පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්විය. ඒ මහතා මෙසේ පත්වූයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අභිනවයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
සභාපති ධුරය සදහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කළ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා විසින් ස්ථිර කරන ලදී.
කාරක සභාව අමතමින් කෝප් කමිටුවේ සභාපතිවරයා කියා සිටියේ කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා සියලු සාමාජිකයින්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එසේම පැවරුණ වගකීම ඉතා වැදගත් කොට සලකන බවත් අපක්ෂපාතීව ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
The post කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වෙයි. appeared first on PFP News.