ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමයේ 30 වැනි සභාපතිවරයා ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළේ සමාජයම තිගැස්සෙන කරුණු රැසක්.කෙසේ වෙතත් වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසන්නේ ප්‍රජාව නීරෝගී කිරීමට ඉමහත් සේවාවක් කරන ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සේවාව තවමත් සමහරුන්ට හරි හැටි සන්නිවේදනය වී නැති බවයි.
පැයකට ආසන්න කාලයක් පැවැත්වුනු මේ මාධ්‍ය හමුවේදී අනාවරණ වූ විශේෂ කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
1.වසරකට තුන්ලක්ෂ දහතුන්දහසක් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගර්භණී භාවයට පත් වෙති. .සජීවී දරුවන් සාමාන්‍යයෙන් දෙලක්ෂ පණස් දහසක් පමණ උපදිති.ඔවුන් සියලු දෙනාම නීරෝගී වැඩිහිටියන් නොවෙති
2.සරු ජනිතයන්( 15-49) බිහි කිරීමේ වයස් කාණ්ඩය ශ්‍රී ලංකාවේ අඩු වෙමින් පවතී
ශ්‍රී ලංකාවේ අපේ ජීවිත අපේක්ෂාව දැන් පිරිමි වයස අවුරුදු 73 ගැහැණු වයස 80 දක්වා වැඩිවී තිබෙන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි
3.රටක් වශයෙන් අප කල යුත්තේ ලෙඩ වූ පසු ප්‍රතිකාර කිරීම නොව ලෙඩ නොවී සිටීමට දිරිගැන්වීම බව වෛද්‍ය කපිල ජයරත්න අවධාරණය කරයි.
4.අවුරුදු පහට අඩු දරුවන් ශ්‍රී ලංකාවේ වසරකට තුන්දහස් තුන්සීයක්(3300) මිය යන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි
- ශ්‍රී ලංකාවේ දරුවන් 30% ක් පමණ ස්ථුලතාවයෙන් පෙලෙති.නමුත් අනෙක් පසින් ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙති. මේ තත්වය වෙනස් කල යුතු නොවේද ? වෛද්‍ය කපිල ජයරත්න ප්‍රශ්න කරයි
6.ජනතාවගේ පැත්තෙන් සිතා රෝග නිවාරණය පිණිස වැඩ පිළිවෙලක් හඳුනාගෙන ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ඉදිරිපත් කිරීමට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියා සිටී.
- ශ්‍රී ලංකාව තුල ,කුසතුල දරුවන් මියයාම වැලැක්වීම සඳහා (මළ.දරු උපත් වැලැක්වීමට) ඉදිරිපත් කල කොළඹ ප්රකාශනය දැන් ලෝකයම පිලිගන්නා ප්රකාශනයකි.
8.මාරාන්තික උපත් ආබාධ සහිත කලල ඇති ඒ කළල ඉවත් කර ගැනීමට (ගබ්සාව)ඉන්දියාවද ඇතුළුව ඉඩ ලබාදී ඇත
එහෙත් ශ්‍රී ලංකාවේ එම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට වසර විස්සක පමණ සිට සටන් කලත් තවම එම නීතිය පැමිණ නැත
එය ඉටුකරවා ගැනීමට ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරු පෙරමුණ ගන්නා බව වෛද්‍ය කපිල කියයි
9.පසුගිය වසරේ (2024) නිලනොවන දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 අඩු අය (දරුවන්) 200 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසාගෙන ඇතැයි වෛද්‍ය කපිල ජයරත්න කියයි.
මේ සිය දිවි නසා ගැනීම් වලට සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් විය හැකි බවද වෛද්‍ය කපිල කියයි.මේ නිසා සමහර රටවල කල ආකාරයට වයස අවුරුදු 18 ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට ශ්‍රී ලංකාව තුල නීති ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කලේය.
(වැඩි විස්තර : විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න 0712767346)
සටහන
ජානක සුනෙත් බණ්ඩාර
03.02.2025.
