පුහුණුව ලත් නොලත් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ මාෆියාවලියන්නේ සුමිත් කොඩිතුවක්කුපුරවැසියෙකු නිවහනක් ඉදිකිරීමට යාමේ සිට සූරා කෑමේ මාෆියාවක් ලාංකික සමාජය තුළ ක්‍රියාත්මකයි .පුරවැසියාට කාර්මික විද්‍යාව හෙවත් තාක්ෂණය නැතිකම ඊට ප්‍රධාන සාධකයක් .මේ නිසා ඉදිකිරීම් කර්මාන්තයේ ආරම්භයේ ඉඳන් විකාශනය දක්වා ඔබ වෙත තොරතුරු න්‍යායාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් මත ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා .ඉදිකිරීමක ආරම්භය කෙසේ විය යුතුද ?ආරම්භය හා විකාශය .නව නිවසක් ඉදිකිරීම සඳහා ඔබ මහත් බලාපොරොත්තු ඇතුව තමයි ක්‍රියාත්මක වන්නේ .ඇතැම් විට ඉඩමක් මිලදී ගැනීමේ සිට සිට ඔබ ගොදුරු වන්නේ වංචා වංචාකරුවන්ට .එහෙමනම් නව නිවසක් සඳහා සැලසුමක් පිළියෙල කරගැනීමේ සිට පදිංචිය දක්වා ඔබ ක්‍රියාත්මක වන්නේ ඔබ හා අවට අසල්වාසීන්ගේ ඥාතීන්ගේ අත්දැකීම් මතයි .නමුත් වැහි පීලි හා උපාංග සවිකිරීමේසිට ඔබ හිතනවා සියල්ලක් හරි කියල .සමහර විට ඉදිකිරීම් අවසන් වනතුරු වැස්සක අත්දැකීම් නොලැබෙන්න පුළුවන් .සියලු ඉදිකිරීම් වල ගෙවීම් අවසන් වීමෙන් පසුව ඊට පසුදින හෝ සතියකට හෝ මාසයකින් පසු වහින්න පුළුවන් .ඔබ මුදල් වැය කර ඇත්තේ නුපුහුණු කාර්මිකයින්ට බව සනාථ වන්නේ ඉන් පසුවයි ..ඒ වන විට සියලු මුදල් ගෙවීම් කර ඔබඅවසන් .නිවස අභ්‍යන්තරයට වැසි ජලය කාන්දු වෙන තත්ත්වයක් දකින විට ඔබට පපුවේ අමාරුව ඇතිවෙන තරම් වේදනාවක් මතුවෙන්න පුළුවන් .නිවසට බාහිරව වැසි ජලය බිත්තිවලට උරා ගන්නේ හා විධිමත් බවකින් තොරව වැසි ජලය කාන්දුවන්නේ වහලේ සිට වැහිපීලි විධිමත්ව පොළොවට සවිකර නොතිබීම නිසයි .මේ එක් පැත්තක් පමණයි.නිවසක අභ්‍යන්තර හා බාහිර ගැටලු ගණනාවක් ඔබට හිමි කර දී යන කාර්මිකයින් නිසා ඔබ ලබන චිත්ත පීඩාව අප්‍රමාණයි ..ව්‍යුහාත්මක ඉංජිනේරු සැලසුමක් ඔබ පිළි පිළියෙලට කර ගැනීමට අසමත් වීමේ සිට මේ අත්දැකීම ඔබට ඇතිවෙන්න පුළුවන්.ඒ සඳහා අධික මුදල් වැයවීම ඔබට ඊට හේතු වෙන්නත් පුළුවන් .වෙළඳපොලේ පවතින අස්ථාවරය නිසා නිවැරදි ඇස්තමේන්තුවක් පිළියෙල කරගැනීමටත් නොහැකි වීම තවත් සාධකයක් වෙන්න පුළුවන් .ගොඩනැගිලි සැලැස්ම නගර සභාවට ප්‍රාදේශීය සභාවට මහ නගර සභාවට ලබා දී අනුමැතිය ගැනීම සඳහා ගතවන කාලය ඒ සඳහා කාර්මික නිලධාරියාගේ සිට නිල නොවන ගෙවීම් අත්දැකීම් ඔබට කොතෙකුත් තිබෙන්න පුළුවන් .ඒ පිළිබඳ අත්දැකීම් ඇති අය ඇත්නම් අපගේ නාලිකාව තුළින් එම නගර සභාවල නිලධාරීන්ව නිරුවත් කිරීමට අප සූදානම් .ඒ සඳහා ඔබ ඇමතීය යුතු දුරකථනන අංකය 0773150678 වේ .ඔබේ නිවස ඉදිකිරීමේදී අදාළ භූමියේ පසේ පදනම ගැන ඔබ සැලකිලිමත් වුණාද ?පසක ඇති යෝග්‍යතාවය නිවස ඉදිකිරීමේදී අත්තිවාරම් සඳහා පස හැරීමේදී පමණක් සැලකිලි සැලකිලි මතුවිය යුතු නොවේ.ඊට පූර්ව ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය .රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ මහා පරිමාණ කර්මාන්ත ශාලා ඉදිකිරීම්වලදී නම් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන අවස්ථාතිබෙනවා.මහා මාර්ගය ,පාලම්, උස්කුළුණු, වරාය, ගුවන්තොටුපළ,අහස උසට ඉදිකෙරෙන සුවිසාල ගොඩනැගිලි වලදී පස කොතරම් දුරට කල් පවතිනවාද යන්න විද්‍යාත්මක පරීක්ෂණය සිදුවෙන සුළුයි .ඔබ ඉඩමක් මිලදී ගැනීමේදීම පසේ යෝග්‍යතා පරීක්ෂණ සිදු සිදුකරගත යුතුය .එය පාංශු පරීක්ෂණය නම් වේ.අදාළ භූමිය තෝරා තෝරාගැනීමේදී පූර්වම ඔබ කල යුත්තේ පස් හා පාෂාණ ස්ථරයන්හි ගුණාත්මකභාවය පරීක්ෂා කර ගැනීමයි .පාෂාණ ස්ථරයන්ගේ ඉන්ජිනේරුමය ගුණාංග විශ්ලේෂණය කිරීමේදී ලාභදායි දෙයංඅශසයක් ඔබට අත්පත් වෙනවා .එකක් ශක්තිමත් නිවසක් ඉදී කර ගැනීමට අවකාශයලැබීම .අත්තිවාරම සඳහා යන වියදම් අවම කර ගැනීමට තවත් අවකාශයක් ලැබීම .මේ තුළ අන්තර්ජාතික ප්‍රමිතියක් අන්තර්ගතයි .ශක්තිමත් පාෂාණ ගුණයක් පස් වල නැත්නම් ගැඹුරට අත්තිවාරම් වලවල් කපන්න සිදුවෙනවා .ගැඹුරට වලවල් කැපීමේදී පසේ ස්වභාවය අනුව ඒ සඳහා සුදුසු ආරක්ෂික ක්‍රම සකස් කිරීමට අමතර වියදම් වැයවෙනවා .අත්තිවාරම් වලවල් වටා ලෑලි වලින් හෝ යකඩ තහඩු වලින් ආවරණය කරන්න සිදුවෙනවා .ඉදිකිරීම් කටයුතු කිරීමේදී ඉදිකිරීම් වලට අදාළ කාර්මිකයින් මේසන් වඩු සතරින් ජලනල විදුලි පළපුරුදු නොවන කොන්ත්‍රාත්කරුවන්ගෙන් සිදු වෙන හානිය මෙපමණක් නොවේ (.ඉහත සඳහන් කරුණු පැහැදිලිව ඔවුන් සඳහන් නොකිරීම මීට ප්‍රධාන සාධකයක්).ඔබගේ නොදැනුවත්කම අයුතු ලෙස පාවිච්චියට ගන්නා මේසන් කරුවන් කොන්ක්රීට්කරුවන් වඩු වැඩකරුවන් විදුලි පරිපථ සහ උපාංග සවිකිරීමේ කාර්මිකයින් ජල නල එලීමේ හා උපාංග සහය කිරීම සඳහා ඉන්නා කාර්මිකයින් තීන්ත ආලේප කිරීම සඳහා යොදා ගන්නා ශිල්පීන් විධිමත් පුහුණුවකින් තොර පිරිසක් වීම මේ ගසා කෑමේ තත්ත්වය භයානක වෙමින් තිබෙනවා .