිබඳව වඩාත් නිවැරදි අර්ථකථනයක් ලබා දීමට තිබුණේ දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ආශ්‍රිතව කෘතිය තුළින් .
ඒ අවස්ථාව මග හැරී යාම කණගාටුවට කරුණක් .
නමුත් ඔවුන්ගේ සිය පර්යේෂණ භූමිකාව මාතරට සීමා වීම පිළිබදව හා ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය මේ පිළිබඳව ගැඹුරුම කියවීමකට යොමු විය යුතු යැයි ලියුම්කරුගේ අදහසයි .
විද්‍යුත් මාධ්‍ය සමාජ ආධිපත්‍යය සියතට ගැනීම සිදු වන්නේ මිත්‍යාව වැපිරීම තවදුරටත් ව්‍යාප්ත කර ගැනීම යන පරිසරය මත .
එයට දේශපාලනය , දේශපාලකයා මෙන් ම ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න තීන්දු කරන්නේ භික්ෂු සමාජය හා වෙනත් පූජ්‍ය පක්ෂ .
දැන හෝ නොදැන රටේ සියල්ල සිදු වන්නේ ආගමික වුවමනාවට.
අළුයම නැගිටින වෙලාවට පිරිත් අසන , බණ අසන නින්දට යන වෙලාවට පිරිත් අසන බණ අසන පරිසරය ගොඩනගා ඇත්තේ ජනමාධ්‍ය ආධිපත්‍යය යැයි කීම වඩාත් නිවැරදියි.
නමුත් පූජ්‍ය පක්ෂයෙන් විය යුතු රාජකාරිය මනාව ඉටු වී නැති බව මනාව නිරුවත් වී තිබෙන සමාජය ගත් මග තවදුරටත් ආගම , මාධ්‍ය කලාව , දේශපාලනය සිය ගමන් මග නිවැරදිව යන්නේ බොහෝ විට මිථ්‍යාව පදනම් කරගත් සමාජ හුරුපුරුදු මත.
ජනතාවට සමස්ත ආගමික ගොනුව අදාළ මිථ්‍යාවන් පිළිබදව ගුණ දොස් විසදා ගන්නට නොහැකි වී ඇත්තේ මාධ්‍ය ග්‍රහණයට සමස්ත සමාජය ම ගොදුරු වී ඇති පරිසරයක් නිසා.
මෙය ව්‍යාජ බෞද්ධ පුනරුද ස්වරූපයෙන් හැසිරෙන පරිසරයක් තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ අදාළ කෘතිය තුළින් කාන්දු කෙරෙන හඹා යාමට ඇති පැති පිළිබඳව තවදුරටත් අප අවදියෙන් .
මීළඟ විචාරය ජෝතිෂ්‍යය අරඹයා විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ කෘතිය තුළින් සමාජය විවිධ පැතිකඩ පිළිබඳව විවිධ අංශ සිසාරා යන සුළු මාවත් හැදෑරීමේ දී ගොඩනැඟෙන නිසා ඒ පිළිබඳව විවරණය කිරීමට සිදුවෙනවා.
- සුමිත් කොඩිතුවක්කු –