ලක්ෂ දෙසීය විස්සක් වන ජනතාව විසින් ගෙවන බදු මුදල්වලින් 86%ක මුදලක් වැය වන්නේ ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහාය. රාජ්‍ය සේවය කොතරම් පලදායිද?
සමස්ත ජනතාව විසින් නඩත්තු කරනු ලබන මිලියන ගණනක රාජ්‍ය සේවකයින්ගෙන් අවශ්‍ය ජනතා සේවාව සිදු වන්නේ ද?
පෞද්ගලික අංශයේ සේවකයින් දෙතුන් දෙනෙකුගෙන් සිදු කරන්නා වූ සේවාව සිදු කරන්නට රාජ්‍ය සේවයේ දහ පහළොස් දෙනෙක් නැතිනම් ඊටත් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ඇයි? පෞද්ගලික බස් රථ සේවාව ලාබ ලබද්දී ලංගම කෝටි ගණනින් පාඩු ලබන්නේ ඇයි?
ඉන්දියන් අයි ඕ සී සමාගම කෝටි ගණනින් ලාබ ලබද්දී සිපෙට්කෝ ආයතනය බිලියන ගණනින් පාඩු
ලබන්නේ ඇයි?
මේ පිළිබඳව මනා විවරණයක අවශ්‍යතාවය මතු වෙමින් තිබෙනවා.
මේ වන විට සමස්ත රාජ්‍ය සේවයේ නියුතු සියලූ සේවකයින් සංඛ්‍යාව 1,491,622ක් වූවා 2022 දෙසැම්බර් 31 වන විට. එනම් ලක්ෂ පහළොවකට ආසන්න සේවක සංඛ්‍යාවක් සිටියා.
මේ රාජ්‍ය සේවකයාගේ වගකීම යුතුකම මනාව ඉටු නොවන පරිසරයක පසුගියදා රජය ප්‍රතිපත්තිමය
තීරණයක් ගනු ලැබුවා.
ඒ වයස සීමාව නියමිත පරිදි අවසන් වූ සියලූම රාජ්‍ය සේවකයින්ගේ සේවා කාලය අවසන් කිරීමට.
මෙහිදී ඒ පිළිබඳව ඇති වූ රාජ්‍ය සේවයේ රාජ්‍ය දුරාචාරය පිළිබඳව මතබේදාත්මක කරුණු ගණනාවක් පසුලේඛනයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි එක් කරුණක් හිස්වන රාජ්‍ය සේවයෙහි පුටුවලට අදාළ රාජ්‍ය ආයතනවල ඇති වූ තරඟකාරිත්වය.
දෙක රාජ්‍ය සේවය විශ්‍රාම ගැන්වීම තුළ ඇතිවන පුරප්පාඩු මත රාජ්‍ය සේවයේ මනා කළමනාකාරිත්වයකට යා නොහැකි බව රාජ්‍ය සේවයේ නිලධාරින් රජයට අනියම් ලෙස ඒත්තු ගැන්වීමට ගත් උත්සාහය ඒ පිළිබඳව තවදුරටත් පී.එෆ්.පී. නිවුස් සමීක්ෂණයක් කරමින් සිටින අතර, ඒ තොරතුරු පසුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවයේ දැක්ම වන්නේ ජාතියේ විශිෂ්ඨත්වය සඳහා කැපවූ රාජ්‍ය සේවයක් යන්නයි.
රාජ්‍ය සේවකයාගේ මෙහෙවර ප්‍රකාශ වන්නේ සාධාරණව විනිවිද බවින් හා සමානුපාතිකව මහජනයාට සේවය කිරීමයි.
කාර්යක්ෂම විනයගරුක සහ තෘප්තියට පත්වන රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යන්නයි. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයා බැඳී සිටිය යුතුයි. ඇප කැප වී සිටිය යුතුයි.
එහෙත් පෙර දැක්වූ පරිදි පෞද්ගලික අංශයේ දෙතුන් දෙනෙකු කළ යුතු කාර්යයට රාජ්‍ය සේවයේ දහ පහළොස්දෙනෙකු යොදන්නට සිදු වීමත් ඒ හරහා රාජ්‍ය සේවයේ මෙහෙවර වන කාර්යක්ෂම විනයගරුක සේවාව වෙනුවට අකාර්යක්ෂම තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. විනයගරුක සේවාව වෙනුවට අකාර්යක්ෂම රාජ්‍ය සේවයකට මඟ පෑදී තිබෙනවා.
එසේම තමන්ට වැටුප් ගෙවන්නට රාජ්‍ය ආදායමට දායක වන පුද්ගලයින්ගෙන් අල්ලස් ගැනීමට ද මං පෙත් සාදාගෙන තිබෙනවා. එය ඉතාම උපායශීලී කූඨ උපක්‍රම මගින් සිදුවන්නක්. එවන් රාජ්‍ය සේවයකින් ඇති පලය කුමක්ද? යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරන සුළුයි.
ශී‍්‍ර ලංකාවට ණය ආධාර දෙන විදේශීය මූල්‍ය ආයතන පවා අවස්ථා ගණනාවකදී මෙරට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ගැන විවරණය කරපු අවස්ථා අනන්තවත් අප්රමාණවත් තිබෙනවා.
කිසිදු හේතුවක් මත පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන නොයායුතු ආයතන බවට අදාළ විදේශ ආයතන නිර්දේශ කරල තියෙනවා. එහෙත් ඒ ආයතන පෞද්ගලීකකරණය කරනවාටද වෘත්තීය සමිති විරෝධය එල්ල කරනවා. එම නිසා රජයට එම ආයතන දිගින් දිගටම පාඩු පිට පවත්වාගෙන යෑමට සිදු වී තිබෙනවා. සියල්ලට පෙර රාජ්‍ය සේවයේ අභ්‍යන්තරට ඇස පොවා බැලිය යුතුයි.
රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් මීට වසර තුනකට පමණ පෙර එනම් 2019 වසරේ පර්යේෂණයක් සිදුකර
තිබෙනවා. ඒ පෙර වසර එනම් 2018 වසරේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන්. ඒ වන විට සමස්ත රාජ්‍ය සේවයේ සේවකයන් සංඛ්‍යාව 1,104,419ක් වුණා. එයින් අ.පො.ස. සාමාන්‍ය පෙළ වත් සමත් නොවූ රාජ්‍ය සේවකයින් ගණන 1,096,128ක් බව හෙළි වෙලා
තියෙනවා. එය සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ නම් 17.8%ක්. එසේම අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 223,429ක් වෙනවා. ප්‍රතිශතයක් ලෙස එය 20.2%ක්. අ.පො.ස. උසස් පෙළ සමත් සංඛ්‍යාව 395,175ක් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 35.8%ක් ලෙස දක්වන්නට පුළුවන්. උපාධිධාරීන් සංඛ්‍යාව 2,009,150ක් වුණා. එය ප්‍රතිශතයක් ලෙස 17.9%ක්. පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් සේවකයන් 46,847ක් අදාළ සමීක්ෂණය අනුව හෙළිවෙලා තිබෙනවා.
එහි ප්‍රතිශතය 4.2%ක්. එසේම පශ්චාත් උපාධිය සමත් පුද්ගලයන් සංඛ්‍යාව 30,191ක්. ප්‍රතිශතය 2.7%ක්. එසේම ආචාර්ය උපාධිය සමත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3,296ක්. එය 0.3%ක් යැයි කියන්න පුළුවන්.
මෙවන් දැනුමක් ඇති විශේෂඥතා ඇති පිරිසක් සිටින රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත රටක ආර්ථික අර්බුදයක් කරා ශී‍්‍ර ලංකාව මේ වන විට යොමු වෙලා තිබෙනවා.
වර්ථමානය වන විට ශී‍්‍ර ලංකාවේ උපයන සෑම රුපියල් 100කින් රුපියල් 44 වැය වන්නේ රාජ්‍ය සේවය සඳහායි. වර්තමානය වන විට ලක්ෂ 15කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයේ නියැලී ඉන්නවා.