හිත හිරිවැටෙන අනාවරණ රැසක්
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමයේ 30 වැනි සභාපතිවරයා ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළේ සමාජයම තිගැස්සෙන කරුණු රැසක්.කෙසේ වෙතත් වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසන්නේ ප්‍රජාව නීරෝගී කිරීමට ඉමහත් සේවාවක් කරන ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සේවාව තවමත් සමහරුන්ට හරි හැටි සන්නිවේදනය වී නැති බවයි.
පැයකට ආසන්න කාලයක් පැවැත්වුනු මේ මාධ්‍ය හමුවේදී අනාවරණ වූ විශේෂ කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
1.වසරකට තුන්ලක්ෂ දහතුන්දහසක් ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගර්භණී භාවයට පත් වෙති. .සජීවී දරුවන් සාමාන්‍යයෙන් දෙලක්ෂ පණස් දහසක් පමණ උපදිති.ඔවුන් සියලු දෙනාම නීරෝගී වැඩිහිටියන් නොවෙති
2.සරු ජනිතයන්( 15-49) බිහි කිරීමේ වයස් කාණ්ඩය ශ්‍රී ලංකාවේ අඩු වෙමින් පවතී
ශ්‍රී ලංකාවේ අපේ ජීවිත අපේක්ෂාව දැන් පිරිමි වයස අවුරුදු 73 ගැහැණු වයස 80 දක්වා වැඩිවී තිබෙන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි
3.රටක් වශයෙන් අප කල යුත්තේ ලෙඩ වූ පසු ප්‍රතිකාර කිරීම නොව ලෙඩ නොවී සිටීමට දිරිගැන්වීම බව වෛද්‍ය කපිල ජයරත්න අවධාරණය කරයි.
4.අවුරුදු පහට අඩු දරුවන් ශ්‍රී ලංකාවේ වසරකට තුන්දහස් තුන්සීයක්(3300) මිය යන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි
5. ශ්‍රී ලංකාවේ දරුවන් 30% ක් පමණ ස්ථුලතාවයෙන් පෙලෙති.නමුත් අනෙක් පසින් ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙති. මේ තත්වය වෙනස් කල යුතු නොවේද ? වෛද්‍ය කපිල ජයරත්න ප්‍රශ්න කරයි
6.ජනතාවගේ පැත්තෙන් සිතා රෝග නිවාරණය පිණිස වැඩ පිළිවෙලක් හඳුනාගෙන ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත ඉදිරිපත් කිරීමට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියා සිටී.
7. ශ්‍රී ලංකාව තුල ,කුසතුල දරුවන් මියයාම වැලැක්වීම සඳහා (මළ.දරු උපත් වැලැක්වීමට) ඉදිරිපත් කල කොළඹ ප්රකාශනය දැන් ලෝකයම පිලිගන්නා ප්රකාශනයකි.
8.මාරාන්තික උපත් ආබාධ සහිත කලල ඇති ඒ කළල ඉවත් කර ගැනීමට (ගබ්සාව)ඉන්දියාවද ඇතුළුව ඉඩ ලබාදී ඇත
එහෙත් ශ්‍රී ලංකාවේ එම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට වසර විස්සක පමණ සිට සටන් කලත් තවම එම නීතිය පැමිණ නැත
එය ඉටුකරවා ගැනීමට ප්‍රජා වෛද්‍ය විශේෂඥ වරු පෙරමුණ ගන්නා බව වෛද්‍ය කපිල කියයි
9.පසුගිය වසරේ (2024) නිලනොවන දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 අඩු අය (දරුවන්) 200 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසාගෙන ඇතැයි වෛද්‍ය කපිල ජයරත්න කියයි.
මේ සිය දිවි නසා ගැනීම් වලට සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් විය හැකි බවද වෛද්‍ය කපිල කියයි.මේ නිසා සමහර රටවල කල ආකාරයට වයස අවුරුදු 18 ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට ශ්‍රී ලංකාව තුල නීති ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කලේය.
(වැඩි විස්තර : විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න 0712767346)
සටහන
ජානක සුනෙත් බණ්ඩාර
03.02.2025.
The post හිත හිරිවැටෙන අනාවරණ රැසක් appeared first on PFP News.