ආචාරධර්ම

ආචාරධර්ම අන්තර්ගතය

newsandimage.org බලය පවත්වාගැනීම හා අත්පත් කරගැනීම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ඉතාම ඛේදනීය මුහුණුවරකින් පසුකරන යුගයක අප ජීවත් වෙනවා. බලය පවත්වාගැනීම අත්පත් කරගැනීම දේශපාලනඥයින් බොහෝ විට රටේ ප්‍රජාව අපහසුවට පත් කරමින් යන මේ යුගය ඇත්තටම ජනමාධ්‍යයට කළ හැකි මෙහෙවර අපමණයි. අප්‍රමාණයි.සම්පත් මත රාජ්‍ය බලය යෙදවීමේ අධිකාරිය පවතින රජය සතුයි.ආර්ථික විශේෂඥයින් විසින් ආධිපත්‍ය මහ බැංකුව මගින් පතුරවනු ලබයි. නමුත් ආර්ථික විද්‍යාව, ආර්ථික විශේෂඥතාවය මහ බැංකුව මගින් මනාව සිදුවූවාදැයි යන්න පසු විමර්ශනයක් මනාව රට තුළ සිදුවිය යුතු කාලපරිච්ඡේද අප පසුකර තිබෙනවා. ඒ නිසාම ආර්ථික විද්‍යාව, අනවශ්‍ය ලෙස සංකීර්ණ කර ඉච්ඡා භංගත්වයට ගෙන ගිය ශ්‍රී ලංකාව පිළිබඳව මහ බැංකුවේ වගකීම් බැහැරවීම හා බැහැර කිරීම පිළිබඳව කතා කළ යුතු අප්‍රමාණ පැති අප්‍රමාණයි.

දේශපාලනඥයින්ගේ පැවැත්ම සහ ඒ ඒ යුගවල ආණ්ඩුවල පැවැත්ම සඳහා ආර්ථිකය මෙහෙයවපු මහ බැංකුවේ ආර්ථික විශේෂඥ ධුරාවලියක් තුළින් මහජනතාවගේ බදු මුදලින් යැපෙන ජාලයක් අපට දකින්නට ලැබෙනවා. එම ව්‍යවසනය හමුවේ තවදුරටත් ජනමාධ්‍යයට ඔල්වරසන් දෙමින් කල් මැරීමට ඉඩක් නැත. අසාර්ථක මහ බැංකුවේ එළැඹීම් හේතු සාධක මත විචාරශීලීව විමසීම නිව්ස් ඇන්ඩ් ඉමේජ් වගකීමයි. කාර්යභාරයයි. ඒ සඳහා උචිත නව දැක්මක් සඳහා වේදිකා ගොඩනැගීම අපගේ ඉලක්කයයි. දැනුවත් සංවිචාරණයක් විචාරශීලී හා මහජනතාව සාවධානව ඒ සඳහා කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය වන දැනුම කාන්දු කිරීම අපගේ වෑයමයි. දැනුම, තාක්ෂණය, විමර්ශනාත්මක අත්දැකීම් තුළින් හෙළිදරව් කිරීම සමස්ත ජනමාධ්‍යයේ වගකීම බැහැරවීම තුළ ඒ සඳහා කළ යුතු යුතුකම අර්ථසාධනීය ලෙස ඉටු කිරීම අපගේ වැයමයි. ඒ සඳහා සංවිචාරණීය සමාජයක් ගොඩනැගීම ඒ අභියෝගයට මුහුණදීම අපගේ වෑයමයි.

සත්ජන සමාජ වටිනාකම් පිටුදකින ආර්ථික, සාමාජීය, සංස්කෘතික, දේශපාලනික නායකත්වයන් තුළ ඇති ස්වර්ථකාමය හා ස්වාමිත්වකාමය සමාජයේ පහළ මට්ටමේ බලවේග තුළ මිත්‍යාදෘෂ්ඨික ලෙස හැසිරීම, භාවිතය පිළිබඳ කරුණු සාධක මත හෙළිදරව් කිරීම අපගේ ඉදිරි වැඩපිළිවෙළයි. සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙමින් පසුගිය වසර 75 තුළ ගොඩනගන ලද සමාජ ධුරාවලියේ විපාක මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම භුක්ති විඳිමින් සිටී. ඒ නිසා ආදායම් විෂමතා අසමාන සමාජ අවස්ථා මතු වි තිබේ. ජනවාර්ගික හා ද්වේශය සමාජය තුළ ගොඩනැගී තිබේ. විෂමාචාරී ජනමාධ්‍ය, රැවටිලිකාර නායකයින්ගේ උපදෙස් මත යැපන සංස්කෘතියක් බිහිවී තිබේ. ඉච්ඡා භංගවීම් තුළින් ජනතාව දූෂිත රාජ්‍ය පරිපාලනයක් තුළ යැපෙමින් සිටිති. මේ නිසා පොදු දේපල කොල්ලකෑම, සමාජ අසහනය ඒ තුළින් මතු වී තිබේ. පොදු සේවාවාල කඩා වැටීම හා සමස්ත පෘථුවි පරිසර පද්ධතිය තුළම පරපීඩනයෙන් ව්‍යසනකාරී ලෙස ලාංකික සමාජය ඊට තල්ලු වී තිබේ. නමුත් විජ්ජාකාරී ලෙස සමාජය තුළ රූපනය කරන රඟපෑම් අපමණව දිගහැරෙමින් තිබේ.

පටු දැක්ම පිළිබඳව දැනුවත් වීමක් උදෙසා සංවිචාරණයක් සහ ඊට විකල්ප සමාජ යුතුකම් මැදිහත් වන ජනමාධ්‍යයක් දක්නට නොලැබේ. යුක්තිය අත්පත් කරදීම අරමුණු කරගත් යුක්ති සහගත සමාජයක් බිහිකර ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීමේ අවකාශය අප කවුරුත් තේරුම්ගත යුතු වන්නේ ඒ නිසාය. ඒ සියල්ලක් සඳහා තොරතුරු තුළින් උත්තේජනීය අදහස් මතින් සංවිචාරණයකට යොමු විය යුතු සමාජ අභිප්‍රාය සඳහා අපගේ මැදිහත්වීම අදත්, හෙටත් සම්භාවනිය ලෙස ඉටු කිරීම අපගේ වෑයමයි.

ලංකාවේ පාර්ලිමේන්තුවේ සිට පොදු සමාජය දක්වා ආචාර ධර්ම හා ප්‍රතිපත්තිගරුක වීම න්‍යායට පමණක් සීමා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ අයුතු හැසිරීම හා පොදු සමාජයේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙන ගෙවී ගිය වසර 75ක් පුරා අප සතු අත්දැකීම් අපමණයි. මහින්ද රාජපක්ෂ නඩයේ බහුතරයක් පාර්ලිමේන්තුවේ භෞතික භාණ්ඩවලට හානි කරමින් මිරිස් කුඩු ගැසීමේ පොදු සමාජය කැළඹූ සිද්ධිය ඊට එක් උදාහරණයක් පමණයි. මෙවැනි සිද්ධීන් වලදී කථානායක ධුරාවලියේ සිටි බහුතරයක් අනුගමනය කර ඇත්තේ සූත්‍ර පුංච කලාවක්. මෙය රාජ්‍ය හා ආගමික අංශ කරා දිවයන මාෆියා සංස්කෘතියක් දක්වා දියුණු වෙලා තියෙනවා. එවැනි සමාජ පසුබිමක් හමුවේ ප්‍රබුද්ධ විචාර සංස්කෘතියක් බිහි කිරීමේ අභියෝගයක් මතුවී තිබෙනවා. එම අභියෝගයට මුහුණ දෙන මාධ්‍යකරුවා, ශ්‍රී ලංකා පොලිසිය, හමුදාව, අධිකරණය හා වෙනත් ප්‍රචණ්ඩ කණ්ඩායම් ඉදිරියේ හුදකලා වන අවස්ථා අපමණයි. එවැනි හුදකලාවලින් තොරව ඔවුන් සඳහා නෛතික හා සමාජ රැකවරණය ලබාදීමේ සංවිධානගත රාජ්‍ය නොවන මෙහෙයුමක් සඳහා මැදිහත්වීම අපගේ වෑයමයි. පුරවැසියා සක්‍රීය විචාරකයකු ලෙස මතු කිරීම අපගේ තවත් වෑයමක්.