එම රාජ්‍ය සේවකයින් එක් අයෙක් දිනකට 1 විනාඩියක් තම කාලයෙන් අපතේ හැරී ගොස් දිනකදී අපතේ යන මිනිත්තු සංඛ්‍යාව ලක්ෂ පහළොවක් දක්වා ගණන් බලන්න පුළුවන්. එනම් දින 1,041ක් හෙවත් වසර තුනක් පමණ පූර්ණ ශ්‍රමයක් එයින් අපතේ නොයන්නේද? මිනිත්තු දෙකක් වූ කල එය දෙගුණයක් වෙනවා. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ගැන ඊට වඩා තවත් ඔබට තර්ක අවශ්‍ය ද?
එසේම එක් සේවකයෙක් දිනකට එක් කඩදාසියක් අපතේ යැව්වොත් හෝ එක් කඩදාසියක් රැුගෙන ගියොත් කඩදාසි ලක්ෂ පහළොවක් හෙවත් ඒ4 ප්‍රමාණයේ කොළ 100ක් අඩංගු පැකට් පහළොස් දාහක් දිනකදී ශී‍්‍ර
ලංකා රජයට අහිමි වෙනවා.
ඒ අහිමි වන්නේ ශී‍්‍ර ලංකා පුරවැසියන්ගේ බදු මුදල් වල ප්‍රාග්ධනයයි. එහිදී ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75ක් පමණ මුදලක් අහිමි වෙනවා කියලා පෙනී යනවා. එක් සේවකයෙක් දිනකට අලපෙන්තක් විසි කර දැම්මොත් දිනකට අල්පෙනෙති ලක්ෂ 15ක් අහිමි වෙන සුලූයි.
මේ විනාශ වී යන රාජ්‍ය සම්පත් පිළිබඳ සරල පැහැදිලි කිරීම තුළින් වර්තමානයේ දකින්නේ ලංකාවේ ආර්ථික අර්බුදයේ කොටස් කරුවන් හුදෙක්ම දේශපාලනඥයන් පමණක් නොවේ පාදඩ රාජ්‍ය සේවයක වගතුග
නොවේද?
එසේම ඔවුන් නඩත්තු වෙනුවෙන් වැය කළ යුතු අත්‍යවශ්‍ය සනීපාරක්ෂක හා ජල පහසුකම් හා විදුලි පහසුකම් වෙනුවෙන් වැය කළ යුතු මුදල් ප්‍රමාණය කොතරම් දැයි ඔබ සිතනවාද?
සාමාන්‍යයෙන් වැසිකිලියක් භාවිතා කිරීමෙන් පසුව එය පවිත්‍ර කිරීම සඳහා ජල ලීටර් 12ක් 15ක් අතර ප්‍රමාණයක් වැය වෙන සුලූයි.
පැය 8ක කාලයක් සේවය කරන සේවකයකු අවම වශයෙන් දිනකට තුන් වරක් වැසිකිළි භාවිතා කළොත් සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දිනකට වැසිකිළි සඳහා පමණක් අවම වශයෙන් ජලය ලීටර් කෝටි
6.75ක් වැය වෙනවා. ඒ සඳහා වැයකළ යුතු මුදල් ප්‍රමාණය කොතරම් වේදැයි ඔබට සිතාගන්න පුළුවන්ද? රජයේ දත්ත අනුව 2022 වසරේ රජයේ මුළු ආදායම් රුපියල් බිලියන 2284ක් වූවා. රජයේ මුළු වියදම රුපියල් බිලියන 3912ක් වුණා.
අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවාගෙන ඇති 53,000කට අධික උපාධිධාරීන්ගේ සේවය 2022 ජනවාරි මස සිට ස්ථිර ක තිබුණා. ඒ සඳහා රුපියල් මිලියන 27,600ක් වැය වුණා. එවන් අති විශාල වැයක් දරනු ලබන රාජ්‍ය සේවකයාට ලැබෙන අසීමිත වරප්‍රසාද රැුසක් තිබෙනවා. ඒවා ගැන සිහිනෙන් වත් සිතන්නට පෞද්ගලික අංශයේ සේවකයන්ට වරම් නැහැ. රාජ්‍ය සේවකයාගේ සේවා කාලය උදේ 8.30 සිට සවස 4.15 දක්වා සතියේ වැඩ කරන්නේ දින 5ක් පමණයි. සියලූ ප්‍රසිද්ධ නිවාඩු ඔවුන්ට හිමි වෙනවා.
ඒ අනුව ආසන්න වශයෙන් මසකට වැඩ කරන දින ගණන 20ක් හෙවත් මාසයෙන් තුනෙන් දෙකක කාලයක් පමණයි.
ඔවුන්ට අනියම් නිවාඩු 21ක් ලැබෙනවා. විවේක නිවාඩු 24ක්. සීමාවක් නැති වැටුප් රහිත අසනීප නිවාඩු මේ අතර හිමි වෙනවා. සේවා කාලය මත වාර්ෂිකව සිදුවන අනිවාර්ය වැටුප් වැඩි කිරීම හිමි වෙනවා.
අග්‍රහාර රක්ෂණය හිමියි. වසර 10කට පසු විශ්‍රාම වැටුප් හිමි වෙනවා. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සුදුසුකම් ලබනවා. ඊට අමතරව සුබසාධන රැුසක් හිමි වෙනවා.
එයින් ප්‍රධාන වන්නේ වාර්ෂිකව සිය පවුලටම හිමි වන අවස්ථා තුනකදී නොමිලේ දුම්රියේ ගමන් කිරීමට බලපත්‍ර හිමිවීමයි.
එවන් පරිසරයක් තුළ මහජනතාවට කැප වී සේවය කළ යුතු රාජ්‍ය නිලධාරින් 400කට චෝදනා පත්‍ර මේ වන විට නිකුත් වී තිබෙනවා. ඇතැම් නිලධාරින්ට චෝදනා තුන හතර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලද පැමිණිලි මත ඉකුත් 2016 වසරේ සිට මේ දක්වා කාලය තුළ දී රාජ්‍ය නිලධාරින් 400කට විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා භාර දී තිබෙනවා.
ඒ අනුව දිස්ති‍්‍රක් කාර්යාලවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, ග්‍රාම නිලධාරින්ට, සංවර්ධන නිලධාරින්ට සහ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට මෙම චෝදනා පත්‍ර 400 නිකුත් වී තිබෙනවා.
දිවයින පුරා පිහිටි සංචාරක බංගලාවන් පහසු මිලට ලබාගැනීමේ පහසුකම් මේ අතර ඔවුන්ට හිමි වෙනවා.
බදු රහිත මිලට බයිසිකල් මිලදී ගන්න 4%ක සහන පොලියට ණය ලබාගැනීමට පහසුකම් පසුගිය කාලය තුළ
ලබාදීල තිබුණා. දේපළ මිලදී ගැනීම සඳහා ලක්ෂ 30ක් දක්වා ණය හිමි වෙනවා.
එසේම විධායක ශ්‍රේණියට දුරකථන දීමනා, ඉන්ධන දීමනා, විදේශීය පුහුණු, දේශීය පුහුණු, විදේශ සංචාර යන උපරිම පහසුකම් මේ අතර වෙනවා.
සමස්ත ලක්වාසී ලක්ෂ දෙසීය විස්සක් වන ජනතාව විසින් ගෙවන බදු මුදලින් 86%ක මුදලක් ලක්ෂ පහළොවක් වන මේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව ඉකුත් වූ රජයන් හා වර්ථමාන රජය ගෙවමින් ඉන්නවා. එවන් අති විශාල මුදලක් ගෙවා මහජනතාවට ලැබෙන සේවාවට තෘප්තිමත් විය හැකිද?
ශී‍්‍ර ලංකාව විසින් කිසිදු මුදලක් ණය ලෙසින් විදේශීය ආයතනවලට නොගෙවන්නේ යැයි උපකල්පනය කළ ද? සමස්ත බදු ආදායමින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවූ විට ඉතිරි වන්නේ 14%ක ප්‍රමාණයක්. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1216ක් වෙනවා. ඒ පෙර පැවසූ ලෙසින් රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 1051ක් වැය වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ වැටුප් 1%කින් අඩු කළහොත් රජයට ඉතිරි වන මුදල රුපියල් බිලියන 10ක්.
මිලියන 22ක් වන ජනගහණයෙන් රාජ්‍ය සේවකයන් මිලියන 1.5ක් නිසා රාජ්‍ය ආදායමට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය 6.8%ක් පමණයි.
ඒ අනුව රාජ්‍ය ආදායමට 6.8%ක් ලබාදී රාජ්‍ය ආදායමින් 86%ක් ආපසු ආදායම් ලෙස භුක්ති විඳින සමාජ පරිසරයක් තිබෙනවා. මේ අනුව මිලියන 1.5 වන සේවකයින්ගේ පිළිබඳව මනා පසුවිපරමක සමාජ අවශ්‍යතාවය දැඩිව නොපෙනේද?
එවන් තත්ත්වයක් තුළ රජයේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ගෙන එනු ලබන කි‍්‍රයාමාර්ගවලට එරෙහි වීමට රාජ්‍ය සේවකයින්ට සදාචාරාත්මක අයිතියක් නැති බව බොහෝ දෙනාගේ මතයක් වෙනවා. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීමයි. කුමන හෝ අයුරකින් රටේ බදු ආදායම් වැඩි කළ යුතුයි. නොඑසේ නම් රාජ්‍ය සේවය කප්පාදු කළ යුතුයි. මේ ඇතැම් විද්වතුන්ගේ මතයයි.
ඇත්තටම රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ මූලික ප්‍රවේශයට මේ වන විට රනිල් වික්‍රමසිංහ රජය යොමු වී ඉන්නවා. නමුත් මධ්‍යස්ථව බැලූ විට අපට මතුවන ගැටලූවට විසඳුමක් එහි පෙනෙන්න නැහැ. රාජ්‍ය සේවය කාර්යක්ෂම වන්නේ පාඩු වන්නේ රාජ්‍ය සේවකයාගේ වරදින් ද යන ප්‍රශ්නයත් මතුවන සුලූයි. නැතිනම් එහි ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටලූවක්ම නොවේද? සමස්ත පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2,46,059 දෙනෙක් වෙනවා.
එයින් බහුතරයක් එනම් 74.7%ක් එනම් 1,84,125ක් ගුරුවරියන්.
25.3%ක් ප්‍රතිශතයක් වශයෙන් එය බලන්න පුළුවන්. ගුරුවරුන්ගේ සංඛ්‍යාව 62,467ක් වෙනවා. මේ ගුරුවරුන්ගේ කාර්ය නිසිපරිදි සිදු කරන්නේ නම් ටියුෂන් පන්ති අවශ්‍යතා අවශ්‍ය වන්නේද?
රජයේ පාසල් ආචාර්යවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම නොකළ යුතු බවට චක්‍රලේඛ උපදෙස්
ලබාදී තිබියදී එසේ සිදු කරන්නේ කෙසේද? අධ්‍යාපන අමාත්‍යංශයේ අදාළ බලධාරින්ගේ නොසැලකිලිමත් බව නොවේද?
රාජ්‍ය සේවාවේ විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දැමීම සම්බන්ධයෙන් ද සමාජයේ කතා බහක් පසුගිය කාලයේ කතාබහට ලක් වුණා. එය 60 දක්වා නොව පෙර පරිදි අවුරුදු 55 දක්වාම අඩු කළ යුතු බවට තවත් සමාජ විචාරකයින්ගේ මතයක්. නමුත් තවත් පැත්තක් තිබෙනවා. එනම් පළපුරුදු රාජ්‍ය සේවකයින්ගේ මනා දැනුම රාජ්‍ය සේවයට අහිමි වීම පිළිබඳව ගැටලූවයි.