දොර සහ උළුවහු සවිකිරීමේ සිට වහල ගැසීම දක්වා මේ නුපුහුණු කාර්මිකයින් ගසා කෑම දිගින් දිගමටම සිදුවෙනවා .බිත්ති කපරාරු කිරීම, තීන්ත ආලේප කිරීම දක්වාත් තත්ත්වය ඉතාම භයානක ලෙස උපක්‍රමශීලී ලෙස ඔවුන් නව නිවස ඉදිකරන්නාගේන් අයුතු ලෙස ගසා කෑම සිදුවෙනවා.ඉදිකිරීම් කටයුතු සඳහා යන අමුද්‍රව්‍ය වලින් සීයටට පහළොවක් අදාළ හාඩ්වෙයාර් එක ඒකාබද්ධව කොමිස් ලබා ගැනීම මෙහි තවත් පැත්තක් .නව නිවසක් ඉදිකරන්න යන පුරවැසියෙක් ඇත්තටම රාජකාරීමය වශයෙන් වෘත්තීය පැත්තෙන් කාර්යබහුල වෙන්න පුළුවන් .එවන් අවස්ථාවලදී මෙයින් උපරිම ප්‍රයෝජන ගන්නේ වෘත්තීය කාර්මික ශිල්පීන් හා නොවන අයයි .නව නිවහන ඉදිකිරීමට අපේක්ෂිත පුරවැසියා සිහින මාලිගාවක ජීවත්වීම ප්‍රධාන මීට හේතුවක් .ඉදිකිරීම් අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අදාළ හාඩ්වෙයාර් වෙළඳ ස්ථාන නම් කරන්නේ බොහෝ විට වෘත්තීය කාර්මික ශිල්පියා හෝ නොවන නුපුහුණු තෝරාගත් කාර්මික ශිල්පියායි.වහල ගැසීම පිත්තල උපාංග මිලදී ගැනීම මායිම් බිත්ති ඉදිකිරීම,හකුලන ගේට්ටුවක් ඉදිකිරීම සකස් කිරීම ,නිවස ඉදිකිරීමේ සමස්තය දක්වාම කොන්ත්‍රාත්කරුවා සෘජුවම හා වක්‍රව අයුතු මුදල් ගසා කෑමේ වෑයම් සිහිපත් වන්නේ පහත කරුණු අනුවය .1කළුගල් අත්තිවාරම විධිමත් ප්‍රමිතියකට නොවීම නිසා භූගත ජලය කාන්දු වීමේ අවධානම.2බිත්ති කපරාදු විධිමත් නොවීම නිසා බිත්තිවල හැඩය විවිධ ආකාරයට පෙනීම .3.වැසි ජලය බිම් මහලට කාන්දුවීමේ අවදානම .4.ෂටරිම ගැසීමේ සිට කොන්ක්‍රීට් තට්ටුවේ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීමේ අවසානය වැසි ජලය කාන්දුවීම .5.වහලයට ටකරන් හෝ ඇස්බැස්ටෝස් සීඩ් දැමීමෙන් පසුවත් ජලය කාන්දු වන්නේ නම් ඔබේ වේදනාව කෙතරම්ද ?.6.මේ සඳහා ඇති නීති කෙබඳුද ?මේ පිළිබඳව ඉදිරි ලිපි වලින් න්‍යායාත්මකව හා ප්‍රායෝගික නෛතික කරුණුවලින් ඔබ වෙත අනාවරණය කිරීමට අපේක්ෂා කෙරේ .
ලිව්වේ
ගවේෂණශීලි මාධ්‍යවේදී.
සුමිත් කොඩි තුවක්කු .
The post පුහුණුව ලත් නොලත් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ මාෆියාව appeared first on PFP News.