අප ඉදිරිපත් කරන තොරතුරු සිද්ධියට කුළුගැන්වෙන අර්ථරසයෙන් හා හාස්‍ය රසයෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රබුද්ධ කරුණු මැදිහත් කරන්න ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපගේ නිර්මාණවල සංඥා සංකේත වටහාගැනීමට ව්‍යංගාර්ථ නිර්වචන ලබාදෙන්න පුළුවන්. තොරතුරකට අදාළ සිද්ධිය රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය හා පුරවැසිය සමීප කරන පාලමක් සඳහා නිර්මාණ භූමිකාව පළල් සිද්ධිමය ප්‍රවෘත්තිමය නිර්මාණ මගින් විග්‍රහත්මක ආකෘති විශ්ලේෂණය කරන්න අප බලාපොරොත්තු වෙනවා. අයුතු බලපෑම් විපත පොදු සමාජයට කාන්දු කරන අගතිය පැහැදිලි කිරීම විවිධ අගයන් විමර්ශනය හා සංදේශය සාධකවල දත්ත විචාරක අත්දැකීම් ඉන් අර්ථකතනය කිරීම. ඒ සඳහා මාක්ස්වාදී දෘෂ්ඨිය, මනෝ විශ්ලේෂණවාදී ස්ත්‍රීවාදී දාෂ්ඨිය පුර්ව මාවත් කරගැනීම නූතනවාදී දෘෂ්ඨීය, පශ්චාත් නූතනවාදී දෘෂ්ඨිය, බහුවාදී විවිධ ඇස්වලින් මාධ්‍ය වැඩසටහන් නිර්මාණය කිරීම අපගේ වෑයම් අතර එක් වෑයමක්. එක්සත් ජාතීන්ගේ හා අන්තර්ජාතික වෙනත් සංවිධානවල ලෝක පුරවැසියන්ගේ ආධාර අවශ්‍ය වන්නේ ඒ නිසයි. මේ පිළිබඳව ඔබට විවිධ පැතිවලින් අපි ප්‍රවෘත්ති සපයා ගන්නවා. ප්‍රවෘත්ති සංස්කරණය, විශලේෂණය, සංසන්දනාත්මකව ඉදිරිපත් කිරීමක්. වෙනත් පාර්ශ්වයන්ට අගතියක් වීමේ අවදානම අවම කිරීම අපගේ උත්සාහයයි.

දේශපාලනමය ගැටලුවලදී මුහුණ දීමට සිදුවන කරුණුවලදී පුරවැසියා සතු වගකීම හා මැදිහත්වීමද අප බලාපොරොත්තු වෙනවා. වෙබ් අඩවියක්  නිර්මාණය, යාවත්කාලීන කිරීම, ඩිජිටල් අවකාශය කළමනාකරණය හා අදාළ පිරිවැය අපමණ බව ඔබ දන්නා කරුණක්. ඒ නිසා වැයවන මුදල් වැටුප් ගෙවීම් සඳහා අවශ්‍ය පරිසරයක් අප සතුව දැනට නැහැ. වැය වන මුදල් ප්‍රතිපූර්ණය කර ගත යුතු අවස්ථා ද අපට නැහැ. යම්කිසි ලාභයක් ඉපැයීම අවශ්‍යයි පැවැත්ම සඳහා. යාවත්කාලීන කිරීමේදී විවිධ පැතිවලින් ප්‍රවෘත්තිමය සක්‍රීය ක්‍රියාකාරකම් සඳහා ප්‍රාග්ධනය අවශ්‍යයි. මේ නිසා ආරම්භක දොරට වැඩුමේදී අපගේ පෞද්ගලික වැය කිරීම් මත මේ සඳහා අප්‍රමාණ මහන්සියක් ගන්නවා. ඒ නිසා අවදානම දරන්නා තීරණය ගනු ලබන්නා, හැඩතල නිර්මාණය කරන්නා, එවැනි මාධ්‍යකරුවන් තවදුරටත් රැක ගැනීම පොදු සමාජයේ වගකීමක්.

පවතින හා පැවති ආණ්ඩුවලින් පත්කර ඇති විවිධ කොමිෂන් සභා වැය කර ඇති රාජ්‍ය මුදල් රටේ පළදායිතාවය සඳහා රාජ්‍ය ප්‍රධානීන් මනාව ක්‍රියාකාරවී තිබේද? යන්න මේ වන විටත් ගැටලු සහගත තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඒ පිළිබඳ විග්‍රහ කර ගැනීම හා සමාජයේ දැනුවත් කිරීම අපගේ මූලික අභිලාශයයි. අන්තර්ජාතික මූලික අයිතිවාසිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම වසාගෙන යම් රාජ්‍යයක් ක්‍රියා කිරීමේදී එහි ප්‍රතිඵල පෙරළා පොදු ප්‍රජාවගෙන්ම මතු විය හැකි බව ඔබ දන්නා කරුණක්. එවැනි සමාජ හැසිරීම් හා භාවිතය පොදු සමාජයට මතු කළ හැකි පසුකාලීන අහිතකර පැති විචාරය හා විග්‍රහයට ලක් කිරීම අපගේ තවත් වෑයමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා බොහෝ විට විවිධ අණපනත් රට හමුවේ තබා තිබෙනවා. නමුත් එය පොදු සමාජයට යහපත් ද? පාර්ලිමේන්තු කාරක සභා මගින් රාජ්‍ය ආයතන ප්‍රධානින් පිළිබඳ ප්‍රශ්න කිරීම හුදෙක් බොල් නිසරු ක්‍රියාදාමයක්ද යන්න විග්‍රහ කර ගැනීම ඊට අදාළ නීති කෙටුම්පත්වල අවශ්‍යතාවය පැහැදිලි කිරීම අපගේ විග්‍රහයන් අතරට ඇති කරන ප්‍රබුද්ධ ක්‍රියාදාමයක්. ව්‍යවස්ථානුකුලව ප්‍රජාවගේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට බැඳී ඇති අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, රාජ්‍ය හා පෞද්ගලික සම ආයතන, විවිධ නම් වලින් පෙනී සිටින හා මහජන මුදල්වලින් ගොඩනගා ඇති ආයතනවල වගකීම, යුතුකම හා රාජකාරිය පැහැර හැර ඇති ප්‍රධානීන්ට එරෙහිව සත්‍ය මහජනතාව අතරට විවිධ මාධ්‍යය මගින් ගෙන යෑම හා අධිකරණය වෙත ගොනු කිරීම දක්වා අපගේ වෑයම් අතර එක් පැත්තක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා ඇති විධිවිධාන අයුතු ලෙස නොමඟ යවන සුළු ක්‍රියාකාරකම් අනාවරණය කිරීම. බලධාරින්ගේ නෛතික හැසිරීම ඉක්මවා ගොඩනැගෙන සමාජ පරිසරය හමුවේ විදේශ රටකට නතුවීමේ ශ්‍රී ලංකාව පත්වීමේ අවදානමක් මේ වන විට අප ශ්‍රී ලංකාව ගොදුරු වී තිබෙනවා යැයි කීම වඩාත් නිවැරදියි. යම් පනතක් හරහා විෂය පතට අදාළව ක්‍රියා කිරීමේ හිමිකම අභිබවා වෙනත් පාර්ශ්වයක් ක්‍රියා කරන්නේ නම් වෙනත් පනත් හෝ අති විශේෂ ගැසට් හෝ ගැසට් මගින් නිකුත් කිරිම නීතිය අවභාවිතයට ලක් කිරීමක්. එවැනි සිද්ධිවල ඇකඩමික් මුහුණුවරින් විග්‍රහ කිරීම පොදු සමාජයට කාන්දු කිරීම අපගේ වෑයමයි. උදාහරණයක් ලෙස ව්‍යවස්ථාපිත යුතුකමක් ඕනෑවටම නොකර හැරීම රාජ්‍ය අංශයේ හැසිරීම හා විනය විරෝධී ක්‍රියා නිසා බොහෝ විට සිදුවන ඉතාම මගඩි ක්‍රියාකාරකම් අප්‍රමාණයි. දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන අධිකාරිය යටතේ එවැනි අවස්ථා අප 289 වගන්තිය ප්‍රයෝජනයට ගෙන අප මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා.

  • සංසන්දනය හා විශ්ලේෂණය පෙර සිද්ධියක් හා අනාගත සිද්ධි ගැලපීම.
  • ලාංකික මාධ්‍යය සංස්කෘතියට තෙවැනි ඇසක් ලබාදීම. සම්ප්‍රදාය, මිත්‍යාව, ලාංකික මාධ්‍ය සංස්කෘතියේ ආකර්ෂණීය මායාවට පරිකල්පනයේ පරිවර්තනයක් ලබාදීම.
  • සෞන්දර්යාත්මක ප්‍රවේශයන් සොබාදහම විචිත්‍රවත්ව ඉදිරිපත් කරන ආකෘතීන් තේමාකරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
  • එහිදී ජෛව විවිධත්වය ඇති ලෝකයේ හා ශ්‍රී ලංකාවේ වනාන්තර පරිසරය සතු විවිධ හා දුර්ලභ ශාක හා සත්ව ජීවීන් සියුම් නිරීක්ෂණයට ලක් කිරීම.
  • ආර්ථික සහජීවනයට මතු වර්ධනය වන ආහාර හා කෘෂිකාර්මික විකල්ප මාර්ග පිළිබඳ සංඥා සමාජගත කිරීම.
  • සාගින්න, මන්දපෝෂණය අනාගත ශ්‍රී ලංකාවෙ වගාකිරීමට ඉඩම් නැති කම පිළිබඳ වර්ධනය වන අභියෝගය සඳහා නව මාවත් සොයා යෑම හා ඒ පිළිබඳ හෙළිදරව් කිරීම.
  • පසේ ජීවය ආරක්ෂා කර ගැනීම, ජෛව විවිධත්වය සුරැකීමට අදාළ වැඩසටහන්වල තේමා කර ගැනීම භූමිය පස, භෝග, සූර්ය රශ්මිය, ජල කළමනාකරණය, ඌෂණත්වය වැඩිවීම, අඩුවීම, වායුගෝලිය ගැටලුවලට විසඳුම් හා විකල්ප මාර්ග සොයා යන ප්‍රජාවට තොරතුරු සම්පාදනය.
  • මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පාදනය, පුනර්ජනනීය වෙනත් නවෝත්පාදන, නිෂ්පාදන සඳහා මැදිහත්වන ඉංජිනේරු හා ගැමි තාක්ෂණ හඳුන්වාදීම. පරිසර සංවේදීතාවය හා හිතකාමී පුරවැසියන්ගේ වර්ධනයක් කාලීන ඉදිරි ජීවන රටාව සමඟ භාවාත්මක හා අධ්‍යාත්මික ඥාන ශක්තිය වර්ධනය කරන සුලු නිර්මාණ ඉදිරිපත් කිරීම.
  • සෞන්දර්යාත්මක මේ ප්‍රවේශයන් තුළට සංගීත සංඥා, සංකේත, වර්ණ, භාෂා උපක්‍රම උචිත අනුචිතව සංස්කරණය ශිල්පියා මගින් අප නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
  • භාෂාත්මක ප්‍රවේශය, ලිඛිත මාධ්‍යය, ශ්‍රව්‍ය මාධ්‍යය, දෘෂ්‍ය මාධ්‍ය අන්තර්ගත කිරීමේදී උචිත අනුචිත රටා වැඩසටහන් මතු කිරීම.
  • සදාචාරත්මක ප්‍රවේශයන් මාධ්‍යය තුළ ඇති විචිත්‍රවත් බව, ආකර්ශනීය බව, මහජන සිතුම් පැතුම් සමඟ බද්ධ කිරීම හා දුක්ගන්නාරාළගේ කාර්යභාරයක් ඉදිරිපත් කරන සංදේශයේ මතුපිට අරුතට යටි අරුත පුරවැසියාට විවෘතව විග්‍රහ කර ලබාදීම.
  • පුද්ගලයාට හා සමාජ ප්‍රගතිය උදෙසා සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ඉගෙනුම තුළින් පුරවැසියා සමඟ ඍජු සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. ඒ සඳහා මහජනතාව ඍජුව සම්බන්ධ වන භෞතිකවාදී ආයතන සමඟ අප අත්වැල්බැඳ ගන්න බලාපොරොත්තු වෙනවා.

විචාරශීලී මනසකින් සමාජය දෙස බැලීමටත් ග්‍රාහක ප්‍රජාවන්ගේ අපේක්ෂා අවශ්‍ය සිතුම් පැතුම් අනුව ගොඩනැගීමටත් ප්‍රබුද්ධ රටාවක් තුළින් බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපේ පළමු වසර තුළ මහජන ලුහුඬු දැන්වීම්, ආයතනික දැන්වීම්, නොමිලේ ප්‍රචාරය කිරීමට අපේක්ෂා කරනවා. ප්‍රවෘත්ති වැඩසටහන්වල විචිත්‍රවත්ව හා ආකර්ශනය මත ඔබගේ සමාජ පෙළඹවීමේ මානසිකත්වයක් අප ගොඩනැගීමට ද අපේක්ෂා කරනවා. අපගේ යූටියුබ් වෙබ් අවකාශය පහසුවෙන් ප්‍රජාවට සමීප කරන උපායමාර්ග තුළින් අන්තර්ගත සමාජ ක්‍රියාකාරිත්වයක් හා පුණ්‍ය ක්‍රියාවන් වලදී සමාජ සේවා මැදිහත් වීම් ද අපගේ ප්‍රතිපත්තිවලට අන්තර්ගතයි. පුද්ගල හෝ කණ්ඩායම්වල දේශපාලන ගොදුරක් නොවීමේ පෞර්ෂය අප රැක ගැනීමට උත්සාහ ගන්නවා. කාර්ය උපාය නිපුණතාවයෙන් යුතුව විශ්ලේෂණය, තක්සේරුකරණය, කාණ්ඩ කරණය, අනුමානය, නිගමනය තුළින් විචාරශීලී ඉදිරිපත් කිරීම්වලදී විවිධ සමාජ කණ්ඩායම්වලින් සිදුවන බලපෑම්වලින් මාධ්‍යකරුවා රැකගැනීමත් යහපත් පුරවැසියන්ගේ වගකීමක්. ගොඩනගන විචාරශීලී ග්‍රාහකත්වය මඟ පෙන්වන්නකු බවට පුරවැසියා පත්කරගැනීම මෙන්ම යම් ප්‍රශ්නයකදී අපට හුදකලා නොවීමට අවශ්‍ය වපසරිය පුරවැසියන් විසින් ගොඩනැගිය යුතු බවත් මහජනතාවට මතක් කිරීමට අප කැමතියි.

සමාජ අසාධාරණය වෙනුවෙන් හඬ නැගීමේදී අකාර්යක්ෂම රාජ්‍ය ආයතන විවිධ මුහුණුවරින් මතුවීමේදී පෙරළා ප්‍රජාව ඊට අවශ්‍ය මූලික නෛතික සහයෝගය ලබාදීමත්, ඒ සඳහා ආධාර උපකාර කිරීමත් සමාජ පුරවැසියන්ගේ වගකීමක්. කාලීන පුවත්වල පසුවිපරම සඳහා දෛනිකව අධ්‍යාපනය සඳහා අදාළ උපායමාර්ගික තරඟකාරී ප්‍රවෘත්ති හඳුනාගැනීම සඳහා ප්‍රවෘත්තිමය ප්‍රතිපත්තිමය යුතුකම අප තේරුම් ගෙන ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා.