එය තෝරාගත බේරා ගත යුත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු යන අමාත්‍යංශ වල ගැඹුරු විශ්ලේෂණයක් මගින්.
රාජ්‍ය සේවයේ ඇති මේ කඩාවැටීමත්, එය ගොඩගැනීම කළ නොහැකිද යන්න පිළිබඳව කොළඹ විශ්විවිද්‍යාලයේ ආර්ථික අංශයේ විවිධ විද්වතුන් මේ පිළිබඳව විග්රහයන් කර තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරි ලේඛනවලින් තොරතුරු බලාපොරොත්තු වෙමු.
කරුණු කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ මේ පවතින කාර්යක්ෂමතාවය ප්රග්ධාන වියදම් අවම කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය මේ වන විට දැඩි කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා.
එයින් එක් පියවරක් නම් මිලියන 500කට වැඩි ප්‍රාග්ධන වියදම් මධ්‍යම රජයට පළාත්සභාවල අමාත්‍යංශවලට අයත් සියලූම අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා සියලූම රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව සෙසු ආයතන මහ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතුයි.
මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන අදාළ චක්‍රලේඛනය පසුගිය 27 2022 වර්ෂයේ නිකුත් කර තිබෙනවා.
රජයේ ආයතන විවිධ උත්සව සඳහා පසුගිය නොවැම්බර් 25 දින අත්හිටුවීමට අමතරව ලබා දී තිබූ චක්‍රලේඛයට අමතරවයි නව චක්‍රලේඛනය නිකුත් කරලා තියෙන්නේ. 2023 වර්ෂයට රජයේ වියදම් දැඩි සීමාවකට ලක් කර තිබෙනවා.
චක්‍රලේඛයට අනුව අනුමැතියකින් තොරව මිලියන 1000 ඉක්මවන වියදම් සඳහා ද අදාළ ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට යටත්ව අදාළ චක්‍රලේඛනය නිකුත් කර තිබෙනවා.
එවැනි ප්‍රාග්ධන වියදම් සම්බන්ධ බැඳීම්වලට එළැඹීමට පෙර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බව චක්‍රලේඛයේ සඳහන් මූල්‍ය තත්ත්වය අනුව ඉල්ලීම් පොරොත්තු ලේඛන ගත කෙරෙනවා.
2023 වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාව නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම අධිකාරින්ගේ වගකීම බව චක්‍රලේඛනය තරයේ අන්තර්ගතකර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ රජය මේ චක්‍රලේඛය තුළින් ගෙන ඇති පියවර ඇත්තටම පැසසිය යුතු නොවේද?
යම් රජයේ ආයතන ප්‍රධානියෙක් කොළඹින් බැහැර දුර පළාතක සේවයේ නියුක්ත වූ පසු ඔහු නැවත කොළඹට එන්නේ නැත්නම් ඔහු විශ්‍රාම යන්නේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් ලෙසයි. එහෙම නැත්නම් ඓතිහාසික නගරවල ඓතිහාසික ප්‍රදේශවල සංචාරක හෝටල් හිමිකරුවෙක් ලෙසයි. එහෙමත් නැත්නම් වගාකරුවෙක් ලෙසයි.
මේ පිළිබඳවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යම්කිසි සමීක්ෂණයක් පසුවිපරමක් කරන්නේ නම් වඩාත් වැදගත්.
කොළඹ රාජකීය විද්‍යාලයේ සිට ජනපි‍්‍රය පාසල්වල විදුහල්පතිවරු බොහෝ විට පෞද්ගලික පාසල් සිය විශ්‍රාම කාලයෙන් පසු අරඹන්නේ කුමන ප්‍රාග්ධනයක් යටතේ ද යන්න මෙතෙක් රජය පසුවිපරමකට ලක් කර නැත. ඇත්තටම මේවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මනාව විමර්ශනයට ලක් කළ යුතු කරුණු නොවේද?
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු