.Wmd,s pkaøisß”
9″B”
wx.uqj mdr”
wrelaj;a;”
mdÿlal’
2023’08’18
ගරු කතානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
1961 අංක 31 දරණ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංගනීය වන 1,3,9, 10,11 යන ව්‍යවස්ථාවන් හා ගැටෙන බව නිශ්චිත කිරීම.
මෙම පනත් කෙටුම්පත මගින් බුදු සසුන විකෘති කර අහෝසි කර මරාදන බව දැනුම්දීම.
මෙම පනත් කෙටුම්පත මගින් බුදුසසුනට විරුද්ධව අතර්ව වේදය නම් වන බමුණු මාලන්ගේ දහම ප්‍රවර්ධනය
සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව නිශ්චිත කිරීම.
SCSD 23 / 2023 අංක දරණ පෙත්සම ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරමින් 2023.07.26 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් සභාපති විනිශ්චයකාර තුරෙයිරාජා යසන්ත කෝදාගොඩ හා ජනක ද සිල්වා යන විනිශ්චයකාර උතුමන්ලාගෙන් සමන්විත රජ තුන්කට්ටුව ඉදිරියේ, මෙම සංශෝධන පනත් කෙට්මුපත හා පනත පිළිබඳව කරුණු දැක්වූ උපාලි චන්ද්‍රසිරි මම වෙමි.
ගරු කතානායකතුමනි,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමට ඔබතුමන් ප්රමුඛ ව්‍යවස්ථාදායකය මෙන්ම විධායක ජනාධිපතිවරයා ද, රාජ්‍ය නිලධාරීන්ද වගකීමෙන් බැදී ඇත.
1969 අංක 26 දරණ රජයේ සිවිල් වරද පිළිබඳ වගකීම් පනතේ දෙවන වගන්තිය අනුව සියළුම රජයේ නිලධාරීන් 9 වන ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බැදී සිටින අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් රජය පවා “ප්‍රතිපුරුෂ ලෙස” වගකීමෙන් බැදී සිටී.
දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය මගින් නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව රැකීමට සියළු තැනැත්තන් බැදී සිටින බවය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් “ආයුර්වේද” යන වචනය අර්ථ දක්වා ඇත. ඊට අනුකූලව ආයුර්වේද කර්ම සියල්ලම අයත් වන්නේ “ආයුර්වේද” යන වචනය ඇතුළත් “අතර්ව වේදය” හෙවත් බමුණු ආගමටයි.
“අතර්ව වේදය” යනු බමුණු මාල්ලන් විසින් කුලවාදය, ආගම්වාදය, පන්ති වාදය, පුද්ගල වාදය ආදී ජරාජීර්ණ අසත්පුරුෂ මත සමාජ ගත කරමින් ඉන්දියාව ම්ලේච්ත්වය වෙත ඇදගෙන ගිය හා තවමත් එසේ කරන දර්ශනයකි, දහමකි.
බුදු රජාණන් වහන්සේ විසින් 45 වසරක් පුරා දේශනා කර, ක්‍රියාත්මක කර, අද අපගේ ජාතික උරුමයක් බවට පත් කර ඇති ත්‍රිපිටකයේ සඳහන් සෑම වචනයක්ම මෙම බමුණන්නේ “අතර්ව වේදය” ට මුල්මනින්ම වෙනස් වන්නේය. පරස්පර වන්නේය.
මෙම පනත මගින් “බමුණු මාල්ලන්ගේ දහම වන අතර්ව වේදය” ප්‍රවර්ධනය කරන්නේය, පෝෂණය කරන්නේය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේය. ජනතාවගේ බදු මුදල් වැය කරන්නේය.
ඒ සඳහා වන නීති සම්පාදනය කරන මෙම පනත් කෙටුම්පත “මෙම හේතු නිසාම” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1′ 3′ 9′ 10′ 11 යන ව්‍යවස්ථාවන් හා ගැටෙන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1′ 3′ 9′ 10′ 11 යන ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරන්නේය.
මේ පිළිබඳව කරුණු අවධාරණය කරමින් මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිඛිත සැලකිරීමක් ඉදිරිපත් කළෙමි.
එහිදී 9 වන ව්‍යවස්ථාව අවධාරණය කරමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු 3 ක දී කතෝලික, ක්‍රිස්තියානි හෝ එවැනි ආගම් ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරණය කිරීම තහනම් බව අවධාරණය කොට දක්වා ඇත.
එම කරුණු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු වී නැති බවත්. ඊට ප්රතිපක්ෂව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව ප්‍රකාරව හේතු දක්වා නැති බවත් දන්වා සිටිමි.
ගරු කථානායකතුමනි,
ස්වදේශීය ජනතාව හා ස්වදේශීය වෛද්‍යකර්මයේ යෙදෙන වෙද මහත්ම මහත්මීන් “නොමිලේ පමණක් වෛද්‍යකර්මයේ නියැලීම” නීතිගත කරමින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංගනීය ව්‍යවස්ථාවන් වන 10 සහ 11 ව්‍යවස්ථාවන් ද උල්ලංඝණය කරමින් ස්වදේශීය ජනතාවට වෙනස් කොට සලකන්නේය. කොන්කරන්නේය.
අනුල්ලංගනීය නොවන තවත් බොහෝ ව්‍යවස්ථා උල්ලංගනය කරන්නේය. ජාත්‍යන්තර සම්මුතීන් ද උල්ලංගණය කරන්නේය.
බෞද්ධ භේසජ්ඡ වෛද්‍යවරයා ප්රමුඛ ස්වදේශීය වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට නීතියෙන් නියම කිරීම. පන්සලේ මහන වන ස්වාමීන් වහන්සේලාට, පල්ලියේ හා කෝවිලේ මහන වන ලෙස නීති පැනවීම හා සමාන බරපතල අපරාධයක් බවත්, එසේ නීති පැනවීම බුදුදහම හා බෞද්ධ ස්වදේශීය වෛද්‍ය ක්‍රම මරා දැමීමක් බවත්. ඒ තුළින් අපගේ සත්පුරුෂ සිතුම්පැතුම්, ආකල්ප, ඇවතුම්පැවතුම්, සංස්කෘතීන් හා ඒ හා බැඳුනු සභ්‍යත්වය ද ශිෂ්ඨාචාරය ද මරා දැමීම සඳහා නීති පැනවීමක් සිදු කරන්නේය.
මෙම කරුණු මම ඉතා පැහැදිලිව හා නිශ්චිතව, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර, උතුම් රජ තුම්කට්ටුව වෙත වාචික දේශනයේදී ඉදිරිපත් කලෙමි.
ගරු කතානායකතුමනි,
01′ ඉහත කරුණු සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංගනීය ව්‍යවස්ථාවන් වන 1, 3, 9, 10′
11 ව්‍යවස්ථා උල්ලංඝණය කරන 1961 අංක 31 දරණ මෙම සංශෝධන පනත් කෙටුම්පත නීතිගත කිරීම
සඳහා පියවර ගැනීම වළක්වන ලෙස යෝජනා කරමි.
02′ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලංගනීය ව්‍යවස්ථාවන් දරුණු ලෙස උල්ළංඝනය කරන මෙම පනත්
කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය හා ජනමත විචාරණයකින් වූවද සම්මත කිරීම වළක්වන
ලෙස යෝජනා කරමි.
03’ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම අත්‍යාවශ්‍යම නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85/2, ව්‍යවස්ථාවට
අනුකූලව ජනමත විචාරණයක් කැදවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන ලෙසට ද, යෝජනා
කරමි.
04′ බෞද්ධ භේසජ්ඡ වෛද්‍ය ක්‍රමය ප්රමුඛව, බුදු සසුන හා බැඳුනු ස්වදේශීය වෛද්‍ය ක්‍රම රාජ්‍ය අනුග්‍රහය
සහිතව විධිමත්ව පවත්වාගෙන යාම සඳහාත්, ප්‍රවර්ධනය කිරීම සඳහාත්, ප්‍රමිතිය සහතික කරමින්
නියාමනය කිරීම සඳහාත්, ස්වදේශීය වෛද්‍ය අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහාත්….
i. අහෝසි කරන ලද ස්වදේශීය වෛද්‍ය සභාව නැවත පිහිටුවන ලෙසත්,
i i. ස්වදේශීය වෛද්‍ය අධ්‍යයන, පර්යේෂණ ප්‍රමිති හා නියාමන ආයතනයක් පිහිටුවන ලෙසත්,
i i i . ස්වදේශීය වෛද්‍ය විද්‍යාල හා විශ්ව විද්‍යාල මණ්ඩලයක් පිහිටුවන ලෙසත්,
iv. ඉහත ආයතන 03 ස්ථාපනය කිරීම සඳහා වන විශේෂ විධි විධාන පනතක් සම්පාදනය කර සම්මත කර
ගැනීම සඳහා රජය සහ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට නීතිමය බලය ඇති 21 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ගැනීමට, දැනටමත් සංවිධානාත්මකව කටයුතු කරන ස්වදේශීය,
පාරම්පරික, හෙළ, රස, විස, කැඩුම්බිදුම්, රාවණා, ආර්ය හා බෞද්ධ භේසජ්ඡ දෛ්‍යවරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙසත්,
v. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත කරුණු පිළිබඳ විශේෂ කාරක සභාවකදී, මේ පිළිබඳව විමර්ෂණයක්
පවත්වන ලෙසත්, එහිදී සාක්ෂි සහිතව කරුණු දැක්වීමට මා හට අවස්ථාව ලබා දෙන ලෙසත්,
යෝජනා කරමි.
මෙයට”
විශ්වාසී”
……………………………………………….
උපාලි චන්ද්‍රසිරි.
SCSD 23 / 2023 අංක දරණ පෙත්සම්කරු.
පිටපත්,
අති ගෞරවාර්හ ත්‍රෛනිකායික මහා සංඝරත්නය
ගරු ජනාධිපති
ගරු අග්‍රාමාත්‍ය
ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක
ගරු විපක්ෂ නායක
ගරු බුද්ධ ශාසනය භාර අමාත්‍යවරයා සහ ලේකම්
ගරු දේශපාලන පක්ෂ නායකයන්
ගරු මන්ත්‍රීතුමන් හා තුමියන්
නීතිපති
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන්