රාජ්‍ය නිලධාරින්ගේ නොහැකියාව දේශපාලනඥයින්ට බැර කිරීමට සිවිල් සේවයේ නිල ධාරින් නිල නොවන තීරණයක් ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ උත්තරීතර විධායකයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයයි.
ජනාධිපතිවරයාගේ විධායක ලේකම් කාර්යාලයට ඇතුළු වීමට නොහැකි වන පරිදි අරගලකරුවන් වසා දැමීමට ක්‍රියා කිරීම නිසා සිවිල් සේවයේ ඉහළ පෙළේ නිලධාරින් කල්ලියකගේ මෙහෙයුම මත මෙය සිදු වේ.
රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන කාර්යාලය මෙය වේ. සතිපතා කැබිනට් මණ්ඩලය රැස්වූයේ ද ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ය.
රටේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ ද ලේකම් කාර්යාලය තුළය.
ගෝල්ෆේස් ප්රජාතන්ත්රවාදී අරගලය නිසා ජනාධිපතිවරයා හා ආණ්ඩුව “ෆේල්” තත්වයට පත් වී තිබේ.
ප්‍රධාන දොරටුව අවහිර කර අට්ටාල ගැට ගසා මේ වන විට දින 100 ට ආසන් වෙමින් තිබේ.
විරෝධකරුවෝ දොරටුවෙන් කිසිවකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට ඉඩ නොදෙති.
ජනාධිපති ලේකම් යනු රාජ්‍ය පරිපාලනයේ ඉහළම නිලධාරියා වේ. මේ තත්වය හමුවේ සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට නිවැරැදි මග පෙන්වීමට ජනාධිපති ලේකම්වරයාට නොහැකි වී තිබේ.
මේ ගැටලුකාරී තත්වය හමුවේ අමාත්‍යංශ හා වෙනත් විධායක නිලධාරින් අගතියට පත් වී තිබේ.
එය ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහි කණ්ඩායමක් ලංකාවේ බොහෝ සංවර්ධන සැලසුම් විධායක බලපෑම් මත ආපස්සට ගැනීමට සිදු වූ බව ප්‍රසිද්ධ ප්‍රකාශවලට යාමට ඉලක්ක කර තිබේ.
ඉදිරි නිශ්චිත ආර්ථික සංවර්ධන සැලසුම් සක්‍රියව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ඔවුන් අදාළ වගකිව යුතු කමිටු හා සභා රැස්වීම්වල දී හෙළිදරවු කිරීමට ඉලක්ක කර තිබේ.
සංවර්ධන සැලසුම් අනුමැතිය ලබා ගැනීමට ඇති ව්‍යාපෘති දියත් කිරීමට නොහැකි වී ඇත්තේ විධායකයේ හා අමාත්‍යවරුන්ගේ බලපෑම මත බව සෘජුව ප්‍රකාශ කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.
වර්තමාන ආර්ථික තත්වය මගහරවා ගැනීමට යෝජිත සැලසුම් දියත් කිරීමට නොහැකි වී ඇත්තේ ද මේ නිසා බව ඔවුන් ප්‍රකාශ කිරීමට නියමිතය.
විටින් විට අමාත්‍යවරු වෙනස් වීම, අගමැතිවරයා වෙනස් වීම හා නව අගමැති රනිල් වික්‍රමසිංහ පත්වීම මීට ප්‍රධාන සාධකයක් වී තිබේ.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අධිකාරිය ඔසවා තබා ගැනීමට වික්‍රමසිංහ විවිධ උපක්‍රම යෙදීම රාජ්‍ය නිලධාරින් ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
නිශ්චිතව හඳුනා ගත් සංවර්ධන සැලසුම් මේ වන විට විටින් විට වෙනස්කම්වලට භාජනය වීම ද මේ තත්වයට තවත් හේතුවකි.
දේශපාලන අධිකාරියෙන් තොරව සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික හා පරිපාලනමය නිදහස ඔවුන් අපේක්ෂා කරයි.
ඒ සඳහා අදාළ නෛතික ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය අපේක්ෂා කිරීම ඔවුන්ගේ වැඩ පිළිවෙලේ තවත් උත්තේජනයකි.
දේශපාලන අධිකාරිය වෙනස් වුව ද රටක භූමිය ජනතාව වෙනස් නොවන නිසා රටේ සංවර්ධනයට නිශ්චිත ආර්ථික සැලසුම් දියත්විය යුතු බව අදාළ නිලධාරින්ගේ අදහස වේ.
විධායකයේ කීම මත හෝ ඇමතිවරුන් ගේ ඉලක්ක මත ඇතැම් අවස්ථාවල දී සංවර්ධන සැලසුම් බහා තැබීමට උපදෙස් ලබා දීම නිසා සිවිල් සේවයේ නිලධාරින් ඉමහත් අසීරුතාවට පත් වීම නිසා මීට අදාළ සෘජු ප්‍රතිචාර ලබා දීමට ඉලක්ක කරයි.
- සුමිත් කොඩිතුවක්කු