ප්‍රජාව මුහුණදෙන විවිධාකාර ගැටළු විසඳා ගැනීම සඳහා යන්නේ ශ්‍රී ලංකා පොලිසිය වෙතය.
ලංකාවේ දේපල පැවරීමේ දී , විකිණීඳීමේ දී හා බූදල් දේපල සම්බන්ධ වංචාවල දී පොලිසිය පසුගාමී මඟහැරීමක් සිදු කරයි.
කාලය , සම්පත් , තොරතුරු නිවැරදිව ලබා දී කරන පැමිණිල්ල ගැඹුරු නිරීක්ෂණයකට ලක්ව තර්කානුකූලව බුද්ධියකින් විමසීමේ හැකියාව ලංකාවේ පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරීන් සතු නීතිමය දැනුම කෙබදු ඳ ?
නොතාරිස් ආඥා පනතේ සහ ලේඛන ලියා පදිංචි කිරිමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව සිදු වී තිබෙන වංචාවලට එරෙහිව පොලිසිය ක්‍රියා නොකිරීම එක් පැත්තකි.
ශ්‍රී ලංකාවේ පොලිසිය සංක්‍රාන්ති යුක්තිය සදහා එසේ නම් ප්‍රතිසංවිධානය විය යුතු නොවේ ද?
පාර්ශවකරුවන් බූදල් වූ දේපලට කීපදෙනෙකු සිටින විට නිරවුල් හිමිකම ඇති වන්නේ සියළු දෙනා අත්සන් කළ විටය.
නොබෙදූ ඉඩම්වල හිමිකරුවන් සියළු දෙනා ඔප්පුවකට අත්සන් කර නැත්නම් සිදු වී ඇත්තේ දණ්ඩ නීතී සංග්‍රහයට අදාළ වැරදිය.
ඉඩම් චංචාවක් පිළිබඳ පොලිස් පැමිණිල්ලක දී ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම හා භාවිතය ඉතාම පසුගාමීය.
පැමිණිල්ල නොසලකා සරල ජීවනෝපායන් ගෙන ගිය පැමිණිලිකරුගේ සමාජ මට්ටම අනුව ජනප්‍රිය කියමන දිසා අධිකරණයට නඩුවක් පවරාගෙන විසඳා ගන්නා ලෙසය.
දිසා අධිකරණයේ නඩුවක් පැවරීමේ දී ඒ සඳහා වැය වන අප්‍රමාණ මුදල් පිළිබඳ නොසලකා පොලිසියේ හැසිරීම භාවිතය නීතියට පටහැනිය.
ඔප්පුවක අත්සන් පිළිබඳව හෝ අයුතු පැවරීමක් පිළිබඳව වෙනත් වංචනික ක්‍රියාවක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව පොලිස් පැමිණිල්ලේ අන්තර්ගත කරුණු අනුව අපක්ෂපාති පරීක්ෂණයක් කර මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීම අදාළ පොලිස් ස්ථානයේ වගකීම වේ.
මෙවැනි ගැටළු දිවයින පුරා ප්‍රජාවගේ සුරක්ෂිත භාවය අහිමි වූ අවස්ථා තිබේ.
පොලිසිය ගොනු කරන නඩු සාධාරණව විනිශ්චයට ලක් වන්නේ අදාළ සාක්ෂි නිවැරදිව අධිකරණයට යොමු කිරීම සිදු වුවහොත් පමණි.
නඩුවක් ආරම්භයේ දීම තොරතුරු වාර්තාවක් ගොනු කිරීම පොලිසියේ වගකීමකි.
කාර්යයභාර්යකි.
පොලිස් නිලධාරියෙකුගේ ප්‍රමාද දෝෂය යම් කෙනෙකුට පාඩු ගෙන දෙන්නක් නොවිය යුතුය.
නීතිය යනු හිතුවක්කාරී අත්තනෝමතික ලෙස අරුත් හෝ අර්ථකථන දිය යුතු විෂයක් නොවේ.
ඇතැම් පොලිස් නිලධාරීන් හා නීතීඥ මහතුන් එය මනාව සිදු කරන්නේ වංචනිකවය.
තර්කය පදනම් කරගෙන ඇතැම් අය නෛතිකත්වය මතු කරන අතර සමාජ සාධාරණත්වය උදෙසා නීතිය උපාය මාර්ගිකව මෙහෙයවන සුළුතරයක් ද සිටිති.
ඉඩම් ආශ්‍රිතව විවිධ අපරාධ සිදු වේ.
වැටක් එහා මෙහා කිරීම , ඉඩමක් මඟින් පාරක් කැපීම 66 නීතියට ආදේශ වී තිබේ.
66 ප්‍රතිපාදනවලට අනුව ප්‍රාථමික මහේස්ත්‍රාත් අධිකරණයක් ලබා දෙන තීන්දුවක් සිවිල් බලයක් ඇති දිසා අධිකරණ විනිශ්චයකින් වෙනස් වේ.
කෙටියෙන් පැවසිය යුත්තේ 66 වගන්තියේ ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික හෝ මහේස්ත්‍රාත් ( අතිරේක ) අධිකරණයක තීන්දුවක් වලංගුවන්නේ නියමිත බලයලත් අධිකරණයක විනිශ්චය තෙක් පමණි.
1979 අංක 44 දරණ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනතේ 6වෙනි කොටසේ 66 වගන්තිය යටතේ නඩුවකින් බලාපොරොත්තුවන සහන සෑම ප්‍රශ්නයක දීම ලබා ගැනීමට අයිතියක් නොලබන බව හා අධිකරණ බලතල සීමිත බව අදාළ අධිකරණය අනුව වෙනස් වේ.
තාප්පයක් ඉදි කිරීමේ දී හෝ ඉඩමක් පිළිබඳ කවර ප්‍රශ්නයක් වූව ද පොලිසියට පැමිණිල්ලක් ලැබීමේ දී පොලිසියේ ජනප්‍රිය ක්‍රියාමාර්ගය 66 වන වගන්තිය යටතේ නඩු පැවරීමය.
එවැනි නඩුවකින් අපේක්ෂිත සහන සීමිත බව අදාළ පාර්ශවවලට දැනුමක් ලබා දීමට ප්‍රාදේශීය පොලිසිය අසමත්ය.
නඩුව අධිකරණයට ගෙන යන කෝට් සාජන්ගේ නිල නොවන භූමිකාව වී ඇත්තේ තමන්ට සලකන නීතිඥවරුන්ගේ නම් දුරකථන අංක ලබා දී එම නීතිඥවරු පිළිබඳ පාර්ශවකරුවන්ට අභිමානයෙන් කථා කිරීමය .
දිළිදු අසරණව අධිකරණය වෙත ප්රවේශවන පාර්ශවකරුවන් වංචාකාරී ලෙස ( TOUTING ) තැරැව්කරණයට ලක්වන්නේ ඇතැම් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් නිසාය.
පාර්ශවකරුවන්ගෙන් ලැබෙන නීතීඥ හා ලේඛන ගාස්තුවලින් 25% සිට 50% දක්වා රජයේ වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලබා ගන්නේ ඉතාමත් උපායශීලී ලෙසය.
කූට පුද්ගල / කාන්තා පාර්ශව 66 වගන්තිය අයුතු ලෙස යොදා ගන්නේ සතියකට පැමිණිලි 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පොලිසියේ ගොණු කිරීමෙන් ය.
ඇතැම් වයසක නීතීඥවරු කාන්තාවන් සමඟ අයුතු සම්බන්ධතා පවත්වති.
ඒ සඳහා දිගින් දිගට ම කාන්තාවන්ට වංචනික පොලිස් පැමිණිලි සඳහා උපදෙස් ලබා දෙන්නේ වංචනික පොලිස් මහතුන් ය.
අයිතියක් නැති දේපළකට හිමිකම් කියා පෑමට එවැනි ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් උසි ගන්වන්නේ එවැනි ඇතැම් දූශිත නීතිඥවරුය.
අයුතු ලෙස නීතියේ තෘප්තිය ලබන නීතීඥයා කාන්තාවට රුචිකත්වය වැඩි නම් නොමිලේ ඇගේ සේවය ලබා ගැනීමට සිය වෘත්තීය ආචාරධර්ම කඩ කරමින් , නොතාරිස් ආඥා පනත උල්ලංඝනය කරමින් , දිගින් දිගට ම ඔහු සමීපයේ රඳවා ගැනීමට ක්‍රියා කරන්නේ පහත සදහන් ආකාරයෙන් ය.
- හිමිකමක් නැති දේපලකට වංචනිකව ප්‍රකාශන ඔප්පු සකස් කිරීමට උපදෙස් ලබා දීම.
- අයිතිය තහවුරු කිරීම සදහා දෙවන පාර්ශවයක් මඟින් පොලිස් පැමිණිලි ගොණු කිරීම.
- අයුතු දිව්රුම් ප්‍රකාශ සකස් කිරීම.
මෙවැනි කරුණු කාරණා අරභයා පමණක් නොව ඉන් ඔබ්බට ගොස් ක්‍රියා කරන ලද නීතිඥයින් පිළිබඳව තොරතුරු PFP NEWS සතුව ඇත.
සේවාදායකයකු ඔප්පුවක් ලිවීමේ දී නීතීඥ ගාස්තු පමණක් නොව රජයේ මුද්දර ගාස්තු ගෙවිය යුතු මුදල් ද වංචා කරන ලද නීතිඥවරු දිවයින පුරා සිටිති.
ඒ පිළිබඳව අදාළ අංශ විධිමත්ව ක්‍රියා නොකිරීම නිසා රජයේ ඒකාබද්ධ අරමුදලට හිමි විය යුතු මුදල් විවිධාකාරයෙන් අව භාවිතයට ගොදුරු වී තිබේ.
රජයේ වර්තමාන අර්බුදයේ එක් සාධකයක් වන මේ පිළිබඳ PFP NEWS ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා කරුණු ගොනු කර ඇත.
නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියා කළ නීතිඥ වසන්ත රණසිංහ ඉන් එක් අයෙකි.
මේ පිළිබඳව ඉදිරියේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැක් වූ කරුණු බලාපොරොත්තු වන්න.
- සුමිත් කොඩිතුවක්කු –