සියල්ලකගේ අවසානය අප සමාජයේ සාධනීයව සමාජයට නව අවකාශයක් ලබාදීමයි. ඒ නිසා පළමු වසර අපගේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ඔබගේ මැදිහත්වීම ද අපට අවශ්‍යයි. නීති විද්‍යාලය හා වෙනත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තෙවන වසර අවසානයේ සිය පරීක්ෂණ නිබන්ධනයක් සකස් කරගැනීමේදී අපගේ නිර්මාණ මෙවලමක් විය හැකියි. පාසල් පද්ධතියේ ගුරු දෙගුරුන්ට ප්‍රඥාව කාන්දු කිරීමේ මාවතක් අපගෙන් වර්ධනය විය හැකියි. දැනුම යනු හඹා යා යුතු දෙයක්. එහෙත් වැඩිහිටියන්ට තබා දරුවන්ටත් ඒ සඳහා කාලය සොයා ගැනීම බෙහෙවින් අද අසීරු කටයුත්තක්. විවිධ විෂය ක්‍ෂේත්‍රයන් ඔස්සේ පාසලේදීත් ඉන් බාහිරවත් සමාජයේදීත් හමුවන විවිධ වාග් මාලා බොහොමයක් තේරුම්ගැනීමට අද ්‍යයතන පාසල් දරුවාට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ නිසා බොහෝ විට පාසල් පද්ධතියේ දරුවන් බහුතරයක් ටියුෂන් මාෆියාවට ගොදුරු වී තිබේ. ඒ නිසා ඒ පිළිබඳව සුවිශාල සමාජ කාර්යයක් සඳහා මැදිහත් වීමට අප බලාපොරොත්තු වෙනවා.

සන්නිවේදනයේ ප්‍රධාන අංගය භාෂාවයි. සන්නිවේදනයේ ක්‍රමික විකාශනයත් සමඟ භාෂාවත් ක්‍රමිකව විකාශනය වී තිබෙනවා. යුගයෙන් යුගය වෙනස් වන එම වෙනස්කම් හඳුනාගන්නටත් අදාළ ප්‍රඥාව පාසල් දරුවන් සඳහා කාන්දු කරන්නත් අප නිවුස් ඇන්ඩ් ඉමේජ් ක්‍රියාකාරී මෙහෙවරක යෙදීමට අපේක්ෂා කරනවා. යුගයෙන් යුගයට පරිනාමය වන වදන්වල තේරුම් මනාව නිර්වචනය කිරීමට ඒ සඳහා මනා වාග්මාලා පිළිබඳ තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. පැරණි පොතපතේ එන වදන්වල අරුත් තේරුම්ගැනීමට අපහසු වීම ඒවගේම සුභාවත දැනුම සම්භාව්‍ය පොතපත ආශ්‍රිතව ඒ තුළින් ආශ්‍රිත තොරතුරු උපුටා දැක්වීමටත් බලාපොරොත්තු වෙනවා. ආර්ථික විද්‍යාව, උද්භිත විද්‍යාව, නීති ශාස්ත්‍රය, ප්‍රාදේශීය වහර, පැරණි වහර, ඉතිහාය, කට වහර, කායික විද්‍යාව, ගෝත්‍රික වහර, ජිව විද්‍යාව, තාරක විද්‍යාව, දර්ශන ශාස්ත්‍රය, ව්‍යාකරණ, සත්ව විද්‍යාව තුළ එන නව වදන් ප්‍රාදේශීය වහර තුළින් සිංහල මහ ශබ්දකෝෂයේ තොරතුරු, සුමංගල ශබ්දකෝෂය ආශ්‍රිත තොරතුරු, ජන ශ්‍රැති ශබ්දකෝෂය ආශ්‍රිත තොරතුරු, මලලසේකර ශබ්දකෝෂය ආශ්‍රිත තොරතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

බස ජීවියකු වැනිය. ජීවය වෙනස් වන පරිසරය අනුව හැඩ ගැසෙමින් වැඩේ. බස ද වැඩෙන්නේ වෙනස් වන පරිසරයට අනුකූල වන පරිද්දෙන්. වෙනස් වෙන පරිසරයට හැඩගැසෙන්නට අපොහොසත් වන ජීවියා වඳ වී යන්නා සේ බස ද වෙනස්වන මිනිස් චින්තනයටත් සමාජ බලවේගයටත් අනුව හැඩ නොගැසුණහොත් මල බසක් බවට පත් වන බව බසක මහිම පොත ලියා තිබෙන මහාචාර්ය ජේ. බී. දිසානායක ශූරීන් සිය පෙරවදනෙහි සඳහන් කර තිබෙනවා. මහාචාර්ය ජේ. බී. දිසානායකට අනුව පාලි භාෂාව, මල භාෂාවක්. නමුත් ශ්‍රී ලංකාව තුළ පාලි භාෂාව ආශ්‍රිත බුදු දහමෙන් එන පිරිත් සජ්ඡායනය සහ වෙනත් බොහෝ දේ ශ්‍රී ලංකාව තුළ අද වන විටත් සජීවී ලෙස ක්‍රියාත්මක වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පරිසරයට අනුගත වෙමින් වෙනස් වෙමින් පවතින බසකට භාවිතයේදී කලින් කලට අලුත් වදන් එක් වී තිබෙනවා. ඇතැම් වදන් කාලානුරූපව භාවිතයෙන් ඉවත් වෙනවා. එසේ භාවිතයෙන් ගිලිහි ගියද එම වදන් බොහෝ විට මානවයාට අවශ්‍ය යැයි කිව්වොත් නිවැරදියි. ජීව භාෂාවක පැවැත්මට නිර්මාණශීලී දිනයක් ඉතාම වැදගත්.

ජීව භාෂාවක් වන සිංහලයේ ඉතිහාසය ක්‍රි. පූ. 6 වන හෝ 5 වන සියවස තෙක් දිව යන්නක්. සිංහල භාෂාවේ ආරම්භය මෙරට හින්දු ආර්ය ජනාවාස බිහිවීමත් සමඟ සිදුවන්නට ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. ඉන්දු ආර්ය භාෂා ගණයේ ලා සැලකෙන ඉන්දියාවේ අනෙක් භාෂා ලෙස හඳුන්වන හින්දි, වංග, මරාටි, ගුජරාටි වැනි භාෂාවලට වඩා අපේ ලාංකික සිංහල බසෙහි විකාශය ක්‍රි. පූ. 3 වන සියවසේ සිට මේ දක්වා පැහැදිලිව හඳුනාගත හැකි සිංහල ලේඛන ඇතුළත් ඉතිහාසයක් තිබෙන බව අප තේරුම්ගත යුතුයි. ක්‍රි. ව. 5 වන සියවසේදී බුද්ධගෝෂ හිමියන් ඉන්දියාවෙන් මෙහි ආවේ ත්‍රිපිටකයට සිංහලෙන් ලියූ අටුවා පාලියට නඟන්නට යැයි කිව හැකිය. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී අයත් වන්නේ 7 වන හා 13 වන සියවස් අතරටය. ටැම් ලිපි, සෙල් ලිපි, ලෙන් සටහන් ආදියෙන් සිංහලයේ විකාශය වෙනත් භාෂාවලට වඩා දීර්ඝ ඉතිහාසයක් ඉන් ජනිත කරයි. ඉපැරණිම සිංහල පොතපත ලෙස දැනට ඉතිරිව ඇත්තේ දම්පියා අටුවා ගැටපදය සහ සිඛවළද විණිස පමණයි. එය ක්‍රි. ව. 10 වන සියවසට අයත් යැයි සැලකෙනවා.

කෙසේ වෙතත් බුදුහාමුදුරුවන් ලංකාවට වැඩි බවට මේ දක්වා කිසිම ශිලා ලේඛනයකින් තොරතුරු හෙළි වී නැහැ. නමුත් බුදුහාමුදුරුවන් වැඩි බවට ප්‍රවාදයක් සමාජගත වී තිබෙනවා. එය ශාස්ත්‍රිය හා සමාජයීය විද්‍යාත්මක පදනමක් මත තවදුරටත් ශ්‍රී ලංකාව සාකච්ඡාවට බඳුන් කළ යුතු වෙනවා. සිංහලය දීර්ඝ කාලයක් තිස්සේ ලොව විවිධ භාෂාවලින් විවිධ සංස්කෘතීන්ගේ ලද පෝෂණයෙන් වැඩී සංවර්ධනය වී තිබෙනවා. ධනය, ශ්‍රමය, කාලය කැප කරමින් ඒ සඳහා විවිධ ශාස්ත්‍රීය හෙළිදරව් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ආර්ථිකයේ පුළුල් විය හැකි ආකෘතීන්, සේවා නියුක්තියේ හිතකර අහිතකර ආර්ථික අභිවෘද්ධිය සඳහා මැදිහත් විය යුතු ප්‍රධාන ආයතන සිය වගකීම් මඟහැර ක්‍රියා කරන්නේ නම් ඔවුන් නිර්දය ලෙස විවේචනය කිරීමට අප මැදිහත් වන බව අවධාරණය කරන්න කැමැතියි.

මහ බැංකුවේ සම්ප්‍රදායික ආර්ථික සටහන් අභිබවා යන තොරතුරු නිර්මාණය, හැසිරවීම, සංවිධානය සඳහා දිගුකාලීන පෙරවදන්වලින් මහ බැංකුව ආමන්ත්‍රණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවන් පසුබිමක් හමුවේ පාසල්, විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රඥාව කාන්දු කරන ඔවුනොවුන්ගේ මොළ, ඥාන මණ්ඩලයක් කරා ගෙන යාමට අපගේ වෑයම බව සිහිපත් කරන්න කැමැතියි. ඔබත් රජයේ හෝ වෙනත් පාර්ශවයන්ගේ අසාධාරණයන්ට ලක් වූ වින්දිතයෙක් වෙන්න පුළුවන්. දැනට කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන අයෙක් වෙන්න පුළුවන්. ඔබ ප්‍රදේශයේ අසාධාරණයට, අගතියට පත් වූ පුරවැසියකු වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාධරයකු වශයෙන් ඔබ පදිංචි ප්‍රදේශයේ සිට ක්‍රියාකාරී වීමට අපගේ ස්වෙච්ඡා සේවයට මැදිහත්ව ප්‍රබලයකු ලෙස අවදිවීමට ඔබ සූදානම් නම් මේ සමඟ ඉදිරිපත් වන අයදුම්පත්‍රය පුරවා අපගේ පහත සඳහන් ලිපිනයට යොමු කරන්න. 53/1, ශාලාව පාර, ඇඹුල්දෙනිය, නුගේගොඩ.

දැනට ඔබ සාමදාන විනිශ්චයකරුවෙක්, ග්‍රාම නිලධාරි මහතෙක්, පාසල් ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් හෝ නීතියට අදාළ ක්ෂේත්‍රයක රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු හෝ විශ්‍රාමිකයෙකු නම් අපගේ කැඳවීම ඔබටයි. සොබාදහම අඩුවීම හා වැඩිවීම වෙනස්වීම සිදුවෙමින් තිබෙනවා. අධික වර්ෂාවත්, කුණාටුවත්, නියඟයත් වැඩිවීම ප්‍රචණ්ඩ ලෙස ක්‍රියාකාරී වීම හානිකරයි. මේ බලපෑම නිසා ඔබ ගොවි මහතෙක්, ව්‍යාපාරිකයෙක් වශයෙන් දැනටමත් යම් ආකාරයකින් ඔබ අගතියට පත් වී සිටිනවා විය හැකියි. අප්‍රමාදයෙන් සමබර කිරීමේ මාවත සොයා එසේ නම් අප හා එක් වන්න. සමෝධානාත්මකව ගැනීමෙන්, ලබාදීමෙන්, අත්හැරීමෙන්, කාලයට ඉඩදීමෙන් අපට විසඳුම් සොයාගන්න පුළුවන්. සොබාදහමේ ගුරුත්වාකර්ෂණීය රහස අත්විඳින්නට මිනිස් දහමේ ආකර්ෂණීය දිසාගතවීමට අදහස්වලින් එකමුතුව පෝෂණයටත් විවිධ දැනුමෙන් මොළය ප්‍රතිපෝෂණය කරගන්නත් අප හා එක්වන්න.

පොලිසිය, අධිකරණය, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සහ වෙනත් පාර්ශ්ව මගින් පොදු ප්‍රජාවට වැරදි සිදුවන්නේ පුරවැසි ඔබගේ ඉඩ සැලසීම හෝ දේශපාලන නීතිමය සාක්ෂරතාවය ඔබ ලබානොතිබීම නිසා වෙන්න පුළුවන්. ළඟම උදාහරණය මෑතකදී වර්ධනය වූ තරුණ පොදුජන අරගලය හා පොදුජන ගෝල්ෆේස් අරගලයයි. සියල්ලක් වීදිවල, කාණු දිගේ දියවී යාම අරගලයේ පුරෝගාමීන්ගේ දේශපාලන හා නීතිමය සාක්ෂරතාවයේ දිළිඳු භාවයයි. වැරදීම අත්හැරීම මගින් ප්‍රඥාවන්ත පුහුණු වැඩසටහන් දියත් කරගැනීම මගින් රටේ දිළිඳුකම පුරවැසි රශ්මිය විහිදුවන සාමාජිකයකු වන්න ඔබත් අප හා එක්වන්න. රාගයෙන්, මොහයෙන්, ද්වේශයෙන් තොර සමාජ එකමුතුවෙන් අපි එකතු වෙමු. පුරවැසි ඔබේ ජීවිතය කාලයයි. පොදු සමාජයට ප්‍රයෝජන පුරවැසියකු ලෙස හුස්ම ගැනීමට දැනුම ඇතිව ඉදිරිපත් වීම වඩාත් ආරක්ෂිතයි. අප්‍රමාදයෙන් ක්‍රියාකිරීම හා උපායශීලීව සක්‍රීය වීම සඳහා ගැලපීම යෝග්‍යතාවය සියල්ලක් සාර්ථක දිසාගත මාවත සොයා එකමුතුව සමෝධානාත්මක නිවැරදි දැකීමට අපි කල්පනාගත වෙමු.

“ඔබ දැනුමේ උල්පතක්, ගඟක් වෙන්න. වරෙක දියඇල්ලක් මෙන් වේගයෙන් මහපොළොවට පතතිත වන්න. දඟර සහිතව නාගරික ග්‍රාමීය හා ප්‍රාදේශීයව ගලාගොස් මහ සයුරක් ලෙස සමාජයට මහා රැල්ලක් පන්නරයක් වෙන්න අප හා එක්වන්න.”

ඒ සඳහා 53/1, ශාලාව පාර, ඇඹුල්දෙණිය, නුගේගොඩ ලිපිනයට මේ සමඟ ඇති ඉල්ලුම්පත්‍රය පුරවා එවන්න. අප මාධ්‍ය මෙහෙවර පක්ෂපාතී වන්නේ සත්‍යයටයි. අපේ පරම හතුරා දුබලකම බව තේරුම්ගෙන වැඩ කිීරීම අපගේ ඉලක්කයයි. ප්‍රාණවත් භාවය ප්‍රගතිය අපගේ උත්සාහය බව තේරුම්ගෙන තිබෙනවා. අපගේ අවදිවීම පොදු මහජනතාව පවසන දේ මනා අවබෝධයෙන් තේරුම්ගෙන ක්‍රියා කිරීම. ස්වභාවිකව අපගේ කරුණු ඉදිරිපත් කිරීම. අවධාරණය කළ යුතු දේ වචන අවධාරණයෙන් ප්‍රජාවට පෙන්වාදීම. අපගේ මාධ්‍ය ගලායෑම මනා රිද්මයක් තුළ ඉදිරියට ගලා යනු ඇත. පියමනාප බව ආදර්ශමත් බව ඇසූ පිරූ තැන් ඇති බව, දන්නා දෙයින් පටන් ගැනිම, ඉච්ඡා බස් නොදෙඩීම, නිහතමානී බව අපගේ මාධ්‍ය සදාචාරයයි. ආකර්ශනීය විය යුතු තැන අප අවංකවීම, ප්‍රසන්න විය යුතු තැනට සුදුසු නුවන භාවිතා කිරීම අපගේ ඉලක්කයයි. සාමුහිකත්වය, නිහතමානීකම, අපගේ පණිවිඩය තුළ සැමවිටම අන්තර්ගත කිරීමට උත්සාහ ගන්නවා. භාෂණය, ලේඛණය හෝ සංඥා මගින් දැනුම අදහස් ඉදිරිපත් කිරීම හුවමාරු කිරීම, සත්‍ය සොයා යෑමට ප්‍රජාව පෙළඹවීම, අපේ ඉලක්ක අතර එක් ඉලක්කයක්.

ප්‍රජාතන්ත්‍රවාදය යනු තොරතුරු බව, පිළිගත් සත්‍යයක් බව ඔබත් මාත් දන්නා කරුණක්. ජනමාධ්‍යකරුවා වාර්තාකරණය තොරතුරක බලපෑම සමාජයට බලපාන ආකාරයටම තමා ද සමාජයේ කොටස්කරුවකු වශයෙන් එම බලපෑමට ගොදුරු වන බව තේරුම් ගෙන ක්‍රියා කිරීම අපගේ වෑයමයි. සමාජයට සැබෑ තොරතුරු සැපයීම ස්වයං ශික්ෂණයක් කරගෙන ප්‍රජාවගේ දැනුවත් භාවය පිළිබඳව ප්‍රඥාවන්ත කිරීම පිළිබඳව ජනමාධ්‍ය අපගේ වගකීම බව සිත් තුළ මනාව හඳුනාගෙන ක්‍රියාකරීම හැසිරීම අපගේ මූලධර්මයයි. ජනමතය සකස් කරන්නෝ අපි වන අතර ජනමාධ්‍යවේදියා තුළ තිබිය යුතු අවංකභාවය අති මහත් බව අප තේරුම්ගෙන අවසන්.

වර්තමානයේ ජනමාධ්‍ය හිමිකාරත්වය රාජ්‍ය පෞද්ගලික සිවිල් සමාජය ආදී ක්ෂේත්‍ර ගණනාවකට පුළුල්ව පැතිර පැවතිනවා. මාධ්‍ය අයිතිකරුගේ අපේක්ෂාවන් පසෙකලා මාධ්‍යවේදියාට ක්‍රියා කිරීම අභියෝගාත්මක තත්ත්වයක්. ප්‍රධාන නාලිකා හා රාජ්‍ය මාධ්‍යය බොහෝ විට පවතින ආණ්ඩුවේ මතවාද සමඟ ක්‍රියා කරන ස්වභාවයක් දකින්නට ලැබෙන සුළුයි. පෞද්ගලික මාධ්‍යය වානිජ අරමුණු පෙරදැරි කරගෙන කටයුතු කරන බව පාඨක ග්‍රාහක ඔබගේ දැකීමයි. සිවිල් සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන මාධ්‍ය බොහෝ විට මිනිස් අයිතිවාසිකම් හා සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ඉක්මවා ප්‍රජාව ස්වංපෝෂිත කිරීම හා සංවිචාරණීය සමාජයක් උදෙසා අපගේ වෑයමයි.

රුචි අරුචිකම් මාධ්‍යවේදියකුට හමුවන ප්‍රබල මුරපල්ලෙකු හා සමානයි. 1948.12.16 වන දින එක්සත් ජාතීන්ගේ මහ සංගමය විසින් ප්‍රකාශයට පත් කළ එහි 19 වන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. තම මතය දැරීමේ හා ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතිය සැම කෙනෙකුටම තිබෙනවා. බාධා කිරීම්වලින් තොරව මතිමතාන්තර දැරීමේ දේශසීමා නොසලකා කවර හෝ මාධ්‍යයක් මගින් තොරතුරු හා අදහස් සෙවීමේ, ලබාගැනීමේ, බෙදාහැරීමේ නිදහස මේ තුළ අන්තර්ගතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් රටවල් රාජ්‍යයන් මෙම මගපෙන්වීම මුල්කොටගෙන තම රටවල නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ පිළිබඳව නියමයන් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල පිළිවෙළින් 6 වන සහ 3 වන පරිච්ඡේදවල මෙසේ සඳහන් කර තිබෙනවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 18 (1) (ඌ) අනු ව්‍යවස්ථාව, සෑම පුරවැසියකුටම ප්‍රකාශනය ඇතුළු භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබිය යුතු බව, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 14 (1) (අ) අනුව ව්‍යවස්ථාව, සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශණයේ අදහස් ප්‍රකාශකිරීමට නිදහස හිමිකම් ස්ථාපනය කිරීම අනුව අප මාධ්‍ය ආයතනයේ ක්‍රියාකාරිත්වය ඒ තුළින් අන්තර්ගත වෙනවා.

මෙම ප්‍රකාශනය අනුව එකී නිදහස පූර්ණ කිසිදු බාධාවකින් තොරව නිදහසක් ලෙස පෙනී ගියද එම ව්‍යවස්ථාවේ 15 (2) (7) අනු ව්‍යවස්ථාව මගින් එකී නිදහසට යම් යම් සීමාවන් හඳුන්වාදී තිබෙන බව ද අප තේරුම්ගත යුතුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (2) (7) අනු ව්‍යවස්ථාව 15 (2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. 14 වන ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (අ) ඡේදයෙන් ප්‍රකාශකොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද? ක්‍රියාත්මක විය හැක්කේ ද? වාර්ගික ආගමික සහයෝගිතාවය තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද අධිකරණයට අපහාස කිරීම අපහාසයට හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්වය. මෙය තර්කානුකූලව සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණක් බව ද අප තේරුම්ගෙන ඇත. 15 (7) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය – 12 වන ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ (1) හා (2) වන අනු ව්‍යවස්ථාවලින් හා 14 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගෙන ඇති සියලුම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේද? ක්‍රියාත්මක කළ හැක්කේ ද? රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිස බව සඳහන් වෙනවා. එය මනාව තේරුම්ගෙන ඊට අදාළව ක්‍රියා කිරීම අපගේ වෑයමයි.

නිදහස, සාමානාත්මතාවය, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීන්තවය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම් දුරකට ස්ථාපති කර තිබෙනවා. එසේම එම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් මේ වන විට අභියෝගයට ලක් වෙමින් තිබෙනවා. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරිමට නුදුරු දිනයක ත්‍රස්ත විරෝධී පනතක් මේ වන විට කෙටුම්පත් වෙමින් තිබෙනවා. ඒ නිසා 78 ව්‍යවස්ථාවේ ජනතාවගේ හිමිකම් අහිමි කර තිබෙන වසා තිබෙන තත්ත්වයක් එසේම යම් බැඳීම් නිහතමානීව පිළිගැනීමට තිබෙන අභිමානය වියැකී යන සමාජ සංස්කෘතියක් දියත් වෙමින් තිබෙන පරිසරයක් මේ වන විට අපි ගෙවමින් ඉන්නවා. ඒ නිසා දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අනන්‍යතා ලාංකික පදනම දියවෙමින් යන වටපිටාවක් දකින්නට ලැබෙමින් තිබෙනවා. මූලික අයිතිවාසිකම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විශේෂිත ස්ථානයක් ලබාදී තිබීම විශ්වය හඳුනාගැනීමට හැකි කැරණක් ද යන ප්‍රශ්නාර්ථය මතුවෙමින් තිබේ.

මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෘද සාක්ෂිය ලෙස පිළිගැනීමට නොහැකි අභියෝගාත්මක තත්ත්වයක් මතුවීම සමස්ත සමාජ ක්‍රමයම ඉච්චා භංගත්වයට තල්ලු වීමක්. මූලික අයිතිවාසිකම් රටකට විශේෂිත වන අතරම රටේ ඉතිහාසය හා රටේ සංස්කෘතිය මත එය සකස් වන්නක්. මානව අයිතිවාසිකම් බොහෝ විට ඒ සමාන තත්ත්වයක පවතින නමුත් එය පවතින ආණ්ඩුව පිළිගැනීමට උල්ලංඝනය කිරිමට තිබෙන සාධක හා වෙනත් පැති මනාව විචාරයට ලක් කරන්න අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මෙවන් තත්ත්වයක් හමුවේ අභියෝගයට ලක්වෙමින් තිබෙනවා. මේ නිසා ලාංකික සමාජයේ සාමුහික පරිවර්තනයේ පරිකල්පනයක් උදෙසා සමාජ මාධ්‍ය භාවිතයේ වැදගත්කම් ඉස්මතු වෙමින් තිබෙනවා. කරුණු කෙසේ වෙතත් වලංගුව බලපවත්නා නීතියකින් හෝ විධිවිධාන කිසිවක් සලසා නොමැති කාර්ය පටිපාටිගත හෝ ව්‍යවහාර ක්‍රමානුකූලගත හෝ යම් කාරණයක් යම් ආඥාපනතක ක්‍රියාත්මක වීමෙන් පසු හෝ යම් අධිකරණයක් ඉදිරියේ ඊට අදාළ ව්‍යවස්ථාමය තත්ත්වයක් නැති ගැටලුවක් පැන නැඟුනහොත් ඒ අවස්ථාවට යුක්ති සහගත වන විශේෂ ආඥා හා විධාන ලබාගැනීම පිණිස ඒ අධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු වේ.

කණගාටුවට කරුණ නම් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි ගෞවනීය තත්ත්වයක තිබියදී පාර්ලිමේන්තුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් පිළිබඳව ප්‍රශ්න කිරීමට යොමු වෙමින් තිබෙන යුගයක අපි ජීවත් වෙමු. ලංකාවේ නීති ප්‍රඥප්ති සංග්‍රහය සිංහල භාෂාවෙන් පළමු වරට නිකුත් කෙරුණුf 1988 අප්‍රේල් 18 දින වේ. ඉන් පසුව විධිමත්ව සිංහල භාෂාවෙන් අදාළ ලේඛන මනාව ප්‍රකාශිත වූවාද යන්න රාජ්‍ය මට්ටමින් ගැටලු සහගත තත්ත්වයක් පවතිනවා. ඒ නිසා බහුතරයක් නීතිඥ ප්‍රජාව ශ්‍රී ලංකා වාසීන්ගේ නඩු ක්‍රියාවලදී අධික ලෙස සූරාකෑමේ නිරතවීමක් දකින්නට ලැබෙනවා. ඊට ප්‍රධාන හේතුවක් සේ තවදුරටත් කියන්නේ නම් අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු බොහෝ විට නිකුත් වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. මේ තත්ත්වය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල භාෂාවට හිමි තැන අභියෝගයට ලක් වී තිබීම ද තවත් කරුණක් නොවේද? එවැනි පැති තවදුරටත් විග්‍රහ කිරීම හා සංවාදයට ලක් කිරීම අපගේ වෑයමයි.

නඩුව යනු වරදක් වැලැක්වීම සඳහා හෝ වරදක් සම්බන්ධයෙන් සහනය ලබාගැනීම සඳහා වූ නඩු කටයුත්තක් වේ. නඩු නිමිත්ත යනු යම් වරදක් වැලැක්වීම සඳහා හෝ ඒ සම්බන්ධයෙන් සහනය ලබාගැනීම සඳහා හෝ නඩුවක් පවරනු ලැබිය හැකි වේද? ඒ වරදය. තවද අයිතිවාසිකම් නොදීම, බැඳීමක් ඉෂ්ට කිරීම ප්‍රතික්ෂේප කිරීම, යුතුකමක් ඉටු කිරීම, පැහැර හැරීම හෝ නියත හානියක් කිරීමට ඊට අදාළ වේ. නඩු ක්‍රියාවලියේදී සිවිල් නඩු විධාන සංග්‍රහය, අපරාධ නඩු විධායන සංග්‍රහය, සාක්ෂි නීතිය සහ වෙනත් ආඥා සහ චක්‍රලේඛ පනත් ආශ්‍රිතව අධිකරණ පද්ධතිය සකස් වී තිබෙනවා. ඒ සකස් වීම තුළ අධිකරණය පැවැත්වෙන නඩු විභාගයකදී නිවැරදි හා සාධාරණ විනිශ්චයක් ලබාදීමට හැකි වන්නේ විනිශ්චයට භාජනය වී ඇති නඩු නිමිත්ත පිළිබඳව සත්‍ය ලෙස වටහාගැනීමට අධිකරණයට හැකි වුවහොත් පමණි.

සිවිල් හා අපරාධ ක්ෂේත්‍රයට ඇතුළත් වන නඩුවක් ද විශාල සංඛ්‍යාවක් මේ වන විට අභියාචනා හා ප්‍රතිශෝධන ඉල්ලීමේ කාර්ය පටිපාටියන්ට ඇතුළත්ව අභියාචනයන්ට ලක් වී තිබේ. අභියාචනා හා ප්‍රතිශෝධන ඉල්ලීම් එසේ වැඩි වන්නේ කුමක් නිසාද? ඒ ගැන තවදුරටත් විග්‍රහ කර ගත යුතු පැති අපමණවත් ඇත. අධිකරණයට ඉදිරිපත් වන සාක්ෂි සහ එම සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිශ්චිත රීති මාලාවක් විධිමත් නීති ක්‍රමයක පැවතිය යුතුය. එම නීති පද්ධති ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ආණ්ඩුවක මූලධර්මය විය යුතුය. සාක්ෂි නීතිය පිළිබඳව පරිපූර්ණ නීති සංග්‍රහයක් නිකුත් වන්නේ 1895 අංක 14 දරණ සාක්ෂි ආඥා පනතින්ය. 1896 ජනවාරි 01 වන දින සිට ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට සාක්ෂි නීතිය ඇතුළත් වී තිබේ. එම සාක්ෂි පනත සම්මත වූයේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. එහි ප්‍රතිපාදන අර්ථකතනය කරමින් අධිකරණය විසින් ප්‍රකාශට පත් කරන ලද නඩු තීන්දු ලියැවී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. සාක්ෂි නීතිය පිළිබඳ පරිනත අවබෝධයක් බලාගැනීමට මගපෙන්වන එම තීන්දු තුළ නිදන්ගතව ඇති ඥාන සම්භාරය ග්‍රහණය කර ගැනීමේ හැකි වී ඇත්තේ ඉංග්‍රීසි උගත් නීතිඥ ප්‍රජාවට පමණි. ඒ නිසා ඉංග්‍රීසි නොදත් බහුතර ප්‍රජාවක් සිටින ශ්‍රී ලංකාවේ ජනතාව අධික මුදල් වැය කිරීමක් දෛනිකව වැය කරමින් සිටිති. දුක් මහන්සියෙන් සොයා ගන්නා ගැමියකු හෝ නාගරිකයකුගේ ජීවිතය කාලය තුළ ශ්‍රමය කාලය, දැනුම එක් තැන් කර ලබාගන්නා සුළු මුදල පවා ඇතැම් ගසාකන නීතිඥයින්ට පූජා කිරීමට ජනතාවට සිදුවී තිබේ. එවැනි පැති හා අදාළ ආඥා පනත් පිළිබඳ තොරතුරු විවරණය කරන්නත් හෙළි දරව් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.

තොරතුරු යන්න සමස්ත සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් භාවිතා කළ යුත්තක් මෙන්ම එය දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව ද රාජ්‍ය අංශය හා මහජනතාව තේරුම් ගත යුතුය. කිසිදු අවස්ථාවක මාධ්‍යය දේශපාලනික ජනමතයක් නිර්මාණය කිරීමට දායක නොවිය යුතු බව අපගේ අදහසයි. මහජනතාව තම මතය සකස් කරගැනීමට අවශ්‍ය දත්ත හා තොරතුරු ලබාදීම පමණක් කළ යුතු බව වාර්තා කරණයේදී යම් විශේෂ සිද්ධීන් වලදී තමන්ට අවශ්‍ය කරුණු පමණක් වාර්තා නොකළ යුතු බව අපගේ වැටහීමයි.

