2024 ජාතික සැමරුම් උත්සවය අග්රාමානත්යතුමියගේ සහ සෞඛා්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ගොල්ෆේස් ක්‍රීඩාංගණයේදී … සෑම වසරකම දෙසැම්බර් මස පළමු වනදා (01) ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත. ඒ වෙනුවෙන් පවචත්වනු ලබන 36 වන ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය අද (01) පෙරවරුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ හා සෞඛා්‍ය හා ජනමාධා්ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයනිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. “අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු” යන්න තේමා කර ගනිමින් මෙවර සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි. මෙම සැමරුම් උළෙලට සමගාමීව පාගමනක්, ඒඩ්ස් රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝගය පාලනය සහ ඊට අදාළව කටයුතු කරන පාර්ශවයන් සදහා “කොන්ඩම් ඩිස්පෙන්සර්ස’ බෙදා දීම මෙන්ම පාගමනේ ආරම්භය සංකේතවත් කරමින් ගෑස් බැලුන් උඩ යැවීමේ වැඩසටහනක්ද අග්රාමාතාවරියගේ, සෞඛ්‍ය හා ජනමාධා අමාත්‍යවරයාගේ සහ පැමිණ සිටි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. ජනතාව ඇනුවත් කිරීමේ අරමුණින් ආරම්භ කල විශේෂ පාගමන ගොල්ෆේස් පිටිය, ගාලු පාර, කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුම, නගරශාලා වටරවුම, රොහල් චතුරස්‍රය, අක්ෂි රොහල, පසු කරමින් ද සේරම් පෙදෙස, ජාතික ලිංගාශ්‍රිත රොග හා ඒඩ්ස් මර්ධන කාර්යාලය දක්චා ගමන් කරන ලදී. මෙම පාගමන සදහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාතා වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, පොලිස් සභ ත්‍රිවිධ හමුදා නිලධාරින්, බන්ධනාගාර නිලධාරින්, ඇතුලු ඒඩ්ස් රෝගය මර්ධනය සම්බන්ධ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ. සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආසියාවේ ඒඩ්ස් රොගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව රොගීන්ගේ ප්‍රමාණය සැලකීමේදී එය ඉතා අඩු මට්ටමක පැවත්ම ප්‍රශංසනීය කරුණක් බවත්, ඒ සදහා මෙවැනි ක්‍රියාකාරකම් බෙහෙවින් හේතු සාධක වන බවත් සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාතාංචරයා ගෙවුණු වසරේදී ඒඩ්ස් රොගීන්ගේ යම් වැඩිවීමක් වාර්ථා වූ බව පෙන්වා දුන් අතර එම තත්ත්වය පාලනයට සෞඛා අමාත්‍යාංශයට හැකියාව ඇති බව අවධාරණය කළේය.
ඒ අනූව රොගීන් හදුනා ගැනීම, රොග නිවාරණය සහ ප්‍රතිකාර කිරීම යන සෑම ක්ෂේත්රයකටම දැඩි අවධානයකින් මැදිහත්වීමක් කල යුතු කාලය එළැඹ තිබෙන බවද අමාතාාවරයා පැවසීය.
තවද රොගීන් හදුනා ගැනීමේදී සහ ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ගේ ගරුත්වය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීමේ ඉතා වැදගත් බවද අමාතාවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම සැමරුම් උත්සවය ඇමතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,
ඒඩ්ස් රොංගය හඳුනාගත් මුල් කාලයේ පැවති ආකල්ප වලට වඩා වර්තමානය වන විට මෙම රොගය හා රෝගයට ගොදුරු වූ පාර්ශවයන් සම්බන්ධ සමාජමය ආකල්ප වල විශාල පරිවර්තනයක් දැකිය හැකි බව සඳහන් කළේය. එය ඉතාමත් සාධනීය තත්වයක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එදා එච්අයිවී ඒඩ්ස් වෛරසය ආසාදිත වීම පිළිබඳව සමාජය භීතියට හා ආන්දොලනාත්මක තත්ත්වයකට පත්ව ආසාදිතයින් ප්‍රතික්ෂේප කළ බව පැවසීය.
නමුත් වර්තමානය වන විට සෞඛා සේවාවන්හි නව සොයාගැනීම්, ප්‍රතිකාර සේවාවන්හි වර්ධනයත්, එමෙන්ම සමාජය තුළ යහපත් කතිතාචවක් සිදුවීමත් තුළින් එම ආසාදිතයන්ගේ මානව අයිතිවාසිකම් රැකගැනීම දක්වා මේ වන විට අප වෙනස්ම ස්ථාවරයකට පැමිණ සිටින බව සඳහන් කළේය. මෙය ඉනාමනත් ප්‍රශංසනීය තත්ත්වයක් බව සිහිපත් කළ අග්රාමාතාවචරිය වර්තමානයේ බොවන රොග, ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීමේ දී එය කිසිසේත්ම මානව අයිතිවාසිකම් මර්දනය කර ක්‍රියාත්මක නොකළ යුතු තත්ත්වයකට දේශීය වශයෙනුත් ගොලීය වශයෙනුත් පිළිගැනීමක් ඇතිවී තිබෙන බවද සඳහන් කළේය. මෙහිදී මෙම රොග වළක්වා ගැනීමට නම් සමාජය අවබෝධයෙන් යුතුව මනා කතිකාවක් තුළින් ක්‍රියාත්මක වීම වැදගත් බවද අග්රාමාතාාවරිය තවදුරටත් අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සෞඛ්‍ය සේවාවන්ගෙන් පමණක් නොව මනුෂා්යත්චය තුළිනුත් මෙම රොග වළක්වා ගැනීමට හා රොගීන් රැකබලා ගැනීමට බොහො කාර්යභාරයක් ඉටුකළ හැකි බවද සිහිපත් කළේය.
සෞඛ්‍ය භා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මෙන්ම ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය (1”17/%), එක්සත් ජානීන්ගේ ජනගහන අරමුදල (10111217%) යන ආයතන වල සහයොගීතාවයෙන් මෙම සැමරුම් උත්සවය, දැනුවත් කිරීමේ වැඩසටහන සහ පාගමන සංවිධානය කරන ලදී.
The post ලොක ඒඩ්ස් දිනය (දෙසැම්බර් පළමුවනදා) appeared first on PFP News.