ඔබගේ අවධානය අපි බෙහෙවින් අගය කරන අතර, අනතුරු වැළැක්වීමේ ප්රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ඔබගේ වටිනා සහයෝගීතාවය අපේක්ෂා කරමු.
මෙම සමූහයේ සිටින සියලූම විද්වතුනි. මා ඔබේ අවධානයට යොමු කිරීමට උත්සාහ කරනුයේ මේ දිනවල විශේෂයෙන්ම සැලකිය යුතු එහෙත් එතරම්ම අවධානයක් නොදෙන, යම් සිදුවීමක දී පමණක් කතා බහට ලක්වන සාමාජයීය, ආර්ථික, සංස්කෘතික අතිශය වැදගත් සෞඛ්‍ය ගැටලුවක් වෙත ඔබේ අවධානය යොමු කිරීමත්, ඒ හරහා පොදු මහජනතාව හැකි අයුරින් ඔබේ සහාය ලබා ගැනීමටත්. එනම් හදිසි අනතුරු සහ ඒ හා සම්බන්ධ ගැනයි. ඔබ දන්නවාද, ලංකාවේ රජයේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන්නන්ගෙන් අති බහුතරයක් ප්‍රතිකාර ලබන්නේ අනතුරු නිසාවන ගැටලු වලට බව? ඒ ගණන සෑම වසරකම මිලියනයකට අධික බව? (2019 වනවිට ඒ ගණන මිලියන 1.3 කට අධික වූ අතර, කෝවිඩ් අධි වසංගත කාලයේ දී සාපේක්ෂව අඩු වීමක් පෙනුනත් එම ගණන නැවත වාරයක් වැඩිවෙමින් පවතින බව සංඛ්‍යාලේඛන අනුව පෙනේ). එසේම, වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරකට ලාංකිකයින් 5-6කින් එක් අයෙකුම ලක්වන බව? සෑම වසරකදීම පුද්ගලයින් 10000-11000 පමණ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත (එනම් සෑම දිනකම 30 දෙනෙකුගේ පමණ ජීවිත) අනතුරු නිසා අහිමි වන බව? තාරුණ්‍යයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව මෙන්ම ඔවුන්ගේ මරණ වලට ප්‍රධානතම හේතුව වන්නේද හදිසි අනතුරු බව? රටේ ඵලදායිතාවය, සංවර්ධනය මෙන්ම ආර්ථිකයට වැඩිපුරම බලපෑම් කරන සෞඛ්‍ය ගැටලුවක් වන බව?
සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව වැඩිපුරම අනතුරු වාර්තා වන්නේ සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු සමයේ දී වන අතර, නිවාඩු දින ආශ්‍රිතවද අනතුරු වැඩිවශයෙන්ම වාර්තා වේ. ඔබ අප පසුකරන මෙම අවධියද එවැනි අනතුරැ වැඩිවීමට සුදුසු පරිසරයක් සැකසෙමින් පවතින කාලයකි. මෙම වසරේ පාසල් නිවාඩුව (නොවැම්බර් 25 සිට ජනවාරි 2 දක්වා) ආරම්භ වී ඇති අතර, වර්ෂ අවසානයේ යෙදෙන නත්තල් සහ අලුත් අවුරුදද්දට සමගාමීව උත්සව සමය එළඹ ඇති හෙයින් අනතුරු වැඩිවීමේ ප්රවනතාවයක් තිබිය හැකිය. පෙර දත්ත වලට අනුව විශේෂයෙන්ම, රථවාහන අනතුරු, දියේ ගිලීම් වලින් වන අනතුරු, වැටීම්, සතුන් සපාකෑම්, විවිධ දේ විෂ වීම නිසා වන අනතුරු මේ දිනවල බහුල විය හැකිය. එහෙත් නිසි අවධානය, පරෙස්සම සහ සැලකිල්ලෙන් කටයුතු කළහොත් බොහෝ අනතුරු වළක්වා ගතහැකි අතර, ඉන් විය හැකි මරණ, පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයන් බොහෝ සේ අවම කර ගත හැකිය. එය සෞඛ්‍ය අංශ වලට තනිව හැකි දෙයක් නොවන හෙයින්, බොහෝ පාර්ශ්වකරුවන් දායකත්වය සහ සහයෝගය ලැබුණහොත් එය සාර්ථකව ආමන්ත්‍රණය කළ හැකි බව විශ්වාසයයි. ඒ සඳහා ඔබේ දායකත්වය ලබාදෙන්නේනම් අතිශය කෘතඥ වෙමු. විශේෂයෙන්ම මහ ජනතාව අනතුරු වැළැක්වීම පිළිබඳව මාධ්‍ය ප්‍රචාරණය අතිශයින්ම වැදගත් මාධ්‍යයක් වන අතර, ඒ සඳහා මාධ්‍ය වල දායකත්වය ලබා දෙන්නේනම් බොහෝ අයගේ ජීවිත ආරක්ෂා කරගැනීමට විශාල පිටිවහලකි. මේ ගෙවී යන්නේ සුවබර හෙට දිනක් වෙනුවෙන් අද දිනයේ දී ඔබේ කැපවීම අත්‍යවශ්‍යම මොහොතයි. අපි සැවොම එක්ව හදිසි අනතුරු වලින් අපේ සහෘදයන් ගලවා ගැනීමට එක් වෙමු; පෙළ ගැසෙමු; අපේ රටේ අනාගතය වෙනුවෙන් අද දිනයේ අපේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරමු!
ඔබගේ අවධානය අපි බෙහෙවින් අගය කරන අතර, අනතුරු වැළැක්වීමේ ප්රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ඔබගේ වටිනා සහයෝගීතාවය අපේක්ෂා කරමු.
The post මෙම සමූහයේ සිටින සියලූම විද්වතුනි. මා ඔබේ අවධානයට යොමු කිරීමට උත්සාහ කරනුයේ මේ දිනවල විශේෂයෙන්ම සැලකිය යුතු එහෙත් එතරම්ම අවධානයක් නොදෙන, යම් සිදුවීමක දී පමණක් කතා බහට ලක්වන සාමාජයීය, ආර්ථික, සංස්කෘතික අතිශය වැදගත් සෞඛ්‍ය ගැටලුවක් වෙත ඔබේ අවධානය යොමු කිරීමත්, ඒ හරහා පොදු මහජනතාව හැකි අයුරින් ඔබේ සහාය ලබා ගැනීමටත්. එනම් හදිසි අනතුරු සහ ඒ හා සම්බන්ධ ගැනයි. ඔබ දන්නවාද, ලංකාවේ රජයේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන්නන්ගෙන් අති බහුතරයක් ප්‍රතිකාර ලබන්නේ අනතුරු නිසාවන ගැටලු වලට බව? ඒ ගණන සෑම වසරකම මිලියනයකට අධික බව? (2019 වනවිට ඒ ගණන මිලියන 1.3 කට අධික වූ අතර, කෝවිඩ් අධි වසංගත කාලයේ දී සාපේක්ෂව අඩු වීමක් පෙනුනත් එම ගණන නැවත වාරයක් වැඩිවෙමින් පවතින බව සංඛ්‍යාලේඛන අනුව පෙනේ). එසේම, වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරකට ලාංකිකයින් 5-6කින් එක් අයෙකුම ලක්වන බව? සෑම වසරකදීම පුද්ගලයින් 10000-11000 පමණ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත (එනම් සෑම දිනකම 30 දෙනෙකුගේ පමණ ජීවිත) අනතුරු නිසා අහිමි වන බව? තාරුණ්‍යයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව මෙන්ම ඔවුන්ගේ මරණ වලට ප්‍රධානතම හේතුව වන්නේද හදිසි අනතුරු බව? රටේ ඵලදායිතාවය, සංවර්ධනය මෙන්ම ආර්ථිකයට වැඩිපුරම බලපෑම් කරන සෞඛ්‍ය ගැටලුවක් වන බව?සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව වැඩිපුරම අනතුරු වාර්තා වන්නේ සිංහල ද්‍රවිඩ අලුත් අවුරුදු සමයේ දී වන අතර, නිවාඩු දින ආශ්‍රිතවද අනතුරු වැඩිවශයෙන්ම වාර්තා වේ. ඔබ අප පසුකරන මෙම අවධියද එවැනි අනතුරැ වැඩිවීමට සුදුසු පරිසරයක් සැකසෙමින් පවතින කාලයකි. මෙම වසරේ පාසල් නිවාඩුව (නොවැම්බර් 25 සිට ජනවාරි 2 දක්වා) ආරම්භ වී ඇති අතර, වර්ෂ අවසානයේ යෙදෙන නත්තල් සහ අලුත් අවුරුදද්දට සමගාමීව උත්සව සමය එළඹ ඇති හෙයින් අනතුරු වැඩිවීමේ ප්රවනතාවයක් තිබිය හැකිය. පෙර දත්ත වලට අනුව විශේෂයෙන්ම, රථවාහන අනතුරු, දියේ ගිලීම් වලින් වන අනතුරු, වැටීම්, සතුන් සපාකෑම්, විවිධ දේ විෂ වීම නිසා වන අනතුරු මේ දිනවල බහුල විය හැකිය. එහෙත් නිසි අවධානය, පරෙස්සම සහ සැලකිල්ලෙන් කටයුතු කළහොත් බොහෝ අනතුරු වළක්වා ගතහැකි අතර, ඉන් විය හැකි මරණ, පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයන් බොහෝ සේ අවම කර ගත හැකිය. එය සෞඛ්‍ය අංශ වලට තනිව හැකි දෙයක් නොවන හෙයින්, බොහෝ පාර්ශ්වකරුවන් දායකත්වය සහ සහයෝගය ලැබුණහොත් එය සාර්ථකව ආමන්ත්‍රණය කළ හැකි බව විශ්වාසයයි. ඒ සඳහා ඔබේ දායකත්වය ලබාදෙන්නේනම් අතිශය කෘතඥ වෙමු. විශේෂයෙන්ම මහ ජනතාව අනතුරු වැළැක්වීම පිළිබඳව මාධ්‍ය ප්‍රචාරණය අතිශයින්ම වැදගත් මාධ්‍යයක් වන අතර, ඒ සඳහා මාධ්‍ය වල දායකත්වය ලබා දෙන්නේනම් බොහෝ අයගේ ජීවිත ආරක්ෂා කරගැනීමට විශාල පිටිවහලකි. මේ ගෙවී යන්නේ සුවබර හෙට දිනක් වෙනුවෙන් අද දිනයේ දී ඔබේ කැපවීම අත්‍යවශ්‍යම මොහොතයි. අපි සැවොම එක්ව හදිසි අනතුරු වලින් අපේ සහෘදයන් ගලවා ගැනීමට එක් වෙමු; පෙළ ගැසෙමු; අපේ රටේ අනාගතය වෙනුවෙන් අද දිනයේ අපේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරමු! appeared first on PFP News.