සිදුවීමක සමස්තය හා අවසානය තෙක් වාර්තා කළ යුතු බව අපගේ වෑයමයි. වාර්තා කිරීම ඔස්සේ නැවත ගැටලුවකට යාමට අවශ්‍ය මාවත විවර නොකළ යුතු බව අපගේ දැක්මයි. විශේෂයෙන් ජාතින් අතර ආගම් අතර ඇතිවන ගැටලුවලදී මහජනතාවගේ මතය අපක්ෂාපතී ලෙස මෙහෙයවීමේ වගකීම මාධ්‍යයට පැවරෙන බව අප තේරුම්ගෙන ඇතත් ආගමික මුහුණුවරින් දාර්ශනීකයින්ගේ සම්භානීයත්වය අයුතු ලෙස යොදා ගනිමින් යැපෙන පූජ්‍ය පක්ෂය හෝ වෙනත් පාර්ශ්ව අපට දකින්නට අසන්නට ලැබේ නම් එහි අතීතය වර්තමානය සහ අනාගතය පිළිබඳ ඇති විය හැකි ඛේදවාචකය පිළිබඳ නිමිති හෙළිදරව් කිරීම අපගේ වෑයමයි. සත්‍යයකාමී බව එහෙම නැත්නම් ග්‍රාහකයාගේ බලාපොරොත්තුව සත්‍ය තොරතුරු වාර්තාකරණයත් ඒ තුළින් වාර්තාකරුවන්ගේ අවංක භාවය මූර්තිමත් කිරීමත් අපගේ උත්සාහයයි.

මාධ්‍යවේදියාගේ මූලික ලැදිකම දක්වා ඇත්තේ පුරවැසියාට බව වාර්තාකරණය තුළින්ම අප ඉදිරියේදී තහවුරු කිරීමට අපේක්ෂා කරනවා. සිය වාර්තාකරණයට තමා යොමු කළ හෝ පාත්‍ර කරන ලද අයගෙන් ස්වාධීන වී ඇති බව පෙන්වාදීමට ක්‍රියාවෙන්ම අප වෑයම් කරනවා. උත්සාහ ගන්නවා. හඬක් නගන්නට බැරි ජනතාවගේ හඬක් බවට පත්වීමට අපගේ ප්‍රධාන ඉලක්කයයි. ඍජුව හා වක්‍රව බලපාන කරුණු විවෘතව පාපොච්ඡාරණයට ලක් කිරීමට හා විසඳුම් සාකච්ඡා කිරීම සහිත නිරන්තර සාකච්ඡා මණ්ඩප පවත්වාගෙන යෑමටත් ජනතා අයිතීන් ජනමාධ්‍ය භාවිතාවන් තුළින් සාක්‍ෂරතාවය ජනතාව තුළින් වැඩිදියුණු කිරීමටත් අප ගන්නා උත්සාහයට ප්‍රජාවගේ දායක්තවයත් ලෝක සංවිධානවල දායකත්වයත් අප අගේ කොට සලකනවා. අදාළ සිදුවීම්වල වැදගත්කම අංගසම්පූර්ණ සරිලන තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය රජය තහවුරු කළ යුතු වෙනවා. අපගේ වාර්තාකරණය හුදෙක්ම මහජන යහපත සඳහා විය යුතු බව අපගේ මතයයි.

සමාජය තුළ අනවබෝධය දුරු කිරීම ප්‍රමුඛතම කාර්ය වන අතර අන් මතවලට ගරු කිරීමට ද අප අවස්ථාව ලබාදීමට ද ක්‍රියා කරනවා. වාර්තාකරණයේදී මානුෂිකත්වයට ප්‍රමුඛස්ථානය ලබාදීම වගේම ඒ සඳහා ප්‍රජාවගේ අවශ්‍ය සහයෝගය ඉතාම වැදගත්. අතීතය හාරා ඇවිස්සීම වැළකීම බොහෝ විට ඉන් සමාජයට යහපතක් වන්නේ නම් අතීතය හා ප්‍රාග් යුගය දක්වා ඒ පිළිබඳ කරුණු විවරණය කිරීමට අප පසුබට වන්නේ නැත. සාරධර්ම ආරක්ෂා කරගැනීම වගේම ප්‍රමිතින් රැකගැනීම මෙන්ම වර්ධනය කර ගැනීම විනිවිද පෙනෙන බවකින් ක්‍රියා කිරීම අපගෙ සමස්තය හකුළුවා පෙන්වන්නේ නම් සංහිඳියාව සහයෝගිතාවය වර්ධනය කරන මඟක් සොයා යෑම අපගේ සමස්ත හරයේ ඇතඹුලයි. ජන සමාජයක් විසින් එල්බ ගැණුනු චිරාගත සම්ප්‍රදායන් මුල්කොටගත් සංස්කෘතික දායාදයන් අපමණ ශ්‍රී ලංකා වාසීන් තුළ ආත්මගත වී තිබේ. නමුත් එම සංස්කෘතික මායාවන්වල සැබෑ යථාර්ථයට සත්‍යය ගෙන ඒමටත් අපගේ උත්සාහයක් ඇත. ඒ පිළිබඳ විවේචන එල්ල කිරීමේදී බැරෑරුම් සහ අවදානම් සහගත තත්ත්වයන්ට අප තල්ලු විය හැකිය.

ඓතිහාසික සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත මත එවැනි සංස්කෘතික මායාවන් පිළිබඳව නිවැරදි ප්‍රබල හා සවිමත් විචාරශීලී දෘෂ්ඨියක් මතින් සමාජ විද්‍යාත්මකව කරුණු පුරෝගාමීව ඉදිරිපත් කිරීමට ද අපගේ වෑයමක් වේ. ලාංකික ජාතිකත්වය සභ්‍යත්වය ශිෂ්ඨාචාරය හා සංස්කෘතිය සමඟ දීර්ඝ සහ අව්‍යාජ සබැඳියාවන් බෞද්ධාගම සමඟ ලාංකික ජනතාවට ආත්මගත වී තිබේ. ඒ නිසාම ඊට මුවාවී යැපෙන භික්ෂු සමාජය හා වෙනත් ආගමික පූජ්‍ය කණ්ඩායම්වල සැබෑ නිරුවත විවෘතව මතු කිරීමට අප උත්සාහ දරන අතර 1977න් පසු මතු වූ විවෘත ආර්ථිකයේ අධිපරිභෝජන වාදයේ ප්‍රතිඵලද ඒ මගින් මතු වූ සාරධර්මීය නිරුවත ද ගැටලු සහගත ඊනියා ජාතික මහෝත්සවවල හරසුන් නිසරු බවද හෙළිදරව් කිරීමට අප ඉදිරි කාලයේදී උත්සාහා ගන්නවා ඇත. එහිදී විවිධ ලේබල් අප ආයතනයට ආරූඪ කිරීමට විවිධ පාර්ශ්ව ඉදිරි කාලයේදී උත්සාහ ගැනීමේදී ඒ පිළිබඳව සැබෑ සමාජ අවබෝධය තිබෙන පුරවැසියන් ඒ සඳහා මැදිහත් වීම අපගේ අපේක්ෂාවයි.

බෞද්ධ සංස්කෘතික මහා සම්ප්‍රදාය උල්ලංඝනය කරන්නේ වෙන කවුරුවත් නොව ඒ සඳහා රාජකාරි බැඳීමකට යටත්ව සිටින බහුතරයකි. ඒ නිසා ඒ පිළිබඳ ඇති පැටලලි රැසකින් යුතු කටු අකුලක් තුළ අපව කොටු කිරීමට උත්සාහ ගත හැකි විවිධ සමාජ විරෝධි අංශවලින් විවිධ රැවුම් ගෙරවුම් තර්ජන ගර්ජන නින්දා අපහාස මතු දිනක අපට භුක්ති විඳීමට සිදුවනු ඇත. දුබල ගනයේ නිදහස් තාර්කික චින්තක හැඩරුව තුළින් විදග්ද පුළුල් සමාජ දැක්මක් තුළින් මතුවීම අපගේ පොදු අපේක්ෂාවයි.

සුමිත් කොඩිතුවක්කු
කර්තෘ ප්‍රකාශනයකඅවකාශය